ලංකාවට 2024 මීළඟ පන්දුවාර 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ සෘජු අවස්ථාව

Share post:

T-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අද (04) පැවති ඔස්ට්‍රෙලියා ඇෆ්ගනිස්තාන තරගයේ දී ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 04කින් පරාජයට පත් කිරීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසිමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය.

හෙට (05) දිනයේ දී එංගලන්ත කණ්ඩායම සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් එක් තරගයක් ක්‍රීඩා කරයි.

මේ අතර මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ මුල් පෙළ ස්ථාන 04 තුල ශ්‍රී ලංකා කණ්ඩායම සිටින බැවින් බැවින් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි 2024 මීළඟ පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ද සුදුසුකම් ලැබීමේ සෘජු අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගෙන තිබේ.

මේ අතර ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට ද හෙට දිනයේ තීරණාත්මක ය. එනම් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේ දී එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කිරීම අතිශය වැදගත් වෙයි.

මේ අනුව ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුව රැඳී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සමඟය.

හෙට තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජය උවහොත් ප්‍රසාද ලකුණු සටහනේ සිය ස්ථානය එංගලන්තය වෙනුවෙන් ලබාදීමට සත්කාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට සිදු වන්නේ මෙවර ලෝක කුසලාන සිහිනය අතහැර දමමිනි.

Related articles

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...

රුසියාව හා චීනය “ඉරානය” බේරගනීද?

ලෝක දේශපාලනය කියන්නේ හරියට "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" වගේ වැඩක්. මිතුරන් හතුරන් වෙනවා, හතුරන් මිතුරන් වෙනවා. හැබැයි මේ හැමදේම...

දෙකක්නායකයන් දෙදෙනෙක් – කතා දෙකක්

දිනය 2011 අප්‍රේල් මස තුන්වැනිදායි. ඒ සති අන්තයේ ඉරිදාවකි අප්‍රේල් මස දෙවැනිදා, මුම්බායි හි වන්කඩේ පිටියේ දී ලෝක කුසලාන...