පළමුපෙළෙන් ජාතික සංචිතයට !

Share post:

එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග වූ පුහුණු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුණා.
එහෙත් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 139 කට සීමා වෙද්දී, දෙවෙනි ඉනිම ලකුණු 306 ක් දක්වා ඉහළ දමා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා.
එය එංගලන්ත තනතීරු සහ තත්ත්වයන්ට ශ්‍රී ලංකා පිතිකරුවන් ක්‍රමයෙන් හැඩගැසෙමින් සිටිනා බවට සාක්ෂියක්.
ශ්‍රී ලංකා දෙවන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු නිශාන් මදුෂ්ක.
ඔහු පන්දු 88 කින් ලකුණු 77 ක් ලබා තිබුණා.
මේ තවමත් 24 හැවිරිදු නිශාන් ගේ පළමු එංගලන්ත සංචාරයයි.
තවමත් ටෙස්ට් තරග අටක් පමණක් ක්‍රීඩා කර ඇති ඔහුට මේ තත්ත්වයන් සහ තනතීරු සම්පූර්ණයෙන්ම නුහුරුයි.
ඔහු ක්‍රිකට් දිවියේ වැඩි කාලයක් ගත කර ඇත්තේ දඟ පන්දු යවන්නන්ට උචිත මෙරට පළමු පෙළ තනතීරු වල සහ ගාල්ල පිටියේයි.
පන්දුව වේගයෙන් පිත්තට පැමිණෙන, දෝලනයක් සහිත කොල පැහැති තනතීරු ඔහුට නුහුරුයි.
ඔහුගේ ටෙස්ට් ජීවිතය තුල එවැනි තත්ත්ව වල ක්‍රීඩා කර ඇත්තේ නවසීලන්තයේ වෙලිංටන් හි එක් තරගයක් පමණයි.
එනමුත් ඔහු ඉතා කෙටි පුහුණුවකින්, ශ්‍රී ලංකා දෙවන ඉනිමේ සාර්ථකම පිතිකරුවා වීමට සමත් වී තිබෙනවා.
නිශාන් මදුෂ්ක ජාතික කණ්ඩායමට පැමිණෙන්නේ මෙරට පළමු පෙල ආකෘතියෙන්.
පසුගිය කාලයේ පිතිකරුවන් උදෙසා මෙරට තේරීම් ප්‍රතිපත්තිය වූයේ පළමු පෙල ආකෘතිය එතරම් විශ්වාස නොකර, ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන එකම පිරිසට යළි යළිත් අවස්ථාවන් ලබාදීමයි.
ඒ ඔස්සේ අයුක්ති සහගත ලෙස අසාර්ථක වූ පිතිකරුවන්ට පවා දිගින් දිගටම අවස්ථාවන් හිමිවුණා.
එමෙන්ම පළමු පෙල දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට පැමිණීමේ අවස්ථාවන් අහිමි වුණා.
ඒ සඳහා ප්‍රධාන නිදහසට කරුණ වූයේ මෙරට පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩාව පවතින්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට වඩා ගව් ගණනක් පසුපසින් බවයි.
එහි සුදු පන්දු ක්‍රීඩාව උදෙසා යම්කිසි සත්‍යතාවයක් පැවතුනත්, රතු පන්දු ක්‍රීඩාව උදෙසා මෙරට පළමු පෙල ක්‍රීඩාවෙන් තවමත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් බොහෝමයක් බිහි කළ හැකියි.
නිශාන් මදුෂ්ක ඊට හොඳ උදාහරණයකි.
දිගින් දිගටම අසාර්ථක, විනය ගැටලු වල අඛණ්ඩ් වැරදිකරුවන් වන, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තබා සාමාන්‍ය වැදගත් පුරවැසියෙකුට පවා නොගැලපෙන මත් ද්‍රව්‍ය උරන, එකම අච්චුවේ ක්‍රීඩකයන්ට වඩා නිශාන් මදුෂ්ක ලා සිංහ ජර්සිය පැළඳීමට සුදුසුයි.
ඔවුන්ට ඒ සඳහා අවස්ථාවන් විවර කළ යුතුයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

  2024. 08. 18

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...