ලාංකීය සිනමාවේ පෞරුෂත්ව නළුවා

Share post:

රඟපෑම නොහොත් රංගනය යනු කිසියම් නළුවෙකු විසින් ‘කථාන්දරයක්’ කීමට යම් චරිතයකට අනුගත වීමෙන් කරනු ලබන ක්‍රියාකාරකමකි. ෂේක්ස්පියර් ‘ජීවිතය රඟමඩලකි, අප සැවොම එහි රඟන්නෝ වෙති’ යැයි පැවසුයේ සෑම මිනිසෙකුගේම ජීවිතය ‘කතාන්දරයක්’ බවත්, එම පුද්ගලයා විසින් කරනු ලබන්නේ තම කතාව රඟ දක්වා පෙන්වීම බවත් නිසා විය යුතුය. එම නිසා අපි හැමෝම අඩු වැඩි වශයෙන් නළු නිළියෝ වෙමු. නළුවන් (හෝ නිළියන්) යන විශේෂිත පදයෙන් හඳුන්වලු ලබන වෘත්තිකයන් පිරිසක් අප අතර සිටිති. මේ අය නරඹන්නන් අතර ජනප්‍රිය ය. එම නිසාම ඔවුන් සමහරක් ‘තාරුකා’ බවට උත්කර්ෂයට නංවනු දකින්නට ලැබේ. රවින්ද්‍ර රන්දෙණිය ද අපේ සිනමාවේ එවන් තාරුකා ගුණයෙන් යුතු රංගන ශිල්පියකි.
රංගන ශිල්පීන් ප්‍රධාන වශයෙන් වර්ග හතරකට බෙදිය හැක. පෞරුෂත්ව නළුවන් (Personality Actors); තමන්ගේම පෞරුෂයකින් අදාළ චරිතයට පණ පොවන අය, නිර්මාණාත්මක නළුවන් (Creative Actors) ; තමන්ගේ පෞරුෂයට පටහැනිව යමින් චරිතය පනගන්වන අය, චරිතාංග නළුවන්(Chameleon Actors); විවිධ චරිත නිරූපණ ( සුළු හෝ ප්‍රධාන) හැකියාව ඇති සහ වෘත්තීය නොවන නළුවන් (Nonprofessional Actors ); කතාවට තාත්විකත්වය එක්කරන අය යනුවෙනි.

මට අනුව රවින්ද්‍ර රන්දෙණිය අයත් වන්නේ Personality Actors ගණයටය. රවින්ද්‍ර රන්දෙණිය ආරෝහ පරිනාහ දේහයෙන් යුතු කඩවසම් පෙනුමැති අයෙකි.

එසේ වුවද මා දන්නා තරමින් අපේ සිනමාවේ පැරණි නළු නිළියන් මෙන් නොව ඔහු රංගනය හදාරා ඇති අයෙකි. තමන්ගේ ජීවන අත්දැකීම් වලින් හටගන්නා අව්‍යාජ හැඟීම් (Authentic Emotions) තුළින් නිරූපණය කරන චරිතය පණ ගන්වන, Konstantin Stanislavski ගේ රංග විධික්‍රමය (Method Acting) තම රංගන ක්‍රමවේදය ලෙස භාවිතා කරන රංගන ශිල්පියකි.

රංගන ශිල්පියකු ලෙස ඔහු සතු මේ ගුණාංග මා හොඳින් දන්නේ වුවද සිනමාකරුවකු ලෙස මගේ නිර්මාණයකට ඔහුව යොදා ගැනීමට හැකිවූයේ එක් වතාවක් පමණි. ඒ මගේ ජීවිතයට පුද්ගලිකවද, සිනමා ජීවිතයට තීරණාත්මකවද බලපෑමක් කළ අක්ෂරය සිනමා පටයේ විශ්‍රාම ගිය මහාධිකරණ විනිසුරුවරයාගේ භූමිකාව නිරූපණය කිරීම සඳහාය. ඉතා සංකීර්ණ මනෝභාවයන්ගෙන් යුතු එම චරිතය නිරූපණය කිරීම සඳහා අපේ සිනමාවේ රවින්ද්‍ර රන්දෙණිය හැර වෙන කිසිවෙකු මගේ සිහියට නොනැගෙයි.

එම සිනමා පටයට අත් වූ ඉරණම ඉතා අවාසනාවන්ත එකකි. එම නිසා එම බැරෑරුම් රංගනය අපේ සිනමා රසිකයින්ට පුළුල් සිනමා තිරයේ දැකබලා ගැනීමට නොහැකි විය. එවැනි අවාසනාවන්ත සිදුවීම් වලින් ගහන අපේ සිනමාව අද මේ තත්ත්වයට හෝ පැවතීම පිළිබඳව සිනමාවට සම්බන්ධ පුද්ගලයින් ලෙස අපි සතුටු වෙමු.

සිය රංග දිවියේ 50 වන වසර සමරන මේ මොහොතේ රවින්ද්‍ර රන්දෙණිය රංගධරයාට සුබ පතමි.

අසෝක හඳගම

Related articles

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...

රුසියාව හා චීනය “ඉරානය” බේරගනීද?

ලෝක දේශපාලනය කියන්නේ හරියට "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" වගේ වැඩක්. මිතුරන් හතුරන් වෙනවා, හතුරන් මිතුරන් වෙනවා. හැබැයි මේ හැමදේම...

දෙකක්නායකයන් දෙදෙනෙක් – කතා දෙකක්

දිනය 2011 අප්‍රේල් මස තුන්වැනිදායි. ඒ සති අන්තයේ ඉරිදාවකි අප්‍රේල් මස දෙවැනිදා, මුම්බායි හි වන්කඩේ පිටියේ දී ලෝක කුසලාන...