ඇය හා වෙනත් ගැහැණු

Share post:

ආව විතරයි එතකොට
නමේ පංතියට
අටේ පංතියෙ ලකුණු අරගෙන
දුටුවෙමි මොනාලිසා මොහොතකට
විදුලි රේඛාවක ඇඳුණු ගිනි දල්ලක

බස් එක කැඩුනු දවසක
ලෑන්ඩ් මාස්ටරයක ඉදිරි ඇන්දක
එල්ලී ගෙදර ආ හවසක
ඉරණමත් අහම්බකාරක

ඇය පසු කරන නොකරන ගානට
ගැස්සි ගැස්සී නැවතිණ
ලෑන්ඩ් මාස්ටර් හදවත.

සුදු සපත්තුවක් එසවිණි
වාරුවුණි සුදු දිගු ඇඟිලි
මිරිකී ටේලර් ඇන්දට
පොත් මිටිය ගන්නට
වහ වහා නැමුණු මට
ඒ දෑස් හමුවුණි.
වුණු නොවුණු ගානට
මන්දස්මිතය පිපී නැවතුණි..

හිනා ඇති නැති මූණු
නවාතැන්ගෙන විටක
නැවතී නොනැවතී ගියද?

බිතුසිතුවමක් ගානට
සීගිරි ලෙන් බෙයෙදක
කාලයටවත් මැකිය නොහැකිව
තාමත්…. තාමත්..ඒ හිනාව එතන

ඇගෙ
හිනා වත
නැගීමෙන් සිතුවමට
ඩාවින්චිට වුව හැකිවුණිද?
මොනාලිසාගෙන් මිදීමට

සදාකාලික සිතුවම
අමතක නොවන මතකය
තාමත් ඇය එතන

ජයන්ත කහටපිටිය

Related articles

දෙකක්නායකයන් දෙදෙනෙක් – කතා දෙකක්

දිනය 2011 අප්‍රේල් මස තුන්වැනිදායි. ඒ සති අන්තයේ ඉරිදාවකි අප්‍රේල් මස දෙවැනිදා, මුම්බායි හි වන්කඩේ පිටියේ දී ලෝක කුසලාන...

ශ්‍රී ලංකාව තවත් ලෝක කුසලානයකින් ඉවතට විසි විය

තවදුරටත් ශ්‍රී ලංකාව ලෝක කුසලානයකින් ඉවතට විසි වීම, ක්‍රිකට් ලෝකයට මවිතයක් ගෙන දෙන සිදුවීමක් නොවේ.සැබැවින්ම ක්‍රිකට් ලෝකය මවිත...

‘දුර දසුනක හිරු ගිනිගෙන’- පරිවර්තිකා අනූෂා සිවලිංගම්

ලාංකීය සාහිත්‍යයෙහි පරිවර්තන කෘති සඳහා පවතිනුයේ සතුටුදායක ඉල්ලුමකි. එහෙත් ඒ විදෙස් සාහිත්‍ය පරිවර්තන සම්බන්ධයෙනි. මේ තත්වය මධ්‍යයේ පසුගිය...

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව !

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ...