මෙම විචාර සටහනට නිමිත්ත වී ඇත්තේ පසුගියදා නමෝ විත්තියෙන් ජනගත කරන ලද මෙරට ජේෂ්ඨ මාධ්‍යවේදියකු හා ප්‍රතිභාපූර්ණ කවියකු වන රඹුක්කන කීර්ති. එස්. කුමාර මහතා විසින් රචිත “හීන් සැරේ” – 2024 හා “ශාර්වරී” – 2024 යන කාව්‍ය සංග්‍රහයන් යුගළ පිළිබඳව ය.
සාහිත්‍ය හෝ කුමන කලාවක් අරබයා අධ්‍යනයේ දී හෝ නිර්මාණකරණයේ දී ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය හා සතසාභ්‍යාසය යන මේ සුවිශේෂී කාරණා ත්‍රිත්වය අතිශයින්ම වැදගත් වන්නේ ය. ප්‍රතිභාව යනු අපූර්ව වස්තු නිර්මාණකරණයෙහි වූ නිසඟ හැකියාව ලෙස අර්ථ දැක්විය හැකි අතර , එය ජන්මයෙන් ලබන්නා වූ එක්තරා සුවිශේෂී ශක්ති ප්‍රභවයක් යැයි ද සැලකීමට පුලුවනි. ව්‍යුත්පත්තිය වූ කලී ඇසූ පිරූ තැන් ඇති බවයි . එනම් ඒ යමෙකු නිරතවන කලාව අරබයා පොතපත පරිශීලනය කරමින් ද එම විෂයය අරබයා ප්‍රාමාණික විද්වතුන්ගෙන් ගුරු-හරුකම් ලබා ගනිමින් ද ඒ පිළිබදව කැපවී අධ්‍යනය කරමින් ද ලබන ඥාන සම්භාරය යි. සතසාභ්‍යාසය වූ කලී තමා නිරතවන කලාව ප්‍රගුණ කිරීමෙන් ලබන්නා වූ අත්දැකීම් සමුදායයි. එය එය ප්‍රතිභාපූර්ණත්වය හා කෘතහස්තභාවය යනුවෙන්ද සැලකිය හැකිය.
ඒ අනුව වර්තමානයේ ඒ ඒ විෂයයන්හි නිරතව නිර්මාණය කරමින් ප්‍රවීන, ජේෂ්ඨ කලාකරුවන් හෝ සාහිත්‍යකරුවන් වශයෙන් අප හමුවේ පෙනීසිටින බහුතර දනන් සැබවින්ම කලාකරුවන් ද එසේ නොමැති නම් කලා මෝස්තරවාදීන් ද යන උභතෝකෝටික ප්‍රශ්නය අප හමුවේ තිබෙන බව පෙනේ. එය නිසි පරිදි විසදා ගැනීමට නම් අපගේ ස්වයංධ්‍යනය හා විචාරය වෙසෙසින්ම අපට මහෝපකාරී වන්නේ ය . එහිදී ස්වයංධ්‍යනය කෙසේ වෙතත් විචාරය කියන ක්‍රියාවළිය නම් වර්තමානයේ ඉතා බරපතල ගැටලුවක් බවට පත්වී ඇතිබව පෙනේ.
සැබවින්ම කවිය යනු කුමක්ද ?
සාහිත්‍යය යන විෂයෙහි උත්තම ප්‍රකාරයක් සේ ගැනෙන කවිය පිළිබඳව නිශ්චිත වශයෙන් නිර්වචන , විශ්ලේෂණය ඉදිරිපත් කිරීම හෝ එහි ස්වලක්ෂණ හා එහි මාධ්‍යයික අනන්‍යතාවයන් ඉදිරිපත් කිරීම අතිශයින්ම අසීරු කාරණාවක් වන බව මගේ පෞද්ගලික කියවීමයි . ඒ අන් කිසිවක් නිසා නොව එහි වපසරිය හෝ විෂයය ක්ෂේත්‍රය අතිශයින්ම පුලුල් පරාසයක් කරා පැතිර පවතින බැවිනි. එසේම ඒ පිළිබදව එදාමෙදාතුර පෙර / අපරදිගින් බිහිව ඇති අර්ථකථන හා විවරණ විශාල සංඛ්‍යාවක් වේ. ඒ කෙසේ නමුදු කවිය කියන අතිශයින්ම පුලුල් හා සුවිශේෂී සාහිත්‍ය ප්‍රකාරය අරබයා යමෙකු කිසියම් දුරකට අධ්‍යනය හෝ එහි නිර්මාණාත්මක ප්‍රවේශය ස්පර්ශ කරත්ද ඔහුට හෝ ඇයට කවිය පිළිබඳව කිසියම් හෝ පෞද්ගලික නිර්වචනයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය.
කවිය වූ කලී සාහිත්‍ය කලා ප්‍රකාර අතර අතිශයින්ම සියුම් හා සුවිශේෂී නිර්මාණාත්මක පරිචයකැයි කීමට පුලුවනි. ඕනෑම කලා ප්‍රකාරයක් අනෙකට වඩා මේක උසස් යැයි කිරාමැන බැලීමට හෝ නිර්වචනය කිරීමට හෝ උත්සාහ කිරීම නිරර්ථක වෑයමක් යැයි මට සිතේ. එනමුත් භාෂාව මූලික – කොටගෙන කරන සාහිත්‍ය කලා ප්‍රකාර අතර කවියට සුවිශේෂී ස්ථානයක් හිමිවන බව අනිවාර්යයෙන්ම කිවයුතු වන්නේ ය.
කවිය සමාජ ගවේෂණය පිණිස යොදාගත හැකි සාහිත්‍ය මෙවලමක්ද ?
මගේ පෞද්ගලික කියවීමට අනුව කවිය වූ කලී කදු-මහත් විශ්වයම අන්තර්ගතව ඇති ඉතා පුලුල් විෂයය ක්ෂේත්‍රයක් වන්නේ ය. එහිලා කවිය මගින් විවරණය වන කුමන හෝ අනුභූතියක් වෙත්ද එය වෙසෙසින්ම මානව ජීවිතය හා ලේශ-මාත්‍ර වශයෙන් බැදී හෝ වෙලී පවතින්නේ ය. එබැවින් කාව්‍යකරණයෙහි නිරතවන යමෙකු වෙත්ද ඔහුට හෝ ඇයට තම කවිය ආශ්‍රය-මිශ්‍රණය කරමින් මානව සන්තානයේ නිරන්තරයෙන්ම බුර බුරා පැන-නගින්නා වූ අනේක දුක්ඛ දෝමනස්සයන්ගේ ශූද්‍ර -යථාර්තය කුමක්ද යන්න ඉතා පුලුල්ව සාක්ෂාත් කරගැනීමටත් එය දාර්ශනික පසුතලයක පිහිටා ධ්වනිත හෝ විවරණය කිරීමටත් අනිවාර්යයෙන්ම හැකියාව ඇත්තේ ය .
බටහිර බොහෝ විචාරකයන්ගේ අර්ථ විග්‍රහයන්ට අනුව කවියේ පරමාර්ථය වූ කලී මානව සමාජේ සත්‍යය සාක්ෂාත් කරගැනීම බව පෙනේ. එහෙයින් සෑම කවියකින්ම සාමාන්‍ය මිනිස් මනසට බුද්ධිගෝචර නොවන කිසියම් වූ සත්‍යයක් සමාජයට සැපයිය යුතු යැයි ඔවුහු කියති. ඒ අනුව මිනිස් සන්ත්නයේ පැන සත්‍යය සම්ප්‍රේෂණය කරන අපූරු මෙවලමක් වශයෙන්ද කවිය හැදින්වීම යුක්ති-යුක්ත වන්නේ ය .
ඉහත කාරණාවට අනුව කවියාගේ සමාජ ප්‍රකාශනයෙහි වූ ගැඹුර හෝ ප්‍රබලත්වය ඔහුගේ සංවේදීත්වය , කාව්‍යත්වය, කාව්‍ය භාෂාව, සමාජ සවිඥානිකත්වය යන ප්‍රධාන සාධක මත තීරණය වන්නක් යැයි මට සිතේ. එම සාධක කවියා විසින් ඔප්නංවා ගෙන කාව්‍යකරණයේ නිරත වනුයේ යම්සේ ද ඒ අනුව කවියාගේ සමාජ ප්‍රකාශනයේ විනිවිදභාවය ද – ගැඹුර ද තීරණය වන්නේ ය.
මෙන්න .. මේ කාරණාව සලකා බලන කල්හි කීර්ති. එස් . කුමාර කවියා හා ඔහු විසින් නොබෝදා ජනගත කරන ලද හීන් සැරේ” හා “ශාර්වරී”යන කාව්‍ය සංග්‍රහයන් යුගළ ඉතා වැදගත් වනබව
මගේ හැඟීම යි.
හීන් සැරේ” හා “ශාර්වරී”යන කාව්‍ය සංග්‍රහයන් මගින් කවියා විසින් කවියේ පරමාර්ථය වන සත්‍යය ඉස්මතුකර දැක්වීමට නිරන්තරයෙන්ම වෙහෙසෙන බව පෙනේ. මෙය කෙනෙකුට සෘජුවමද තවත් කෙනෙකුට වක්‍රව ද පෙනෙන්නට
හැකි වුවද සමස්තයක් වශයෙන් ගත් කල්හි හෙතෙම “සමාජ යථාර්ථය ( හීන් සැරේ ) හා තම ජීවිත පරිඥානය ( ශාර්වරී ) ඉස්මතු කර පෙන්වීමට වෙසෙසින්ම ප්‍රයත්න දරා ඇතිබව පෙනේ. ඊට පහත සදහන් කාව්‍ය රචනා කදිම උදාහරණ වන්නේ ය.
වරෙන් හීන් සැරේ
06 – ළමා නිවාසයක කතාව
කිසියම් මවක විසින් දමා ගිය
සිඟිති බිළිඳිය අප ගෙමිදුල
බාරගත්තා එක්මත් එක සොඳුරු දිනෙක
එතැන පටන් කී දෙනෙක් ද
ගැහැනු පිරිමි අසරම ළමුන්
අප වෙත ගෙන ආ මිනිසුන්
බාර දුන්නා විශ්ලේෂයෙන්
09 – චිත්‍රපටයක දෙබසක් නොවේ
ලස්සන ගැහැණියක් දැක්කම
කාටද බං රුදා නොහැදෙන්නේ
දෙවෙනියට මගේ නම
තියන්න අකමැති ද ?
මොකෝ අකමැති
එන්න ගෙට
අපි වාඩිවෙලා ම කතා කරමු
11 – වනමලීට ලියුමක්
හීන් එකා පාගලා මැරුවාට
මගේ ගල්කටස් උණ්ඩෙට බිලිවුණ
ඈතින්නගේ පැටවාට
කන්න ඇරපන් හේන
සංසාරෙ පව් මෙහෙමවත් ගෙවමු අපි
පින්කාරකම් කොහෙද වන්නියට
පුරහඳ දොළහෙන්
එකක් ගෙවෙනවා අනිද්දට
ඉතිරියක් ගෙවේවි හනිකට
14 – කවි බණක් කියන්න ද ?
තිස් අවුරුදු
යුද්ධයෙන් පසු
ගොඩනැඟුණා නම්
සංහිඳියාවේ පාලම
දකුණෙන් උතුරට
උතුරෙන් දකුණට
කොතරම් අපූරු ද ?
ඒ සමගි මුතු පොට
18 – රන් මාලය
මඟුල් දා
මා
ඇය ගෙ
ළයට උඩින්
ගෙල බැඳි රන් මාලය
අපේ වෙඩින් ඇල්බමය
අයිතිකරගන්න
උගත් තැබූ ඒ රන් මාලය ….
25 – පෙකණිවැල කැපුවේ ඇයි අම්මේ ?
පත්තර පිටුවල නම් සුබ පුවත් දවස ගානේ පළවිය
ඒ වුණත් අදටත් මොරදෙයි අසංවර්ධන කෙඳිරිය
කඳ-බඩ මහත සුදු රෙදි අඳින උදවිය
පාස්කළා නියගෙටත් ගංවතුරටත් එකම ඔට්ටපාලු බෝලය …..
26- ඔයා මොකද හිතන්නේ වස්තුව ?
අපි ළමයි හදමු
ලස්සන නම් දාමු
මැටි ගෙයක ජීවත් වුනත්
උන් මැට්ටන් නොකරමු ….
27 – විලාසිනියකගේ දහවල
රෑ
වැඩ
මුරයෙන්
මිදී
නිවසට
ආ
ඈ
නදී
පාන්
කෑල්ලක
හොදි …
30 – ඖෂධ පෝලිමේ දී
ඖෂධ පෝලිමේ
මම මෙතැන තනිව ම හිටියට
මං ආවෙ ඇයගේ තනියට ….
31 – පුනරාවර්ජන
වීදියේ අගුපිලක ඉඳුල් බත් බුඳින ඈ
යාන්තමින් ඇගේ හෙලුව වසාගෙන රෙදිකඩකින්
තම මව් වෙතින් විමසනා පැනයකි ය
කව්ද මගේ තාත්තා කියහන්කො සුදු අම්මෙ …
32 – නලමුදු සුවඳ අරන් එන්න
කටාර්වල හිටි සුදු පූසා ගෙ
නංගි කිව්වත් කමක් නෑ ඔබ
කොටම කොට ගවුමකින් හැඩවී
ඉන්නවා මං මග බලාගෙන….
33 – මේ අලුත් පැක් එක ඔයාලට වාසියි
හිසට කළු සබන් සුදුසු ය
ගෙලට ළෑමට ලා රෝස ය
නිතඹට පුළුලුකුලට දම් පාට
කොළ පාට කැටය අතපයට …
36 – බණ මඩුවේ අමුතු බණ
හරිම
කඩවසම් හාමුදුරුනමක්
නේද සුවිනීතා
විනීතා
සිය යෙහෙළියගේ
කනට කෙඳිරුවා ය
දිවි කතර කෙමි බිමක් කරනු පිණිස දිවා රෑ නොබලා තම දහඩිය මඟුරු වෙහෙසෙන දිරිය මිනිසුන්ගේ වෙළදපොළ ආර්ථිකය මතින් අභිමි වී ගිය ජීවිත ද ඔවුන්ගේ ආදර හැඟුම් හා විවාහ කුටුම්භද තම කවිවල නිමිති කරගන්නා කවියා විටෙක දාර්ශනිකව ද තවත් විටෙක රැඩිකල්වද ඊටත් වඩා සෞන්දර්යාත්මකව ද සමස්ත සමාජය දෙස හෙළන්නා වූ තම කාව්‍යමය දෘෂ්ටිය “වරෙන් හීන් සැරේ” කාව්‍ය සංග්‍රහය තුළින් අපට නිබඳවම වහණය වන්නේ ය.
එහිදී කවියා තම කවිය තුළින් කාව්‍යලෝලනයක් සිදුවිය යුතු යැයි විශ්වාස කරන අතර හෙතෙම එම කාව්‍යලෝලනය තුළින් බුද්ධිමය ආලෝලනයක් හා චින්තන ප්‍රභවයක් දැල්විය යුතු යැයි විශ්වාස කරන්නේ ය.
“වරෙන් හීන් සැරේ” කාව්‍ය සංග්‍රහය උදෙසා මවිසින් ඉමහත් සතුටින් පසුවදනක් පසයන ලද්දේ ද කීර්ති එස්. කුමරා කවියා විසින් අප හමුවේ පවතින දේශපාලන, සමාජීය හා ආර්ථික ද එසේම සංස්කෘතික ද පසුබිම තම කවිය අවිය කොටගෙන අපූරු කාව්‍යමය භාෂාවකින් ප්‍රශ්න කරමින් හෙළන්නා වූ තමාගේ අපූරු සමාජ දෘෂ්ටිය නිසා ය.
( මතු සබැඳේ )