2024 වර්ෂයේ පුලිස්ටර් ත්‍යාගය ඇමෙරිකානු ජාතික ලේඛිකාවකට

Share post:

පුලිස්ටර් ත්‍යාගය (The Pulitzer Prize / 1950 ) වූ කලී ඇමෙරිකානු නවකතාවක් වෙනුවෙන් වාර්ෂිකව පිදෙන ඉහළම ත්‍යාගය ( සම්මානය ) වන්නේ ය. එසේම මෙම පුලිස්ටර් ත්‍යාගය තවත් අංශයන් කීපයකටම වාර්ෂිකව ප්‍රදානය කරන අතර එහිලා ජාත්‍යන්තර වශයෙන් වැඩි අවධානයක් යොමුවන්නේ වසරේ විශිෂ්ඨතම නවකතාව වෙනුවෙන් පිදෙන ත්‍යාගය කෙරෙහි බව පෙනේ.

Jayne Anne Phillips

ඒ අනුව 2024 වසරේ විශිෂ්ඨතම නවකතාව වශයෙන් පුල්ස්ටර් ත්‍යාගය පසුගියදා හිමිකරගන්නා ලද නවකතාව වනුයේ Night Watch – 2023 යි . ථෙතිහාසික නවකතා ( Historical Fiction ) ශානරයට ගැනෙන මෙම නවකතාව රචනා කරන ලද්දේ ප්‍රකට ඇමෙරිකානු ජාතික ලේඛිකාවක් වන ජෙනී ඈන් පිලිප් ( Jeyne Anne Phillips / B :1952 ) විසිනි .

ජෙනී ඈන් පිලිප් විසින් එදාමෙදාතුර විශිෂ්ට හා සම්මානීය නවකතා කීපයක්ම රචනා කර ඇතිබව පෙනේ. එහිලා Black Tickets -1979/Machine Dreams – 1984 / Motherkind – 2000 / Lake and Termite – 2009 / Quiet Dell – 2019 යනාදී නවකතාව වෙසෙසින්ම කැපී පෙනේ.
ඇමෙරිකානු ජන-සමාජය හා එහි වෙසෙන නානාවිධ මිනිසුන්ගේ හැසිරීම් හා මනෝභාවයන් දෙස තීක්ෂණව තම අවධානය යොමුකර තමාටම සුවිශේෂී වූ අපූරු ලේඛන ශෛලියක් ඔස්සේ එම මිනිස් ජීවිත විවරණය කිරීම මැයගේ සාහිත්‍යයකරණයේ වූ සුවිශේෂීත්වය බව
විචාරකයන්ගේ මතය යි .

Night Watch නවකතාව පිළිබඳව මට කිසිදු සටහනක් තැබීමට නොහැක. මොකද .. ඒ මෙම නවකතාව තවම මගේ පුස්තකාලයට ලැබී නොමැති බැවිනි . නුදුරේදීම මෙම නවකතාව කියවීමට මම මහත් බලාපොරොත්තුවෙන් පසුවෙමි.

The Pulitzer Prize– 2024

පුලිස්ටර් ත්‍යාගය ඉතිහාසයෙන් බිඳක්

පුලිස්ටර් ත්‍යාග පිරිනැමීම ආරම්භ කරන ලද්දේ 1950 බව පෙනේ. එදා මෙදාතුර ඇමෙරිකානු නවකතාව යන විෂයය අරබයා මෙම ත්‍යාගය දිනාගන්නා ලද්දේ ඇමෙරිකානු සාහිත්‍යය විසින් බිහිකරන ලද විශිෂ්ටතම ජාත්‍යන්තර ලේඛකයන් බව පෙනේ. ඔවුන් අතර සාහිත්‍යය පිළිබඳව නොබෙල් ත්‍යාගලාභී අර්නස්ට් මිලර් හෙමිංවේ විසින් රචිත The Pld Man And the Sea නවකතාව වෙනුවෙන් 1953 දී , සාහිත්‍යය පිළිබඳව නොබෙල් ත්‍යාගලාභී විලියම් ෆෝක්නර් විසින් රචිත A Fable නවකතාව වෙනුවෙන් 1955 දී , හාර්පර් ලී විසින් රචිත To Kill a Mockingbird නවකතාව වෙනුවෙන් 1961 දී , විලියම් ෆෝක්නර් විසින් රචිත The Reivers නවකතාව වෙනුවෙන් දෙවැනි වරටත් 1963 දී බර්නාඩ් මැල්මුඩ් විසින් රචිත The Fixer නවකතාව වෙනුවෙන් 1967 දී කැතරීන් ඈන් ෆෝටර් විසින් රචිත Collected Stories කෙටිකතා සංග්‍රහය වෙනුවෙන් 1966 දී , විලියම් සැරෝන් විසින් රචිත The Confessions of Not Turner නවකතාව වෙනුවෙන් 1968 දී සාහිත්‍යය පිළිබඳව නොබෙල් ත්‍යාගලාභී සාවුල් බෙල්ලෝ විසින් රචිත Humboldt’s Gift නවකතාව වෙනුවෙන් 1976 දී නොමන් මිලර් විසින් රචිත The Executioner’s Songs නවකතාව වෙනුවෙන් 1980 දී ජෝන් අප්ඩික් විසින් රචිත Rabbit is Rich නවකතාව වෙනුවෙන් 1982 දී ඇලිස් වෝකර් විසින් රචිත The Color Purple නවකතාව වෙනුවෙන් 1983 දී සාහිත්‍යය පිළිබඳව නොබෙල් ත්‍යාගලාභී ටෝනි මොරිසන් විසින් රචිත Beloved නවකතාව වෙනුවෙන් 1988 දී ජෝන් අප්ඩික් විසින් රචිත Rabbit at Rest නවකතාව වෙනුවෙන් දෙවැනි වරටත් 1991 දී කැරෝල් ස්ඩ්ස් විසින් රචිත The Stone Diaries නවකතාව වෙනුවෙන් 1995 දී ප්ලිප් රෝත් විසින් රචිත American Postoral නවකතාව වෙනුවෙන් 1998 දී යනදී වශයෙන් කැපී පෙනේ.

මගේ සටහන

සාහිත්‍යයකරණයේ නියැලෙන කවරෙකුට වුවද සාහිත්‍යයේ ඉතිහාසය ( A History of Literature ) ද ලොව විශිෂ්ට ලේඛකයන් හා ලේඛිකාවන් පිළිබඳව ද එසේම සාහිත්‍යය සම්මාන උළෙල හා එහි ඉතිහාසය ( Literary Awards & his History ) පිළිබඳව ද තොරතුර දැන-කියා ගැනීම අතිශයින්ම වැදගත් වන්නේ ය . එසේ නොවුනු කල්හි කිසියම් ලේඛකයකුට හෝ ලේඛිකාවකට විශ්ව සාහිත්‍යයේ පුලුල් පරාසයකට යනු නොහැකි වන අතර ඔහු හෝ ඇය එක්තරා රාමුවකට කොටු වන්නේ ය . වර්තමාන මෙරට සාහිත්‍යයේ බහුතර ලේඛක-ලේඛිකාවන් කෙරෙන් ගම්‍යවන ප්‍රබල දුර්වලතාවයන් අතර එයද ප්‍රධාන දුර්වලතාවයක් වන බව කණගාටුවෙන් වුවද සදහන් කරනු වටී.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...