මොහාන් රාජ් මඩවලගේ ‘මන්දෝදරී ‘

Share post:

මොහාන් රාජ් මඩවලගේ මන්දෝදරී නවකතාව පැය හතර හමාරක් එක දිගට කියවීමෙන් කියවා හමාර කළෙමි. ඉන්පසු ඒ පොත ඉවර කළ සැනින් ඒ පිළිබඳව සටහනක් තැබීමටද සිතුවෙමි.

මන්දෝදරී තෙක් එන ඔහු විසින් රචනා කරන ලද නවකතා පෙළේ නාමාවලිය තරමක් දිගය. ඒ පොත් අතරින් මා මේ පොත වෙනස් කොට සැලකීමට කැමැත්තෙමි.

මට මගේ ජීවිත කාලයේදී ප්‍රබන්ධ තුළ ජීවත්වන මිනිසුන් කීප දෙනෙක්වත් හමුවී තිබේ. මා විසින් ලියන ලද ඉහත වාක්‍ය එතරම් නිවැරදි නොවේ. එසේ වන්නේ අපි හැමෝම යම් තරමකට ප්‍රබන්ධය තුළ ජීවත් වන නිසාය. මා ඉහත වාක්‍ය ලියන ලද්දේ ඒ අර්ථයෙන් නොවේ. අපි ප්‍රබන්ධ තුළ ජීවත් වුනත් විටින් විට යථාර්ථයට අවදිවන නිසාය. මින් කියවෙන්නේ යථාර්ථයක් ඇති බව නොවේ. අප පංචේන්ද්‍රයන් පිළිබඳ විශ්වාස කරන මොහොතකට එළඹෙන බවයි. එහෙත් ප්‍රබන්ධය නිර්මාණ වන්නේ පංචේන්ද්‍රියන්ගේම උපකාරයෙන් වුවත් ඊට පිටින්ය.

අවුරුදු දහස් ගණනක් කටින් කට පැවත එන ග්‍රීක, සුමේරියානු, භාරතීය පුරාණෝක්ති (myths ) දෙස බලන විට මට හිතෙන්නේ මිනිසුන් ප්‍රබන්ධ ඇදහීමට කොතරම් කැමතිද කියාය. අප අවට ඇති සියලුම ප්‍රබන්ධයන් හා ෆැන්ටසි ලිහී ගිය කලක අප නැවත වෙන අර්ථයකින් සත්තුන්ට සමාන වේ යැයි සිතමි. අප ජීවත් වන මේ තරගකාරී සංකීර්ණ ජීවන රටාවට ප්‍රබන්ධ ඉතාම අවශ්‍යය. අවාසනාවට පුරාණෝක් තීන්වල තිබූ සියලුම ප්‍රබන්ධමය දේවල් අප තාක්ෂණය හරහා යථාර්ථයන් බවට පත්කර ගනිමින් සිටිමු.

මේ සතවර්ෂය තුළ කාලය හරහා ගමන් කිරීම හැර අනිත් සියලුම දේවල් මිනිසුන් විසින් යථාර්ථයක් බවට පත් පත් කර ගනු ඇත. මිනිසා සහමුලින්ම විනාශයට හා පරාජයට පත් වන්නේ ඔහුට කාලය හරහා අතීතයට ගමන් කිරීමට හැකි වූ විටය. මක්නිසාදයත් ඉතිහාසය යනු ප්‍රබන්ධ දහස් ගණනක එකතුවකි. ඉතිහාසයට ගමන් කිරීම යථාර්ථයක් වූ දින අපට අප අහිමි වේ. මක්නිසාදයක්දයක් අප ගසට පොත්ත සේ බද්ධ වී සිටින රට, ජාතිය, ආගම කුල ගෝත්‍ර පිළිබඳ සියලු ප්‍රබන්ධයන් ඉන් අපට අපට අහිමිවන බැවිනි.

මොහාන්ගේ මන්දෝදරී ප්‍රබන්ධය තුළ ජීවත් වන කාන්තාවකි. ඇය ආදරය අහිම වූ මොහොතේ සිට ජීවත්වීම සඳහා ක්‍රමයක් සොයන්නට උත්සාහ කරයි. ඒ සඳහා ඇය රුපියල් දහස් ගණනින් ඩේටා කාඩ් මිලදී ගනිමින් ගූගල් කරමින් , විවිධ අත්හදා බැලීම්
කරමින් යථාර්ථම පියවියක ක්ෂේම භූමියක් සොයා යයි. මොහාන් වාගේම ඇයත් එය සොයාගන්නේ සීගිරි යුගයේදීය. එහෙත් ඇයට සීගිරි යුගයේ දිගටම සිටිය නොහැක. ඒ සඳහා ඇයට විශාල පිරිවැයක් අවශ්‍ය වේ. ඒ සඳහාදෝ ඇය ප්‍රබන්ධමය ජීවිතයේ සිට යථාර්ථයට රැහැනක් වීසි කරයි. අන්තිමට ඒ රැහැන ස්පර්ශ කරන්නේ ජනාධිපතිවරයෙකි.

වර්තමාන සාහිත්‍යකරුවාට ඇති ප්‍රබලම අභියෝගය වන්නේ ප්‍රබන්ධය කෙරෙහි පාඨකයා තුළ විශ්වාසයක් නැතැයි ඇදහීමයි. ඒනිසාදෝ සාහිත්‍යකරුවන් බොහෝ විට ප්‍රබන්ධ⁣ ලෝකයේ සිට යථාර්ථවාදී රැහැන් පාඨකයා දෙසට විසි කරයි. ඇත්තටම මෙය අවශ්‍ය දෙයක් මත් නොවේ. රාමායනය , ට්‍රෝයි පුර සංග්‍රාමය , සියක් වසක හුදකලාව හෝ සංසාරණ්‍යයේ දඩයක්කරුවා වැනි මහා සාහිත්‍යය කෘති යථාර්ථවාදී කෘති නොවේ. එවැනි කෘතීන් රචනා කිරීමට විශාල නිර්භීත කමක් ධෛර්යයක් අවශ්‍ය වේ.

මන්දෝදරී කියවූ පසු මට හිතෙන්නේ මොහාන් එම ශක්‍යතාවන් අතපත් කරගනිමින් සිටින බවයි. මොහාන්ට සුබ පතමි.

ජයන්ත කහටපිටිය

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...