‘ශාබිදික සිනමාවක් ඔස්සේ දැනෙන යුධ කමිපනය හරහා මරණයට සවන් දෙමු. – The zone of interest

Share post:

යමෙකු විසින් යටිගිරියෙන් මොරදීම, කෑ ගැසීම, මර ළතෝනි දීම තුළ ඇත්තේ දැඩි ආතතිය වඩවන කමිපනසගහත තත්ත්වයකි. එය අනෙක් පසට අල්පෙනෙත්තක් වුවද බිමට වැටෙන ශබිදය දෙසවනට ඇහෙන තරමට දැඩි නිහඬතාවයක් බවට පත් වූ විටත් ආතතියක් නිරායාසයෙන්ම නිර්මාණය වෙයි. නිහඬ සිනමාවට ශබිදය පැමිණි විට සියල්ල වෙනස් විය. 1927 දී හොලිවුඩයෙන් ලොව ප්‍රථම ශබිදය සහ රූප සමඟ සමපාතව පැමිණි ‘ජෑස් සිංගර්’ නමි ප්‍රථම කතානාද චිත්‍රපටය බිහි විය. ශබිදය චිත්‍රපටයට අත්‍යාවශ්‍ය සාධකයකි.

ශබිදය අපට අතිශය වැදගත් ය. ශබිදය අපගේ ජීවිතයේම අවයවයකි. ආත්මීය ගනුදෙනුවකි. ශ්‍රවණය හරහා අපට ලැබෙන සියුමි ශබිදවල සිට කන් බෙරය පැලෙන අන්දමෙි ඉහළ පරාසයක ශබිද ඇසෙයි. දෙසවන සියුමි ය. දෙසවනට දරාගත ගත නොහැකි ශබිද පරාසය ඉක්ම වූ විට කන් බෙරය විනාශ වී යයි. දෙසවන මෙන් ජීවිතය ද සියුමි ය. ජීවිතයට දරා නොහැකි දේවල් පැමිණි විට විනාශයට පත් වෙි. මරණය කරා පැමිණෙයි. ඇස් පියාගත්විට ශ්‍රවණය භාවනාවකි. ඒ නමුත් ‘The Zone Of interest’ නමි සමිමාන පිට සමිමාන ලැබු බ්‍රිතාන්‍ය චිත්‍රපටයට ශ්‍රවණය කිරීම භාවනාවක් නමි නොවෙි. එය සුන්දර එකක්ද නොවෙි. එය ගෙනදෙන්නේ දැඩි කම්පනයකි. ජීවිතය පිළිබඳ කලකිරවනසුළු කමිපන දහරාවකි.

දෙවන ලෝක යුධ සමයේ ජර්මානුවන් ලක්ෂ්‍ය සංඛ්‍යාත යුදෙවිවන් ගෑස් කුටීරවල දමා මරා දමමින්, අමු අමුවෙි පුළුස්සා දැමූහ. ‘Zone Of Interest’ චිත්‍රපටය තුළ අප දකින අවුෂ්විටිස් වධකාගාරය අසල පිහිටා ඇති ජර්මානු හමුදාවෙි අණ දෙන නිළධාරියාගේ සුඛෝපභෝගී පවුල වෙසෙන නිවස පිළිබඳ දකින රූප පෙළ ඔවුන් කෙරෙහි වෛරයක් ඇති කරයි. සුඛෝපභෝගී නිවාසය දෙවිලොවකි. එහි එපිට අපායකි. විසිතුරු මල් සහිත පාත්ති, එළවළු වවා ඇත්තේ යුදෙවිවන්ගේ මිනී අළු මතින් බව අපට දැනෙන්නේ ඉතිහාසය කියවා ඇති නිසා ය. ඒ මිනී අළු මල් පාත්තිවලට පොහොර වූ බව චිත්‍රපටය අපට සෘජුව ප්‍රකාශ නොකළද එය යුදෙව්වන් මරා දැමු ආකාරය පිළිබඳ ලියු ඉතිහාසය තුළින් අපි දනිමු.

ඇත්තටම ඇයි ජර්මානුවන් විසින් මෙි තරමි යුදෙවිවන් සමඟ බද්ධ වෛරයක් ඇති කර ගත්තේ? මිලියන ගණනක් යුදෙව්වන් ගෑස් කාමරවල සිරකළ මරණයට පත්කිරීමෙන් අනතුරුව, මිනී කඳු ගණන් ගොඩ ගසා අමු අමුවෙි පුළුස්සා දමන්නට තරමි වෛරයක් ඇති වුයේ මන්ද? ජර්මානුවන් සිතු පරිදි යුදෙවිවන් විසින් ඔවුන්ගෙන් කුමක් හෝ වටිනා දෙයක් සොරාගෙන ඇති බව ජර්මානුවන්ගේ අවිඥානික සිතේ පැළදියමි වීම මෙම ප්‍රචණ්ඩත්වයට හේතු වූ බවයි. එමෙන්ම ජර්මානුවන් විසින් ඔවුන්ගේ ගැහැණුන් යුදෙවිවන් සොරකමි කිරීම වඩාත් ප්‍රචණ්ඩත්වයට පත් වීමට හේතු වු බවයි.

ගඩොලින් තැනු ගොඩනැගිලි තුළ අමු අමුවෙි යුදෙවි සිරුරු දැවෙති. චිත්‍රපටයේ පසුබිමි ශබිදවලට කණ ළං කළවිට යුදෙවිවන් කෑ මොර දෙන ශබිද, ළතෝනි හෝ ගෑස් උදුන්වලින් දැවෙන ශබිද, යන්ත්‍ර සුත්‍රවල ශබිද ඇසෙයි. එහෙත් චිත්‍රපටයේ කිසිදු තැනක එසේ වධබන්ධනයට ලක්වන රූප අපට කිසිවිටකත් පෙන්වන්නේ නැත. එය ශබිදවලින් අපි සංකල්ප රූප ලෙස මවාගන්නෙමු. ‘Zone Of Interest’ චිත්‍රපටය නරඹන්නට නමි දෙවන ලෝක යුධ ඉතිහාසය කියවා තිබිය යුතුමය. එසේ නොවුනහොත් ‘Zone Of Interest’ චිත්‍රපටයට සවන් දීම නිශ්ඵල වෑයමක් බවට පත්වනු ඇත. ‘The Zone of Interest’ චිත්‍රපටයේ අප දකින ඉතිහාසය මඟින් අපට ඇසෙන්නට සලස්වන්නේ මිනී පුළුට ගඳින් නික්මුණු කෑදර ලෝක යුද්ධයේ ප්‍රතිඵලයි.

මලින්ත විතානගේ

Related articles

පුටින්ගේ රුසියානු – යුක්රේණ යුද්ධය, නෙතන්යාහුගේ ඉරාණ-ඊශ්‍රායල යුද්ධය!ජාත්‍යන්තර නීතිය කඩ කර ඇත්තේ කවු ද?

ඊශ්‍රායල-ඇමරිකා සහ ඉරාණය අතර යුද්ධය ලෝකයේම නව දේශපාලනික කතිකාවතක් නිර්මාණය කෙරෙමින් පවතී. එක් අතකින් නූතන ගෝලීය ලෝකයේ අපගේ...

අධිරාජ්‍යවාදයේ දඩ බල්ලෝ…

ස්ත්‍රීන් සහ දරුවන් මරාදමමින්, පාසල් සහ රෝහල් වලට බෝම්බ දමමින්, ජනාකීර්ණ නගර සමතලා කරමින්, බෝම්බවලට ගොදුරුවූවන් සමඟ සෙල්ලම්...

මානව සංහතියේ අන්තය සමගින් එළැඹෙන AI යුගය කෙබඳුද ? (Human Edge in the AI Age )

2025 දෙසැම්බර් මස අතිශයින්ම වැදගත් පොතක් එංගලන්තයේ ලංඩන් නුවර පිහිටි පෙන්ගුයින් රැන්ඩම් නිවස ( Penguin Random House )...

අපර්ණා තම පරිණතභාවය පෙන්නුම් කළ චිත්‍රපටයක් Yugant (1995)

Yugant (1995)අපර්ණා සෙන් යනු තම නිර්මාණ දිවිය තුල විවිද වූ අත්හදා බැලීම් සිදු කළ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ බහුතරයක් චිත්‍රපට...