ගොළු හදවත සහ පුවක් ගස්

Share post:

සුගත් හා දම්මි ගිය ඉස්කෝලෙ ළඟට යමි
මා දකින පුවක් ගස් අත වනනවා දකිමි
විමතියෙන් මම හනික පුවක් ගස් ළඟට යමි
පුවක් වෙනුවට වෙරළු පිරී ඇති බව දකිමි

හදවතක් ගොළු වුණොත් අහිමිවීමෙන් සද්ද
ආදරය උනනකොට කොයි තරම් දුක ඇද්ද
එදා ගොළු හදවතේ නුහුරු නුපුරුදු යුද්ද
දැනුණා ම පුවක් ගස් වුණත් දුක උහුලද්ද

දම්මි වෙන්වුණ දවස සුගත් තනියම වින්ද
සුන්දරත්වය සිඳුණ පපුව යට ගිනි කන්ද
අන්ධකාරය තුළින් පුන්සඳට පෙම් බැන්ද
පුවක් ගහකට වුණත් නොහඬන්න පුළුවන් ද

තරු එළිය පුවක් පිති කිතිකවන වෙලාවේ
පුවක් මල් නටනවැති වෙලී පෙම් අමාවේ
අල්පයෙන් අල්පයට බොඳව යන නිමාවේ
කල්පයකි ඉකිබිඳින විරාමය ගෙනාවේ

දම්මි මිට මොලවගෙන සුගත් වෙත ගෙන ආව
වෙරළු ගෙඩි දන්නවැති ප්‍රේමයේ මායාව
බිම වැටුණ වෙරළු ඇට සීත සඳ දිය නෑව
පුවක් ගස් උඩ පවා අද වෙරළු පලදාව

එදා කරුණාසේන ජයලත් ගෙ හුස්ම පොද
උරාගත් පුවක් ගස් වැඩී ගම්දොරක හිඳ
හඳේ හඳ එළිය හා වෙලී උඩුවියන් බැඳ
වෙරළු ඕනෑ තරම් තියෙන බව කියනවද

කුමාර හෙට්ටිආරච්චි

“ගොළු හදවත” පළමු මුද්‍රණයේ පිට කවරය
Chulabhaya Shantha Kumara Herath ගේ FB පිටුවෙන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...