ශ්‍රී ලංකා පිතිකරුවෝ අවසන් පන්දුවාරයේ ජය ගෙනෙති

Share post:

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම අතර පැවති තරග තුනකින් යුත් එක්දින තරඟාවලිය 1-1 ලෙස සමකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(30) සමත්විය. ඒ තුන්වැනි සහ අවසන් තරඟයෙන් සංචාරක ඇෆ්ගන් කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමින් ය.

පිට පිට තෙවැනි වරටත් කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගන් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදුන් අතර පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් බිඳවැටී ලකුණු 313ක ප්‍රබල ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඔවුන් සමත්විය.එය දකුණු ආසියානු කණ්ඩායමකට එරෙහිව ඇෆ්ගන් කණ්ඩායම ලබාගත් ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව වේ.

එහිදී ඊබ්‍රාහිම් සාර්දාන් ලබාගත් ලකුණු 162 ඇෆ්ගන් ක්‍රීඩකයෙක් එක්දින පිටියේ ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක්විය. ඔහුට අමතරව නජිබුල්ලා සාර්දාන් ලකුණු 77ක් ලබාගත්හ. පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 60කට කඩුලු 3ක් සහ වනිඳු හසරංග ලකුණු 67කට කඩුලු 2ක් බිඳදමන ලදි.

පිළිතුරු ලෙස පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතා හොඳින් ලකුණු ඉලක්කය හඹා ගියද අවසන් මොහොතේදී තරගය තියුණු එකක් බවට පරිවර්තනය විය. එහෙත් අවසන් පන්දුවාරයේ හතරවැනි පන්දුවට අසලංක එල්ලකල හයේ පහර සමගින් ශ්‍රී ලංකාවට කඩුලු 4ක තියුණු ජයක් හිමිවිය.

එහිදී චරිත අසලංක නොදැවී ලකුණු 83ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 67ක්, නායක දසුන් ශානක ලකුණු 43ක් සහ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 31ක් ලබාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී රශීඩ් කාන් ලකුණු 37කට කඩුලු 4ක් බිඳ හෙලීය.

තරඟයේ වීරයා ලෙස චරිත් අසලංක නම්කරනු ලැබූ අතර තරඟාවලියේ විරයා ලෙස තරඟ තුනේදී පිත්තෙන් ලකුණු 278ක් ලබාගත් ඊබ්‍රහිම් සාර්දාන් සම්මාන දිනාගන්නා ලදි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...