Home Blog Page 259

වීරයන්ගේ ඇතුළට යන වීර චාරිකාව නොහොත් ‘රජා මං වහලා’

0

නාට්‍යකාරයෙක් කියන්නෙ මැජික්කාරයෙක්. ඔහුගෙ අතේ අදෘශ්‍යමාන මැජික් යෂ්ටියක් තියනව. මේ යෂ්ටියෙන් වේදිකාව මත මවන මැජික් එක තමයි නාට්‍යය කියන්නෙ. මම නම් වේදිකාවක් ඉස්සරහ වාඩිවෙන්නෙම ඉන්ද්‍රජාලයක් බලන්න හිතාගෙන. චාමික හත්ලහවත්තගෙ රජා මං වහලා බැලුවහම අපි ජීවත්වෙන මේ වාස්තවිකය කොතරම් ඉන්ද්‍රජාලිකයිද කියල අපිට පෙන්නන්න පුළුවන් මැජික්කාර නාට්‍යකාරයෙකුටද විතරමද කියල හිතෙන්නෙ නැත්නම් පුදුමයි. කොටින්ම කිව්වොත් රජා මං වහලා කියන්නෙම වේදිකාව මත විය නොහැකියාවක්.

වීරයො තුන් දෙනෙක් ගැන කියන මේ නාට්‍යයෙ නළුවන්ට නිශ්චිත භූමිකා නෑ. හරියටම කියනව නම් වීරයො ගැන කියන නාට්‍යයෙ නළු වීරයො වීරවරියො නෑ. හැමෝම වීරය වෙනව; හැමෝම වීරයගෙන් මිදෙනව. මේ වීරයින් තුන්දෙනා සන්දර්භ තුනක වීරයො තුන්දෙනෙක්. ප්‍රේමතිලකගෙ කතාවෙ ප්‍රේමතිලක කියන්නෙ මේ ව්‍යුහයට අවශ්‍ය වීරයා. එයා කාලානුක්‍රමිකව වීර කඩයිම් පසුකරගෙන ව්‍යුහයට අවශ්‍ය වීරයා ලෙස නිෂ්පාදනය වෙමින් ඉන්නව.ඊළඟට දුටුගැමුණු කියන්නෙ සෑම විටම අනෙකෙකු නිර්මාණය කරමින් ගොඩනැගෙන සංකේතික දෘෂ්ටිවාදී වීරයා. සුරංගනා කතාවෙ එන වහලා විතරයි ව්‍යුහන්ගෙන් සහ දෘෂ්ටිවාදී සිරගෙවල්වලින් පරිබාහිර වීරත්වයක් නියෝජනය කරන්නෙ. හැබැයි නාට්‍යය ඇතුළෙම ඒ කතාව
සුරංගනා කතාවක්!

මේ වීරයන් වීරයන් වීම නිසා ඔවුන් දරන ආතතියත් ඒ වීරයන් ගොඩනගන දෘෂ්ටිවාදී ව්‍යුහ සමාජය මත ඇති කරන ආතතියත් හත්ලහවත්ත වේදිකාව මතට ගෙනඑන්නෙ උත්ප්‍රාසාත්මක විදිහට. ඇත්තටම ඒ වීරයන් වීරයන් වෙලා තියෙන්නෙත් සමහර වීරයන් විනාශ වෙන්නේත් ඔවුන්ගේම නිසඟ උවමනාව නිසාද? මේ රජා මං වහල ඇතුළෙ දෝංකාර
දෙන ප්‍රශ්නය…

හත්ලහවත්ත අපි පැටලිලා ඉන්න දෘෂ්ටිවාදී පඹගාල රජා මං වහලා ඇතුළෙදි සීරුවට ලිහනව. එම දෘෂ්ටිවාදී ලෝකයේ ඉන්නවුන් පවා නොරිදෙන විදිහට ඒ වැඩේ කරන එක මැජික් එකක්ම තමයි.

ලහිරු කරුණාරත්න

සිසු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තම රන් භාන්ඩ විකුණා දැමූ ගුරුවරිය

0

අන්නාපුර්ණා මොහාන් – Annapurna Mohan,

තමන් ආස කරන තමන්ගෙ වටිනා රන් ආභරන කාගෙවත් දරුවන්ගෙ අධ්‍යාපනය සදහා විකුණන පාසැල් ගුරුවරියො ලංකාවේ ඉන්නවද ? ඒක නම් මම කියන්න දන්නෙ නෑ හැබැයි ඉංදියාවේ එහෙම අය ඉන්නව. ඔව් මේ ඉන්නෙ. මේ සුවිශේෂි ගුරුවරියව අපිට හමුවෙන්නෙ තමිල්නාඩුවේ විල්පුරම්වල Kandhadu ගමේ රජයේ පාසැලින්. තමිල්නාඩුව කියන්නෙ 1950 ඉදන් මේ වෙනකන් ළමයි පැසැල් වලට එන්නෙ නැති නිසා ඉස්කෝල 45 ක් වහලදාපු ඉංදියානු ප්‍රාන්තයක්.

අන්නාපුර්ණා මොහාන් කියන තරුණියගෙ තාත්තා විශ්‍රාමික හමුදා වෛද්‍යවරයෙක්. එයා හමුදා සේවයේ ඉන්න කොට රැකියාවෙන් පස්සෙ කළේ ගෙදර වෛද්‍ය සායනයක් දාල දුප්පත්තුන්ගේ ලෙඩ රෝග වලට ප්‍රතිකාර කරපු එකයි. පටන් ගැන්මෙදි එයා ගත්ත ලෙඩිඩුන්ගෙන් රු.5 ක් ඊට පස්සෙ ඔහු විවාහ වුනාට පස්සෙ ඒක දෙගුණයක් කළා. අවසානෙ 2000 වසරෙදි මනුස්සය ඒක රු. 50 ක් කරල තිබුන 2000 අවුරුද්දෙ ඉංදියානු චැනල් සෙන්ටර් එකක රෝගියෙක් පරීක්ෂාවට විතරක් රුපියල් 1000 ක් විතර අය කරන කොට මේ මනුස්සයා බෙහෙතුත් දීල ගත්තෙ රුපියල් 50 යි එයාගෙ මේ සමාජ සේවය නිසා තමන්ගෙ දුව ආසකරපු වෛද්‍ය වෘත්තියට යන්න විශ්වවිද්‍යාලයට ගෙවන්නවත් මිනිහ ලක්ෂ එකහමාරක් ඉතිරි කරල තිබුනෙ නෑ ඒ නිසා දුවට සිද්ධවුනා වෙනත් විෂයක් තෝරගන්න. හැබැයි මේ නිසා දුව හිටියෙ තාත්ත එක්ක කේන්තියෙන්.
කොහොමෙන් හරි අන්නාපුර්ණා මොහාන්ට එකවර ආව වෘත්තීන් දෙකක් තෝරගන්න. එකක් ගුරු වෘත්තිය අනික සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක්. එයාටත් තිබුණ අර තාත්තගෙම සමාජයට සේවය කිරීමට ඇති වුවමනාව. ඒ නිසා ඇය තෝරාගත්ත ගුරු වෘත්තිය. ඇගේ පත්වීම කන්දාදු කියන ගමේ පාසැල විෂයය ඉංග්‍රීසි, ශ්‍රේනීය 3 වසර.
ඇය මුලින්ම කළේ දරුවන්ට ආස හිතෙන පන්ති කාමරයක් නිර්මාණය කිරීම. මේ සදහා අධ්‍යාපන අමාත්‍යංශය සතපහක් දෙන්නෙ නෑ. නමුත් ඇගේ ඉලක්කය බලවත්. ඒ නිසා ඈට තමන් සතුව තිබූ රන් ආභරන විකුණන්න සිද්ධවුනා රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසකට. ඇය ඒ මුදලින් ගෙනාව නවීන පුටු, බංකු පැසැල් කාමරයේ පොලොවට ටයිල්, ස්මාර්ට් බෝඩ්, සහ දරුවන්ට ඉංග්‍රීසි පොත්පත්. දැන් ඒ 3 වසරේ පන්ති තාමරය බලන්න ලස්සනයි පුද්ගලික විද්‍යාලයක පන්ති කාමාරයක් පවා ඒකට පරාදයි. මේ ලස්සන පරිසරය තුළ ඇය ළමයින්ට ඉගැන්නුව පළමුවෙන්ම ඉංග්‍රීසි භාෂාව උචිචාරණය කරන්න. ඇය ඉංදියානු ඉංග්‍රීසි උචිචාරණය ප්‍රතික්ෂේප කරල ළමයින්ට කියල දුන්නෙ බ්‍රිතාන්‍ය උචිචාරනය. ඇගේ ඉංග්‍රීසි විෂය වෙලාවෙ පන්තියේ කාටවත් ඉංදියානු භාෂාව තහනම්. විෂය වෙලාව ඉවරවෙනකන් ළමයි ගොත ගසමින් වරද්දමින් මේ විදේශිය භාෂාව පුහුණු වුනා.

ඊටත් පසුව ඇය ඉංග්‍රීසි භාෂාව අඩංගු රූප සටහන් සහිත සංයුක්ත තැටි 1000 ක් පන්තියේ ළමයින්ට බෙදල දුන්න. ඇය ඒවට කිව්වේ බිය රහිත ඉංග්‍රීසි කියල.. අන්නාපුර්ණා හිතුව දැන් තවත් ඉසස්රහට යායුතුයි කියල. ඉතින් ඇය මේ ග්‍රාමීය ළමුන් සදහා ටැබ් 4 කුත් ලැප්ටොප් දෙකකුත් මිලට ගත්තා. වසර අවසානයේ ඇගේ පන්තියේ සියලු දරුවෝ ඉංග්‍රීසි ව්‍යක්ත ලෙස භාවිතයට පුරුදු වුනා. මෙන්න මේ වෙලාවෙ තමයි තමිල්නාඩු අධ්‍යාපන ලොක්කෙක් ඇවිල්ල ඇයට කිව්වේ මේ විකාරය නතර කරන ලෙසත් අනිත් පන්ති කාමර වගේ මේකත් සාමාන්‍ය කරන්නත් ඇය ඉංග්‍රීසි උගන්වන හැඩය වෙනස් කරන්නත්.

මේ වැඩෙන් ඇය අන්තයටම කලකිරුනා. ඇය තීරණය කළා ගුරු වෘත්තීයෙන් අස්වෙන්න. නමුත් ඇයට දුකයි ඇගේ මේ මාර්ගයේ පැමිණ ඇගේ පන්තියේ ළමයින් මොනතරම් දක්ෂ විදිහට දැන් මේ විදෙස් භාෂාව භාවිතා කරමින් ඉන්නවද කියන එක ගැන. එහි මතක සටහනක් විදිහට ඇය ළමයින් සමග දීර්ඝ ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් කතාකරන අයුරුත් ඔවුන් කිසි පැකීලීමක් නැතිව ඇය උත්තර දෙන අයුරුත් දැක්වෙන වීඩියෝවක් ඇගේ ජංගම දුරකතනයෙන් පටිගත කළා. ජංගම දුරකථනයකින් පටිගත කලත් ඒ වීඩියෝවේ හරි අපූරුවට තිබුණා. දැන් කොහොමත් එකයිනෙ ඇය අස්වෙන්නන ඉන්නෙ. ඉතින් ඇයට ආස හිතුන තමන් මේ කරපු වීඩියෝව ඇගේ ඒ කියන්නෙ අන්නා පුර්නාගේ Face Book ගිනුමට දාන්න. ඒ වගේම 2014 වසරෙදි ඇය ඒක අන්තර්ලයට මුදා හරිනව. ඒ තමයි ඇගේ ජීවිතයේ හැරුවුම් ලක්ෂය.

වෛරසයක් වගේ පැතිර ගිය මේ වීඩියෝවෙන් ඇයටත් පාසැලටත් දසතින් ප්‍රශංසා ගලා ආවා විදෙස් රටවල් ඉංදියානුවන් මේ 3 වසරේ ඉංග්‍රීසි භාෂාව ව්‍යක්ත ලෙස හසුරුවන දරුවන් දැකල පුදුමවුනා. ඔවුන් මේ දරුවන්ට මුදල් ආධාර සහ පාසැලට පරිත්‍යාග එවන්න පටන්ගත්තා තමිල්නාඩු අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළම පුටු මේ නිසා රත්වුනා. ඇයව, ඇගේ ක්‍රමය සහ හැඩය ඔවුන්ට දැන් අගය කරන්න සිද්ධවුනා, හරියට බෝටිටුව පෙරලුනාම පෙරලුන පැත්ත හොදයි කියන ජාතියේ කටිටය.
ඊටත් පස්සෙ ඔවුන්ට සිද්ධවුනා මේ ඉගැන්වීම පි්ලිබද විශේෂ සම්මන්ත්‍රණ ලෑස්ති කරන්න තමිල්නාඩුවෙි දිස්ත්‍රික් ප්‍රධාන ඉංග්‍රීසි උපදේශිකාවක් බවට අන්නා පුර්ණා පත්වුනේ අන්න එහෙමයි. ඒකෙ ගෞරවය Face Book එකට.

අන්නාපුර්ණා කියන්නෙ දැන් තමිල්නාඩුවේ ගුරු තරුවක්. ඇය ඉන්න පාසැලට ළමයෙක් දාගන්න සල්ලිකාර දෙමවුපියොත් දැන් පොරයක. මේ නිසා ඇගේ එක් පන්තිකාමරයක ඉංග්‍රීසි විෂයට ඉන්නව දරුවන් 100 ක්. 2019 ඇය ඉංදියා ටුඩෙි පුවත්පතට මෙහෙම කියනවා,
‘‘මගේ හදවත දිනාගෙන මගේ ජීවිතය සදහටම වෙනස් කළ මේ සංවේදි දරුවන්ට මම ආදරෙයි. දැන් මම මෙම රැකියාව සේවාවක් ලෙස සලකමි. මගේ පියා ජනතාවට සේවය කිරීමෙන් ලද ප්‍රීතිය කුමක්දැයි මට දැන් තේරුම් ගත හැකිය. මට වෛද්‍ය විෂය සඳහා රුපියල් ලක්ෂ 1.5 ක් ගෙවීමට ඔහුට නොහැකි වීම ගැන ඔහු සමග පැවති මගේ කෝපය පහව ගොස් ඇත. ඒ වෙනුවට, මම සෑම දිනකම ඔහු ගැන සිතමි. (ඔහු 2014 දී අභාවප්‍රාප්ත විය) මට සිදුවන සෑම යහපත් දෙයකටම මම ඔහුට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි. ඒ වගේම ඉංදියානු රජයේ පාසල්වල ඉගැන්වීමේ ප්‍රමිතීන් පෞද්ගලික පාසල්වල තරම් හොඳ නැත. මේ හේතුව නිසා දෙමව්පියන් නොමිලේ ලබා ගත හැකි අධ්‍යාපනය අතෑර දමා රුපියල් ලක්ෂ ගණනක් පුද්ගලික පාසැල් වලට නිකරුනේ ගෙවමින් සිටී එහෙත් සුළු පරිශ්‍රමයකින් පමණක් අපිට රජයේ පාසලකට පෞද්ගලික පාසලක වඩා හොද විටිනා, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය හැකිය. ඒ බව මම ඔප්පු කර තිබේ. ” කීර්තිමත් විද්‍යඥයකු හා අපේ ඡනාධිපතිව සිටි අබිදුල් කලාම් මෙසේ කියා තිබේ. ‘‘ ‘ගුරු වෘත්තිය ඕනෑම මිනිසකුගේ චරිතය, දක්ෂතාවය, සහ අනාගතය තීරණය කරන ඉතා උතුම් වෘත්තියකි. මා මියගිය පසු ජනතාව මා ගුරුවරයෙක් ලෙස සිහිපත් කරනවානම් එයට වඩා වෙනත් කිසිදු ගෞරවයක් මට අවශ්‍ය නැත. මම අපේක්ෂා නොකරමි ‘‘

උපාලි ජයසිංහ

ගුරු වස්ත්‍රයේ මායාව

0

මේ තියෙන්නෙ ශ්‍රී ලංකාවේ ගුරුවරියට සහ ගුරුවරයාට ඉගැන්වීම ඇතුළු , පාසලේ නිල ක්‍රියාකාරකම් වලට ඇඳීමට පිළිගත් ප්‍රධාන ඇඳුම් ආකෘති කීපයයි.

මෙහිදී පිරිමියාට විශාල තෝරාගැනීම් ප්‍රමාණයක් ලබා දී තිබෙන නමුත් ගැහැණියට ඇත්තේ සාරිය සහ ඔසරිය විතරයි. මෙහි නැති තවත් බොහෝ වෙනස්කම් අවශ්‍ය නම් පිරිමියාට කිරීමට නිදහස තිබෙනවා, ඒ ඒ ප්‍රදේශයේ සහ පාසලේ ස්වභාවයට අනුව,උදාහරණයකට ඩෙනීම් කලිසම ඇඳීම, සෙරෙප්පු, සපත්තු, සැන්ඩ්ල්ස් ආදි විවිධ පාවහන් වර්ග ආදිය. එහෙත් මේ ඕනෑම අවස්ථාවක ගැහැණියට ඇත්තේ සාරිය සහ ඔසරිය සහ ඊට පළඳින පටි ඇති පාවහන් විශේෂය විතරයි. එයින්ද ගුරුවරියන් විශාල ප්‍රමාණයෙන් අදින්නේ සාරියයි, ඔසරිය සාරියට වඩා ළමයි සමග වැඩ කිරීමේදී අපහසුතා ඇති අඩු කාර්යක්ෂම තාවයක් ඇති ඇඳුමක් බව අපි දන්නවා. පාසලට ඔසරිය දිනපතා අඳින්නේ ඉතාම සුළු පිරිසක්.
දැන් අපිට අහන්ඩ ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා.

පළවෙනිම කාරණය තමයි, පිරිමියාට ලබා දීලා තියෙන මෙතරම් විශාල තෝරාගැනීම් ප්‍රමාණය ගැහැණියට ලබාදෙන්න බැරි හේතුව මොකක්ද? අනිත් රසවත් දේ නම්, මෙහි දකුණු කෙළවරේම ඇති ඔසරිය ඇඳි කාන්තාව හැරුණු කොට අනිත් සියළුම පිරිමි සහ කාන්තාව ඉන්දියන් ජාතිකයින්. ඒ අනුව මෙහි අපිට වඩාම අනන්‍යතාවයක් ගැන කතා කරන්නට පුළුවන් වෙන්නේ ඔසරිය ගැන විතරයි. ඒ ඔසරිය සහ සාරිය අතර ඇති සමීප ඥාතීත්වය මොහොතකට අමතක කරලා, සාමාන්‍යයෙන් බොහෝ අය සාරිය සහ ඔසරිය දෙකම හදුන ගන්නේ සාරිය නමින්. මෙහි ඇති සාරිය ඇරුණුකොට සියළුම පිරිමි ගැහැණු ඇඳුම් දකුණු ආසියාවේ බොහෝ කාන්තාවන් සහ පිරිමින් අඳින සාමාන්‍ය ඇඳුමයි. ඒ අනුව අපේ අනන්‍යතාවය සදාචාරය හෝ මොනවා හෝ දෙයක් කතා කරන්නට ඉතුරු වෙලා තියෙන්නේ ඔසරි පොටේ විතරයි, (අනන්‍යතාවය යනු අනිත් අයට නැති අපට පමණක් ඇති දෙයක් නම්, අධ්‍යාපන ඇමතිගේ අවබෝධයට අනුව). මේ ඇඳුම හරහා උත්සාහ කරන්නේ අනන්‍යතාවයක් ඇති කර ගැනීම නම්, අනන්‍යතාවයෙන් අත්පත් කර ගන්ඩ හදන්නේම මොකක්ද ? එයින් ළමයින්ගේ අධ්‍යාපනයට පෞරුෂ වර්ධනයට ආදී අධ්‍යාපනයේ අරමුණු වලට ඇති වාසිය මොනවාදැයි අනන්‍යතාවය තිබිය යුතුය කියන සුසිල් ප්‍රේම්ජයන්ත වැනි අධ්‍යාපන ඇමතිවරු අපිට පැහැදිලි කළ යුතු යි.

මෙතන අතුරු කාරණයක් ලෙස මතක් කරන්න ඕනේ මේ සාරිය හෝ ඔසරිය කියන්නේ ගැහැනියගේ චරිතයට කිසිම සම්බන්ධයක් නැති දෙයක් කියන එක. සියලු දූෂණ වංචා හොර මැරකම් වැඩ කර ඇති ලංකාවේ ගැහැනුන් සාරිය සහ ඔසරිය අඳින් නැති අය කියා කිසිම තැනක තහවුරු වෙලා නැහැ.

ඒ වගේම පාසල් වලට මෙම පිරිමියාට ඇඳුම් තෝරා ගැනීමට ඇති නිදහස ගැහැණියටද සම්පූර්ණයෙන් ලබාදීම හුදෙක් ඇදුම පිළිබඳ කාරණයකට වඩා පාසල හරහා සිදුවන විශාල සංස්කෘතික සමාජ පෙරළියක් බව අපි මතක තබා ගත යුතුයි.

ධනංජය කරුණාරත්න

තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ කොළඹ එති

0

නික්මී
උත්තල ජනපදයෙන්
පිත්තල හංදියෙන් හැරී
ගැල් පන්සීයක් පාරේ යනකොට
බ්ලොක් නොවී තියේ වි ද කොළඹ…….?

මඟ දි
ජල ප්‍රහාර දෙන තරමට හොඳයි
කුර ගගා ගැල් අදින
ගොනුන් ඉන්නෙත් පිපාසෙන්.

උහුලන්නෙ කොහොම ද
කරත්ත රෝද
බෞද්ධාලෝක මාවතේ එරෙනකොට.
ගැල් පන්සීයෙ ම තියෙන්නෙ
කුස තණ යි පුන්නක්කුයි…..

නැමෙනවා රූපවාහිනී කුළුණ
ලිප්ටන් වටරවුම උඩට
තැලිච්ච පතෝල කරලක් වගේ……
නෙළුම් පොහොට්ටුවක්
ඉහ මුදුනේ අටෝගත්
කෙහෙල් බඩයක් ඇඹරුණා උසට උසේ.

බී එම් අයි සී එච්
වතුර පොකුණට පැනලා
ජකිරි බකිරි ගහනවා
ඩී. එස්. සේනානායකගෙ
එංගලන්ත අස්පයෙක්…….

විහාර මහාදේවී උද්‍යානෙ
රූස්ස ගස් මුඳුන්වල
ටයි කෝට් ඇඳගෙන
පොලිතීන් ලන්කට් ඔළුවේ දමාගත්
සම ලිංගික වඳුරෝ
ඉංග්‍රීසි කුණුහබ්බ කිය කියා
ලංසි පැපොල් හොයනවා.

නික්මී
උත්තල ජනපදයෙන්
පිත්තල හංදියෙන් හැරී
ගැල් පන්සීයක් පාරේ යනකොට
බ්ලොක් නොවී තියේ වි ද කොළඹ…….?

කපුටෙක් ඉගිලුණා
රොස්මිඩ් මාර ගස් උඩින්
හොටින් ගැජට් එකක් ඩැහැගෙන.
බණ්ඩාරනායක දුම් බීපු
කළු පාට පයිප්පෙ ද මන්දා.

ගොනුන්ගෙ
ගොම හැලෙයි ද මන්දා
ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂ උඩට……
හැබැයි මේ ගොනුන්ගෙ
වෘෂණ කෝෂ ලොකුයි
ශබ්ද කෝෂවලට වැඩිය.

නික්මී
උත්තල ජනපදයෙන්
පිත්තල හංදියෙන් හැරී
ගැල් පන්සීයක් පාරේ යනකොට
බ්ලොක් නොවී තියේ වි ද කොළඹ…….?

ඔළුව අතින් අරගෙන
ටවර් රඟහල ගාව හිටගෙන
සිරිසඟබෝ කවන්ධය.

පුරන් අප්පු
කඩුවෙන් කොටනවා
නිදහස් මන්දිරේ අත්තිවාරමට.

සරදියෙල් ඉන්නවා
කැප් තුවක්කුවකුත් තියාගෙන
බොරැල්ල කනත්තේ දොරටුව ළඟ.
සොහොනකට වෙඩි තියන්න ද මන්දා…..
නිදාගෙන ඉන්න
අහිංසක ජෝතිපාලත්
ඇහැරුනොත් පව්.

පොළොන්නරුවේ
පරාක්‍රම බාහු පිළිමෙට
යූරියා අමුඩ මහන සන්නාලියන්
මීටරේ කෝදුවෙන්
ගැල් සාත්තුවේ දිග මනිනවා……….

නික්මී
උත්තල ජනපදයෙන්
පිත්තල හංදියෙන් හැරී
ගැල් පන්සීයක් පාරේ යනකොට
බ්ලොක් නොවී තියේ වි ද කොළඹ…….?

බොරැල්ලෙ සැලුන් එකක
කොල්වින්ගෙ කොණ්ඩෙ කපනවා
ඇන්. ඇම්. ……………
වැලි ගලක උල උලා
දැලි පිහිය මුවත් තියන්නෙ
විජේවීර ද මන්දා……..

නික්මී
උත්තල ජනපදයෙන්
පිත්තල හංදියෙන් හැරී
ගැල් පන්සීයක් පාරේ යනකොට
බ්ලොක් නොවී තියේ වි ද කොළඹ…….?

රත්තරං පාට සිද්ධස්ථානෙක මිදුලේ
චීවරයක් ඇඳගත්
විනාකිරි බේරෙන සරාගී හිටි පිළිමයක්
නාරි ලතාවට ඇවිදිනකොට
කොළඹ උපාසක නෑම්බියො
වට්ටක්කා තට්ටම් ගෙඩිවලින්
තම්මැට්ටම් ගහනවා…….

ඒ සක්මන් කරන්නේ
පිත්තලෙන් මාර්ග පල ලබපු
රහතන්වහන්සේ නමක් ද මන්දා……

නික්මී
උත්තල ජනපදයෙන්
පිත්තල හංදියෙන් හැරී
ගැල් පන්සීයක් පාරේ යනකොට
බ්ලොක් නොවී තියේ වි ද කොළඹ…….?

මඟ දි
ජල ප්‍රහාර දෙන තරමට හොඳයි
කුර ගගා ගැල් අදින
ගොනුන් ඉන්නෙත් පිපාසෙන්.

උත්තල ජනපදේ ඉඳන්
ගව් සියක් ගව් දුර ගෙවාගෙන ආපු
ගැල් සාත්තුව
බන්ධනාගාරයක් ගාව නැවතුණා.

ජේලර් මහත්තයෙකුට ළංවෙලා
තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ
රහසින් වගේ මෙහෙම ඇහුවා.

“ආයුබොවන්ඩ සුපින්වත……
අපි ආවේ
ගෞතම බුදුන්ගේ කාලේ ඉඳන්
යොදුන් සිය දහසක් ගෙවාගෙන
ගැල් පන්සීයෙ ම
කුස තණ යි පුන්නක්කුයි පටෝගෙන…….
අපිට පොඩ්ඩක් දකින්න පුළුවන් ද අර
අත් අඩංගුවට ගත්තපු
රහතන්වහන්සේ…….!”

කුමාර හෙට්ටිආරච්චි

ලංකාවට 2024 මීළඟ පන්දුවාර 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ සෘජු අවස්ථාව

0

T-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අද (04) පැවති ඔස්ට්‍රෙලියා ඇෆ්ගනිස්තාන තරගයේ දී ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 04කින් පරාජයට පත් කිරීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසිමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය.

හෙට (05) දිනයේ දී එංගලන්ත කණ්ඩායම සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් එක් තරගයක් ක්‍රීඩා කරයි.

මේ අතර මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ මුල් පෙළ ස්ථාන 04 තුල ශ්‍රී ලංකා කණ්ඩායම සිටින බැවින් බැවින් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි 2024 මීළඟ පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ද සුදුසුකම් ලැබීමේ සෘජු අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගෙන තිබේ.

මේ අතර ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට ද හෙට දිනයේ තීරණාත්මක ය. එනම් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේ දී එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කිරීම අතිශය වැදගත් වෙයි.

මේ අනුව ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුව රැඳී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සමඟය.

හෙට තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජය උවහොත් ප්‍රසාද ලකුණු සටහනේ සිය ස්ථානය එංගලන්තය වෙනුවෙන් ලබාදීමට සත්කාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට සිදු වන්නේ මෙවර ලෝක කුසලාන සිහිනය අතහැර දමමිනි.

TRI-ZEN ගැනුම්කරුවන්ට ශාරියා සම්ප්‍රදායට අනුකූල මූල්‍ය පහසුකම්

ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම (John Keells Properties – JKP),HNB ඉස්ලාමික් බෑන්කින් (HNB Islamic Banking) සමග එක්වී, TRI-ZEN නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගැනුම්කරුවන් වෙනුවෙන් ශාරියා සම්ප්‍රදායට අනුකූල මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මෙමගින් ගැනුම්කරුවන්ට විකල්ප බැංකුකරණ ක්‍රමවේදයක් වන ඉස්ලාමික බැංකුකරණයඔස්සේ, තරගකාරී අනුපාත යටතේ මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකිවනු ඇත.

කුලිය පදනම් කරගත් ආයෝජන ක්‍රමවේදයක් වන “Diminishing Musharakah” සංකල්පය ඔස්සේ මෙහිදී ගැනුම්කරුවන් වෙත මූල්‍ය පහසුකම් පිරිනැමේ. මෙහිදී සිදුවන්නේ බැංකුව සහ පාරිභෝගිකයා එක්ව අදාළ වත්කම වෙනුවෙන් ආයෝජනය කිරීම වනඅතර, මෙය පොලිය පදනම් කරගත් ක්‍රමයක් නොවන නිසා, තම ආගමික විශ්වාසයන් අනුව පොලිය පදනම් කරගත් සේවාවන් ලබාගත නොහැකි ගැනුම්කරුවන්ට මෙය අගනා විකල්පයක් වනු ඇත.

“රටේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් ලෙස, ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම සෑම විටම පාරිභෝගිකයන් වෙනුවෙන් ආකර්ෂණීය නව මූල්‍ය විසඳුම් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.මේආකාරයට ශාරියා සම්ප්‍රදායට අනුකූල මූල්‍ය විසඳුම් හඳුන්වා දීම සඳහා අප හවුල්කාරීත්වයකට එළඹුණේ ප්‍රථම වතාවටයි. ඒ වෙනුවෙන් HNB ඉස්ලාමික් බෑන්කින් වැනි ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් සතුටක්.” ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගමේ විකිණුම් හා අලෙවි ප්‍රධානී නදීම් ශම්ස් මහතා පැවසී ය.

ක්‍රෙස්කැට් බුලෙවාඩ් (Crescat Boulevard)අලුත් වෙනසකට සූදානම්

ශ්‍රීලංකාවේ ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින මේ මොහොතේ, සම්පූර්ණයෙන් නවීකරණය කරන ලද ක්‍රෙස්කැට් බුලෙවාඩ් (Crescat Boulevard) සාප්පු සංකීර්ණය නොවැම්බර්19 දින විවෘත කිරීමට කටයුතු යොදා ඇතිබව එහි කළමනාකාරීත්වය පවසයි.

නව මුහුණුවරක් ගත් සුපුරුදු අලෙවිසැල් මෙන්ම නවතම අලෙවිසැල් හා විශේෂාංග රාශියක්ද සහිත නව ක්‍රෙස්කැට් බුලෙවාඩ් සාප්පු සංකීර්ණය පාරිභෝගිකයන්ට නවතම අත්දැකීමක් වනු ඇත.

ශ්‍රීලංකාවේ මුල්ම සාප්පු සංකීර්ණ අතරින් එකක් වන ක්‍රෙස්කැට් බුලෙවාඩ් හි නවීකරණ කටයුතු කළමනාකරණය කරන ලද්දේ ජෝන්කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම මගිනි. ගාලුපාර සහ පෙරහැර මාවත ඔස්සේ පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක පිහිටි, වාහන නැවැත්වීම සඳහා පුළුල් ඉඩ පහසුකම් සහිත මෙම සාප්පු සංකීර්ණය, දීර්ඝ කාලයක පටන් ශ්‍රීලාංකිකයන්ගේ හදවත් දිනාසිටී.

WEBXPAY ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් සේවාවන් පුළුල් කිරීම සඳහා Visa සමග අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ online ගෙවීම්පිළබඳද්වාර විසඳුම් සම්බන්ධ ප්‍රමුඛයා වන WEBXPAY, මෙරට ඩිජිටල් ගෙවීම් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් Visa සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම හවුල්කාරීත්වය විශේෂයෙන්ම මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට අතිශයින් වැදගත් වනු ඇත. මෙමගින් දිවයින පුරාම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල ඩිජිටල් ගෙවීම් භාරගැනීමේ හැකියාවන් වැඩිදියුණු කිරීමටත්, එම ව්‍යාපාර වලට ලොව පුරා වීසා කාඩ්පත් හිමියන් සමග ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දීමටත් WEBXPAY සමාගමට හැකියාව ලැබේ. මෙය එම කාණ්ඩයේ ව්‍යාපාර වලට දියුණුවට අත්වැලක් වෙමින්, රටේ ආර්ථිකය නැවත නගාසිටුවීමට මහඟු දායකත්වයක් ලබාදෙනු නො-අනුමාන ය.

ආසියානු පැසිෆික් කලාපයේ ‘Visa Acceptance Fast Track’ වැඩසටහන යටතේ,2025 වසර වනවිට මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර 10,000 කට ඩිජිටල් ගෙවීම් භාරගැනීමේ පහසුකම් ලබාදීමටWEBXPAY අපේක්ෂා කරයි.  ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය නංවාලීම සඳහා 2025 වසර වනවිට රු. බිලියන 10 කට Gross Merchant Volume (GMV) මට්ටමක් වාර්තා කරගැනීම මෙහි මූලික ඉලකය වේ. මෙය soft POS හරහා contactless වර්ගයේ ගෙවීම් භාරගැනීම් වැඩි කිරීමටත්, soft POS තාක්ෂණය සමග tap to phone ක්‍රම ක්‍රියාත්මක කිරීමටත්, අඩු වියදම් face to face ගෙවීම් භාරගැනීමේ ක්‍රම ක්‍රියාවට නැංවීමටත් මහෝපකාරී වනු ඇත. COVID-19 හේතුවෙන් ඇති වූ බලපෑම් අවම කරගැනීමට ව්‍යාපාර උත්සාහ දරමින් සිටින මේමොහොතේ මෙවැනි තාක්ෂණයන් වැඩි පාරිභෝගික ප්‍රජාවක් ආකර්ෂණය කරගැනීමට නිසැකවම ඉවහල් වනඅතර, මෙමගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගැනීමෙන් අනතුරුව ඉතාමත් පහසුවෙන් ගෙවීම් කිරීම සඳහා විකල්ප ක්‍රම හිමි වේ.

Christell Luxury Wellness වෙතින් “CHRISTELL” සන්නාමය යටතේ

ශ්‍රීලංකාවට ආවේණික ඖෂධීය ශාකවල ගුණය සමග නවීන විද්‍යාවේ හා තාක්ෂණයේ මහිමය එක්තැන් කරමින්, අති සාර්ථක ප්‍රතිඵල ලබාදෙන ආකාරයට “CHRISTELL” නිෂ්පාදන නිපදවා තිබේ.සමට හෝ පොදුවේ සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය වලින් තොර මෙම නිෂ්තොපාදන සඳහා ගුණාත්මක භාවයෙන් ඉහළ අමුද්‍රව්‍ය භාවිතා කර තිබේ.

Christell Luxury Wellness ප්‍රථම වරට තම “CHRISTELL” සන්නාමය යටතේ සම, හිසකෙස් සහ සිරුර සඳහා රූපලාවණ්‍ය නිෂ්පාදන එකතුවක් හඳුන්වාදී තිබේ.Christell Luxury Wellness යනු ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම රූපලාවණ්‍ය සේවා මධ්‍යස්ථානයකි. මෙම නව නිෂ්පාදන හඳුන්වාදීමේ උත්සවය 2022 ඔක්තෝබර් 29 දින කොළඹෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වුණු අතර,එහිදී ආරාධිතයන්ට මෙම සුවිශේෂී නිෂ්පාදන එකතුව දැක බලාගැනීමටත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමටත් අවස්ථාව ලැබිණි.

The Body Shop නිෂ්පාදන සියල්ල නැවතත් වෙළඳපොළේ

ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය The Body Shop නිෂ්පාදන සියල්ල දැන් නැවතත් වෙළඳ පොලට පැමිණ තිබේ. සම , හිසකෙස් සහ සිරුර සඳහා සුදුසු විශේෂී රූපලාවණ්‍යය නිෂ්පාදන රාශියක් ඒ අතර වේ.

The Body Shop යනු බ්‍රිතාන්‍යය රූපලාවණ්‍යය නිෂ්පාදන සන්නාමයකි. එහි Tea Tree නිෂ්පාදන එකතුව මෙන්ම Vitamin C සහ Vitamin E නිෂ්පාදන මේ වනවිට ලොවපුරා බොහෝ දෙනෙක් අතර ජනප්‍රියවී ඇත. මේ අතරින් ඇතැම් නිෂ්පාදන තවදුරටත් වැඩිදියුණු කර ඇති අතර, මේ සියල්ලම දැන් The Body Shop අලෙවිසැල් වෙතින් මිලට ගත හැකිය.