මොහාන් රාජ් මඩවලගේ ‘මන්දෝදරී ‘

Share post:

මොහාන් රාජ් මඩවලගේ මන්දෝදරී නවකතාව පැය හතර හමාරක් එක දිගට කියවීමෙන් කියවා හමාර කළෙමි. ඉන්පසු ඒ පොත ඉවර කළ සැනින් ඒ පිළිබඳව සටහනක් තැබීමටද සිතුවෙමි.

මන්දෝදරී තෙක් එන ඔහු විසින් රචනා කරන ලද නවකතා පෙළේ නාමාවලිය තරමක් දිගය. ඒ පොත් අතරින් මා මේ පොත වෙනස් කොට සැලකීමට කැමැත්තෙමි.

මට මගේ ජීවිත කාලයේදී ප්‍රබන්ධ තුළ ජීවත්වන මිනිසුන් කීප දෙනෙක්වත් හමුවී තිබේ. මා විසින් ලියන ලද ඉහත වාක්‍ය එතරම් නිවැරදි නොවේ. එසේ වන්නේ අපි හැමෝම යම් තරමකට ප්‍රබන්ධය තුළ ජීවත් වන නිසාය. මා ඉහත වාක්‍ය ලියන ලද්දේ ඒ අර්ථයෙන් නොවේ. අපි ප්‍රබන්ධ තුළ ජීවත් වුනත් විටින් විට යථාර්ථයට අවදිවන නිසාය. මින් කියවෙන්නේ යථාර්ථයක් ඇති බව නොවේ. අප පංචේන්ද්‍රයන් පිළිබඳ විශ්වාස කරන මොහොතකට එළඹෙන බවයි. එහෙත් ප්‍රබන්ධය නිර්මාණ වන්නේ පංචේන්ද්‍රියන්ගේම උපකාරයෙන් වුවත් ඊට පිටින්ය.

අවුරුදු දහස් ගණනක් කටින් කට පැවත එන ග්‍රීක, සුමේරියානු, භාරතීය පුරාණෝක්ති (myths ) දෙස බලන විට මට හිතෙන්නේ මිනිසුන් ප්‍රබන්ධ ඇදහීමට කොතරම් කැමතිද කියාය. අප අවට ඇති සියලුම ප්‍රබන්ධයන් හා ෆැන්ටසි ලිහී ගිය කලක අප නැවත වෙන අර්ථයකින් සත්තුන්ට සමාන වේ යැයි සිතමි. අප ජීවත් වන මේ තරගකාරී සංකීර්ණ ජීවන රටාවට ප්‍රබන්ධ ඉතාම අවශ්‍යය. අවාසනාවට පුරාණෝක් තීන්වල තිබූ සියලුම ප්‍රබන්ධමය දේවල් අප තාක්ෂණය හරහා යථාර්ථයන් බවට පත්කර ගනිමින් සිටිමු.

මේ සතවර්ෂය තුළ කාලය හරහා ගමන් කිරීම හැර අනිත් සියලුම දේවල් මිනිසුන් විසින් යථාර්ථයක් බවට පත් පත් කර ගනු ඇත. මිනිසා සහමුලින්ම විනාශයට හා පරාජයට පත් වන්නේ ඔහුට කාලය හරහා අතීතයට ගමන් කිරීමට හැකි වූ විටය. මක්නිසාදයත් ඉතිහාසය යනු ප්‍රබන්ධ දහස් ගණනක එකතුවකි. ඉතිහාසයට ගමන් කිරීම යථාර්ථයක් වූ දින අපට අප අහිමි වේ. මක්නිසාදයක්දයක් අප ගසට පොත්ත සේ බද්ධ වී සිටින රට, ජාතිය, ආගම කුල ගෝත්‍ර පිළිබඳ සියලු ප්‍රබන්ධයන් ඉන් අපට අපට අහිමිවන බැවිනි.

මොහාන්ගේ මන්දෝදරී ප්‍රබන්ධය තුළ ජීවත් වන කාන්තාවකි. ඇය ආදරය අහිම වූ මොහොතේ සිට ජීවත්වීම සඳහා ක්‍රමයක් සොයන්නට උත්සාහ කරයි. ඒ සඳහා ඇය රුපියල් දහස් ගණනින් ඩේටා කාඩ් මිලදී ගනිමින් ගූගල් කරමින් , විවිධ අත්හදා බැලීම්
කරමින් යථාර්ථම පියවියක ක්ෂේම භූමියක් සොයා යයි. මොහාන් වාගේම ඇයත් එය සොයාගන්නේ සීගිරි යුගයේදීය. එහෙත් ඇයට සීගිරි යුගයේ දිගටම සිටිය නොහැක. ඒ සඳහා ඇයට විශාල පිරිවැයක් අවශ්‍ය වේ. ඒ සඳහාදෝ ඇය ප්‍රබන්ධමය ජීවිතයේ සිට යථාර්ථයට රැහැනක් වීසි කරයි. අන්තිමට ඒ රැහැන ස්පර්ශ කරන්නේ ජනාධිපතිවරයෙකි.

වර්තමාන සාහිත්‍යකරුවාට ඇති ප්‍රබලම අභියෝගය වන්නේ ප්‍රබන්ධය කෙරෙහි පාඨකයා තුළ විශ්වාසයක් නැතැයි ඇදහීමයි. ඒනිසාදෝ සාහිත්‍යකරුවන් බොහෝ විට ප්‍රබන්ධ⁣ ලෝකයේ සිට යථාර්ථවාදී රැහැන් පාඨකයා දෙසට විසි කරයි. ඇත්තටම මෙය අවශ්‍ය දෙයක් මත් නොවේ. රාමායනය , ට්‍රෝයි පුර සංග්‍රාමය , සියක් වසක හුදකලාව හෝ සංසාරණ්‍යයේ දඩයක්කරුවා වැනි මහා සාහිත්‍යය කෘති යථාර්ථවාදී කෘති නොවේ. එවැනි කෘතීන් රචනා කිරීමට විශාල නිර්භීත කමක් ධෛර්යයක් අවශ්‍ය වේ.

මන්දෝදරී කියවූ පසු මට හිතෙන්නේ මොහාන් එම ශක්‍යතාවන් අතපත් කරගනිමින් සිටින බවයි. මොහාන්ට සුබ පතමි.

ජයන්ත කහටපිටිය

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...