‘දීපචේල්වන්’ තවදුරටත් සිංහල සාහිත්‍යයටද දුර නැත

Share post:

දීපචේල්වන් (Theepachelvan Piratheepan) යනු ලංකාවේ දෙමළ සාහිත්‍යයේ සුවිශේෂී ස්ථානයක් සලකුණු කළ සාහිත්‍යකරුවෙකි. ඔහු තවදුරටත් සිංහල සාහිත්‍යයටද දුර නැත. ‘භයඟරවාදි’ (ත්‍රස්තවාදියා) නවකතාව මෑතකදී ඔහු රචනා කෙරූවකි. පෙර සතියේ ඔහුට CID යෙන් දුරකථන ඇමතුමක් පැමිණෙන අතර ඔවුන් එම නව කතාව ගැන සැක කරන බවත් එම නවකතාවේ පිටපතක් ඔවුන් වෙත එවන බවත් දැනුම් දුන්හ. මේ බව පාර්ලිමේන්තුවේ පවා සඳහන් වුයේ මෙලෙස සාහිත්‍යට රජය විසින් එල්ල කරන බලපෑම තවත් කෘති ඇතුළුව සඳහන් කරමිනි. අද දින ඔහුව කිලිනොච්චි ශාඛාවට කැඳවූ CID ය ඔහුගෙන් ප්‍රශ්න කරමින් කියා සිටියේ එම නවකතාව හරහා කොටි සංවිධානය නැවත ගොඩනගන්න උත්සාහ කරන බවකි.

එම නවකතාව යාපනය විශ්ව විද්‍යාලයේ සිදු වූ ශිෂ්‍ය ඝාතන කේන්ද්‍ර කරගනිමින් යුද්ධයට සෘජුව මුහුණ දුන් තරුණයෙකුගේ චරිතයක් (සත්‍ය චරියක් නොව) හා ඔහුගේ ජීවිතය සුවිශේෂී සිදු වීම් සහ ලංකාවේ දේශපාලන සන්දර්භය ගැන සඳහන් නව කතාවකි. මෙහි වාර්ගික එකග්‍රතාවයට අදාළ ඕනෑතරම් අදහස් සඳහන් වන විට ද, චෝදනාව වුයේ එය ත්‍රස්තවාදය ඇතිකරවන්නක් වන බවයි.

සාහිත්‍යය යනු සාහිත්‍යයම වේ. කලාව යනු කලාවම වේ. එහි මතවාද, දෘෂ්ටිවාද තිබිය හැකිය. සත්‍ය ද තිබිය හැකිය. එසේම කල්පිතය ද තිබිය හැකිය. ලංකාවේ සන්දර්භය තුළ බලයැති පාර්ශව හරහා සිදු කළ හිංසනයට වඩා යමක් කිසිසේත්ම සාහිත්‍යය තුළ තිබිය හැකිද?

තවදුරටත් උතුරත් දකුණත් යනු එකක් නොව දෙකක් බව නැවත නැවත කියාදෙමින් තිබේ. දෙමළ ජනවර්ගයේ ම වුවද ඔහු දකුණේ ජීවත් වන්නෙක් නම් සහ උතුරේ හෝ නැගෙනහිර හෝ කඳුකරයේ ජීවත් වන්නෙක් නම්, දක්වන සැළකිලි අතර පැහැදිළි වෙනසක් තිබෙනු ඇත. බලපෑම් කරන පාර්ශවය සහ ඒවා ගැන නොසැලකිල්ලක් දක්වන සියලු දෙනා එහි කොටස්කරුවන් නොවේද?

යමක් විචාරය කරනවිට සහ නිර්මාණයක් සිදු කරන විට අනන්‍යතාවයේ අර්බුදය දිගින් දිගටම තඩි පොල්ලකින් පහර දෙනු ඇත. එය කෙතරම් ද කියනවානම් දීපචේල්වන් වැනි අයව CID යට කැදවිය හැකිය. දෙමළ කෘතියක් සිංහලට පරිවර්තනය වී, දොරට වැඩීමේ දී අහම්බෙන් CID යෙන් අමුත්තන් පැමිණිය හැකිය. කිසිම Negotiation එකකට යෑමට අවකාශයක් වත් විවෘත නොකර අධිපතිවාදීව, සිනමා කෘතියක වුවද ජීවය වාරණය කළ හැකිය.

සිවලිංගම් අනූ (fb)

16.06.2024

Related articles

ඔබ ශක්තිමත්ව ගොඩනැගීම තෝරාගත්තොත්, ඔබේ අනාගතය කඩාබිඳ දමන්න ව්‍යසනයකට කවදාවත්ම ඉඩක් නෑ..’

‘පොළව දෙදරද්දි, මහා මුහුදු රැළි නැගෙද්දි, විශාල බිල්ඩින් බිම වැටිලා සමතලා වේවි. ඒත් අපේ බලාපොරොත්තු එහෙම වෙන්නේ නෑ’...

“යමකින් ජීවිතය ගලවා ගත් පමණින් ඔබ ශක්තිමත් කෙනෙක් වෙන්නේ නැහැ”

වයස අවුරුදු 12 දී පිරිමි ළමයෙක් ඇයව කැලයට එක්කගෙන ගියා. පිරිමි ළමයි දුසිමක් විතර ඇය එනකන් කැලේ රැකගෙන...

ලංකාවෙ මිනිස්සු හරිම හොඳ අය – (ඔස්ට්‍රේලියානු සංචාරක කතක්)

(නුවරඑලිය නගරය පිරිසිදු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ඔස්ට්‍රේලියානු සංචාරක කතක්) සුනාමිය වෙලාවෙ අනිත් පලාත්වල අය අපිට පිහිට වුන හැටි මතකයි....

ඇනා බර්න්ස් කියන්නේ ලේඛිකාවක්ම නෙමෙයි ඇය අප්‍රතිහත ධෛර්යයේ සංකේතයක්

දරුණු කොන්දේ අමාරුව තියාගෙන හිසට වහලයක් නොමැතිව, කුසගින්නට හරියට ආහාරයක් නැතුව ඇය ලිව්වා. ඒ පොතට බුකර්, ඩබ්ලින් සම්මාන...