“ආදරයයි, සෙක්ස් කියන්නෙයි දෙකක් මිස එකක් නෙමෙයි. ‘ද පියානෝ ටීචර්’ සිනමාකෘතිය කියවමු.”

Share post:

ආදරය කරනවා කියන්නෙ නිකංම නිකං ලිංගික එකතුවීමක් එහෙමත් නැත්නම් සෙක්ස් කරන එකද? රාගය(lust) කියන්නේ ආදරය ද? ඒක ද ඔය ඔයා සහ මම අපි ඇතුළුව හොයන සැබෑ ප්‍රේමය කියන්නෙ? ප්‍රේමය කියන්නේ රාගය ද? සැබැවින්ම මෙි ආදරය,ප්‍රේමය කියන්නේ, විවාහයට පෙර ඇතිවන ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධ පැත්තයි. ආදරය කියන්නේ අවංකවබව, විශ්වාසය, තේරුම් ගැනීම,එකිනෙකාගේ ගෞරවය රැකීම සහ තවත් බොහෝ දේවල් සමන්විතවන්නක්. නමුත් හැමෝම කියන ඔය නිර්මල ප්‍රේමය වර්තමානය වෙනකොට සහමුලින්ම වෙනස්වෙලා තියෙනවා. සෙක්ස් වීඩියෝස්, උපත් පාලන කොපු, උපත් පාලන පෙති, ලිංගිකත්වය උලුප්පා පෙන්වන සරාගී ජායාරූප වගේ නූතන ලෝකයේ නිෂ්පාදනය කරලා තියෙන අමුද්‍රව්‍ය (materials) එක්ක ආදරය කියන දේ සහමුලින්ම වෙනස් තැනක ස්ථානගත වෙලා තියෙන්නේ. ඒක සිද්ධ වුනේ කාලයාගේ ඇවැමෙන් සිද්ධ වුන හෝමෝ සේපියන්ලාගේ සංජානන විප්ලවයත් එක්ක. පරිණාමයත් එක්ක. ආදරය එක්ක ඉබෙිම එන ලිංගිකත්වය නමැති ගසට පොත්තක් මෙන් බැඳී ඇති සාධකය නැතිව ආදරයකට පැවැත්මක් නැහැ. හැමෝම කියන දෙයක් තමයි රාගයෙන් ලිංගිකත්වයෙන් තොර ආදරයට පැවැත්මක් නෑ කියලා. ඒක මේ යුගයේ සත්‍යයක්. ආදරය තුල රාගය තියෙනවා.

නැත්නම් මිනිස් සමාජය මේ තරම් දුර පවතින්න විදියක් නෑ. හැබැයි ඒ රාගය කියන ආශාවත්(desire) සුන්දරව විදින්න පුලුවන් දෙයක්. ආදරය ඇතුලේ ඉපදෙන රාගය ගොඩක් ප්‍රේමණිය එකක්. එකේ විදින්න දේවල් තියෙනවා. අද බහුතරයක් ආදරය කියලා හොයන්නේ රාගය. අද අපට ආදරය හොයන්න වෙලා තියෙන්නේ රාගය ඇතුලේ. රාගය කියන තාවකාලික තෘප්තියට වඩා ආදරය කියන වචනේ ඇතුලේ සදාතනික තෘප්තියක් තියෙනවා. ආදරය හරහා රාගය ඇතිවිම සාමාන්‍ය දෙයක්. රාගය යනු ලිංගික ස්වභාවයක් සහිත දැඩි ආශාවක්.

“ද පියානෝ ටීචර්” කියන ඔස්ට්‍රියානු චිත්‍රපටය ගෙතිලා තියෙන්නේ ලිංගික ආශාව(sex desire), මර්දනය සහ ආදරය අතර තියෙන බෙදුමි රේඛාව දරුණු විදියට බොඳ වෙන හැටි ගැන. නමුත් චිත්‍රපටය විශ්ලේෂණය කරලා බැලුවොත් මතු කෙරෙන කාරණාව තමයි “ඊර්ෂ්‍යාව” කියන අයහපත් සිතුවිල්ල පහළ වෙන්නෙ කොහොමද? කියලා චිත්‍රපටයේ තවරලා තියෙන විදිය. චිත්‍රපටයේ ඇතුළේ අපිට හමිබවෙනවා චරිත දෙකක්. ඒ ‘එරිකා’ සහ ⁣’වෝල්ටර්’. අති දක්ෂ විදියට පියානෝ වාදනය කරන අවුරුදු 40ක් විතර මැදි වියේ පසුවන ‘එරිකා’ කියන ගුරුතුමිය සහ එයාගේ පියානෝ පන්තියට එන ‘වෝල්ටර්’ කියන ගෝල ශිෂ්‍යයා එක්ක සමිබන්ධයක් පටන් ගන්නවා. පියානෝ වාදනය කරන ගුරුතුමිය මහාචාර්යවරියක්. එයා කසාද බැඳලා නෑ. ඇය ඉන්නේ අම්මා එක්ක. තනියම. ගුරුතුමියට තියෙනවා ලිංගික ආශාවක්(sex desire). එයා කරන්නේ තමන්ගේ ලිංගික ආශාව තෘප්ත කරගන්න සෙක්ස් වීඩියෝස් බලන එක. සෙක්ස් ගැන තියෙන සඟරා හොරෙන් කියවන එක. එයා සෙක්ස් කියන මාතෘකාව ඇතුළේ සෑහෙන අප්ඩෙිටි වෙන්න උත්සාහ කරනවා.

ඉතින් අර පියානෝ වාදනය ඉගෙන ගන්න එන ‘වෝල්ටර්’ කියන ගෝල ශිෂ්‍යයා එක්ක අමුතු විදියේ සමිබන්ධයක් පටන් ගන්නවා මෙි ‘එරිකා’ කියන මහාචාර්යවරිය. අපි නිකං බලාපොරොත්තු වෙන විදියේ දෙන්නම රූමි ගිහින් නිකං සෙක්ස් කරනවා වගේ සරල දේවල් මෙි දෙන්නගේ සමිබන්ධය ඇතුළේ සිද්ධ වෙන්නේ නමි නෑ. එරිකාගේ ලිංගික ආශාව තියෙන්නේ වධ බන්ධනයට ලක් වෙන විවිධ ලිංගික ක්‍රියාකාරකම් ඇතුළේ. හැබැයි ඒකට වෝල්ටර් පොඩ්ඩක්වත් කැමති නෑ. එරිකා කෙලින්ම වොල්ටර්ට තමන්ගේ තියෙන වේදනාවත් එක්ක එන සෙක්ස් කිරිල්ල කරන්න කියලා කෙලින් වචනවලින් කියන්න බැරිවුනත්, ලියුම කඩදහිවලින් හරි වෝල්ටර්ට කියන්න උත්සාහ කරනවා. හැබැයි වෝල්ටර් හිතන්නේ එරිකාට තියෙන්නේ පිස්සු රෝගයක් කියලා. ඇත්තටම එරිකාට පිස්සු නෑ. එයාට තියෙන්නේ මර්දනය කරපු ලිංගික ආශාවක්.

වෝල්ටර් හොයන්නේ ආදරය මිසක් එරිකා බලාපොරොත්තු වෙන විදියේ සෙක්ස් කිරිල්ල නෙමෙයි. එරිකා බලාපොරොත්තු වුන ලිංගික ආශාව ඉටු කරන්න වෝල්ටර් අසමත් වෙනවා. අන්තිමට එරිකාගේ ලිංගික ආශාවෙි බලාපොරොත්තු සියල්ලම බිඳ වැටෙනවා. එයාගේ සෙක්ස් ෆැන්ටසිය කුඩු වෙලා යනවා. ‘වෝල්ටර්’ කියන තරුණයාගේ ආදරයත් එහෙමි පිටින් දියවෙලා යනවා. එරිකාට තේරුම් යනවා සෙක්ස් සහ ආදරය කියන්නේ දෙකක් කියලා. එයාට කලකිරෙනවා. එයා පපුවට පිහියෙන් ඇනගෙන තුවාල කරගෙන වෙිදනාව දරාගන්නවා. ඒ පිහි පහර අනින්නේ වෝල්ටර්ට මිසක් එරිකාගේ හදවතට නෙමෙයි කියලා මට හිතෙනවා. එරිකා ආයෙත් අමිමා එක්ක තනිවෙනවා. චිත්‍රපටය දුක්ඛිත විදියට නිමා වෙනවා.

මයිකල් හැනකි නමි අතිවිශිෂ්ට ඔස්ට්‍රියානු සිනමාකරුවා අධ්‍යක්ෂණය කළ ‘ ද පියානෝ ටීචර්’ චිත්‍රපටය 2001 වසරේ පැවති කෑන්ස් සමිමාන උළෙලේදී ‘Grand Prix’ සමිමානය දිනා ගන්නවා. එපමණක් නොව ‘එරිකා’ චරිතය නිරූපණය කළ නිළි ‘ඉසබෙලා හපර්ට්’ සහ ‘වෝල්ටර්’ චරිතය නිරූපණය කළ නළු ‘බෙනොයිටි මැගිමෙල්’ විසින් හොඳම නිළිය සහ හොඳම නළුවාට හිමි කෑන්ස් සමිමානය හිමි කරගන්නවා.

‘ද පියානෝ ටීචර්’ චිත්‍රපටය ඇතුළේ නිරික්ෂණයක් විදියට පේන දෙයක් තමයි සෙක්ස් කියන එක වෙළඳපොළට ඇවිත් මිනිස් හිත කොචිචර දුරට මෙහෙයවලා තියෙනවද? කියලා. ඇත්තටම එරිකාට අර විදියේ තමන් වෙිදනාවට පත් කරගෙන BDSM විදියේ සෙක්ස් කරගන්න තියෙන උවමනාව සඳහා දැඩිව පොළඹවන්නේ පෝර්න් වීඩියෝස් සහ සඟරා. මහාචාර්යවරිය ඒ රහට වැටෙනවා. ආශාව මුදුන පමුණවගන්නාතුරුම ඒ සෙක්ස් විඩියෝ එකේ පෙන්වන ෆැන්ටසි එක ඇතුළේ ගිලෙනවා. අන්තිමට මහාචාර්යවරිය ඒ ෆැන්ටසි එක ඇතුළෙම තව තවත් හිර වෙනවා. මෙි යුගයේ ආදරය හරි සෙක්ස් තියෙන්නේ හරිම සංකීර්ණ තැනක. සෝෂල් මීඩියා ඇතුළේ වැඩිපුරම තියෙන්නේ සෙක්ස් ඇරියස් කවර් කිරීමක්. සෙක්ස් ගැන ලියනවා. කවි ලියනවා. පින්තුර ශෙයාර් කරනවා. සෙක්ස් ගැන ප්‍රබන්ධ හදනවා. සෙක්ස් ෆැන්ටසි හදනවා. හැමෝම ඩිජිටල් මීඩියා ඇතුළේ ලොකු ෆැන්ටසියක ගිලිලා ඉන්න බව නමි පේනවා. හරියට අර ‘එරිකා’ කියන මහාචාර්යවරිය වගේ. හැකි නමි චිත්‍රපටය නරඹන්න කියලා යෝජනා කරනවා. මඟ නොහැර යා නොහැකි විශිෂ්ට චිත්‍රපටයක් තමයි ‘ද පියානෝ ටීචර්’ කියන්නේ.

මලින්ත විතානගේ

Related articles

මහර රැඳවියන් ඝාතන නඩුව ඉවත් කරගැනීම : නීතිපතිගේ හදිසි තීන්දුව පිළිබඳ බරපතළ සැකයක් !

මහර බන්ධනාගාරයේ සිරකරුවන් 11 දෙනකු ඝාතනය කිරීමේ සිදුවීමත්, එය අපරාධයක් බවට කරුණු අනාවරණය වී ඇති නිසා ඊට වගකිවයුතු...

සීෂෙල්ස් නව නීතිපති ධුරයට ශ්‍රී ලාංකික නීතිඥයෙක් !

ශ්‍රී ලාංකික නීතිඥයකු වන වින්සන්ට් පෙරේරා සීෂෙල්ස් රාජ්‍යයේ නව නීතිපතිවරයා වශයෙන් දිවුරුම් දෙයි.අද (16) ඔහු එරට රාජ්‍ය මන්දිරයේදී...

‘ඉඳුදුන්න නැමුන තැන’ – උපුල් සේනාධිරිගේ

ජීවිතය කරනුයේ ඔහුගෙන් එකිනෙක පැහැර ගැනීමය. පළමුව එසේ පැහැරගන්නා ලද්දේ ඔහුගේ මසැසය. එවිට හේ සැරයටියද ගෙන ගමන් ඇරඹීය....

වසරේ චිත්‍රපටය ලෙස හැදින්විය හැකි ‘The Substance’ (2024)

වසරේ චිත්‍රපටය විදිහට හඳුන්වන්නට පුළුවන්. නරඹන්නට තෝරගන්න ප්‍රධානතම හේතුවක් විදිහට අධ්‍යක්ෂකවරියව නම් කළ හැකියි. Revenge (2017) කියන අපූරු...