ගුරු වස්ත්‍රයේ මායාව

Share post:

මේ තියෙන්නෙ ශ්‍රී ලංකාවේ ගුරුවරියට සහ ගුරුවරයාට ඉගැන්වීම ඇතුළු , පාසලේ නිල ක්‍රියාකාරකම් වලට ඇඳීමට පිළිගත් ප්‍රධාන ඇඳුම් ආකෘති කීපයයි.

මෙහිදී පිරිමියාට විශාල තෝරාගැනීම් ප්‍රමාණයක් ලබා දී තිබෙන නමුත් ගැහැණියට ඇත්තේ සාරිය සහ ඔසරිය විතරයි. මෙහි නැති තවත් බොහෝ වෙනස්කම් අවශ්‍ය නම් පිරිමියාට කිරීමට නිදහස තිබෙනවා, ඒ ඒ ප්‍රදේශයේ සහ පාසලේ ස්වභාවයට අනුව,උදාහරණයකට ඩෙනීම් කලිසම ඇඳීම, සෙරෙප්පු, සපත්තු, සැන්ඩ්ල්ස් ආදි විවිධ පාවහන් වර්ග ආදිය. එහෙත් මේ ඕනෑම අවස්ථාවක ගැහැණියට ඇත්තේ සාරිය සහ ඔසරිය සහ ඊට පළඳින පටි ඇති පාවහන් විශේෂය විතරයි. එයින්ද ගුරුවරියන් විශාල ප්‍රමාණයෙන් අදින්නේ සාරියයි, ඔසරිය සාරියට වඩා ළමයි සමග වැඩ කිරීමේදී අපහසුතා ඇති අඩු කාර්යක්ෂම තාවයක් ඇති ඇඳුමක් බව අපි දන්නවා. පාසලට ඔසරිය දිනපතා අඳින්නේ ඉතාම සුළු පිරිසක්.
දැන් අපිට අහන්ඩ ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා.

පළවෙනිම කාරණය තමයි, පිරිමියාට ලබා දීලා තියෙන මෙතරම් විශාල තෝරාගැනීම් ප්‍රමාණය ගැහැණියට ලබාදෙන්න බැරි හේතුව මොකක්ද? අනිත් රසවත් දේ නම්, මෙහි දකුණු කෙළවරේම ඇති ඔසරිය ඇඳි කාන්තාව හැරුණු කොට අනිත් සියළුම පිරිමි සහ කාන්තාව ඉන්දියන් ජාතිකයින්. ඒ අනුව මෙහි අපිට වඩාම අනන්‍යතාවයක් ගැන කතා කරන්නට පුළුවන් වෙන්නේ ඔසරිය ගැන විතරයි. ඒ ඔසරිය සහ සාරිය අතර ඇති සමීප ඥාතීත්වය මොහොතකට අමතක කරලා, සාමාන්‍යයෙන් බොහෝ අය සාරිය සහ ඔසරිය දෙකම හදුන ගන්නේ සාරිය නමින්. මෙහි ඇති සාරිය ඇරුණුකොට සියළුම පිරිමි ගැහැණු ඇඳුම් දකුණු ආසියාවේ බොහෝ කාන්තාවන් සහ පිරිමින් අඳින සාමාන්‍ය ඇඳුමයි. ඒ අනුව අපේ අනන්‍යතාවය සදාචාරය හෝ මොනවා හෝ දෙයක් කතා කරන්නට ඉතුරු වෙලා තියෙන්නේ ඔසරි පොටේ විතරයි, (අනන්‍යතාවය යනු අනිත් අයට නැති අපට පමණක් ඇති දෙයක් නම්, අධ්‍යාපන ඇමතිගේ අවබෝධයට අනුව). මේ ඇඳුම හරහා උත්සාහ කරන්නේ අනන්‍යතාවයක් ඇති කර ගැනීම නම්, අනන්‍යතාවයෙන් අත්පත් කර ගන්ඩ හදන්නේම මොකක්ද ? එයින් ළමයින්ගේ අධ්‍යාපනයට පෞරුෂ වර්ධනයට ආදී අධ්‍යාපනයේ අරමුණු වලට ඇති වාසිය මොනවාදැයි අනන්‍යතාවය තිබිය යුතුය කියන සුසිල් ප්‍රේම්ජයන්ත වැනි අධ්‍යාපන ඇමතිවරු අපිට පැහැදිලි කළ යුතු යි.

මෙතන අතුරු කාරණයක් ලෙස මතක් කරන්න ඕනේ මේ සාරිය හෝ ඔසරිය කියන්නේ ගැහැනියගේ චරිතයට කිසිම සම්බන්ධයක් නැති දෙයක් කියන එක. සියලු දූෂණ වංචා හොර මැරකම් වැඩ කර ඇති ලංකාවේ ගැහැනුන් සාරිය සහ ඔසරිය අඳින් නැති අය කියා කිසිම තැනක තහවුරු වෙලා නැහැ.

ඒ වගේම පාසල් වලට මෙම පිරිමියාට ඇඳුම් තෝරා ගැනීමට ඇති නිදහස ගැහැණියටද සම්පූර්ණයෙන් ලබාදීම හුදෙක් ඇදුම පිළිබඳ කාරණයකට වඩා පාසල හරහා සිදුවන විශාල සංස්කෘතික සමාජ පෙරළියක් බව අපි මතක තබා ගත යුතුයි.

ධනංජය කරුණාරත්න

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...