TMH සමූහයේ සභාපති ආචාර්ය ධර්මලිංගම් දර්සනන් ජාත්‍යන්තර පොලිස් කොමිසමේ මෙරට කළාපීය අණ දෙන නිලධාරී ධුරයට !

Share post:

TMH සමාගම් සමූහයේ සහ තවත් ප්‍රමුඛ ව්‍යාපාර රැසක සභාපති ධුරය දරන ආචාර්ය. ධර්මලිංගම් දර්සනන් මහතා ජාත්‍යන්තර පොලිස් කොමිසමේ ශ්‍රී ලංකාව සඳහා වන ලුතිනන් කර්නල් සහ කළාපීය අණ දෙන නිලධාරී ලෙස පත් කර තිබේ. ජාත්‍යන්තර පොලිස් කොමිසමේ කටයුතු සහ වෙනත් මානුෂීය වැඩසටහන් සඳහා සපයන කැපී පෙනෙන දායකත්වය අගයමින් ඔහුට එම පත්වීම ප්‍රදානය කර ඇත. ඊට අදාළ නිල දිවුරුම් දීමේ උත්සවය පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්විණි. ජාත්‍යන්තර පොලිස් කොමිසමේ උත්තරීතර අණ දෙන නිලධාරී රොබර්ට් බයිසන් ඇතුළු නිලධාරීහු සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ.

ජාත්‍යන්තර පොලිස් කොමිසම යනු ඇමෙරිකා එක්සත් ජනපදය, පිලිපීනය, ඕස්ට්‍රේලියාව, තායිලන්තය, වියට්නාමය, නවසීලන්තය සහ දකුණු කොරියාව යන රාජ්‍ය හත අතර ඇති කර ගත් ගිවිසුමකට අනුව ජාත්‍යන්තර නීතිය යටතේ පිහිටවූ ආයතනයකි. ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නියෝජිතායතනයක් ලෙස ක්‍රියාත්මක වන එය පැරාමිලිටරි සංවිධානයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇත.

ශ්‍රී ලාංකිකයෙකු වන ආචාර්ය දර්සනන් බහු ජාතික සමාගම් රැසක කැපී පෙනෙන වර්ධනයක් ඇති කිරීමට පුරෝගාමී වූ අත්දැකීම් බහුල ප්‍රධාන විධායක නිලධාරීවරයෙකි. ඔහු මදර් කෙයා ඉන්ටර්නැෂනල් ගෝලීය පදනමේ නිර්මාතෘ සහ විධායක සභාපති ලෙසද කටයුතු කරයි. බ්ලූ ලේක් වෝටර්, රොක්ස්බරි ඉන්ටර්නැෂනල්, ග්‍රීන්වැලි ඇග්‍රෝ, සිලෝන් අයිලන්ඩ් ට්‍රැවල්ස්, සිලෝන් අයිලන්ඩ් ජෙම්ස් සහ Blandtrave & URS (BT) වැනි සමාගම් රැසකද තනතුරු හොබවන ඔහු South Asian Iconic Federationහි සභාපති සහ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කරයි. එක්සත් ජනපදයේ සාමය පිළිබඳ ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සාම විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය කළමනාකරණය සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධි දෙකක් ලබා ඇති ඔහු පරිගණක මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුකරණ, ව්‍යාපාර කළමනාකරණ, මානව සම්පත් කළමනාකරණ, අලෙවි කළමනාකරණ, බැංකුකරණ සහ මූල්‍ය ඩිප්ලෝමාද ලබා ඇත.

Related articles

නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...