‘ලියන කලාව සහ රචනා විධි ක්‍රම’ ලියනගේ අමරකීර්ති

Share post:

ශාස්ත්‍රීය ලේඛනය විධිමත් ආකාරයකින් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ශිල්පීය සහ තාක්ෂණික ක්‍රමවේද ඇතුළත් ලියනගේ අමරකීර්ති විසින් රචිත ‘ ලියන කලාව සහ රචනා විධි ක්‍රම’ නම් කෘතිය එකී අභ්‍යාසයේ යෙදෙන්නන්ට අතිශයින් ප්‍රයෝජනවත් බව අමුතුවෙන් නොකිවමනාය. අමරකීර්ති මෙහිදී මතු කරන වෙනත් ප්‍රවාදයක් ඊටත් වඩා සිත් ගනී. එය මෙරට ශාස්ත්‍රීය ලෝකයේ පවත්නා බරපතල රෝග ලක්ෂණයක් වෙතට අපගේ අවධානය යොමු කිරීමට සමත් වේ. එනම් , නොගැඹුරු හෝ හරසුන් හෝ බොළඳ අන්තර්ගතය වදන්මය විදග්ධභාවයකින් වසා ගැනීමට දරන උත්සාහයයි. මෙහි අරමුණ වන්නේ දුරවබෝධ බසකින් පාඨකයා දමනය කිරීමය. අමරකීර්තිගේම වචනවලින් එය උපුටා දැක්වීම වඩාත් සුදුසුය.

” සිංහල භාෂාවෙන් ලියන සමහරු ශාස්ත්‍රීය ලේඛනයේදී අනවශ්‍ය බරක් රචනයට එක් කරන සංස්කෘත තත්සම බහුල බසකින් ලියති. ශබ්දමය වශයෙන් ආකර්ශනීය වූ ඒ ගද්‍ය වාක්‍ය පිටුපස ඇත්තේ සරල අදහසකි. ඒ සරල අදහස සරල බසින්ම කීම නූතන ශාස්ත්‍රීය ලේඛන කලාවෙහි ස්වභාවයයි.”

” හොඳ ශාස්ත්‍රීය ලේඛකයා තම අදහස්වලට මිස තමන්ගේ භාෂාව වෙත පාඨකයා ආකර්ශනය කරගන්නට තැත් නොකරයි. භාෂාව පසුබිමට යවා අදහස පෙරබිමට කැඳවීම හොඳ ශාස්ත්‍රීය රචනයයි.”

මෙම කෘතිය මානව ශාස්ත්‍ර විෂයයන් වෙත මූලික අවධානය යොමු කර තිබුණද සමාජීය විද්‍යා විෂයයන්ට ද එහි ඇති අදාළත්වය සහ ප්‍රයෝජනය අතිමහත්ය. දිගු කලක් තිස්සේ පැවති හිඩැසක් සම්පූර්ණ කිරීම ගැන ලියනගේ අමරකීර්තිට අපගේ ප්‍රණාමය.

උදිත අලහකෝන්

Related articles

“ලාංකේය අව්‍යාජත්වයේ ජාතිකවාදී ආලංකාරිකය වෙත ආපසු හැරී බැලීමක්”

ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලනය දිවයිනේ පශ්චාත් යටත් විජිත ගමන් පථය හැඩගැස්වීමෙහිලා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කර ඇත. දශක ගණනාවක...

ජාතියක් අධිනිශ්චය නොවන නිදහසක් මෙවර සැමරුවා

මෙවර නිදහස… මෙවර නිදහස් සැමරුම ගැන කියද්දි මේකත් කියන්න ඕනි. ඒ තමයි යහපාලනයේ යම් මොහොතකදි දැක්කට පස්සේ ජාතිවාදයෙන් නැත්නම්...

කාපිරි.. ගාන්ධි සහ සිම්ප්සන්

කණ්ඩායම් හෝ පිල්වලට බෙදී යුද්ධ කරන රණ්ඩු කරන හෝමෝ සේපියන්ස්වරුන්ව තේරුම් ගන්නෙ කොහොමද? මේ බෙදීම්වලට ප්‍රධානම හේතුව ආගම්...

අඳුරු රාජ්‍යයේ කළු ජනවාරිය !

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ඊට අදාළ විමර්ශන සහ ලසන්ත නම් මාධ්‍යවේදියා කවරෙක්ද යන කරුණු විග්‍රහ කරමින් මාධ්‍යවේදී සනත් බාලසූරිය...