ශ්‍රී ලංකාව, අමුල් සහ ඉන්දියාව

Share post:

එළඹෙන T20 ලෝක කුසලානයට එක් වන කණ්ඩායම් වල ප්‍රධාන අනුග්‍රාහකයන් ප්‍රසිද්ධ කළා.
මේ අනුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ඉන්දීය සමූපකාර කිරි සමාගමක් වන අමුල් (Amul) සමාගම.
මෑතක දී මෙරට රාජ්‍ය කිරි සමාගමක් විකුණා දැමුවේත් ඔවුන්ට.
ශ්‍රී ලංකාවට අමතරව ඔවුන් දකුණු අප්‍රිකා කණ්ඩායමට සහ සත්කාරක ඇමෙරිකාවටත් අනුග්‍රහය දක්වනවා.
ඒ අනුව ඔවුන් ක්‍රිකට් ලෝක කුසලානය උදෙසා ඩොලර් ලක්ෂ ගණනක් වැය කරනා බව පැහැදිලියි.
අමුල් සමාගම පමණක් නොවෙයි.
තවත් ඉන්දීය කිරි නිෂ්පාදන සමාගමක් වන නන්දිනි (Nandini) සමාගම විසින් අයර්ලන්ත සහ ස්කොට්ලන්ත කණ්ඩායම් වෙනුවෙන් අනුග්‍රහය දක්වනවා.
ඒ අනුව ලෝක කුසලානයට සහභාගී වන රටවල් පහක අනුග්‍රාහකත්වය ඉන්දීය කිරි සමාගම් විසින් දරනවා.
එය ඩොලර් ලක්ෂ ගණනක ආයෝජනයක්.
මෙය නන්දිනි සහ අමුල් සමාගම් අතර ඉන්දීය වෙළදපොල උදෙසා තරගයකටත් වඩා, ඉන්දීය කිරි කර්මාන්තය ගෝලියකරණය කිරීමේ පියවරක්.
ඉන්දියාව හින්දු රටක්.
මේ ඉතිහාසයේ කෙදිනකටත් වඩා ‘හින්දු අධිපතිවාදය’ ඉන්දියාවේ පැතිර පවතින කාලයක්.
හින්දු සංස්කෘතියට අනුව ගවයා යනු පූජනිය සතෙක්.
විශේෂයෙන්ම හින්දූන් ගව මස් පිළිකෙව් කරනවා.
සාමාන්‍යයෙන් කිරි කර්මාන්තය සාර්ථක වීමට නම් ගව මස් කර්මාන්තයත් සාර්ථක විය යුතු යැයි මතයක් පවතිනවා.
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය අසාර්ථක වීමට බලපෑ හේතූන් අතර, ශ්‍රී ලාංකිකයා ගව මස් ප්‍රතික්ෂේප කිරීම ඉදිරියෙන්ම පවතින බවට මෙරට විශේෂඥයන් කියනවා.
එනමුත් හින්දු රටක් වන ඉන්දියාවේ කිරි කර්මාන්තය බොහෝ සාර්ථකයි.
එය කොපමණ ද යත් ක්‍රිකට් ලෝක කුසලානය උදෙසා ඩොලර් ලක්ෂ ගණනින් වැය කිරීමට තරම් ඉන්දීය කිරි සමාගම් ධනවත්.
වත්මන් ඉන්දියාව කිරි වලින් ස්වයංපෝෂිත රටක්.
එපමණක් නොවෙයි, දැන් ඉන්දීය කිරි කර්මාන්තයේ ගෝලියකරණය පවා ආරම්භ වෙලා.
ඒ සඳහා ඔවුන් ඔවුන්ට සුපුරුදු ක්‍රිකට් ක්‍රීඩාව භාවිතා කරමින් සිටිනවා.
ඕනෑම නිෂ්පාදකයෙකුට ඉක්මණින් දියුණු විය හැකි එක් ධනාත්මක වාසියක් ඉන්දියාවේ පවතිනවා.
ඒ ඉහළ ජනගහණය.
එම නිසා ඉන්දියාවේ පාරිභෝගිකයන් ප්‍රමාණය විශාලයි.
එනමුත් ඒ තුලම අභියෝගයක් ද සැඟව තිබෙනවා.
පාරිභෝගිකයන් ප්‍රමාණය විශාල වීම යනු ඉල්ලුම ද විශාල වීමයි.
එයට සරිලන ලෙස නිෂ්පාදනය ද වැඩි විය යුතුයි.
ඉන්දීය කිරි කර්මාන්තය ඒ අභියෝගය සාර්ථකව ජය අරන්.
බිලියන එක හමාරකට ආසන්න ජනතාවකට ඔවුන් කිරි නිෂ්පාදනය කරනවා.
ඊට අමතරව ඔවුන් කිරි නිෂ්පාදන අපනයනය කිරීමත් සිදු කරනවා.
ඉන්දීය කිරි කර්මාන්තයේ මේ විශාඅ සාර්ථකත්වයට එරට තරුණ ප්‍රජාව විසින් මේ සාම්ප්‍රදායික කර්මාන්ත තෝරා ගැනීමත් එක් හේතුවක්.
තරුණයන් සාම්ප්‍රදායික කර්මාන්ත තෝරා ගැනීමේ අනුපාතයත් ඉන්දියාවේ සැලකිය යුතු, ඉහළ අගයක්.
ශ්‍රී ලංකාව වැනි රටක කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය වැනි කර්මාන්‍ත සහ ව්‍යාපාර වලට යොමු වන තරුණ පිරිස අඩුයි.
මෙහි කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය යනු වියැකෙමින් සහ මිය යමින් පවතින කර්මාන්ත.
එනමුත් ඉන්දියාව වෙනස්.
ඉන්දීය තරුණයා තොරතුරු තාක්ෂණයට පමණක් නොවෙයි, කෘෂිකර්මාන්තයටත් යොමු වෙනවා.
ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියාගේ සිට T20 ලෝක කුසලානයේ රටවල් පහකට අනුග්‍රාහකත්වය දැක්විය හැකි කිරි කර්මාන්තයක් දක්වා ඉන්දීය පරාසය විහිද තිබෙනවා.
එය විශිෂ්ඨ ජයග්‍රහණයක්.
මිලියන 20 ක ජනතාවකට පවා කිරි නිෂ්පාදනය කිරීමට අසමත්, නවසීලන්තයෙන් ගෙන්වන පාම් ඔයිල් මිශ්‍ර වියලි කිරි පිටි පැකට් හිඟ වීම ජාතික ගැටලුවක් වන ශ්‍රී ලංකාව වැනි රටකට ඉන්දියාව සහ එහි කිරි කර්මාන්තය අධ්‍යනය කිරීමට වැදගත් මාතෘකාවක් වේවි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

         2024. 05. 09

Related articles

උසස් පෙළට නියමිත මහගම සේකරයන්ගේ ‘මාර යුද්ධය’ පද්‍ය පිළිබඳ සරල කියැවීමක්

සිංහල කවියේ ‘සේකර’ සලකුණ කවරෙකුට වුව ද පහසුවෙන් තැකිය හැක්කක් නොවේ. මහගම සේකරයන් කවියෙක්, ගී පද රචකයෙක්, චිත්‍ර...

‘සීනුව නාද කරපල්ලා’ – අනුරාධා නිල්මිණි

වරෙක තමන් හට එල්ල වුන අභියෝගයකින් ජය ගනු පිණිස අර්නස්ට් හෙමිංවේ කෙටිම කෙටි කතාව ලියන්නට පෙළඹුන බවත් ඒ...

කුමුදු කුමාරසිංහගේ “කොළඹ මතක”

ජීවිත කාලයම කොළඹ නගර සීමාවෙ ජීවත් වුන කුමුදු ඇගේ ජීවිත මතක මේ පොතට අපූරුවට හකුළුවනවා. කොළඹ මතක පාඨකයාට...

‘ඇදුරාභරණ’ – නිමල් විජේසිරි

උසස් අධ්‍යාපනය සඳහා විදේගත වීම වර්තමානයේ විශේෂයක් නොව සාමාන්‍යයකි. එමෙන්ම මේ වන විට ශිෂ්‍යත්වයක් ලැබ ආචාර්ය උපාධිය සඳහා...