Home Blog Page 262

අක්කර ලක්ෂ 12ක වනාන්තර බේරන තීරණාත්මක අධිකරණ තීන්දුව !

0

අක්කර ලක්ෂ 12ක හෙවත් හෙක්ටයාර ලක්ෂ 5ක වනාන්තර බේරන තීරණාත්මක අධිකරණ තීන්දුවක් පසුගියදා අභියාචනාධිකරණය ලබාදුන්නේය.

ඒ, 1/2020 අත්තනෝමතික චක්‍රලේඛය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකරන ලද පෙත්සමක තීන්දුව ලබාදෙමිනි.

මාධ්‍ය වාර්තා

ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම පෙත්සම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරන ලද බවයි. එය අර්ධ සත්‍යයකි.

පෙත්සම්කරුවන් ඉල්ලා තිබුණේ අදාළ චක්‍රලේඛය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. එම ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණි.
එහෙත් අදාළ චක්‍රලේඛය සංශෝධනය කරමින් වනාන්තර භූමි අක්කර ලක්ෂ 12ක් සුරක්ෂිත වන ආකාරයේ තීන්දුවක් ලබාදීමට අධිකරණය කටයුතු කර තිබේ.

සිදු වූයේ කුමක්ද?

දැනට අවශේෂ වනාන්තර යනුවෙන් හඳුන්වනු ලබන රජයේ වෙනත් වනාන්තර ලෙස නම්කර ඇති භූමි පමණක් නොව, වනාන්තරමය වටිනාකමක් සහිත භූමි, ජෛව විවිධත්වයෙන් පොහොසත් භූමි සහ ජලාධාර භූමි ද සුරක්ෂිත වන ආකාරයට නව චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ද වනජීවී සහ වන සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට අධිකරණයෙන් නියෝග කරන ලදි.

ගෝඨා යළිත් පරාදයි!

එම නිසා පලවා හරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව මගින් නිකුත් කරන ලද 1/2020 චක්‍රලේඛය හරහා බරපතළ අවදානමක තිබූ වනාන්තර භූමි, ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට හෝ වෙනත් රජයේ ඉඩම් කළමනාකරණය කරනු ලබන ආයතනවලට අවශ්‍ය පරිදි ආයෝජන ව්‍යාපෘති සඳහා නිදහස් කිරීමට සකස් කරන ලද සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබෙන්නේ නැත.

CA/Writ/502/2021 අංක යටතේ මෙය විභාග කෙරිණි. විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව පෙත්සම්කරුවන් 06 දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.

පෙත්සම්කරුවන්

  1. පරිසර යුක්ති කේන්ද්‍රය
  2. එහි අධ්‍යක්ෂ හේමන්ත විතානගේ
  3. එහි විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ
  4. සමස්ත ලංකා බීට්ටු වන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එඩ්වින් එඩ්වඩ් රාගල්
  5. සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ඉමේෂ් ගුණතිලක බණ්ඩාර
  6. මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් රණවක

විත්තිකරුවන්

  1. ඉඩම් කොමසාරිස් ජනරාල්
  2. ඉඩම් ඇමති
  3. එම අමාත්‍යංශයේ ලේකම්
  4. වනජීවී සහ වන සංරක්ෂණ ඇමති
  5. එම අමාත්‍යංශයේ ලේකම්
  6. වන සංරක්ෂක
  7. පරිසර අමාත්‍යංශයේ ලේකම්
  8. ජනාධිපති ලේකම්
  9. පොලිස්පති
  10. නීතිපති

අධිකරණ අපහාස

අදාළ ඉඩම් සම්බන්ධ තීරණ ගැනීමේ බලය ඉඩම් කොමසාරිස්වරයාට, ප්‍රාදේශීය ලේකම්වරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට පවරා තිබූ 1/2020 චක්‍රලේඛයේ තුන් වන වගන්තියට මීට පෙර අභියාචනාධිකරණයෙන් තහනමක් පනවා තිබිණි.

එසේ තිබියදී ස්ථාන ගණනාවක එවැනි කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් මීට පෙර Black ෆේස්බුක් පිටුවෙන් අනාවරණය කෙරිණි.

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

105(3)

‘ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය යන එක් එක් අධිකරණය ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණයක් වන්නේය. අධිකරණයේදී ම නැතහොත් අන් ස්ථානයකදී ඒ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය සුදුසු යැයි සලකන පරිදි බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ ඒ දෙකෙන්ම දඬුවම් කිරීමේ බලය ….’

නීතිපති කියපු දේ

වෙනත් රජයේ වනාන්තර (Other State Forests) ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනය යටතට ලබානොදෙන බව නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් මීට පෙර අභියාචනාධිකරණයට තහවුරු කරන ලදි.
ඒ, පෙත්සම් විභාගයේදී ය.

තහනම් නියෝගයක්

01/2020 චක්‍රලේඛය මගින් සිදුකිරීමට අපේක්ෂිත දැවැන්ත පරිසර විනාශයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පවරන ලද මෙම නඩුවේදී අදාළ චක්‍රලේඛයේ 03 වගන්තියට තහනම් නියෝගයක් නිකුත් කිරීමට ද මීට පෙර අභියාචනාධිකරණය තීන්දු කළේය.

01/2020

2020 නොවැම්බර් 04 දින වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ එවකට ලේකම් එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර විසින් MWFC/01/2020 අංක දරන මෙම චක්‍රලේඛය නිකුත් කරන ලදි.

එහි 03 වගන්තියේ මෙසේ සඳහන් වේ.

03 වගන්තිය

‘මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක වීමත් සමග ම මෙම අවශේෂ කැලෑ ඉඩම් වෙනුවෙන් වඩාත් සුදුසු ප්‍රයෝගික ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස්, මගපෙන්වීම ඇතුළත් චක්‍රලේඛයක් ඉඩම් අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් පරිදි ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට / පළාත් ඉඩම් කොමසාරිස්වරුන්ට / ඉඩම් කොමසාරිස්වරුන් සහ අන්තර් පළාත් සහකාර ඉඩම් කොමසාරිස්වරුන්ට නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.’

05/2001

රජයට අයත් සියලුම කැලෑ කළමනාකරණය සහ පාලනය සඳහා 2001 වසරේදී නිකුත් කරන ලද 05/2001 චක්‍රලේඛය අහෝසි කිරීම මෙමගින් සිදු විය. 2001 වසරේ චක්‍රලේඛයට අනුව රජයේ කැලෑ ඉඩමක් ආයෝජන ව්‍යාපෘතියක් සඳහා පවරන්නේ නම්, ඒ සඳහා වන සංරක්ෂණ, පරිසර, වන ජීවි, ඉඩම් ඇතුළු ආයතන ගණනාවකින් විධිමත් අනුමැතියක් ලබාගැනීම අනිවාර්ය විය.

බලය කාටද?

එහෙත් 2020 ජූලි 01 දින කැබිනට් මණ්ඩලය මගින් අනුමත කරන ලද උපදෙස් මත නිකුත් කෙරුණු 01/2020 චක්‍රලේඛයට අනුව එසේ අදාළ ඉඩම් පැවරීමේදී ආයතන ගණනාවකින් අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවන බව සඳහන් වේ. එය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ ප්‍රාදේශීය ලේකම්වරයාට තනි ව කළ හැකි කරුණක් ලෙස දක්වා තිබේ.

‘වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන සංරක්ෂිත වනාන්තර, රක්ෂිත වනාන්තර, යෝජිත රක්ෂිත වනාන්තර හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන ජාතික රක්ෂිත භූමි, අභය භූමි, වන අලි කළමනාකරණ රක්ෂිත හා ……. අවශේෂ කැලෑවල අයිතිය තවදුරටත් රජය සතුව පවත්වා ගනිමින් …….. හානියක් නොවන පරිදි ආර්ථිකමය හා වෙනත් ඵලදායී කටයුතු සඳහා භාවිතා කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට හැකිවන පරිදි කටයුතු කිරීමට මෙමගින් ඉඩ ලැබේ.’

හෙක්ටයාර ලක්ෂ ගණනක්

මෙම චක්‍රලේඛය ඉදිරිපත් කිරීමත් සමග අම්පාර, පොළොන්නරුව, මඩකලපුව, මොණරාගල, අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක රැසක හෙක්ටයාර ලක්ෂ ගණනක වන සංරක්ෂණ ඉඩම් ආයෝජන ව්‍යාපෘති සඳහා ලබාදීම ඇරඹිණි.

පරිසර වාර්තා අදාළ නැත !

වාණිජ බෝග වගා කිරීම සඳහා ඉඩම් ලබාදෙන බව පවසමින් ජනතාවට අක්කර 4-5 කොටස් ද, සමාගම්වලට අක්කර 3,000 සිට 5,000 දක්වා කොටස් ද බදු පදනම මත ලබාදෙන ලදි. මේවා අදාළ ව්‍යාපෘති සඳහා යොදාගැනීමට පෙර කිසිදු පරිසර තක්සේරු වාර්තාවක් සකස් කිරීමක් සිදු නොවූ අතර, එහි භූමියේ වැදගත්කම හෝ ජෛවවිවිධත්වය වැනි සාධක අදාළ වූයේ නැත.

වනාන්තරයක වටිනාකම

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසර ක්ෂේත්‍රයේ ප්‍රකට නීතිඥවරයෙකු වන ආචාර්ය ජගත් ගුණවර්ධන මෙසේ පැවසීය.

‘මේවා එකින් එක සිද්ධි විදිහට හුදෙකලාව අපි බලනවද, නැත්නම් සම්ප්‍රයුක්තයක් විදිහට බලනවද කියන එකයි වැදගත් කාරණය.

හුදෙකලාව බලන කොට අපිට පේනවා, වන විනාශයට තුඩු දෙන තීරණ රැසක් බලධාරීන් මෑතකදී ගත්තා කියලා. සම්ප්‍රයුක්ත වශයෙන් බැලුවම මට තේරෙන්නෙ වනාන්තරයක තියෙන වටිනාකම සම්බන්ධයෙන් තියෙන නොදැනුවත්කම හෝ අනවශ්‍යකම තමයි මේ තීරණවලට හේතුවෙලා තියෙන්නෙ. රටක භූමි පරිභෝජනය පිළිබඳ සැලැස්මක් ඇති කරනවා වෙනුවට වෙලාවෙන් වෙලාවට එන අභියෝගවලට අදාළව, ඒවා තාවකාලිකව මැඩපවත්වාගන්න තීරණ ගැනීමේ ප්‍රවණතාවක් තමයි දකින්න පුළුවන්.

භයානක අවදානමක්

ඊළඟට තියෙන තවත් බරපතළ තත්ත්වයක් තමයි, පාරිසරික සැලසුම් මෙවලම් නොතකා කටයුතු කිරීම. ඒ කියන්නෙ පාරිසරික ඇගයීම් වාර්තා වගේ ඒවා. ඒවා තමයි තීරක මෙවලම්. ඒ කියන්නෙ තීරණගන්නෙ ඒවා මත පදනම්වෙලා. මේවා නිසා සම්ප්‍රයුක්ත වශයෙන්, නැත්නම් සමස්තයක් ලෙස බලන කොට අපිට භයානක අවදානමක පෙර නිමිති පේනවා. ඒත් ඒ භයානක අවදානම පේන්න ඕනෙ, ඒ අවදානම දකින්න ඕනෙ අයට තවම එහෙම එකක් පේන බවක් දකින්න නෑ.

25 වෙනුවට 17යි

ලංකාවෙ තියෙන්න ඕනෙ අවම වනගහනය සියයට 25 යි. දැන් තියෙන්නෙ සියයට 17 යි. වනාන්තරයක් කියන්නෙ ගස් ගොඩක් විතරක් නෙමෙයි. වනාන්තරයක් කියන්නෙ ශාක සහ සතුන් අතර තියෙන සංකීර්ණ සබඳතා ජාලයක්. ඒ පද්ධතිය විනාශ කරන්න පුළුවන් වුණාට, ඒ පද්ධතිය ඒ විදිහටම යළි ගොඩනංවන්න බැහැ. ගස් වැව්වම ඒක පද්ධතියක් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

ලෝකයේ කොතැනකවත් මිනිස්සුන්ට තවම බැරිවෙලා තියෙනවා, විනාශ කරපු පරිසර පද්ධතියක් ඒ ආකාරයෙන්ම හදන්න. ඒකට හේතුව අර සංකීර්ණ සබඳතා කියන ඒවා ආපහු හදන්න බැහැ. ඒවා අපි දන්නෙත් නැහැ. අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙලත් නැහැ. ස්වභාවික වනාන්තරයට ආදේශක නැහැ. පැළ සිටුවීම වන ආවරණයක් විදිහට උත්තරයක්. ඒත් ඒකෙන් තිබුණු විදිහට වනාන්තරයක් හදන්න බැහැ.

ගෝඨාගේ අලුත් නම

වෙනත් රජයේ වනාන්තරවලට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අලුතින් දාගත්තු නමක් තමයි, අවශේෂ කැලෑ කියන්නෙ. ඒක භාවිතයෙ තිබුණෙ නැති වචනයක්. 2020 තමයි අවශේෂ වනාන්තර කියලා වැරදි වචනයක් හදාගෙන ආවෙ. රජයේ නියෝගයකින් ප්‍රකාශයට පත්කරලා නැති වනාන්තර සියල්ලටම අපි එදා ඉඳලම කිව්වෙ වෙනත් රජයේ වනාන්තර කියලා. මේවා අතරෙ යෝජිත රක්ෂිතත් තියෙනවා. දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තියෙන සමහර යෝජිත රක්ෂිත පනස්ගණන්වල ඉඳලා නම් කරලා තියෙන ඒවා. ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයෙන් ඉඩම් එළිපෙහෙළි කරන කොට ඒවා ඉතුරු කරලා තියෙනවා. විවිධ හේතු නිසා ඒවා රක්ෂිත විදිහට ගැසට් කරන එක දවසින් දවස කල්ගිහින් තියෙනවා.

වන සංරක්ෂණ ආඥා පනතෙන් මේ වෙනත් රජයේ වනාන්තරවලට නීතිමය ආවරණයක් තියෙනවා. ඕඑස්එෆ් කියලා තමයි මේවා හඳුන්වන්නෙ. (OSF – Other State Forests) ඒක තමයි පරිපාලනයේ, නීතියේ තිබුණු වචනය. නීතිමය වශයෙන් හෝ පරිපාලන වශයෙන් හෝ සමාජයීය වශයෙන් හෝ මෙහෙම අවශේෂ වනාන්තර කියලා වචනයක් මෙතෙක් තිබුණෙ නෑ.’

මෙවැනි තත්ත්වයක් යටතේ මෙම තීන්දුව අතිශය වැදගත් වන අතර, එය ක්‍රියාත්මක කරවාගැනීම වෙනුවෙන් කඩිනමින් මැදිහත් වීම බලධාරීන්ගේ වගකීමකි.’

කශෝගී ඝාතකයාගේ පාරේ යන්නට හදන තාජුඩීන් ඝාතන චූදිතයෝ !

0

සෞදි අරාබියේ නව අගමැතිවරයා ලෙස මොහොමඩ් බින් සල්මාන් කුමරු පත්කර තිබේ.

සල්මාන් බින් අබ්දුල්ලාසිස් රජුගේ නියෝගයකට අනුව කැබිනට් සංශෝධනයක් මගින් මෙම පත්කිරීම සිදු කර ඇත. මීට පෙර එරට අගමැති ධුරය දරන ලද්දේ ද රජු විසිනි.

අගමැති ධුරයට පත්වීමට පෙර සල්මාන් කුමරු එරට ආර්ථිකය, ආරක්ෂාව ඇතුළු තීරණාත්මක විෂයයන් රැසක වගකීම් බාර ව කටයුතු කළේය.

ජමාල් කශෝගී ඝාතනය

වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කශෝගී ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ද මොහොමඩ් බින් සල්මාන් කුමරුට සහ ඔහුගේ සමීපතමයන්ට ය. සත්‍ය ඝාතකයන් සඟවමින් අදාළ ඝාතනය පිළිබඳව පස්දෙනෙකු වරදකරුවන් කොට මරණ දඬුවම නියම කිරීමට සෞදි අධිකරණයක් කටයුතු කළ බවට පසුගිය කාලයේදී චෝදනා රැසක් එල්ල විය.

2018 ඔක්තෝබර් 02

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සවුදි කොන්සල් කාර්යාලය තුළදී 2018 ඔක්තෝබර් 02දා ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ජමාල් කශෝගීගේ ඝාතනය සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු මැදිහත්වීමක් නොවූවද, රටේ නායකයා ලෙස තම පුරවැසියන් පිරිසක් කළ අදාළ ඝාතනය සම්බන්ධයෙන් වන වගකීම තමන් බාරගන්නා බව මොහොමඩ් බින් සල්මාන් කුමරු ඒ මොහොතේ පැවසීය.

ඇමරිකානු මාධ්‍ය ජාලයක් වන CBS හි මිනිත්තු 60 වැඩසටහනේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සල්මාන් කුමරු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ‘කශෝගී ඝාතනය කිසිසේත්ම අනුමත කළ නොහැකි අති දුෂ්ඨ ක්‍රියාවක්. ඊට වගකිවයුත්තන්ට එරෙහිව උපරිමයෙන් කටයුතු කරනවා’ යනුවෙනි.

නියම දේශපාලන සූත්තරකාරයෙක්

සල්මාන් කුමරුගේ මෙම ප්‍රකාශය පිළිබඳව කශෝගීගේ පෙම්වතිය වූ හේටිස් සෙන්ගීස් මෙසේ ප්‍රතිචාර දක්වා තිබිණි.
‘ඔහු නියම දේශපාලන සූත්තරකාරයෙක්. ඔහුගේ නියෝග මත සියල්ල සිදු වී තිබියදී සෞදියේ නායකයා ලෙස තමන්ට ඇති බලය ප්‍රයෝජනයට ගනිමින් ඔහු ලෝකය රවටනවා. ඔහු නොදැනුවත්ව ඔතරම් බිහිසුණු ක්‍රියාවක් කරන්න කිසිවෙකුට බැහැ.’

සල්මාන් කුමරුගේ තර්ජනය

මේ අතර එංගලන්තයේ ලන්ඩන් නුවර මූලික කරගනිමින් පවත්වාගෙන යන, අරාබි භාෂාවෙන් මුද්‍රණය කෙරෙන asharq al-awsat පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සෞදි කුමාරයා වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ ජමාල් කෂෝගී ඝාතනයට අදාළව යුක්තිය ඉටු කිරීම තම රටේ කාර්යයක් බවයි. මීට අදාළ සියලු සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, මෙම සිද්ධියෙන් දේශපාලන වාසි ලබාගැනීමට ඇතැම් රටවල් දරන උත්සාහය තරයේ හෙළා දකින බවත් ඔහු පවසා තිබිණි.

එක්සත් ජාතීන්ගේ පිටු 100 වාර්තාව

කෂෝගී ඝාතනයට සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සෘජුව සම්බන්ධ වී ඇති බව සඳහන් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ද නිකුත් කළේය. ඊට අදාළව අතිශය විශ්වසනීය සාක්ෂි ඇති බවද එහි සදහන් ය. මෙම වාර්තාවේ පිටු 100ක් ඇත. කෂෝගී ඝාතනය අන්තර්ජාතික අපරාධයක් බවත්, ඊට වගකිවයුතු පාර්ශ්ව අනාවරණය විය යුතු බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

තුර්කියේ විශ්වාසය

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදී 2018 ඔක්තෝබර් 02දා ජමාල් කශෝගී ඝාතනය කෙරිණි. මේ පිළිබඳව මුලින්ම අනාවරණය කරන ලද්දේ තුර්කි ආරක්ෂක අංශ යි. තුර්කි ජනාධිපති රිසෙප් එර්ඩෝගන් ඒ මොහොතේම පැවසුවේ සෞදි රජු අවංකව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

සල්මාන්ගේ විශේෂ ඒකකය

ජමාල්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ සමීපතමයන් පිරිසකටයි. ඔවුන් සල්මාන් කුමරු යටතේ පවතින විශේෂ ඒකකයක් නියෝජනය කළ පිරිසකි. රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ සල්මාන් කුමරුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් වන සවුද් අල් කටානි ස්කයිප් තාක්ෂණය ඔස්සේ ජමාල්ගේ ඝාතනයට මොහොතකට පෙර, ඝාතකයන් සමග සම්බන්ධ වී ඇති බවයි. ඔහු ඝාතකයන්ට පවසා ඇත්තේ ‘ඔය බල්ලාගේ හිස මට ගෙනැත් දෙන්න’ යනුවෙනි.

තුර්කියේ වැඩ

සෞදියට විශාල ණය මුදලක් ගෙවීමට තිබියදී වුවද, මෙම සිද්ධියේදී තුර්කිය වඩාත් කාර්යක්ෂමව කටයුතු කිරීම කැපී පෙනිණි. සිද්ධියෙන් දින කිහිපයක් තුළ ඊට සෘජුව සම්බන්ධ වූ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කළේය. එසේම ඝාතනයෙන් පසු විශේෂ ගුවන් යානයකින් කිසියම් පිරිසක් සෞදියට පිටත්ව ගොස් ඇතැයිද ඔවුන් අනාවරණය කරන ලදි.

ට්‍රම්ප්ගේ වෙනස

මෙම ඝාතනය සිදු වූ විගස සෞදිය විවේචනය කළ පිරිස් සති කිහිපයක් තුළ එය වෙනස් කළහ. එවකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ තම රටේ පුරවැසියෙකු වන ජමාල් කශෝගී ඝාතනය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු නොකරන්නේ නම්, සෞදිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වන බවයි.

ඊට පිළිතුරු ලෙස සෞදිය පැවසුවේ ඇමරිකාව සමග අත්සන් කිරීමට නියමිත ඉතිහාසයේ දැවැන්තම අවි ගනුදෙනුවකට අදාළ ගිවිසුමක් ඇතැම් විට අත්හිටුවීමට සිදු වනු ඇති බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් පසු ඒ ගැන කතා කිරීමට ගියේ නැත.

ඩාවෝස් ඉන් ද ඩෙසර්ට්

ඝාතනයෙන් දින කිහිපයකට පසු මැද පෙරදිග දැවැන්තම ආර්ථික සමුළුව ආරම්භ කිරීමට නියමිත ව තිබිණි. සෞදි අරාබි ආයෝජන සමුළුව හෙවත් ඩාවෝස් ඉන් ද ඩෙසර්ට් යනු එයයි. ඊට සහභාගි නොවන බවත්, කිසිවෙකුට කශෝගීගේ ඝාතනය අනුමත කළ නොහැකි බවත් ලෝකයේ බිලියනපති ව්‍යාපාරිකයෝ රැසක් කඩිමුඩියේ පැවසූහ. එහෙත් 2018 ඔක්තෝබර් 23දා ආරම්භ වූ සමුළුවට එසේ පැවසූ ව්‍යාපාරිකයන්ගෙන් අතිබහුතරයක් සහභාගි වූහ.

පුරවැසියා දෙවැනි තැනට

එවකට, ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් අතර පැවති සාකච්ඡාවකදී ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ජමාල් කශෝගී සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර තිබුණේ නැත. ඒ පිළිබඳ විවේචන එල්ල වන විට රාජ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන් වුයේ එය මැද පෙරදිග කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පමණක් බවයි. එහිදී ඇමරිකානු පුරවැසියෙකු සහ වොෂින්ටන් පොස්ට් පුවත්පතේ දේශපාලන තීරු ලිපි රචකයෙකු වූ ජමාල් කශෝගී සම්බන්ධයෙන් කිසිවක් සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලද බවද ඔහු පවසා තිබිණි.

කශෝගීගේ ඉතිහාසය

මාධ්‍යවේදී ජමාල් කශෝගී මුලදී සෞදි රජ පවුලට ඉතා සමීපව කටයුතු කළ අයෙකි. ඉන්පසු ඇති වූ ගැටුමක් නිසා ඔහු ඇමරිකාවට පළා ගොස් තිබේ. ඇමරිකාවේ පදිංචිව සිටිමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ස්ථිර තීරු ලිපි රචකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු, මෙම තීරු ලිපි මගින් සෞදි පාලනය බරපතළ ලෙස විවේචනය කර ඇත.

පුද්ගල ඝාතන වෙන්දේසිය !

බලය ලබාගැනීම සහ බලය පවත්වා ගැනීම යන කාරණයේදී පුද්ගල ඝාතන අලෙවි වන ආකාරය සම්බන්ධයෙන් ජමාල් කශෝගී ඝාතනය කදිම උදාහරණයකි.

ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩින් ඇතුළු ඝාතන, ප්‍රගීත් එක්නැලිගොඩ වැනි අතුරුදන් කිරීම් ප්‍රමුඛ අපරාධ රැසක් පිළිබඳ චෝදනා එල්ල වන නාමල් රාජපක්ෂලා, රනිල් වික්රමසිංහලාගේ සහායෙන් යළිත් මෙසේ කියන්නේත් හරියටම ඒ වගේම ය.
‘නොමග ගිය අරගලකරුවන් පුනරුත්ථාපනය කළ යුතුයි.’

නිරෝගී දැරියක සදාකාලික රෝගියෙකු කිරීම : සම්පූර්ණ තීන්දුව සහ ඔබේ අයිතිය !

0

2012 වසරේදී උපත ලද දැරියකට කතා කිරීමට නොහැකි වීම, අතපය සෙලවීමට හෝ ඇවිදීමට නොහැකි වීම, නිතර වලිප්පුව නම් රෝග තත්ත්වයෙන් පෙළීම සහ ජීවිතාන්තය දක්වා ම සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස කටයුතු කළ නොහැකි තත්ත්වයකට පත්වීම යන කරුණු සඳහා ගම්පහ මහා රෝහලේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වගකිවයුතු බව කොළඹ දිසා අධිකරණය තීන්දු කර තිබේ.

එම අධිකරණයේ අතිරේක දිසා විනිසුරු කල්හාරි ලියනගේ නියෝග කළේ මේ හේතුවෙන් දැරියට රුපියල් මිලියන 30ක වන්දි මුදලක් ගෙවීමටයි.

සාධාරණ වන්දි මුදලක්

දැරියට මුළු ජීවිත කාලය ම තවත් කෙනෙකු මත යැපීමට සිදු වන බවත්, විශේෂිත කිරිපිටි සතියකට එක පැකට්ටුව බැගින් අවශ්‍ය වීම, දැරියට අශූචි සහ මුත්‍රා නිතර පහවන බැවින් නිතර පැම්පස් අන්දවා තිබිය යුතු වීම, නිරන්තරයෙන් ඇති වන ආබාධවලට ප්‍රතිකාර කළ යුතු වීම සහ පොදු ප්‍රවාහන සේවාවල ඒ සඳහා යෑමට නොහැකි වීම නිසා වෙනත් පෞද්ගලික වාහනවලට වියදම් දැරීමට සිදු වීම යන කරුණු විශේෂයෙන් සලකා බැලිය යුතු බවත් එම තීන්දුවේ පැහැදිලිව සඳහන් කර ඇත.

මේ නිසා ආසන්න වශයෙන් දැරියගේ මාසික වියදම් සඳහා රුපියල් 50,000ක් අවශ්‍ය බවට සහ දරුවා අවුරුදු 50ක් ජීවත් වන බවට උපකල්පනය කර, දැරියට සාධාරණ වන්දි මුදලක් ලෙස රුපියල් මිලියන 30ක් ගෙවිය යුතු යැයි නියෝගයේ දැක්වේ.

අවදානම් අවස්ථාවකදී

‘එසේ ම මෙම දෙමව්පියන්ගේ මරණයෙන් පසුව ද, මෙවැනි ආබාධිත තැනැත්තන් සම්බන්ධයෙන් රැකවරණය, පෝෂණය, සාත්තුව හා ප්‍රතිකාර සඳහා රජය විසින් සකසා ඇති වැඩපිළිවෙලක් නැත. එහිදී ද ඇය වෙනුවෙන් වැයකිරීම සඳහා යම් මුදලක් ද පැවතිය යුතු බවත්…’

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ නීතිපතිවරයාට එරෙහිව DMR/581/14 අංක දරන මෙම නඩුව පවරා තිබිණි.

අවධානීය යුතුකම

අදාළ දැරිය ගම්පහ දිස්ත්‍රික් රෝහලේ දී 2012 මැයි 15 දින උපත ලබා ඇත. දැරියගේ මව එම මාසයේ 14 දින හෝ ඊට ආසන්න දිනක සිට 15 දින හෝ ඊට ආසන්න දිනයක් දක්වා ගම්පහ දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ වෛද්‍ය සිසිර කොස්තා බාරයේ ඇති වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබා තිබේ. රෝහලේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රෝගියා සම්බන්ධයෙන් වන අවධානීය යුතුකම කඩ කර ඇති බව ද මෙම තීන්දුවේ පැහැදිලිව දැක්වේ.

වෛද්‍යමය නොසැලකිල්ල

‘මෙම නඩුව වෛද්‍යමය නොසැලකිල්ල සම්බන්ධ නඩුවක් වන අතර, වෛද්‍යමය නොසැලකිල්ල සම්බන්ධයෙන් වෛද්‍ය, හෙද සහ අතුරු වෛද්‍ය සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩලයන්ට රෝගියෙකු සම්බන්ධයෙන් අවධානීය යුතුකමක් ඇති බවත්, ඔවුන්ගේ ක්‍රියාකාරකමක් හෝ යම්කිසි නොකර හැරීමක් සම්බන්ධයෙන් රෝගියාට සිදු වන අලාභයක් සම්බන්ධයෙන් ඔවුන්ට වගකීමක් ඇති බවත්…’

ලේකම්ගේ වගකීම

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට එරෙහිව නඩුව පැවරීම සහ ඔහුගේ පදිංචිය අදාළ රෝහල පිහිටි ප්‍රදේශයේ නොවීම පිළිබඳව ද නඩුවේදී විත්ති පාර්ශ්වයෙන් විරෝධතා මතුකර තිබිණි.

අධිකරණය මෙහිදී නීතිපති එදිරිව ස්මිත් (1907/10/NLR/263) නඩුවේ තීන්දුව උපුටා දක්වමින් අවධාරණය කර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරුන්ට හෝ එකී කාර්ය මණ්ඩලයට විරුද්ධව පමණක් නඩුව පැවරීමෙන් තොරව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට එරෙහිව නඩුව පැවරීමට බාධාවක් නොමැති බවයි. අදාළ නීතිපති එදිරිව ස්මිත් නඩු තීන්දුවේ සඳහන් වන්නේ කොළඹ ජාතික රෝහලේ සිදු කළ ශල්‍යකර්මයකදී හෙදියකගේ ක්‍රියාකාරකමක් හේතුවෙන් සිදු වූ හානියක් සම්බන්ධයෙන් රජයට එරෙහිව නඩු පවරා අලාබ අයකර ගැනීමක් සම්බන්ධවයි.

බදු මුදලින් වැටුප්

මෙම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගීන් විසින් ගෙවීමක් නොකරන්නේය යනුවෙන් මතුකරන ලද තර්කයක් පිළිබඳව ද අධිකරණය තීන්දුවේ පැහැදිලිව සඳහන් කර තිබේ.

‘මෙම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගීන් විසින් ගෙවීමක් නොකරන්නේය යන කරුණ ‘මෙම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගීන් විසින් ගෙවීමක් නොකරන්නේය යන කරුණ අදාළ නොවන අතර, මෙම කාර්ය මණ්ඩලය රජයෙන් වැටුප් ලබන හෙයින් ද, එහිදී රජය විසින් ලබාදෙන වැටුප සෘජු ව හෝ වක්‍රව හෝ බදු ගෙවන ජනරජයේ පුරවැසියන්ගෙන් ලැබෙන මුදලක් වන හෙයින් ජනරජයේ ජනතාව අතරින් යමෙකු යම් රජයේ රෝහලකට ඇතුළු වූ අවස්ථාවේදී එකී රෝහලේ වෛද්‍ය, හෙද සහ අතුරු වෛද්‍ය කාර්ය මණ්ඩලයන්ට එම රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අවධානීය යුතුකම ඇති වනු ලැබේ.’

අවිධිමත් ප්‍රතිකාර

පැමිණිලිකාරියගේ සාක්ෂිවලින් සහ විශේෂඥ වෛද්‍ය සිසිර කොස්තාගේ සාක්ෂිවලින් තහවුරු වී ඇත්තේ පැමිණිලිකාරිය දිගින්-දිගටම තමන්ට අමාරු බව පැවසුවද, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එය නොසලකා කටයුතු කර ඇති බවත්, අදාළ වෛද්‍ය පරීක්ෂණ විධිමත්ව සිදු කර නැති බවත් ය.

‘එසේ ම මෙහිදී මෙම දරුවාගේ ගෙලෙහි පෙකනිවැල එතී තිබූ බවත්, එය තද වී තිබූ බවත්, එය අතිශයින් තද වී තිබූ බවත්, එම නිසා මොළයට ඔක්සිජන් පැමිණීම දුර්වල වී ඇති බවත්, ඒ අනුව මිකෝනියම් පහවී ඇති බවත්, එකී මිකෝනියම් හිරවීම ද සිදු වී ඇති බවත්, මේ අනුව එකී ඔක්සිජන් අඩු වීම මත ඇයට දැනට ඇති මස්තිෂ්ක ආබාධ තත්ත්වය ඇති වී තිබෙන බවත්….’
මේ බව විශේෂඥ වෛද්‍ය සිසිර කොස්තා ද විවෘත අධිකරණයේ දී පිළිගෙන තිබේ.

වගකීමේ තරම

මේ පිළිබඳව නිවැරදි ස්කෑන් පරීක්ෂාවකින් පසු සිසේරියන් සැත්කමක් කිරීමට හැකියාව තිබියදී, එසේ කොට නැති බව ද අධිකරණයේ දී තහවුරු වී තිබේ.

‘මහාධිකරණ විනිසුරුවරිය තමන්ව නොමග යවාගෙන’:
අභියාචනාධිකරණයෙන් තීන්දුවක් !

0

මිනීමැරුම් චෝදනාවකට හලාවත මහාධිකරණයෙන් වරදකරුවන් කර මරණීය දණ්ඩනය නියම කළ නව දෙනෙකු, එම දඬුවම ඉවත් කර නිදහස් කිරීමට අභියාචනාධිකරණය ගත් තීන්දුවක් පිළිබඳ සම්පූර්ණ විවරණයකි, මේ.

විනිසුරුවරයෙකුගේ කාර්යභාරය සහ වගකීම පිළිබඳ මෙහිදී අභියාචනාධිකරණය වැදගත් පණිවුඩයක් ලබාදෙයි.

අභියාචනය

හලාවත මහාධිකරණය 2019 පෙබරවාරි අට වැනිදා නියම කළ එම දඬුවම ඉවත් කර විත්තිකරුවන් නිදහස් කිරීමට තීන්දු කරනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් බී. අබේකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි. විනිසුරු සම්පත් බී. අබේකෝන් මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර, සභාපති විනිසුරුවරයා ඊට එකඟත්වය පළකර තිබේ.
මහාධිකරණයේ තීන්දුවට එරෙහිව විත්තිකරුවන් පිරිස අභියාචනාධිකරණයට කර තිබූ අභියාචනයක් විභාගයට ගෙන තීන්දුව ලබාදෙමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළේය.

සිද්ධිය

එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ඇතුළු නව දෙනකුට මරණ දඬුවම නියම කිරීමේ සිදුවීම 2019 පෙබරවාරි මාසයේදී ජනමාධ්‍යවල කතාබහට ලක්වූ පුවතක් විය.
නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් 2001 වසරේ ජුනි මස 24 දින හෝ ඊට ආසන්න දිනයකදී මාරවිල, මූදුකටුව, ලංසිගම ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය මහලේකම්ගේ ලයනල් ප්‍රනාන්දු මරා දැමීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඬුවම නියම වී තිබුණේ වර්ණකුලසූරිය නිමල් අජිත් ප්‍රනාන්දු, ඩබ්ලිව්. ජෙරාඩ් සුගත් ප්‍රනාන්දු, පී. පැට්‍රික් ඔස්වල්ඩ් ප්‍රනාන්දු, ඩබ්ලිව්. අජිත් ඇන්ටන් පීරිස්, එම්. ජෝෂප් ට්‍රෝනි විජේන්ද්‍ර ප්‍රනාන්දු, ඒ. එම්. ඩොනල්ඩ් සමන්ත පීරිස්, ඒ. එල්. කොන්රාජ් රනිල් පීරිස්, එම්. ලියනගේ චමින්ද ඩික්සන් ප්‍රනාන්දු සහ අයි. සනත් ප්‍රසන්න ප්‍රනාන්දු යන පිරිසට ය.

මේ විත්තිකරුවන් සියලුම චෝදනාවලින් නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (15) නියෝග කළේය. මහාධිකරණයේදී විත්තිකරුවන් 10 දෙනකුට අධිචෝදනා ගොනු කර තිබුණද, නඩු විභාගය අතරතුර දෙවැනි විත්තිකරු මියගොස් තිබිණි.

මහාධිකරණයේ ගැටළුව

මහාධිකරණ විනිසුරුවරිය පැමිණිල්ලේ සාක්කි නිවැරදිව විශ්ලේෂණය කිරීමට අපොහොසත් වීම, පැමිණිල්ල මෙහෙයවූ සාක්කිවලට වඩා විත්තියේ සාක්කි අනුව නඩුව තීරණය කිරීමෙන් අපරාධය ඔප්පු කිරීමේ භාරය පිළිබඳව තමන්වම නොමඟ යවා ගැනීම, අභියාචකයන් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම මත වැරදිකරුවන් කරනු ලැබුවද නඩු තීන්දුවේදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම ගැන සාක්කි සලකා බලා විශ්ලේෂණය කර නොතිබීම ආදී කරුණු 10ක් මෙම අභියාචනය යොමු කිරීමට පදනම් වී ඇත.

මෙම සිදුවීමේදී මියගිය පුද්ගලයාට බරපතළ කැපුම් තුවාල සිදු කිරීම පිළිබඳව ඇසින් දුටු ප්‍රධාන සාක්කිකරුවෝ තිදෙනෙක් වූහ. රවීන්ද්‍ර ප්‍රනාන්දු, මියුරින් කැලිස්ටා සහ ලසන්ත ප්‍රනාන්දු යන එම තිදෙනාගෙන් පළමු දෙදෙනා රටින් පිටවී ගොස් ඇතැයි කියමින් ඔවුන්ගෙන් මහාධිකරණයේදී සාක්කි කැඳවා නැත. ඔවුන් දෙදෙනා මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයේදී කළ ප්‍රකාශ සාක්ෂි ආඥා පනතේ 33 වගන්තිය යටතේ මෙම නඩුවේ සාක්කි ලෙස යොමු කර තිබිණි. ලසන්ත ප්‍රනාන්දු පමණක් මහාධිකරණයේ නඩු විභාගයේදී සාක්කි ලබාදී ඇත.

ලසන්ත ප්‍රනාන්දු යනු මිය ගිය ලයනල් ප්‍රනාන්දුගේ සහෝදරයා වන අතර, ඔවුහු මාරවිල, මූදුකටුව, සිංහගිරි මාවතේ ජීවත් වූහ. 2021 ජුනි 24 වැනිදා සවස 3.30ට පමණ තමන් නිවසින් පිටතට පැමිණි බවත්, රවීන්ද්‍ර ප්‍රනාන්දු සමඟ තම සහෝදරයා ලසන්ත නිවසින් පිටව යනු දුටු බවත්, 10-12ක පිරිසක් ඔහු ලුහුබඳිනු දුටු බවත් ලසන්ත ප්‍රනාන්දු තම සාක්කියේදී ප්‍රකාශ කර තිබේ.

හඳුනාගැනීමේ ගැටළුව

පළමු, තෙවැනි, පස්වැනි, හත්වැනි, නවවැනි සහ 10 වැනි අභියාචකයන් (මහාධිකරණ නඩුවේ විත්තිකරුවන්) තම සහෝදරයා පසුපස කඩු, තුවක්කු සහ පිහි අතැතිව ලුහුබඳිනු හඳුනා ගත් බව සාක්කිකාර ලසන්ත කියා තිබුණද, ඒ කුමන සැකකරු අත කුමන ආයුධයක් තිබුණේදැයි නිශ්චිතව සඳහන් කර නොතිබිණි. ඔහු නඩු විභාගයේදී හඳුනා ගනු ලැබුවේ පළමුවැනි වගඋත්තරකාර අජිත් සහ තෙවැනි වගඋත්තරකාර ජෙයරාජ් පමණි. කෙසේ වෙතත් නඩු විභාගයේදී සාක්කි මෙහෙයවූ රජයේ නීතිඥවරයා සාක්කිකරුගෙන් ප්‍රශ්න කරමින් හතරවැනි, හය වැනි සහ අටවැනි වගඋත්තරකරුවන් ප්‍රහාරය එල්ල කිරීමට කුමන ආයුධ රැගෙන ගියේදැයි ප්‍රශ්න කර තිබේ.
අජිත්, චමින්ද, පැට්‍රික් සහ උසාවියට නොපැමිණි තවත් අයකු තම සොහොයුරාට පහර දුන් අය ලෙස ඔහු නම් කර ඇතත්, විත්ති කූඩුවේ සිටි කිසිදු චූදිතයකු ඔහු විසින් නම් කරන ලද පුද්ගලයන් ලෙස හඳුනාගෙන නැත. සිද්ධිය වන අවස්ථාවේ බෝම්බයක් සහ පිස්තෝලයක් අතැතිව සිටි පුද්ගලයා ලෙස සාක්කිකරු හඳුනාගෙන ඇත්තේ ජෙරාඩ් නම් පුද්ගලයා ය. මිය ගිය පුද්ගලයාට පහරදීමට පෙර ඔහුට පහර දුන් පිරිස නිවසට පැමිණ ජනෙල්වලට පහර දී ඇති බවත්, සිද්ධියෙන් පසු තුවාල ලැබූ පුද්ගලයා (සහෝදරයා) රෝහල් ගත කළ බවත්, ඉන් මිනිත්තු කිහිපයකට පසු ඔහු මිය ගිය බවත්, මෙලෙස පහරදීමට හේතුව සිතාගත නොහැකි බවත් සාක්කිකරු වැඩිදුරටත් මහාධිකරණයේදී ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් හරස් ප්‍රශ්න ඇසීමේදී මහාධිකරණයේ සිටි පළමු, දෙවැනි, තුන්වැනි සහ සිව්වැනි විත්තිකරුවන් නිවසට පැමිණි පුද්ගලයන් ලෙසත්, පස්වැනි, හයවැනි, හත්වැනි, අටවැනි, නවවැනි සහ 10 වැනි විත්තිකරුවන් ගේට්ටුවෙන් පිට සිට නිවසට ගල්මුල් ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් ලෙසත් සාක්කිකරු ප්‍රකාශ කර ඇත.

ලඝු නොවන නඩු විභාගය

මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයේදී සාක්කි ලබාදී ඇති රවීන්ද්‍ර ප්‍රනාන්දු නම් පුද්ගලයා මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශ කර ඇත්තේ එවකට සැකකරුවන් ලෙස නම් කර සිටි 11 දෙනාම තමා හඳුනන බවයි. ඒ වන විට සැකකරුවන් 11 දෙනකු නම් කර තිබුණත් හයවැනි සැකකරු ජූස් මාරියා ප්‍රනාන්දු මහේස්ත්‍රාත් විසින් මුදා හරිනු ලැබීය.

රවීන්ද්‍ර ප්‍රනාන්දු නම් සාක්කිකරු මිය ගිය පුද්ගලයාගේ නිවසේ ජීවත්වූ අයෙකි. ඔහු මහේස්ත්‍රාත් උසාවියේ ලඝු නොවන නඩු විභාගයේදී දුන් සාක්කියට අනුව සවස 3.45ට පමණ මිය ගිය පුද්ගලයා තම සහෝදරයකු වූ තුෂාර ප්‍රමාද වීම ගැන සොයා බැලීමට සාක්කිකාර රවීන්ද්‍ර ද ඔහු සමඟ ගොස් ඇත. සිංහගිරි මාවතේ කෙළවරට පැමිණීමටත් පෙරම 10-15ත් අතර පිරිසක් ලයනල්ට බනිමින් මරණ තර්ජන කරමින් පැමිණ ඇත. සාක්කිකරු ඔවුන්ගේ නම් වශයෙන්ම හඳුනාගෙන තිබේ. පසුව මිය ගිය පුද්ගලයා සහ තමා ඔවුන්ගෙන් බේරීම සඳහා යළි නිවසට පැමිණි බවත්, අසල්වාසී සුදු අක්කා ගේට්ටුව වැසීමට උත්සාහ කරද්දී මෙම පිරිස ඇයටද පහර දී ඇති බවත්, පළමු, දෙවැනි, තුන්වැනි, හතරවැනි සහ නවවැනි විත්තිකරුවන් එම පරිශ්‍රයට පැමිණ මිය ගිය පුද්ගලයාට පහර දුන් බවත් සාක්කිකාර රවීන්ද්‍ර ප්‍රනාන්දු කියා ඇත.

එම සාක්කිකරු විසින් සුදු අක්කා යැයි කී කාන්තාව දෙවැනි සාක්කිකාරිය වූ අතර, ඇය ලඝු නොවන නඩු විභාගයේදී ප්‍රකාශ කර ඇත්තේ මියගිය ලයනල් ගේට්ටුවෙන් ඇතුළු වූ පසු තමා ගේට්ටුව වැසීමට උත්සාහ කළ බවයි. පළමු, තුන්වැනි සහ හතරවැනි විත්තිකරුවන් නිවස පිටුපසට ලයනල් මරා දැමීමට ගිය පුද්ගලයන් බවට ඇය මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හඳුනාගෙන ඇත. පළමු සහ තුන්වැනි විත්තිකරුවන් තවත් පිරිසක් සමඟ කඩු රැගෙන ගේට්ටුවෙන් පිටත රැඳී සිටිනු දුටු බව ඇය කියා තිබේ.

රවීන්ද්‍ර සහ සුදු අක්කා නම් සාක්කිකාරිය විදේශගතවී ඇති බව කියමින් මහාධිකරණයේ නඩු විභාගයේදී සාක්කි ලබාගෙන නැත.

ඇසින් දුටු සාක්කිකරුවන්ට අමතරව තවත් සාක්කිකරුවන් කිහිප දෙනකුද, විමර්ශනය කළ පොලිස් නිලධාරීන් සහ මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍යවරයා ද නඩු විභාගයේදී සාක්කි ලබා දී ඇත.
මිය ගිය පුද්ගලයාගේ සිරුරේ තුවාල 12ක් අධිකරණ වෛද්‍යවරයා නිරීක්ෂණය කර තිබුණු අතර, එයින් පළමු, දෙවැනි, හතරවැනි සහ හත්වැනි තුවාල ලෙස හඳුනාගෙන ඇති තුවාල කැපුම් තුවාල බවත්, පළමු, දෙවැනි, හතරවැනි, පස්වැනි සහ අටවැනි තුවාල සිදුවී ඇත්තේ ප්‍රහාරවලින් බේරීමට උත්සාහ කරද්දී බවත්, හත් වැනි තුවාලය හිසෙහි සහ බෙල්ලේ කොටසකට සිදුවූ මාරාන්තික තුවාලයක් බවත් අධිකරණ වෛද්‍ය නිලධාරියා ප්‍රකාශ කර තිබේ.

12 වැනි සාක්කිකරු පොලිස් නිලධාරියකු වන අතර, අපරාධය සඳහා යොදා ගත් කඩුව ගැන සාක්කි ලබාදී ඇත්තේ ඔහු ය. එවකට දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට පළමු වැනි වගඋත්තරකරු (මෙම නඩුවේ පළමුවැනි අභියාචක) ප්‍රකාශයක් ලබා දී ඇති බවත්, ඒ අනුව අපරාධයට භාවිත කළ කඩුව ගැන තොරතුරක් ලැබී ඇති බවත්, එවකට දංකොටුව පොලිස් ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් පෙරේරා දැන් කැනඩාවේ පදිංචිව සිටින බවත් 12වැනි සාක්කිකරු මහාධිකරණයේදී සාක්කි ලබාදෙමින් ප්‍රකාශ කර ඇත. එම සාක්කිකරුගෙන් රහස් ප්‍රශ්න විමසීමෙන් පසු සාක්කිකරුගේ මතකයේ ගැටළුවක් නිසා සාක්ෂි ආඥා පනතේ 159(2) යටතේ විමර්ශන සටහන් බැලීමට සාක්කිකරුට අවස්ථාව ඉල්ලා සිටි අතර මහාධිකරණය ඊට අවසර ලබා දී ඇත. ඉන් පසු නැවත සාක්කි මෙහෙයවා ඇති අතර ලංකාවේ නොසිටි එවකට පොලිස් ස්ථානාධිපතිගේ සටහන් ආශ්‍රයෙන් සාක්කිකරු පළමු වගඋත්තරකරු සම්බන්ධයෙන් සාක්කි ලබා දී ඇත.

පැමිණිල්ලේ ක්‍රියා පටිපාටිය

මෙවැනි අවස්ථාවක අනුගමනය කළ යුතු නිසි ක්‍රියා පටිපාටිය මෙය නොවන බැවින් මේ සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් අනුගමනය කරන ලද ක්‍රියා පටිපාටිය සමඟ එකඟ වීමට හැකියාවක් නැති බව අභියාචනාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර ඇත.

පැමිණිල්ලේ සාක්කි අවසානයේ මහාධිකරණය පැමිණිල්ලෙන් ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් කර ඇති බව සඳහන් කරමින් විත්තියේ සාක්කි කැඳවීමට තීරණය කර තිබේ.

විත්තිකරුවන් වෙනුවෙන් පළමු, පස්වැනි, හයවැනි, හත්වැනි, නව වැනි සහ 10 වැනි මෙම නඩුවේ අභියාචකයන් (මහාධිකරණ නඩුවේ විත්තිකරුවන්) ප්‍රකාශ ලබාදී ඇති අතර, මෙම නඩුවේ තුන්වැනි, හතරවැනි සහ අට වැනි අභියාචකයන් මහාධිකරණයේදී දිවුරුම් පිට සාක්ෂි ලබා දී තිබේ.
විත්තිය වෙනුවෙන් ජූස් මාරියා ප්‍රනාන්දු සහ ලීලාවතී නම් කාන්තාවක් සාක්කි ලබා දී ඇති බවත්, ජූස් මාරියා සියලුම විත්තිකරුවන් වෙනුවෙන් සාක්කි ලබාදී ඇතිබවත්, ලීලාවතී පළමු විත්තිකරු වෙනුවෙන් සාක්කි ලබාදී ඇති බව පෙනී යන බවත් අභියාචනාධිකරණය සඳහන් කර තිබේ. විත්තියේ සාක්කිකරුවකු වූ ජූස් මාරියා මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයේදී සැකකරුවකු ලෙස නම් කර සිටි අතර පසුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිදහස ලැබීය.
මාරවිල රෝහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ සෙනඟක් සිටි බවත්, ඔවුන් අතර මියගිය පුද්ගලයා හා ඔහුගේ සහෝදරයා ද සිටි බවත් ජූස් මාරියා කියා ඇත. ජූස් මාරියාට අනුව ඔවුන් ආයුධ රැගෙන යන අයුරුද ඔහු දැක තිබේ. ඔවුන් අසල වාහනය නවත්වා ඔවුන් සමාදානයෙන් ඔහු ඔවුන්ගේ නිවසට කැඳවාගෙන ගොස් ඇති බවත්, ඔහු තම වාහනයට නැගීමට සූදානම් වන විට තවත් කලබල ශබ්දයක් ඇසී හැරල්ඩ් හේරත් මාවතේ පිහිටි ස්ථානයට පැමිණි විට තුවාල ලබා සිටි පුද්ගලයා දුටු බවත්, මියගිය පුද්ගලයා රෝහලට රැගෙන ගොස් ඇත්තේ ඔහුගේ වාහනයේ බවත්, ඔහු කලබලය දෙසට යන විට කලින් සඳහන් කළ තුන්වැනි සාක්කිකරු පැමිණ “මගේ අයියා කවුරුන් හෝ කපලා. වාහනයක් අරගෙන එන්න” යැයි දැනුම් දුන් බවත් අභියාචකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයාගේ ප්‍රධාන තර්කයක් විය.

මෙම සිද්ධිය වූ දිනය වන විට පළමුවන අභියාචක (මහාධිකරණ නඩුවේ පළමු විත්තිකරු) රිය අනතුරකින් තුවාල ලබා සුවවෙමින් සිටි බවත්, ඔහු සිටියේ තමාගේ නිවසේ බවත් ලීලාවතී නම් විත්තියේ සාක්ෂිකාරිය කියා ඇත.

මෙම අපරාධය සිදුවූ අවස්ථාවේ තමන් එම ස්ථානයේ නොසිටි බව සියලුම විත්තිකරුවන් (මෙම නඩුවේ අභියාචකයන්) ප්‍රකාශ කර ඇත. එම අවස්ථාවේ ඔවුන් වෙනත් ස්ථානවල සිටි බවත්, මියගිය පුද්ගලයාට මාරාන්තික තුවාල සිදුවූයේ කෙසේදැයි නොදන්නා බවත් ඔවුන් ප්‍රකාශ කර තිබේ.

වැරදි මගපෙන්වීමක්

මහාධිකරණ විනිසුරුවරිය ඔප්පු කිරීමේ භාරය විත්තිකරුවන් (මෙම නඩුවේ අභියාචකයන්) වෙත පැවරීම ‍පැහැදිලිවම වැරදි මගපෙන්වීමක් බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරයා අභියාචනාධිකරණයට කරුණු ඉදිරිපත් කරද්දී පිළිගත්තේය. 27 වැනි වගන්තිය යටතේ සාක්කි සම්බන්ධ ක්‍රියාපටිපාටිය වැරදි බව ද ඔහු පිළිගත්තේය.

අපරාධය වන අවස්ථාවේ තමන් එම ස්ථානයේ නොසිටි බව හා වෙනත් ස්ථානයක සිටි බව විත්තිකරුවන් සියලු දෙනා මහාධිකරණයේදී ප්‍රකාශ කර ඇතත්, පළමු විත්තිකරුගේ එම ප්‍රකාශය පමණක් පිළිගත හැකි බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා කියා තිබේ. අනෙක් සියලුම අභියාචකයන් (මහාධිකරණ නඩුවේ විත්තිකරුවන්) සිද්ධිය වූ ආසන්නයේ සිට ඊට යම් තරමකින් දායක වී ඇතැයි රජයේ නීතිඥවරයාගේ අදහස වී තිබේ.

අභියාචක අයිතිවාසිකම්

කාව්‍ය විචිත්‍රාතාවෙන් අනූන ‘පෙමාතුර චෙරි කුසුම’

0

ඩිල්ශානි චතුරිකා දාබරේ කාලයක් පුරා, වීවිධ සාහිත්‍ය සංවාද වලදී අසන්නට ලැබෙන ලැබෙන නමකි. සොඳුරු කාව්‍යාවලියක් රුවාගත් පොතක පිට කවරයේ ඇගේ නම දක්නට ලැබීම අපට විසල් සතුටක් දනවන කරුණකි.

ඇය සිය කවියට සම්භාව්‍ය සාහිත්‍යයේ යෙදෙන බස් වහර මෙන් ම ගැමි වහර ද නාගරීක සමාජයේ ව්‍යවහාරික බසද නො මඳව මුසු කරගන්නා බැවින් කවි සමුච්චය පුරා ම ඇත්තේ රසවත් බස් මුසුවකි. වසිලිස්සා, ෆ්ලොරින්තනෝ හා ෆර්මිනා, ඇනා කැරනිනා, පවෙල් වැනි නවකතා සාහිත්‍යයේ හමුවන චරිත ද ඇගේ කවි අතර එහා මෙහා ඇවිද යනු දක්නට ලැබේ. ඒ අතර කොළඹ කන්තෝරුවක, සෙනග පිරුණ බසයක සිනමා ශාලාවක හෝ අරගල භූමියේ පවා සිටින ඔබ මා වැනි චරිත ද අපට මුනගැසෙ යි. ඔවුන්ගේ වෙහෙස මහන්සිය දාඩිය කඳුළු පිරුණ ජීවිතය කියවා ගැනීමට ද ඉඩහසර ලැබේ. දැඩි ලෙස චීනකරණය කෙරෙමින් පවතින ශ්‍රී ලාංකීක සමාජයේ වෙනස්කම් ද ඇයගේ කවිය තුළ දෝංකාර දෙනු අපට දැනෙ යි. පේමාතුර චෙරි කුසුම හරහා කිවිඳිය, අප ජීවත්වන යුගය වෙත සිය කාව්‍යාක්ෂිය යොමු කරන බවක් හා තත්කාලීන සමාජයේ හෘද්‍ර සාක්ෂිය අමතන බවක් පෙනෙන්නට තිබේ. එකින් එක කවිය ගෙන ඒ නිදර්ශනාත්මකව සංවාදයක් ගොඩනගන්නට මේ සටහනේ ඉඩ නොමැති බැවින් අපි අහම්බෙන් තෝරා ගත් කවි කිහිපයක් පමණක් ඇසුරු කරමු.

ලස්සන වසිලිස්සා නම් රුසියානු සුරංගනා කතාවට නව රූප කතනයක් ගෙන එන අපූරු කවියකි, “බිරියෝසා හිම හඬයි” හිසැති 11 වන කවිය. වසිලිස්සා කතාවේ තීරණාත්මක කඩ ඉමේ දී, බාබායිගා යකින්නගේ සහයට සිටී බල්ලා, පූසා, මිනි කටු වලින් තැනූ ගෙවැට හා බිරියෝසා ගස බාබයිගා යකින්නගේ අණට පටහැනි වීමට තීරණය කරයි. ඔවුන් හැමදා අත් විඳී බාබායිගා යකින්නගේ නපුරුකම් වෙනුවට, වසිලිස්සාගේ කාරුණික හැසිරීම එයට හේතු වෙයි. ඒ හැරවුම් ලක්ෂය පිලිබඳව
වසිලිස්සා වැනි කවුරුත් දන්නා කතාවක, පාඨකයාගේ අවධානයට එතරම් ලක් නො වන බිරියෝසා ගසට සවන් දෙන කිවිඳිය, බිරියෝසා ගස මේ කවියේ කථකයා ලෙස සිය මෙහෙවරට කැඳවයි. කවියෙක් පරිසරයේ පවතින සුලු දේ කෙරෙහි සංවේදී වීමේ වැදගත් කම ද මෙහි දී ඉස්මතු වෙයි.

“බබයිගා උඹ ඔතන බිම ලෑටීගාන කොට වසිලිස්සා මෙහි ආවේ ගිනි හොයන්
ඇයට මං ඉඩ දුන්නා ඔබෙන් මිදිලා යන්න වොල්ගාවේ ගං මව්ගේ දොර කඩන් “

ආරක්ෂක වළලු මැද දිවි ගෙවන බාබයිගා යකින්න වැනි අනෙකාව තලා පෙලා සූරා සූප්පු කරන පාලක පැලැන්තියට සැඟවූ යම් ඉඟියක් ද රසිකයාට එම කවියෙන් දැනෙනු වළකනු නො හැක.

දේශපාලනික සත්ත්වයන් වන අප පසුගිය සමයේ බලගතු අරගලයක් කළේ, රටේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීව්තය නගා සිටුවීමේ වගකීම ඉටු කරනු පිණිස පාලකයන්ට බලකිරීමට ය. එහිදී විශ්ව විද්‍යාල සිසුන්ගේ එකමුතුව සංවිධානාත්මක බව හා ඔවුන් සිදු කළ බ්ලපෑම කිසි විටක මතක කළ නො හැක. අප කිවිඳියට “රතු සුළං රැළි” නම් 15 වන කවියට අත්දැකීම වන්නේ එකී විශ්ව විද්‍යාල සිසුන්ගේ එකමුතුකම, අභීත බව හා සංවිධානාත්මක බව රටක වාසය කරන සෙසු මිනිසුන්ට පුරවැසියන් ලෙස සිතන්නට සිදු කළ බලපෑම හා ඔවුන්ට බාධා පමුණුවමින් දේශපාලන බාබයිගාවන්ට ආරක්ෂාව සැලසූ කාකි නිළ ඇඳුම් ඇඳි පිරිස ය.

“උණ්ඩයේ තුඩ කෙලින් සිටවා කළු පටිය බැඳගෙන අතේ
තරුණ ගොස මැද තරුව දිදුලන උරුම සැර ජල බාධකේ
චටට චට පට වදිත් ඉගිලෙත යකුනි නොමදත් සාගතේ
අවි නොමැති දස බිම්බරක් සිසු මාරමණ්ඩල ධාවතේ”

පෙමාතුර චෙරි කුසුම කාව්‍යාවලියේ ඇති බොහෝ කවි හඬ නගා කෙරෙන කියවීමකට රසිකයාට ආරාධනා කරන අතර ඒ කවි පද අතර ජන කවියේ තාල රටා පිහිටුවා ඇත. “පෙට්ටියක් දිනා ඇත” යන 17 කවියේ ගැමි වහර හා කවිය අතර මැද තබන තාල නාද කවියේ ප්‍රදර්ශනාත්මක අඩවිය ස්පර්ෂ කරනු දක්නට ලැබේ. ඒ කවිය පැරණි වේදිකා නාට්‍ය ගීතයක හැඩයකින් රසිකයාට හමුවෙයි.

“ගෙදර වැඩට ඉන්න එකී
ගුණේ එක්ක යාළු එකී
ජනෙල් පඩිය හූර හූර
ඔතන ලෑටි ගාන්නැතුව
පල අහරේ පිළිකන්නට
ජිං දොමිකිට අඩිය දෙකට
ගියා ගියාමයි මේකිත්
සොපියෝ … බොල, සොපියෝ…
කොයි? මේකි මෙතැන නැතේයා…!”

තමන්ගේ රූපවාහිණි නාලිකාවේ ගුණාත්මක භාවිතය වර්ධනය කර ප්‍රේක්ෂකයන් ආකර්ශණය කරනවා වෙනුවට නාලිකාව නැරඹීම වෙනුවෙන් මුදල් හා තෑගී දීම අපට නිතර අසන්නට දකින්නට ලැබෙන කාරණය කි. ඉහත කවියට ආසන්න අත්දැකීම ලෙස අපට හමුවන්නේ, ගමට පැමිණි නාලිකාවක් පැවැත්වූ තරඟයකදී ගැමියෙකු රූපවාහිණි යන්ත්‍රයක් දිනා ගැනීමය. කවිය තුළ කිවිඳිය ප්‍රතිනිර්මාණය කරන්නේ, ඒ රූප පෙට්ටිය කොයි තරම් දුරට ගැමියාගේ එදිනෙදා ජීව්තයට හා එම පවුලේත් ගමෙත් සාමුහික ජීව්තයට කෙතරම් බලපෑම් කරන්නේ ද යන කාරණය යි.

“කිරිවැස්සිත් පහළ වෙලේ ඔය උගෙ හඬ ඇහෙන්නේ
බූරු ඇඳේ ඇලවෙනකොට බොක්ක ගැහිලා වැටෙන්නේ
වේලුණ රෙදි වැලෙන් බිමට වැටෙන කොටයි දකින්නේ
පැදුරු ආන උං එනකං හිස් සුළඟට වැනෙන්නේ …..”

මේ කාලය වන විට චීනුන්ගේ “වන් රෝඩ් වන් බෙල්ට්” සංකල්පයේ සෙවණැලි ශ්‍රී ලංකාව නම් දූපත් රාජ්‍ය වසගෙන පැතිරී අවසන් ය. එම අත්දැකීම ඔස්සේ කිවිඳිය අප සමාජයේ සාමුහික චින්තනය කොනිත්තන කවියක් ලෙස “වන් රෝඩ් වන් බෙල්ට්” නම් 18 වන කවි සිත්තම දැක්වීමට හැකි ය.

ගෑස් නැති සිහිනෙකින්
බයවෙච්චි අක්කාට
පෝට්සිටියෙන් ගත්ත
ලුණු වතුර ටික පොවමු
එතකොටත් වද දිදී
මුතු ඇටේ වට කරපු
ගිනි පිඹින මකර මුළු
“වන් රෝඩ් වන් බෙල්ට්”
කිය කියා කැරකුණොත්
සෝතාප අඩි ලකුණු
මිටෙන් මුදා හැර
ජින්පිංව සිහි කරමු”

නවක කිවිඳියක් ලෙස චතුරිකා කාව්‍ය ලොවට ප්‍රවිෂ්ඨ වන්නේ කලබලයෙන් තොර නිහඬවතිනි. ඇගේ කවියේ විරෝධාකල්ප ඇතත් ඝෝෂාවක් නැත. විවේචන ඇතත් පහර දීමක් නැත. සමාජ සෝපාහසය ඇතත් අපහාස නැත. ඇය අමතන්නේ මුලු මහත් සමාජයට ම දෑස් විවර කර අවට පවතින ජීවත් වීමේ දුෂ්කරතාව දෙස බලා යමක් කරන්නට ය.

ඒ “අනෛතික ස්නේහය” නම් 06 වන කවිය අන්දර වැව ප්‍රදේශයේ කුකුළු කොටුවලින් කුකුළන් කෑ කිඹුලියක පිළිබඳවය. කුකුළු ගොවීන්ට මහත් හිසරදයක් වූ එම කිඹුලිය අල්ලා ගැනීමට වනජීවී නිළදාරීන් සමත් වීමත් සමඟම ඒ කිඹුලිය ගැබ්බර බවද හෙළි වෙයි.

ගැබ්බර ඇය සිය කුස ගින්දර නිවා ගැනිමට යන්නේ ඒ අවට ඇති කුකුළු කොටු වෙතය. මේ කුකුළු කොටු තුළ සිටිනුයේ යම් දවසක ලොරියක නැගී නගරයට යාමට නියමිත සතුන් ය. එසේ යන්නේ කොටු අයිතිකාරයාගේ හා ඔහුගේ සුතඹුවන්ගේ යහපත වෙනුවෙනි. කිඹුලිය බාධා කරන්නේ මේ චක්‍රයට ය. වනජීවි නිළදාරීන් පෙනී සිටින්නේද එම චක්‍රය රැක ගැනීම වෙනුවෙනි. ඒ පෙනී සිටීම සාධාරණද? කිඹුලිය අසාධාරණ ද? කුකුලන් වෙත ලබා දෙන සාධාරණය කුමක් ද? එවිට ගොවියන්ට කුමක් සිදුවෙයි ද. මේ කිසිත් කිවිඳිය අපෙන් අසන්නේ නැත. අපට සිතන්නට යමක් ඇය කවියෙන් කියනවා පමණි. ජන කවියක තාල මිහිරක ඇය උක්ත කවියට කැඳවයි.

දෙගම්බඩ දිමුතු සොයමින් ආ මලවී
පිය සුතඹුව දැක ඇත වැව තුළ පැළවී
බඩ දරුවන් දරා වැව් ඉවුරේ තනි වී
ලණු බැඳි සිතිනි සොල්මන් වී ඇති කිඹුලී

මුලු මහත් සමාජයම හොල්මන් වී ඇති කාලයක එලි දක්වන්නට යෙදුන ” පෙමාතුර චෙරි කුසුම” කාව්‍ය සංග්‍රහය තුළ හමුවන කාව්‍යාවලියෙන් රසිකයා වෙත පිරුණ කාව්‍ය අත් දැකීමක් ගෙන ආ කිවිඳී, ඩිල්ශානි චතුරිකා දාබරේගේ අනාගත කවි ගමන් මගේ සාර්ථකත්වය පතා අපි ඇයට සුබ පතමු.

නිරෝෂ ප්‍රනාන්දු

(හැමිල්ටන්, බර්මියුඩා)

පශ්චාත් විප්ලවීය චීනයේ ඛේදාන්තය නියෝජනය කරන ‘රුහිරු විකුණා යැපුණු මිනිසෙක්’

0

චීනයේ සංස්කෘතික විප්ලව අවධිය පසුබිමේ තබා යූ හුවා ලියා චූලානන්ද සමරනායක පරිවර්තනය කරන ලදුව පළ වූ ‘රුහිරු විකුණා යැපුණු මිනිසෙක්’, පශ්චාත් විප්ලවීය චීනයේ ඛේදාන්තය නියෝජනය කරන්නකි. මානුෂීයතා නොසිතා නොබලා සටන් පාඨ හෝ න්‍යායන් මත විප්ලව ගොඩනගන්නටත් ක්‍රියාත්මක කරන්නටත් යාමේදී එයින් තැලෙන අහිමිවන මනුෂ්‍ය ජීවිත සම්බන්ධයෙනුත්, එයින් වාසිගන්නා දුර්දාන්ත පාලකයනුත්, ‘දෙවරක් පීඩිත’ කතුනුත් සහිත මෙම කෘතිය, රාජ්‍යය විචාරන්නන් පෙනීසිටින්නේ මහජනතාව වෙනුවෙන් නොවන බව යලි යලි සපථ කරවයි. ඒ අතින්, මෙහි ස්වභාවය ‘ෆොන්ටමාරා’වට දෙවනි නොවේ.

යූ හුවාගේ කෘතියේ එන ක්සූ සන්ගුවාන් ඇතුළු පවුල සේ ම, දුක්ඛිත බවට පත් තවත් චීන ලේඛකයෙකි බා ජිං. සංස්කෘතික විප්ලවය සමයේදී ඔහුව රැකියාවෙන් දොට්ට දමන ලදී. ඔහු ලියූ දෑ නිරර්ථකව දෝෂදර්ශනයට ලක් කරන ලදී. විප්ලවයට අනුමැතිය නොදක්වන සියල්ලන්ටම කළ පරිද්දෙන් යළි නොලිවිය යුතු බව පවසා, මඩ පෝස්ටර වීදි දිගේ අලවා තබන ලදී. (බාජිංගේ ‘පවුල’ නවකතාවෙන් ඔහු බැට දෙන සැටිත් බැටෙහි ගිලී වැටෙන මිනිස්කම්වල සැටිත් බලන්න)
‘රුහිරු විකුණා යැපුණු මිනිසෙක්’ කෘතියේ එන්නේ, විකුණන්නට යමක් නැති හෙයින් සහ නම්බුවක් යැයි එරට සැලකුණු හෙයින් ලේ විකුණා ජීවත්වූ මිනිසෙකු ගැන කතාන්දරයකි. නොනවත්වා මාසගණන් ලේ දීමෙන් මිය ගිය මිනිසුන්, රෝගී වූ ගම්මාන පවා තිබියදී ජීවිතේ අනතුරේ හෙළමින් ලේ විකුණන මට්ටමට ජන ජීවිත පත්කිරීමෙන් පමණක් එවක විසූ පාලකයෝ නොසෑහෙත්. ක්සූන්සන්ගුවාන්ගේ බිරිඳ ක්සූයූලාන් කිසිදු වරදක් නොකරම, හිස බූ ගා නගරය මැද වරදක් කළ අයෙකු විලසින් දවසම හිටවයි. එපමණකුත් නොවේ, ඈ දවස අවසානයේ නිවසට ආ විට නිවසේ සිටි අය විසින් ඇයට දොස් කිව යුතු වේ. චීනයේ එවක නීතිය එයයි. සාගත සමයේදී සිය දරුවන්ට කන්නට දෙයක් දෙන්නට අතමිට නොමැති නිසා, විවිධ රසවත් කෑම වර්ග හදන හැටි කියා ඔවුන්ට කෙල ගිලින්නට සලස්වා එයින් තෘප්ත කරවීමට ක්සූ සන්ගුවාන්ට සිදුවේ. යූ හුවා දුක් විඳීමේ අන්ත උපරිමයට අපව ගෙනයන්නේ, ඇඟට පතට නොදැනෙන ස්වරයකිනි.

මාස කිහිපයකට උඩ දී “community kitchen’ නම් සංකල්පය අරගලය තේමා කරගෙන මෙරට ක්‍රියාත්මක වූයේය. ප්‍රධාන නගර කිහිපයකම බලගැන්වුණු මෙයින් ආහාර අවශ්‍යතාව සපුරාලීමට නොහැකි මිනිසුන්ගේ සුබසිද්ධිය පොදුවේ ඉලක්ක කර ගැනිණි. අරමුණ අතින් මීට වෙනස් වුවත්, ක්‍රියාත්මක වන ආකාරය අතින් සමාන වූ මෙවැනි යමක් ගැන සුචරිත ගම්ලත් ‘සුබස් මිණි ආර’ කෘතියෙහි ‘පුරුෂෝත්‍තමවාදය – 7’ ලිපියෙහි කතාකරයි. ඔහු එහි කියන්නේ, කාන්තාව සේදුම් සහ ඉවුම් කටයුතුවලින් මුදවා ඇයට ජීවිතය විඳින්නට ඉඩ හැර, එම කාර්ය රජය විසින් බාරගෙන නිල වශයෙන් සේවකයන් යොදවා සෑම නගරයකම ක්‍රියාත්මක වන පරිදි ප්‍රජා ආපනශාලා සහ ලොන්ඩරි පිහිටුවිය යුතු බවයි. එවිට කේවලව දිනපතා උයන්නටත් සෝදන්නටත් කාන්තාවන්ට සිදුනොවේ. මෙය ලංකාවට අමුත්තක් වුව ඇතැම් රටවල ක්‍රි‍යාත්මක වන්නකි. කෙසේ හෝ මෙවැනි ම යමක් ගැන, යූ හුවාගේ මේ කෘතියෙහිත් එයි. රතු පටි හැඳි මිනිසුන් විසින් තමන්ගේ ගෙවල්වල ඉවීම තහනම් කර, ඒ භාණ්ඩ රාජසන්තක කරන බවත්, උවමනා අය නගරෙ ඇති කැන්ටිම්වලට ගොස් ආහාර ගත යුතු බවත් නියම කරන බව කතුවරයා කියයි. මෙය පෙර කී ලෙස හොඳක් නොව ඔවුන්ට අමතර පීඩනයක් සේ දිස්වෙයි. චීනයේ සංස්කෘතික විප්ලව සමයේදී මෙසේ සාමුහික ආහාර ගන්නා තැන් නිර්මාණය කරන්නේ මිනිසුන්ට විවේකෙන් සිටීමට නොවේ. ඔවුන් වෙත අමතර වැඩ පැටවීමටයි. ගම්බද මිනිසුන්ව නගරයට ගෙන්වා ඔවුන්ගෙන් වැඩ ගැනුමටයි. උයන සෝදන කාලය ඉතුරුකරගෙන ඒ කාලයෙනුත් මිනිසුන් යන්ත්‍ර කරවීමටයි. කතා නායකයාගෙ පුතුන්ට සිද්ධවෙන්නෙත් එයයි. පට පණු කෝෂ විකුණූ ක්සූසන්ගුවාන්ට සේද කම්හලේ යකඩ උණුකරන්නට වෙන්නේත් ඒනිසයි.

යූ හුවාගේ කතාව ඛේදාන්තයක් වුව එය ඉදිරිපත්වන්නේ හාස්‍යජනක ලෙස බැලූබැල්මට පෙනෙන සිදුවීම් ලෙසිනි. තමන්ගේ බිරිඳගේ පෙර සම්බන්ධයෙන් උපන් පුතා ලෙස සැලකෙන දරුවාට ක්සූ සන්ගුවාන් හරිහැටි නොසලකයි. තමාගෙ නියම පියා සොයා යන්නැයි කියයි. එසේ ගිය පසු තරහ වෙයි. ඒ නියම පියා මැරෙන්න ඔන්න මෙන්න කියා තිබියදී ගෙයි වහලයට නැග, ‘තාත්තේ යන්නෙපා ඉන්නැ’යි කෑමොර දෙන්නැයි දරුවාගෙන් ඉල්ලයි. ආයෙ පුත්‍ර ප්‍රේමය බලවත් වී, පුතා සොයා ගොස් ඔහු අරහෙම කෑ ගෑ පසු වහලෙන් ප්‍රවේශමෙන් බිමට බස්සවාගනී. ඔහු අනෙකාගෙ පුතා නොව මගේම එකායි පවසයි. අඹුසැමියෝ ගෙයි රන්ඩු පිටට දෙත්. ගෙයි දොරකඩට පැමිණෙන බිරිද අසල්වාසීන්ට ඇසෙන සේ ප්‍රශ්න කෑගසන්නට වන අතර අසල්වැසියෝ රොයිටර් සේවාවෙන් උපරිම පල ලබති. ක්සූසන්ගුවාන් තමා ආසා කළ ගැහැනිය වෙතට ගොස් ඇගේ කකුල කැඩී ඇති බැවින් සිය ලේ විකුණා ඇයට කෑමබීම ගොඩක් ගෙනියන අතර, ඇගේ සැමියා මේ සම්බන්ධය දැන ඒ කෑමබීම රොත්තම රැගෙන ක්සූසන්ගුවාන්ගෙ ගෙදෙට්ට ඇවිත් ඔහුගේ බිරිඳට කියයි. ඉස්පිරිතාලෙ ඉන්නා පුතා වෙනුවෙන් මුදල් උපයන්නට පියා දිනපතා ලේ විකුණනන්ට ගොස් අන්තිමේ රෝහලේ ක්ලාන්ත වී වැටෙන අතර, දොස්තරට සිද්ධවෙන්නේ ගත්ත ලේ ටික යලි පණලබන්නට ඔහුටම දෙන්නටයි. ඒටික මදි නිසා අමතරත් ලේ දෙයි. ඊට ගාස්තුව ගෙවන්නට ක්සූසන්ගුවානට සිදුවේ. මේවා එක්වරක් කියැවීමෙන්, හිනායන සිදුවීම්‍ ය. ඒත් හිනා වූ පසු නොසෑහෙන්න අඬන්නට හිතෙන කාරණාය.

තෝල්ස්තෝයි සිය ජීවිතේ අවසන් කාලයේදී නිවසින් පිටව ගියාක් මෙන්, කොලරා කාලේ ආලේ අරීසාත් දාසාත් බෝට්ටුවක නැගී ජීවිතේ හොඳ ම ගමන ගියාක් මෙන්, ඇරිස්ටොෆනීස්ගේ මැඬියෝ නාට්‍යයේ දියෝනිසස් සිය වහලා සමඟ ඔරුවකින් නැගී මැඩියෝ සිටින විලක් මැදින් පාතාලෙට ගිය ගමන මෙන්, ක්සූස්න්ගුවාන් ද කතාවසානයට එද්දි, මිතුරන් දෙදෙනෙකු හා පාරුවකින් දියෙන් ගමනක් යයි. මේ ගමන විශේෂය. මේ පියෙකු ලෙස ඔහු කරන ඉහළ ම කැපකිරීමයි. මේ යන්නේ සිය ජීවිතය කැපකරමිනි. ගමන යන්නෙ රෝහලේ සිටින පුතා සොයාගෙනය. ඔහු වෙනුවෙන් මුදල් සෙවීමට ලේ විකුණමින් යන ගමනයි. ජීවිතය නම් ගඟ දිගේ දිනපතා ලේ විකුණමින්, එනම් තමන්ගෙ ආයුකාලය අඩුකරමින් ඔහු යන මේ ගමන ‘රුහිරු විකුණා යැපුණු මිනිසෙක්’ කතාවේ ටර්නින් පොයින්ට් එකකි.

‘රුහිරු විකුණා යැපුණු මිනිසෙක්’ පොතේ පරිවතිත බස සජීවීය. පණ ගැහෙනසුලු ය. අව්‍යාජය. හැබෑය. ගැමි බසත්, නූතන බසත් එක්කර තනා ගත් බසකි මේ. එනිසා චීනය නොව මේ ලංකාවම යැයි සිතේ. බසෙන් පමණක් නොව, අනෙක් සමාජ, දේශපාලන කරුණු අතින් ද මෙය ලංකාවෙන් වෙනස් නොවේ.

‘සිංහබාහු’ගෙන් පසුවත් පුතු සෙනේ මස් නහර හම සිඳ යන විලාසේ පත්තියම් කරගන්නට වුවමනා නම්, ඔබ යූහුවාගේ පොත කියැවිය යුතුය.

ඩිල්ශානි චතුරිකා දාබරේ

“ඇගේ කවිය යනු පෙමක ඇති අසිරිය මෙන්ම ඉන් ජනිතවන සියුම් වේදනාවන්ගේද එකතුවකි”

0

‘සඳ බිඳුන ‍ගොවිඳු හෙල’- චමිලා මැණික්ගමගේ

පෙමක් යනු කවරක්ද? ආත්මීය කැපකිරීමක්ද, සුන්දරම විඳුමක්ද, මානව බැඳුම්හී අසිරිමත් කලාපයක්ද, මේ සියල්ල අතරේ චමිලා මැණික්ගමගේ කිවිඳිය පවසන්නී ඒ ඇබ්බැහියක් බවයි. ඇය තම කාව්‍ය කෘතිය අරඹන්නේ පෙම්වත් මිනිසකුට ඇබ්බැහි වුනෙමි යනුවෙක් කවියක් ඉදිරිපත් කරමිනි. ඇගේ කවිය යනු පෙමක ඇති අසිරිය මෙන්ම ඉන් ජනිතවන සියුම් වේදනාවන්ගේද එකතුවකි. ඒ පෙම අතහැරිය නොහැකිය, අත්පත් කරගන්නටද නොහැකිය. වෙනකක් තබා අසලම දකින්නට තිබුණද එය අහිමි පෙමක්මය. එහෙත් පෙම අහිමි වූ පමණින් පෙම් කරෙුමට තහනම් නියෝග පනවන්නට හැකි කාටද? එහෙයින්ම පෙම අහිමි වූ අය පෙරලා තමන්ට පෙම නොලැබුණද මනසින් දිගටම ඒ පෙමෙහි අසිරිය විඳියි. වේදනාවක්ද සමගම. මේ බුද්ධියට හසුනොවන එහෙමපිටින්ම හැඟීම් කලාපයන්ටම පැවරුණකි. චමිලා මේ චිත්ත ස්වභාවය මනාව කවියට නගන්නීය.
මේ ආදරය ගැන ඇය විසින් ලියනු ලබනා කවි ගණනාවක්ම කෘතියෙහි අන්තර්ගතය. එනමුදු ඒ කවි කියවන විට ඒකාකාරී බවක් හෝ වෙහෙසක් පාඨකයාට නොදැනෙන සේ ඇය කවි රචනා කරයි. මේ කවියෙහි වැඩ කර පුරුදු නිර්මාණකරුවකුගේ සමත්කමකි. මේ ඇය මේ අත්දැකීමම වෙනත් තානයකින් අල්ලන අයුරයි.

බොහොම ඈතක පපුව මැද්දේ
ඇනුණ කටුවක් තියෙනවා
අඬන හිනැහෙන විටදි තාමත්
වරින් වර එය රිදෙනවා

ඇය හා වෙනත් ගැහැණු

0

ආව විතරයි එතකොට
නමේ පංතියට
අටේ පංතියෙ ලකුණු අරගෙන
දුටුවෙමි මොනාලිසා මොහොතකට
විදුලි රේඛාවක ඇඳුණු ගිනි දල්ලක

බස් එක කැඩුනු දවසක
ලෑන්ඩ් මාස්ටරයක ඉදිරි ඇන්දක
එල්ලී ගෙදර ආ හවසක
ඉරණමත් අහම්බකාරක

ඇය පසු කරන නොකරන ගානට
ගැස්සි ගැස්සී නැවතිණ
ලෑන්ඩ් මාස්ටර් හදවත.

සුදු සපත්තුවක් එසවිණි
වාරුවුණි සුදු දිගු ඇඟිලි
මිරිකී ටේලර් ඇන්දට
පොත් මිටිය ගන්නට
වහ වහා නැමුණු මට
ඒ දෑස් හමුවුණි.
වුණු නොවුණු ගානට
මන්දස්මිතය පිපී නැවතුණි..

හිනා ඇති නැති මූණු
නවාතැන්ගෙන විටක
නැවතී නොනැවතී ගියද?

බිතුසිතුවමක් ගානට
සීගිරි ලෙන් බෙයෙදක
කාලයටවත් මැකිය නොහැකිව
තාමත්…. තාමත්..ඒ හිනාව එතන

ඇගෙ
හිනා වත
නැගීමෙන් සිතුවමට
ඩාවින්චිට වුව හැකිවුණිද?
මොනාලිසාගෙන් මිදීමට

සදාකාලික සිතුවම
අමතක නොවන මතකය
තාමත් ඇය එතන

ජයන්ත කහටපිටිය