“ඇගේ කවිය යනු පෙමක ඇති අසිරිය මෙන්ම ඉන් ජනිතවන සියුම් වේදනාවන්ගේද එකතුවකි”

Share post:

‘සඳ බිඳුන ‍ගොවිඳු හෙල’- චමිලා මැණික්ගමගේ

පෙමක් යනු කවරක්ද? ආත්මීය කැපකිරීමක්ද, සුන්දරම විඳුමක්ද, මානව බැඳුම්හී අසිරිමත් කලාපයක්ද, මේ සියල්ල අතරේ චමිලා මැණික්ගමගේ කිවිඳිය පවසන්නී ඒ ඇබ්බැහියක් බවයි. ඇය තම කාව්‍ය කෘතිය අරඹන්නේ පෙම්වත් මිනිසකුට ඇබ්බැහි වුනෙමි යනුවෙක් කවියක් ඉදිරිපත් කරමිනි. ඇගේ කවිය යනු පෙමක ඇති අසිරිය මෙන්ම ඉන් ජනිතවන සියුම් වේදනාවන්ගේද එකතුවකි. ඒ පෙම අතහැරිය නොහැකිය, අත්පත් කරගන්නටද නොහැකිය. වෙනකක් තබා අසලම දකින්නට තිබුණද එය අහිමි පෙමක්මය. එහෙත් පෙම අහිමි වූ පමණින් පෙම් කරෙුමට තහනම් නියෝග පනවන්නට හැකි කාටද? එහෙයින්ම පෙම අහිමි වූ අය පෙරලා තමන්ට පෙම නොලැබුණද මනසින් දිගටම ඒ පෙමෙහි අසිරිය විඳියි. වේදනාවක්ද සමගම. මේ බුද්ධියට හසුනොවන එහෙමපිටින්ම හැඟීම් කලාපයන්ටම පැවරුණකි. චමිලා මේ චිත්ත ස්වභාවය මනාව කවියට නගන්නීය.
මේ ආදරය ගැන ඇය විසින් ලියනු ලබනා කවි ගණනාවක්ම කෘතියෙහි අන්තර්ගතය. එනමුදු ඒ කවි කියවන විට ඒකාකාරී බවක් හෝ වෙහෙසක් පාඨකයාට නොදැනෙන සේ ඇය කවි රචනා කරයි. මේ කවියෙහි වැඩ කර පුරුදු නිර්මාණකරුවකුගේ සමත්කමකි. මේ ඇය මේ අත්දැකීමම වෙනත් තානයකින් අල්ලන අයුරයි.

බොහොම ඈතක පපුව මැද්දේ
ඇනුණ කටුවක් තියෙනවා
අඬන හිනැහෙන විටදි තාමත්
වරින් වර එය රිදෙනවා

Related articles

2009 සැප්. 02 – 2017 පෙබරවාරි 08 : ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයෙන් සහ අයුතු ඇතුළුවීමෙන් මාධ්‍යවේදීන් නිදොස් කොට නිදහස් !

ඇත්ත යළිත් දිනුවේය. ඇත්ත ඉදිරියේ, සාධාරණත්වය ඉදිරියේ යළිත් ඔවුහු පරාජයට පත් වූහ. ජනතා සටන් ඉදිරියේ පාලකයන්ට සියල්ල අකුලාගෙන...

පරිවර්තන පහසුකම් හදන්නට පොලිස්පතිට ඇත්තේ තවත් මාසයක් පමණයි !

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පොලිස්පතිවරයාට කළ නියෝගයක් ලබන මාසයේ 08 වැනිදා වන විට ඉටු කළ යුතු ව තිබේ. එනම් අද...

‘චෙම්මීන්’ – තකලි ශිව ශංකර පිල්ලෙයි

ඉන්දියානු සාහිත්‍යය ඇසුරු කරනා වාරයක් පාසා මා හදවත විශ්මයටත් ආහ්ලාදයටත් පත් කරයි. පෞරාණික ඉතිහාසයක් හිමි ඉන්දියානු සාහිත්‍ය වරින්...

අම්බුළුවාව දූෂණ ගැන අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි : අපි වරදක් කරලා නෑ – පා.ම. අනුරාධ ජයරත්න

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කළ පනතකින් පිහිටවනු ලැබූ අම්බුළුවාව දිසානායක මුදියංසේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ...