හැමදේකටම වගවෙන්න හදන රනිල්ට ‘බටලන්ද’ අමතක වුණේ ඇයි ?

Share post:

ලංකාවේ වැඩියෙන්ම කතාබහට ලක්වූ පුංචි ඡන්දය හෙවත් පළාත් පාලන මැතිවරණය පැවැත්වූ එකක් නොවේ. එය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය වසරේ මාර්තු 09දා ය. 22දා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදුන්නේ ඒ වැඩේ සම්පූර්ණයෙන් ම නීතිවිරෝධී බවටයි. මැතිවරණ කොමිසමටත් ඒ වෙලාවේ ඡන්දයක් තියන්න වුවමනාවක් නොතිබුණු බවක් ද එහි දැක්වේ.

මේ තීන්දුව ගැන අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබුණේ තමන්ට ඡන්දය තියන්නට නොහැකි වීම ගැන කිසිම කනගාටුවක් නැති කතාවකි. වගකීම කියන්නේ එකකි. වගවීම කියන්නේ එකකි. තමන්ට පැවරුණු රාජකාරියක් ඉටුකිරීම වගකීම ය. තමන් වගකීමට අදාළ ව කළ කාර්යයන් පිළිබඳ පෙනීසිටීමට හැකි වීම වගවීම ය. ඒ අතින් බලන විට කළ කාර්යය පිළිබඳ කොතරම් විවේචන ඇතත්, රනිල් වික්‍රමසිංහ තමන් කළ වැඩේ වෙනුවෙන් දිගටම පෙනී සිටී.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ 158 පිටුවේ මෙසේ සඳහන් වේ.

ඉහතින් සඳහන් අවසර නොලත් රැස්වීම්වලදී රනිල් වික්‍රමසිංහ මහතා (ඔහු එවකට කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමැතිවරයා විය.) කඩාකප්පල්කාරී ක්‍රියා මර්දන කටයුතු සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාකලාපයට අදාළ ව උපදෙස් දී ඇත. වික්‍රමසිංහ මහතාට එබඳූ නියමයක් කිරීමට නෛතික බලයක් නොමැති වූ බවත්, ඒ සම්බන්ධයෙන් ඔහු තම බලය අයථා ලෙස පාවිච්චි කර ඇති බවත් කොමිෂන් සභාවේ අදහසයි. එසේ උපදෙස් දීමෙන් වික්‍රමසිංහ මහතා නියම වශයෙන්ම පොලිසිය සතු රාජකාරිවලට හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාමාර්ගයට මැදිහත් වී ඇත්තේය.’

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ය. එය දීර්ඝ කාලීන මැතිවරණයකි. ඇමෙරිකාවේ ජනගහනය මේ වන විට ආසන්න වශයෙන් මිලියන 345කට වැඩි ය. මේ මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන්නේ කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ඊට අමතරව ස්වාධීන අපේක්ෂකයන් සිව්දෙනෙක් මැතිවරණයට ඉදිරිපත් වී සිටිති. කෝර්නල් වෙස්ට්, ජිල් ස්ටෙයින්, රොබර්ට් එෆ්. කෙනඩි සහ චේස් ඔලිවර් ඒ සිව්දෙනා ය. ලංකාවේ ජනගහනය මිලියන 22කි. මැතිවරණ කොමිෂන් සභාවේ සංඛ්‍යා ලේඛනවලට අනුව ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයකි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් සංඛ්‍යාව 39කි. ඒ අතරින් එක් අපේක්ෂකයකු වූ ඉද්රෑස් මොහොමඩ් ඉල්ලියාස් පසුගිය 22දා මියගියේය. ඒ නිසා දැන් අපේක්ෂකයන් 38කි.

කියන්නට හැදුවේ වෙනත් කරුණකි. ලෝකයේ පිළිගත් සංකල්පයක් වන්නේ ripple effect යන්නයි. එහි සිංහල අදහස වන්නේ රැලි බලපෑමයි. අපේක්ෂකයන් මැතිවරණයට ඉදිරිපත් වීමේ සිට ඡන්දදායකයන් මේ මොහොතේ කටයුතු කරන ආකාරය දක්වා ම මේ ආකාරයට රැලි බලපෑම සිදුවන ආකාරය නිරීක්ෂණය කළ හැකිය.

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...