අතපත්තු පරිච්ඡේදය

Share post:

එංගලන්ත භූමියේ සාර්ථකම ශ්‍රී ලංකා පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින්නේ මාවන් අතපත්තු විය හැකිය.
විශේෂයෙන්ම ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියේ සාර්ථකම ශ්‍රී ලාංකිකයා අතපත්තු යි.
ශ්‍රී ලංකාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව 1998 වසරේ ක්‍රීඩා කළ එමිරේට්ස් තුන්කෝන් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ලෝර්ඩ්ස් පිටියේ ඔහු රැස්කළ ශතකය එයට උදාහරණයකි.
තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සහ එංගලන්තය සමත් විය.
අවසන් තරගය පැවැත්වුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොළ වන් ලෝර්ඩ් පිටියේ යි.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය සිය පන්දුවාර පනහ අවසානයේ ලකුණු 256 ක් රැස් කිරීමට සමත් විය.
එය ජයග්‍රාහී ලකුණකි.
එවකට ශ්‍රී ලංකාවේ තරග දිනවන්නා වූ සනත් ජයසූරිය ලකුණු බිංදුවකට දැවී ගිය පසුබිමක මාවන් රැස්කළ ශතකය තුන්කෝන් තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලබාදීමට සමත් විය.
පන්දු 151 කින් මාවන් ලකුණු 132 ක් ලබා ගත් අතර ඉන් සවිමත් වූ ශ්‍රී ලංකාව ලකුණු 257 ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 47 කින් හඹා යෑමට සමත් විය.
මාවන් එංගලන්තයේ රැස්කළ එකම මතක හිටින ඉනිම එය නොවේ.
2002 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ දී ඔහු ලබා ගත් ශතකය තවත් එවැනි මතකයේ රැඳුණ ඉනිමකි.
පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළේ මාවන් – සනත් යුවලයි.
එදිනද සනත් ජයසූරියගේ දිනය නොවූ අතර ඔහු ලකුණු 18 කට දුවද්දී දැවී ගියේය.
එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් මාවන් එදා රැස් කළ ඉනිම ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ විශිෂ්ටතම ඉනිමකි.
මාවන් අතපත්තුටම ආවේණික අලංකාර පහර වල් පිටිය පුරා එල්ල කරමින් ඔහු ලකුණු 185 ක් ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලබාගත් විශිෂ්ටතම ටෙස්ට් ද්විත්ව ශතකයකට ලකුණු 15 ක් එපිටින් ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 407 ක් වී තිබුණි.
තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර තරගයේ වීරයා සම්මානය හිමි වූයේ මාවන් අතපත්තුටයි.
මාවන් අතපත්තු තවත් තරගාවලි කිහිපයක හෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ දෑ කළ හැකිව තිබිය දී අහිමි වී ගිය ක්‍රීඩකයෙකි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

2024/08/19

Related articles

සොබාදහම හා නවීනත්වය අතර ගැටුමේ අවසානය ගිනි හා අළු ද? “Avatar : Fire and Ash”

කැනේඩියානු ජාතික සම්මානනීය තිර-රචක හා අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් ( James Cameron ) විසින් අධ්‍යක්ෂණය කරන ලද Avatar :...

දේශබන්දුගේ තීන්දුව නීතියට පටහැනියි – කොළඹ මහාධිකරණයෙන් තීන්දුවක් !

2022 මැයි 09 වන දින ගාලු මුවදොර ගෝඨාගෝගම අරගලය භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ...

බුකියේ කතා කරන ජගා ගේ නැටුම් (ජගත් ජයසුන්දර)

මේ දින වල ජගත් ජයසුන්දරගේ ජව සම්පන්න නර්තනය ගැන නර්තනය ශිල්පීන් , වගේම තව එක එක්කෙනා කතා බහට...

මහවැලි ඉවුර – අඹන් ගඟ ආපදාවෙන් යළි නැඟිටියි !

‘මහවැලි මහ නදිය වෙන අතක හැරී ගලා බසී. මහවැලි ගඟ මහවේතැන්නේදී උතුරා යෑම නිසා වෙනත් මාර්ගයක් ඔස්සේ ගලාබසින්නට පටන්ගෙන...