‘දීපචේල්වන්’ තවදුරටත් සිංහල සාහිත්‍යයටද දුර නැත

Share post:

දීපචේල්වන් (Theepachelvan Piratheepan) යනු ලංකාවේ දෙමළ සාහිත්‍යයේ සුවිශේෂී ස්ථානයක් සලකුණු කළ සාහිත්‍යකරුවෙකි. ඔහු තවදුරටත් සිංහල සාහිත්‍යයටද දුර නැත. ‘භයඟරවාදි’ (ත්‍රස්තවාදියා) නවකතාව මෑතකදී ඔහු රචනා කෙරූවකි. පෙර සතියේ ඔහුට CID යෙන් දුරකථන ඇමතුමක් පැමිණෙන අතර ඔවුන් එම නව කතාව ගැන සැක කරන බවත් එම නවකතාවේ පිටපතක් ඔවුන් වෙත එවන බවත් දැනුම් දුන්හ. මේ බව පාර්ලිමේන්තුවේ පවා සඳහන් වුයේ මෙලෙස සාහිත්‍යට රජය විසින් එල්ල කරන බලපෑම තවත් කෘති ඇතුළුව සඳහන් කරමිනි. අද දින ඔහුව කිලිනොච්චි ශාඛාවට කැඳවූ CID ය ඔහුගෙන් ප්‍රශ්න කරමින් කියා සිටියේ එම නවකතාව හරහා කොටි සංවිධානය නැවත ගොඩනගන්න උත්සාහ කරන බවකි.

එම නවකතාව යාපනය විශ්ව විද්‍යාලයේ සිදු වූ ශිෂ්‍ය ඝාතන කේන්ද්‍ර කරගනිමින් යුද්ධයට සෘජුව මුහුණ දුන් තරුණයෙකුගේ චරිතයක් (සත්‍ය චරියක් නොව) හා ඔහුගේ ජීවිතය සුවිශේෂී සිදු වීම් සහ ලංකාවේ දේශපාලන සන්දර්භය ගැන සඳහන් නව කතාවකි. මෙහි වාර්ගික එකග්‍රතාවයට අදාළ ඕනෑතරම් අදහස් සඳහන් වන විට ද, චෝදනාව වුයේ එය ත්‍රස්තවාදය ඇතිකරවන්නක් වන බවයි.

සාහිත්‍යය යනු සාහිත්‍යයම වේ. කලාව යනු කලාවම වේ. එහි මතවාද, දෘෂ්ටිවාද තිබිය හැකිය. සත්‍ය ද තිබිය හැකිය. එසේම කල්පිතය ද තිබිය හැකිය. ලංකාවේ සන්දර්භය තුළ බලයැති පාර්ශව හරහා සිදු කළ හිංසනයට වඩා යමක් කිසිසේත්ම සාහිත්‍යය තුළ තිබිය හැකිද?

තවදුරටත් උතුරත් දකුණත් යනු එකක් නොව දෙකක් බව නැවත නැවත කියාදෙමින් තිබේ. දෙමළ ජනවර්ගයේ ම වුවද ඔහු දකුණේ ජීවත් වන්නෙක් නම් සහ උතුරේ හෝ නැගෙනහිර හෝ කඳුකරයේ ජීවත් වන්නෙක් නම්, දක්වන සැළකිලි අතර පැහැදිළි වෙනසක් තිබෙනු ඇත. බලපෑම් කරන පාර්ශවය සහ ඒවා ගැන නොසැලකිල්ලක් දක්වන සියලු දෙනා එහි කොටස්කරුවන් නොවේද?

යමක් විචාරය කරනවිට සහ නිර්මාණයක් සිදු කරන විට අනන්‍යතාවයේ අර්බුදය දිගින් දිගටම තඩි පොල්ලකින් පහර දෙනු ඇත. එය කෙතරම් ද කියනවානම් දීපචේල්වන් වැනි අයව CID යට කැදවිය හැකිය. දෙමළ කෘතියක් සිංහලට පරිවර්තනය වී, දොරට වැඩීමේ දී අහම්බෙන් CID යෙන් අමුත්තන් පැමිණිය හැකිය. කිසිම Negotiation එකකට යෑමට අවකාශයක් වත් විවෘත නොකර අධිපතිවාදීව, සිනමා කෘතියක වුවද ජීවය වාරණය කළ හැකිය.

සිවලිංගම් අනූ (fb)

16.06.2024

Related articles

“අපි හැමෝම තේ කොළ වගේ ඈන්මරී. උණුවතුරෙ පැහෙනකං තේ කොළ දන්නේ නෑ තමන්ට තියෙන හැකියාව.”

උක්ත උපුටනය විරාජිනී තෙන්නකෝන් නම් ලියන්නිය විසින් වැවූ කැමෙලියා දල්ලකින් කඩා ගත්තකි. උණූවතුරේ පැසෙන්නා වූ තේ කොළ මේ...

“ඔව්, මං සරාගිකයි. රාගික සිතුවිලි වැඩියි.” ‘ප්‍රේමයේ මහඇදුරු’ පටන් ගන්නෙ එහෙම

"මනෝවිද්‍යාත්මකව ගැහැනිය ඒක පුරුෂ නැහැ. බහු පුරුෂයි. පිරිමියා ඒක භාර්යා නැහැ. බහු භාර්යායි. කිසිම පිරිමියෙක් කවමදාක්වත් එක ගැහැනියකගෙන්...

පාස්කු ප්‍රහාරය ‘සිදු කර‘ – ‘මරා දැමූ‘ සාරාගේ කතාව !

2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කෙරිණි. තවදුරටත් එය සිදු විය කියන්නට නොහැකිය. එය සැලසුම් සහගත...

ගිනිගන්නා ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ හමුවේ මෝදිගේ අනාගතය !

අසල්වැසි ඉන්දියාවේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38-40 ඉක්මවා ඇති බව වාර්තා වේ. ඒ නිසා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ජනතාව පසුවන්නේ අධික...