TMH සමූහයේ සභාපති ආචාර්ය ධර්මලිංගම් දර්සනන් ජාත්‍යන්තර පොලිස් කොමිසමේ මෙරට කළාපීය අණ දෙන නිලධාරී ධුරයට !

Share post:

TMH සමාගම් සමූහයේ සහ තවත් ප්‍රමුඛ ව්‍යාපාර රැසක සභාපති ධුරය දරන ආචාර්ය. ධර්මලිංගම් දර්සනන් මහතා ජාත්‍යන්තර පොලිස් කොමිසමේ ශ්‍රී ලංකාව සඳහා වන ලුතිනන් කර්නල් සහ කළාපීය අණ දෙන නිලධාරී ලෙස පත් කර තිබේ. ජාත්‍යන්තර පොලිස් කොමිසමේ කටයුතු සහ වෙනත් මානුෂීය වැඩසටහන් සඳහා සපයන කැපී පෙනෙන දායකත්වය අගයමින් ඔහුට එම පත්වීම ප්‍රදානය කර ඇත. ඊට අදාළ නිල දිවුරුම් දීමේ උත්සවය පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්විණි. ජාත්‍යන්තර පොලිස් කොමිසමේ උත්තරීතර අණ දෙන නිලධාරී රොබර්ට් බයිසන් ඇතුළු නිලධාරීහු සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ.

ජාත්‍යන්තර පොලිස් කොමිසම යනු ඇමෙරිකා එක්සත් ජනපදය, පිලිපීනය, ඕස්ට්‍රේලියාව, තායිලන්තය, වියට්නාමය, නවසීලන්තය සහ දකුණු කොරියාව යන රාජ්‍ය හත අතර ඇති කර ගත් ගිවිසුමකට අනුව ජාත්‍යන්තර නීතිය යටතේ පිහිටවූ ආයතනයකි. ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නියෝජිතායතනයක් ලෙස ක්‍රියාත්මක වන එය පැරාමිලිටරි සංවිධානයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇත.

ශ්‍රී ලාංකිකයෙකු වන ආචාර්ය දර්සනන් බහු ජාතික සමාගම් රැසක කැපී පෙනෙන වර්ධනයක් ඇති කිරීමට පුරෝගාමී වූ අත්දැකීම් බහුල ප්‍රධාන විධායක නිලධාරීවරයෙකි. ඔහු මදර් කෙයා ඉන්ටර්නැෂනල් ගෝලීය පදනමේ නිර්මාතෘ සහ විධායක සභාපති ලෙසද කටයුතු කරයි. බ්ලූ ලේක් වෝටර්, රොක්ස්බරි ඉන්ටර්නැෂනල්, ග්‍රීන්වැලි ඇග්‍රෝ, සිලෝන් අයිලන්ඩ් ට්‍රැවල්ස්, සිලෝන් අයිලන්ඩ් ජෙම්ස් සහ Blandtrave & URS (BT) වැනි සමාගම් රැසකද තනතුරු හොබවන ඔහු South Asian Iconic Federationහි සභාපති සහ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කරයි. එක්සත් ජනපදයේ සාමය පිළිබඳ ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සාම විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය කළමනාකරණය සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධි දෙකක් ලබා ඇති ඔහු පරිගණක මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුකරණ, ව්‍යාපාර කළමනාකරණ, මානව සම්පත් කළමනාකරණ, අලෙවි කළමනාකරණ, බැංකුකරණ සහ මූල්‍ය ඩිප්ලෝමාද ලබා ඇත.

Related articles

ලෝක පුජිතයාගේ නොදන්නා කතාව

කුමාර් සංගක්කාර සහභාගී වූ 'High Performance' පොඩ්කාස්ට් වැඩසටහන බැලුවා.ඩේමියන් හියුස් සහ ජේක් හම්ෆ්‍රී මෙහෙයවන 'හයි පර්ෆෝර්මන්ස්' වැඩසටහන තුළ...

‘මළා කියා හිත තදකර සිටින්නද’ – උපෙකලා අතුකෝරළ

උපෙකලා සිය නවතම කාව්‍ය එකතුව පාඨකයාට තිළිණ කර තිබේ. ඒ ඇගේ පස්වන කාව්‍ය සංග්‍රහයයි. එසේම එහි කවි හතලිස්...

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සම්පූර්ණ ප්‍රකාශය !

වර්තමානයේ මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් අපේ රටේ ජනතාව තුළ යම් නොසන්සුන්තාවක් සහ සිදු වන්නේ...

අපිට සහයෝගය දෙන්න : අපිට එකතු වෙලා මේ තත්ත්වයට මුහුණදෙන්න පුළුවන් – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්

පවතින අසීරු තත්ත්වය පාලනය කරගැනීම සඳහා සහාය දෙන ලෙසත්, එකට එක්ව ඊට මුහුණ දිය හැකි බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්...