2024 වසරේ හොඳම ප්‍රබන්ධ කතාව ගනේෂනාදන්ගේ ‘Brotherless’

Share post:

ඇය හඳුන්වා දෙන්නට හේතුව, ඇගේ දෙවන නවකතාව ” Brotherless ” 2024 වසරේ හොඳම ප්‍රබන්ධ කතාව ලෙස Carol Shields සම්මානයෙන් සහ Women’s Prize for Fiction ත්‍යාගයේ, පවුම් 30, 000න් සහ Bessie ලෝකඩ ප්‍රතිමාවෙන් පිදුම් ලැබීම.
ලංකාවේ සිවිල් යුද්ධයේ මුල් වකවානුව කේන්ද්‍ර කර ගන්නා Brotherless Night, සිවිල් යුද්ධය හේතුවෙන් බිඳුණු පවුලක් පිළිබඳ කතාවක්. New York Times Editors Choice කෘතියක් ලෙසත් එය නම් කරනු ලැබුණා.

ඇගේ පළමු නවකතාව Love Marriage, වොෂින්ටන් පෝස්ට් බුක් වර්ල්ඩ් හි හොඳම කෘතිය- 2008 ලෙස නම් කරනු ලැබුණා සේම, ” Orange Prize ” සඳහා ද දිගුලේඛනගත වුණා. ශ්‍රී ලංකාවේ උතුරත් අමෙරිකාවත් පදනම් කර ගනිමින් ගෙතුණු එය Barnes and Noble Discover නව ප්‍රබන්ධ රචකයන් ගේ ප්‍රශස්තතම කෘතියක් වශයෙනුත් තේරුණා.

Women’s Prize for Fiction ජූරියේ මේ වසරේ ප්‍රධානී, Monica Ali මෙසේ කියනවා: ” Brotherless Night ” , ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ ඛේදවාචකවලට; ඉතා සමීප සහ වීරකාව්‍යාත්මක සාක්ෂි දරන කාන්තිමත්, සිත්ගන්නාසුලු සහ ප්‍රබල නවකතාවක්. හැඟීම් උද්දීපනය කරන පොහොසත් ගද්‍යයකින් ගනේෂනාදන්, කාලයේ , ස්ථානයේ සහ නොමැකෙන චරිත එකතුවක තීව්‍ර ජවනිකාවක් නිරූපණය කරනවා. සංකීර්ණතාව සඳහා සහ පැහැදිලි දෘෂ්ටියකින් සදාචාර පිරික්සුම සඳහා වන තමාගේ කැපවීම ආකර්ෂණීය කතා කීමේ කලාව සමඟ සුසංයෝග කරමින් ඇය Brotherless Night ඓතිහාසික ප්‍රබන්ධ අතර කැපී පෙනෙන කෘතියක් බවට පත් කර තිබෙනවා. “

ලංකා ⁣දෙමළ සම්භවයක් සහිත ඇමෙරිකානුවක වන ගනේෂනාදන් ගේ කෘතිය ⁣ලාංකික ඩයස්පෝරා සාහිත්‍යය ට කෙරුණු වටිනා එකතු කිරීමක් බව තව තැනක සඳහන්ව තිබුණා. බිඳුණු තල් රුක – Broken Palmayra කෘතියෙන් නිර්මාණාවේශය ලබා ඇති බව කියන Brotherless Night, මෙරට දෙමළ අර්බුදය සහ ආණ්ඩුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විෂය කර ගන්නා බව සඳහන්.
2021 වසරේ බූකර් සම්මානය සඳහා ලේඛනගත වුණු ලාංකික සම්භවයක් සහිත Anuk Arupragasm ගේ A Passage North හි සාකච්ඡා කරන්නේත්, ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වූ පසුව අප ජීවත් වන්නේත් මරණයට පත් වන්නේත් කෙසේද යන කාරණය. බූකර් සම්මාන ලාභී Seven Moons Of Maali Almeida කතා කරන්නෙත් ලංකාවේ සිවිල් යුද ගැටුම.

ගනේෂනාදන් ගේ ජයග්‍රහණය සතුටක් වුවත් ලෝක සාහිත්‍යයේ දස්කම් දක්වන සාහිත්‍යකරුවන් ඇතුළු බොහෝ පිරිසක් පිටුවහල් ලාංකිකයන් ලෙස ජීවත්වීම සම්බන්ධයෙන් හෝ ඔවුනට සාකච්ඡා කරන්නට සිදුව ඇති දේ පිළිබඳ අපට සතුටු විය යුතුද ?

අනුර කේ. එදිරිසූරිය

Related articles

ඔබ ශක්තිමත්ව ගොඩනැගීම තෝරාගත්තොත්, ඔබේ අනාගතය කඩාබිඳ දමන්න ව්‍යසනයකට කවදාවත්ම ඉඩක් නෑ..’

‘පොළව දෙදරද්දි, මහා මුහුදු රැළි නැගෙද්දි, විශාල බිල්ඩින් බිම වැටිලා සමතලා වේවි. ඒත් අපේ බලාපොරොත්තු එහෙම වෙන්නේ නෑ’...

“යමකින් ජීවිතය ගලවා ගත් පමණින් ඔබ ශක්තිමත් කෙනෙක් වෙන්නේ නැහැ”

වයස අවුරුදු 12 දී පිරිමි ළමයෙක් ඇයව කැලයට එක්කගෙන ගියා. පිරිමි ළමයි දුසිමක් විතර ඇය එනකන් කැලේ රැකගෙන...

ලංකාවෙ මිනිස්සු හරිම හොඳ අය – (ඔස්ට්‍රේලියානු සංචාරක කතක්)

(නුවරඑලිය නගරය පිරිසිදු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ඔස්ට්‍රේලියානු සංචාරක කතක්) සුනාමිය වෙලාවෙ අනිත් පලාත්වල අය අපිට පිහිට වුන හැටි මතකයි....

ඇනා බර්න්ස් කියන්නේ ලේඛිකාවක්ම නෙමෙයි ඇය අප්‍රතිහත ධෛර්යයේ සංකේතයක්

දරුණු කොන්දේ අමාරුව තියාගෙන හිසට වහලයක් නොමැතිව, කුසගින්නට හරියට ආහාරයක් නැතුව ඇය ලිව්වා. ඒ පොතට බුකර්, ඩබ්ලින් සම්මාන...