”ඉන්දියානු පාපන්දු පිටියේ මිහිදන් නොවූ සදාතනික පුරාවෘත්තය”- Maidaan

Share post:

වර්ෂ 1947 අගෝස්තු 15 වැනි දින ඉංග්‍රීසින් විසින් ඉන්දියාවට නිදහස ලබා දී පිටව ගියද ඉන්දියානුවන්ට අපුරු වටිනා ක්‍රීඩාවක් ඒ වනවිටත් හොඳින් උගන්වා තිබුණි. ඒ පාපන්දු නමි මහඟුසමිපන්න ක්‍රීඩාවයි. කෙටි කාලයක් තුළදී දෙපයින් පමණක් සෙල්ලමි කරන මෙම ක්‍රිඩාව ඉන්දියානුවන් කෙතරමි හොඳින් උගත්තේදයත් ආසියානු මහද්විපයේ පාපන්දු සිංහාසනයට උරුමකමි කීමට ඉන්දියානුවන්ට වැඩි කාලයක් ගතවූයේ නැත. ඉන්දියානු පාපන්දු කණ්ඩායම එදවස හැඳින්වූයේ ‘ආසියාවෙි බ්‍රසීලය’ යනුවෙනි.

ඉන්දියානු පාපන්දු ක්‍රීඩා ඉතිහාසය ලාංකීකයන් වන අපට ද වැදගත් වෙයි. මන්ද නිදහසට පෙර ඉන්දියාව ක්‍රීඩා කළ පළමු ජාත්‍යන්තර තරගය හෙවත් ඉන්දියාව විදේශයකදී ක්‍රීඩා කළ පළමු ජාත්‍යන්තර තරඟය වන්නේ 1933 දී ලංකාවට එරෙහිවයි. එහිදි ගෝල 1-0 ලෙස ලංකාව පරාජය වී ඇත. ඉන්දියානුවන්ට නමි අද තුන් වෙිලටම ක්‍රිකටි ය. නමුත් එදා ඉන්දියානුවන් පාපන්දු වෙනුවෙන් නොකා නොබී සිටි යුගයකි. ඉංග්‍රීසින් ඉගැන්වූ පාපන්දු ක්‍රීඩාවෙන් ආසියාවෙි පාපන්දු ආසියා වන්නට ඔවුන්ට වැඩි කාලයක් ගත වූයේ නැත. එසේ ඉන්දියානු පාපන්දු ඉතිහාසය නිශ්චිත ඓතිහාසික මොහොතක් පිළිබඳ මෙි වසරේ තිරගත වූ ‘Maidaan’ නමැති බොලිවුඩි චිත්‍රපටය තුළ කියැවෙයි. ඒ ඉන්දියානු පාපන්දු ක්‍රීඩා ඉතිහාසය තුළ ස්වර්ණමය අවධිය වන 1951 – 1962 අතර කාල පරිචයයි. එම ස්වර්ණමය යුගයේ වැදගත් චරිතයක් පිළිබඳ ඉන්දියානු පාපන්දු ඉතිහාසය විසින් සාක්ෂි දරති. ඒ ඔහු නමින් ‘සයිඩි අබිදුල් රහීමි’ අසහාය පාපන්දු පුහුණුකරුවා.

‘Maidaan’ චිත්‍රපටය තුළ නිරූපණය වන්නේ ‘සයිඩි අබිදුල් රහීමි’ නමි බුද්ධිමත්, ධෛර්යමත් පාපන්දු පුහුණුකරුවාගේ ගුරුහරුකමි යටතේ ඉන්දියානු පාපන්දු කණ්ඩායම ආසියානු මහද්විපය තුළ දක්ෂතම පාපන්දු කණ්ඩායම බවට පත් වීමෙි කතාන්තරය පිළිබඳවයි. ‘Maidaan’ චිත්‍රපටය ආස්වාදනීය සිනමාපටයක් වන්නේ එහෙයිනි. ඉන්දියානු ක්‍රීඩා ඉතිහාසය තුළ කුප්‍රකට කතාවක් පිළිබඳ ‘Maidaan’ විසින් අපට කියයි. එදවස ක්‍රීඩාව තුළට රිංගාගත් දේශපාලනය සහ එදිරිවාදිකම්, සතුරුකමි පිළිබඳ සත්‍ය සටහනක් තබයි. නමුත් ඒ සියල්ලම පරාජයට පත් කරන්නේ සහයෝගීබව ශක්තිමත් කරන පාපන්දුවයි. පාපන්දු පිටියේ ප්‍රතිවාදීන් සේම පිටියෙන් එපිට සිටින ප්‍රතිවාදීන් පරාජය කළ ‘අබිදුල් රහීමි’ නමි අසහාය මිනිසා ප්‍රමුඛ ඉන්දියානු පාපන්දු පිලේ විජයග්‍රාහී කතන්දරය අප හමුවෙි තබයි.

ඉන්දියානුවන්ගේ අතීත ක්‍රීඩා කෞෂල්‍යයත්, ඔවුන්ට නිතැතින්ම උරුමකමි කියන දේශානුරාගයත් හරි අපුරුවට චිත්‍රපටය තුළ නිරූපණය වෙනවා. මුළු චිත්‍රපටය පුරාවටම අප අත්දකින එදවස ඉන්දියානු පාපන්දුවෙි බලය සහ දේශපාලනය අතර දෝලනය වන මත ගැටුමි සමඟ අබිදුල් රහීමිගේ භූමිකාව පිළිබඳ චිත්‍රපටය කදිමට ස්ථානගත වෙනවා. ඉන්දියාවට රන් පදක්කමක් ගෙන ඒම වෙනුවෙන් අබිදුල් රහීමි සිය දිවියේ හොඳම අඩවිය කැප කළේය. ඔහු සොඳුරු අඥාදායකයෙකි. සිය ආත්ම ගෞරවය ද පසෙක දමා ඉන්දියානු ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් කැප කළ අයුරු පුදුමසහගත ය. එය දුර්ලභ පුද්ගලයකුගේ චරිත ලක්ෂණ කියාපායි.

‘අබිදුල් රහීමි’ චරිතය නිරූපණය කරන්නේ සුප්‍රකට බොලිවුඩි නළු අජේ දේව්ගන් විසිනි. චිත්‍රපටය පුරාවටම අප දකින්නේ ඒ අපුරු මිනිසාගේ චරිතාපදනයයි. අජේ දේව්ගන්ගේ සමිමානනීය රංගනයක් දැක බලාගත් අපුරු මොහොතකි. ‘Maidaan’ අධ්‍යක්ෂණය කළ ‘අමිත් ෂර්මාගේ’ විශිෂ්ට ගණයේ අධ්‍යක්ෂ ආධ්‍යාෂය(Director intention) සළකුණු කළ චිත්‍රපටයක්. චිත්‍රපටයේ තිර රචනය වඩාත් ප්‍රශස්ථ ගණයේ තිර රචනාවක් වන්නේ ‘මෙිරි කොමි’ වැනි ක්‍රීඩා චිත්‍රපටයක තිර පිටපත ලියු ‘Saiwyn Quadras’ විසින් ‘Maidaan’ චිත්‍රපටය සඳහා සම තිර රචකයකු ලෙස දායක වී තිබීම. චිත්‍රපටය වඩාත් විශිෂ්ට ගණයේ චිත්‍රපටයක ලක්ෂණ ප්‍රකට කරන්නේ මනා තිර රචනයත්, ඒ හා බැඳුණු ‘මිසොන් සේන්’ සිනමා ශිල්පීය ලක්ෂණයයි. 1960 දශකය රූපය(Shot) තුළ යළි ප්‍රතිනිර්මාණය කර ඇත්තේ අව්‍යාජවය. කෘතීම ලක්ෂණ ප්‍රකට නොකරයි. එම යුගය නියෝජනය කරන ඇඳුමි පැළඳුමි, කොණ්ඩා මෝස්තර, යාන වාහන, ගෘහ නිර්මාණ සියල්ලම පාහේ චිත්‍රපටය තුළ අති සාර්ථක ලෙස නිමවා ඇත. චිත්‍රපටය පුරාවටම යොදා ඇති කොළ පැහැයට හුරු වර්ණ සංයෝජනය විසින් ඉන්දියානු ධජයේ වර්ණ සංකේතවත් කරයි.

චිත්‍රපටය පුරාවටම ඒ.ආර් රහුමාන් නමි අද්විතීය සමිමානිත සංගීතඥයාගේ සප්ත ස්වරයෙන් නිමවා ඇති පසුබිමි සංගීතය දැඩිව ආකර්ෂණය කර ගැනීමට සමත්කමි වෙනවා. චිත්‍රපටයට ලැබිය යුතු අවශ්‍ය ශක්තිය සහ ආලෝකය ලැබෙන රහුමාන්ගේ සංගීත සංයෝජනයට සම්මානයකින් ඇගයීමට ලක්විය යුතු බව මගේ පෞද්ගලික අදහස. සමස්තයක් ලෙස ‘Maidaan’ යනු මෑතකදී නැරඹු විශිෂ්ට ගණයේ ඉන්දියානු Biography ශානරයේ චිත්‍රපටයකි. චිත්‍රපටය නරඹනවිට ‘චක්දේ ඉන්දියා’, ‘ගෝල්ඩ්’ වැනි බොලිවුඩ් සිනමාව තුළ බිහි වූ ප්‍රශස්ත ගණයේ චරිතාපදාන – ක්‍රීඩා ශානරයේ චිත්‍රපට මතකයට එනඑක වළක්වන්නට බැහැ. පැය තුනක් වැනි දිගු ධාවන කාලයකින් සමන්විත වූව ද කිසිදු කමිමැළිකමින් තොරව ආස්වාදජනක ලෙස චිත්‍රපටයේ අපුරු කතාව නරඹන්නට පොළඹවනසුළුයි. ඔබ ඉතිහාසය පිළිබඳ හෝ Biography ශානරය වෙත ප්‍රියතාවයක් දක්වන්නකු නමි අනිවාර්යයෙන්ම ‘Maidaan’ නරඹන්න. ඔබ නොදුටු ඉතිහාසයක නොදුටු කතාවක කොටස්කරුවකු බවට පත්වනවා නොඅනුමානයි.

මලින්ත විතානගේ

Related articles

කැබිනට් මණ්ඩලයේ තීන්දුව නීතියේ ආධිපත්‍යය අභියෝගය⁣ට ලක්කිරීමක් – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස්පති ධුරය දැරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පිළිබඳව රජයේ තීරණය දැනුම්දීමට...

අතරමඟ නැවතුණු Campbell Avenue හි මහල් නිවාස ව්‍යාපෘතිය නිමකිරීමට Westbury Residencies ඉදිරිපත් වෙයි !

මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවෙකුගේ අවධානය යොමු වී නොතිබුණු Campbell Avenue හි...

“මට ඉතාම ප්‍රබල ලෙස බලපෑව නවකතාවක් තමයි වාසිලි ග්‍රොස්මන්ගේ Life and Fate”

මට ඔබේ කියැවීමේ පුරුදු ගැන ටිකක් කියන්න පුළුවන්ද? Arundhati Roy : මම කේරළයේ උස් මහත් වෙද්දි, මගේ මොළේ ඉංග්‍රීසි කොටස...

මියගියත් ජීවත්වෙන මිනිහෙක්

අපට 'බාහු" වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා මේ දේශපාලන සමාජය සදාකාලිකව අතහැර ගොසිනි. මම සමසමාජ දේශපාලනයේ උපසම්පදා වූයේ...