තීරණාත්මක තරගය

Share post:

2024 T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තීරණාත්මක තරගය හෙට පැවැත්වෙනවා.
හෙට මෙරට වෙලාවේන් පෙරවරු හයට පමණ ඩලස් හිදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය පැවැත්වීමට නියමිතයි.
බොහෝ දුරට ශ්‍රී ලංකාව සුපිරි අට වටයට සුදුසුකම් ලබනවා ද නැත් ද යන්න තීරණය කෙරෙන්නේ හෙට තරගයේ ප්‍රතිඵල මතයි.
එම නිසා හෙට තරගය අනිවාර්යෙන්ම ජයගත යුතු එකක්.
මෑතක දී සිට රසිකයන්, ක්‍රීඩකයන් සහ මාධ්‍ය විසින් ද ගොඩනගා තිබෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ එදිරිවාදීකම නිසා හෙට තරගය දෙපිලටම අතිරේක පීඩනයක් ගෙන ඒවි.
එමෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරනා D ඛාණ්ඩයේ වැඩිම මාධ්‍ය සහ රසික අවදානයක් හිමි වන තරගය වන්නේත් මේ තරගය.
බංග්ලාදේශ කණ්ඩායම මෑතක දී පරාජයන් කිහිපයක් ලැබූවත්, ඔවුන් ආසන්න කාලයේ ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණ වාර්තා කළා.
එම නිසා කිසිවිටෙකත් ඔවුන් අවතක්සේරු කළ නොහැකියි.
යම් හෙයකින් හෙට තරගය ශ්‍රී ලංකාව පරාජය වුවහොත්, ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමන නොනිල වශයෙන් හෙටින් අවසන් වෙනවා.
තරගය ජයගතහොත් බොහෝ විට ශ්‍රී ලංකාවට සුපිරි අට වටයේ ස්ථානයක් වෙන්වේවි.
හෙට තරගය පැවැත්වෙන ඩලස් තනතීරුව, නිව්යෝර්ක් තනතීරුවෙන් වෙනස්.
තරගාවලියේ ආරම්භක තරගය වූ කැනඩා – ඇමෙරිකා තරගය පැවැත්වුණේ එහිදීයි.
එහිදී කණ්ඩායම් දෙකම ලකුණු 190 ඉක්මවා ලබා ගත්තා.
එම නිසා මෙම තනතීරුව ලකුණු තිබෙන එකක් යැයි නිගමනය කළ හැකියි.
හෙට තරගයට ශ්‍රී ලංකාව පැත්තෙන් දුෂ්මන්ත චමීර ක්‍රීඩා කිරීමේ ඉඩ වැඩියි.
බොහෝවිට නුවන් තුෂාර හෝ මතීෂ පතිරණ වෙනුවට චමීර කණ්ඩායමට එක්වේවි.
පළමු තරගයෙත් ශ්‍රී ලංකා පන්දු බලඇණියේ ගැටලුවක් තිබුණේ නැහැ.
ශ්‍රී ලංකාව තරගය පරාජය වූයේ පිතිකරණයෙන්.
හෙට තරගයේදීත් වගකීම සහ පීඩනය එල්ල වන්නේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට බව නිසැකයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරුවන් මෑතක පැවැති තරග වල බංග්ලාදේශයට එරෙහිව සාර්ථක වුණා.
විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස් බංග්ලාදේශයට එරෙහිව හොඳින් දස්කම් දක්වා තිබෙන පිතිකරුවෙක්.
හෙට තරගයේ දී ඔහුට අතිරේක වගකීමක් පැවරෙන බවට සැකයක් නැහැ.
කවුරුන් කුමක් කීවත් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට පැමිණියේ විශාල ජයග්‍රාහී විභවයක් ද (Potential) රැගෙනයි.
එවැනි කුසලතා සහිත කණ්ඩායමකට සුපිරි අට වටය අහිමි වේ නම් එය ඛේදවාඡකයක්.
ශ්‍රී ලංකාවට හෙට තරගය ජයගත හැකියි. ශ්‍රී ලංකාව හෙට තරගය ජයගත යුතුයි.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

  2024. 06. 07

Related articles

අපිට සහයෝගය දෙන්න : අපිට එකතු වෙලා මේ තත්ත්වයට මුහුණදෙන්න පුළුවන් – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්

පවතින අසීරු තත්ත්වය පාලනය කරගැනීම සඳහා සහාය දෙන ලෙසත්, එකට එක්ව ඊට මුහුණ දිය හැකි බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්...

මිහිඳු හිමි දෙවැනි පෑතිස් රජුට දුන් සාංචි අනුරුවේ පරීක්ෂණ හමස් පෙට්ටියේ !

ලංකාවේ තිබූ වටිනාම පුරාවස්තු කිහිපයෙන් එකක් වන ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත්, මිහිඳු හිමි මෙරටට රැගෙන ආ බව...

යුද සමයක මානුෂීය නායකත්වය !

ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් වන IRINS Dena ගිලීයෑමෙන් පසු මානුෂීය ආධාර සැපයීමේදී රජය නිවැරදි තීරණයක් ගත් බවට...

ඇමෙරිකන් අධිරාජ්‍යයේ සංකේතීය අවසානය….

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් තෙල් අරන් යන්න දෙන්නේ චීන යුවාන්වලට විතරයි කියල ඉරානේ දැන් කියනවා. ඒකට ප්‍රතිපක්ෂව හෝමුස් නිදහස්...