TRI-ZEN ගැනුම්කරුවන්ට ශාරියා සම්ප්‍රදායට අනුකූල මූල්‍ය පහසුකම්

Share post:

ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම (John Keells Properties – JKP),HNB ඉස්ලාමික් බෑන්කින් (HNB Islamic Banking) සමග එක්වී, TRI-ZEN නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගැනුම්කරුවන් වෙනුවෙන් ශාරියා සම්ප්‍රදායට අනුකූල මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මෙමගින් ගැනුම්කරුවන්ට විකල්ප බැංකුකරණ ක්‍රමවේදයක් වන ඉස්ලාමික බැංකුකරණයඔස්සේ, තරගකාරී අනුපාත යටතේ මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකිවනු ඇත.

කුලිය පදනම් කරගත් ආයෝජන ක්‍රමවේදයක් වන “Diminishing Musharakah” සංකල්පය ඔස්සේ මෙහිදී ගැනුම්කරුවන් වෙත මූල්‍ය පහසුකම් පිරිනැමේ. මෙහිදී සිදුවන්නේ බැංකුව සහ පාරිභෝගිකයා එක්ව අදාළ වත්කම වෙනුවෙන් ආයෝජනය කිරීම වනඅතර, මෙය පොලිය පදනම් කරගත් ක්‍රමයක් නොවන නිසා, තම ආගමික විශ්වාසයන් අනුව පොලිය පදනම් කරගත් සේවාවන් ලබාගත නොහැකි ගැනුම්කරුවන්ට මෙය අගනා විකල්පයක් වනු ඇත.

“රටේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් ලෙස, ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම සෑම විටම පාරිභෝගිකයන් වෙනුවෙන් ආකර්ෂණීය නව මූල්‍ය විසඳුම් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.මේආකාරයට ශාරියා සම්ප්‍රදායට අනුකූල මූල්‍ය විසඳුම් හඳුන්වා දීම සඳහා අප හවුල්කාරීත්වයකට එළඹුණේ ප්‍රථම වතාවටයි. ඒ වෙනුවෙන් HNB ඉස්ලාමික් බෑන්කින් වැනි ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් සතුටක්.” ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගමේ විකිණුම් හා අලෙවි ප්‍රධානී නදීම් ශම්ස් මහතා පැවසී ය.

Related articles

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...

රුසියාව හා චීනය “ඉරානය” බේරගනීද?

ලෝක දේශපාලනය කියන්නේ හරියට "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" වගේ වැඩක්. මිතුරන් හතුරන් වෙනවා, හතුරන් මිතුරන් වෙනවා. හැබැයි මේ හැමදේම...