‘නටු’ – මාලන් බණ්ඩාර කපුවත්ත

Share post:

මාලන්ගෙ “නටු”කවි පොත මට ලැබෙන්නෙ නිවුන් ගෙන් තෑග්ගක් හැටියට .
මං හිතන්නෙ නිවුනුයි මායි දෙන්නා මාසයක් විතර කාලයක් හිටියෙ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනගෙ “ජීවවාසික විචාරය සහ හයිකු පිළිබඳ කතාබහක.ඒ කතාබහට අනුව මතු දිනක නිවුන් අතින් ලියැවෙන කෙටි කවි පොතක ඒ පිළිබඳ දිගු රචනයක් ලියවෙන බවත් එහිදි ඔහු වෙතින් කියවුණා.

” නටු”ගැන කථාකරන විට ,එය සොබාදහම සමීපව විමසන්නෙකුගෙ අත්දැකීම්වල ප්‍රකාශනයක් කියලයි මට හැඟුණෙ.නව පරපුරේ කෙටි කවි ලියන අය අතර ලක්ශාන්ත අතුකෝරළ ,පාලිත සේනාරත්න ,මාලතී කල්පනා ඇම්බ්‍රෝස් යන කවි කිවිඳියන් අතරට මාලන් සේන්දුවී ඇති බවයි ඉන් හැඟෙන්නෙ.
තවද මාලන්ගෙ කෙටි කවිය සහ අත්දැකීම එකක්ම නොවන බවත් නොයෙක් කවි විමසා බැලීමේදී ඔහු සිය අත්දැකීම් ඇසුරේ ඔහුටම අනන්‍ය යමක් නිර්මාණය කරන්නකු සේ පෙනී යනවා.

මේ සම්බන්ධයෙන් “මෙිකත් හෙමින් අධ්‍යයනය කරන්න” යැයි නිවුන්හැල්ල මට දුන් පොතක ඔහු විසින් යටින් ඉරි ඇඳ තිබුණ කොටසක් මෙසේ උපුටා දැක්වීම උචිත යැයි හිතෙනවා

WHEN WE WRITE A HAIKU ,we are performing a balancing act..On the one hand we are trying to present deep feeling we experienced ,on the other hand we are describing what we saw.What we felt and what we saw are not necessarily the same thing.To put it another way,what we experience is a result of how we feel or thank about things ,but how we express what we experience comes from physical images .

හයිකු සහ සොබාදහම අතර ඥාතිත්වය ⁣සොයා බලන්නෙකුට බෂෝ ගෙ චාරිකා සටහන් පොත ඉතා වැදගත් එකක්.මෙතැනදී යළිත් නිවුන් ව මතක් වෙන්නේ බ⁣ෂෝගේ චාරිකා සටහන් පොත නිවුන් ට ලබාදී ඇත්තේද මාලන් ම බැවිනි.
මෙි බෂෝගේ පොතේ එන එක කෙටි නිමැවුමක්.

(මෙය මේ මොහොතේද මාළඟ ඇති පොතකි)
“God of this mountain ,
May you be kind enough
To show me face
among the dawning blossoms “

ඉතින්, මේ මම “නටු”ගැන කථාකරන්නට උපුටන පළමු කවියයි.
“සැඳෑ හිරු එළිය
සෙමින් කිඳී යයි
පත්ල නැති ප්‍රපාතයෙහි”

හිරු අවරට යනත’ර,දක්නට ලැබෙන මළානික බව ප්‍රපාතයට පතිතවැති අයුරු එ කවියෙහි චිත්ත රූපයක් ලෙස මාලන් අප වෙත ප්‍රක්ශේපණය කරයි.කවිය ජීවිත ගැඹුර මරණය ආදිය දෙසට අපේ අවධානය යොමුකිරීමට සමත් වෙයි.

ජීවවාසික විචාරය ගැන කථා කිරීමෙිදී,එය කවිය අධ්‍යයනයෙහි ලා “ecocentrism” හා සමීපයි.
මාලන් ගේ පහත කවිය ඒ පසුබිම තුළ අනුනාදවන එකකි.

“තාත්තා වසා ගිය
අඹ වලු
ලේනුන්ට ලිහයි පුතු”

අප කොතරම් පරිසරය හා ළබැඳිව සංවෙිදීව කථා කළද,සැබැවින්ම අප සිටින්නේ වාණිජත්වය හිසින් ගත් සමාජයකය.ගස් කපා එම දැවයෙන්ම බුදු පිළිම නිර්මාණය කොට විකුණන ස්ථානයක රූපය මාලන් අප වෙත ගෙනෙන්නේ හාස්‍ය මුසු ස්වරයකිනි.

“සංචාරක අළෙවි සල
උසේ පිළිවෙළට වැඩ හිඳින
දැවමුවා බුදුවරු.

ඉතින් මේ මාලන් බණ්ඩාර කපුවත්ත ගේ “නටු”කවි කළඹින් අහඹුලෙස ගෙන දැක්වූ කවි කීපයයි.සුබපැතුම් මාලන්.

ප්‍රකාශනය :විදර්ශන

ජගත් සී. ජයසිංහ

Related articles

සොබාදහම හා නවීනත්වය අතර ගැටුමේ අවසානය ගිනි හා අළු ද? “Avatar : Fire and Ash”

කැනේඩියානු ජාතික සම්මානනීය තිර-රචක හා අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් ( James Cameron ) විසින් අධ්‍යක්ෂණය කරන ලද Avatar :...

දේශබන්දුගේ තීන්දුව නීතියට පටහැනියි – කොළඹ මහාධිකරණයෙන් තීන්දුවක් !

2022 මැයි 09 වන දින ගාලු මුවදොර ගෝඨාගෝගම අරගලය භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ...

බුකියේ කතා කරන ජගා ගේ නැටුම් (ජගත් ජයසුන්දර)

මේ දින වල ජගත් ජයසුන්දරගේ ජව සම්පන්න නර්තනය ගැන නර්තනය ශිල්පීන් , වගේම තව එක එක්කෙනා කතා බහට...

මහවැලි ඉවුර – අඹන් ගඟ ආපදාවෙන් යළි නැඟිටියි !

‘මහවැලි මහ නදිය වෙන අතක හැරී ගලා බසී. මහවැලි ගඟ මහවේතැන්නේදී උතුරා යෑම නිසා වෙනත් මාර්ගයක් ඔස්සේ ගලාබසින්නට පටන්ගෙන...