‘ලියන කලාව සහ රචනා විධි ක්‍රම’ ලියනගේ අමරකීර්ති

Share post:

ශාස්ත්‍රීය ලේඛනය විධිමත් ආකාරයකින් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ශිල්පීය සහ තාක්ෂණික ක්‍රමවේද ඇතුළත් ලියනගේ අමරකීර්ති විසින් රචිත ‘ ලියන කලාව සහ රචනා විධි ක්‍රම’ නම් කෘතිය එකී අභ්‍යාසයේ යෙදෙන්නන්ට අතිශයින් ප්‍රයෝජනවත් බව අමුතුවෙන් නොකිවමනාය. අමරකීර්ති මෙහිදී මතු කරන වෙනත් ප්‍රවාදයක් ඊටත් වඩා සිත් ගනී. එය මෙරට ශාස්ත්‍රීය ලෝකයේ පවත්නා බරපතල රෝග ලක්ෂණයක් වෙතට අපගේ අවධානය යොමු කිරීමට සමත් වේ. එනම් , නොගැඹුරු හෝ හරසුන් හෝ බොළඳ අන්තර්ගතය වදන්මය විදග්ධභාවයකින් වසා ගැනීමට දරන උත්සාහයයි. මෙහි අරමුණ වන්නේ දුරවබෝධ බසකින් පාඨකයා දමනය කිරීමය. අමරකීර්තිගේම වචනවලින් එය උපුටා දැක්වීම වඩාත් සුදුසුය.

” සිංහල භාෂාවෙන් ලියන සමහරු ශාස්ත්‍රීය ලේඛනයේදී අනවශ්‍ය බරක් රචනයට එක් කරන සංස්කෘත තත්සම බහුල බසකින් ලියති. ශබ්දමය වශයෙන් ආකර්ශනීය වූ ඒ ගද්‍ය වාක්‍ය පිටුපස ඇත්තේ සරල අදහසකි. ඒ සරල අදහස සරල බසින්ම කීම නූතන ශාස්ත්‍රීය ලේඛන කලාවෙහි ස්වභාවයයි.”

” හොඳ ශාස්ත්‍රීය ලේඛකයා තම අදහස්වලට මිස තමන්ගේ භාෂාව වෙත පාඨකයා ආකර්ශනය කරගන්නට තැත් නොකරයි. භාෂාව පසුබිමට යවා අදහස පෙරබිමට කැඳවීම හොඳ ශාස්ත්‍රීය රචනයයි.”

මෙම කෘතිය මානව ශාස්ත්‍ර විෂයයන් වෙත මූලික අවධානය යොමු කර තිබුණද සමාජීය විද්‍යා විෂයයන්ට ද එහි ඇති අදාළත්වය සහ ප්‍රයෝජනය අතිමහත්ය. දිගු කලක් තිස්සේ පැවති හිඩැසක් සම්පූර්ණ කිරීම ගැන ලියනගේ අමරකීර්තිට අපගේ ප්‍රණාමය.

උදිත අලහකෝන්

Related articles

“දැන් කවුරුහරි මට එයාගෙ දෑත් දිගු කළොත් මම පොඩි දරුවෙක් වගේ වැලපෙයි” – ඇල්බෙයා කැමූ

වයස අවුරුදු 17දී ඔහුට ක්ෂය රෝගය හැදුණා. ඒ නිසා ජීවිත කාලෙම ඔහු පසුවුණේ දුර්වල සෞඛ්‍ය තත්වයකින්. හැබැයි ඔහු...

තැන්නේ ඤානානන්ද හිමියන්ගේ ‘පන්සලේ මල්සරා’ ගැන වචනයක්

සිංහල සාහිත්‍ය ගැන කතා කරන විට අපට යතිවර දායකත්වය අමතක කළ නොහැකි දෙයකි. සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස...

ඔබ ශක්තිමත්ව ගොඩනැගීම තෝරාගත්තොත්, ඔබේ අනාගතය කඩාබිඳ දමන්න ව්‍යසනයකට කවදාවත්ම ඉඩක් නෑ..’

‘පොළව දෙදරද්දි, මහා මුහුදු රැළි නැගෙද්දි, විශාල බිල්ඩින් බිම වැටිලා සමතලා වේවි. ඒත් අපේ බලාපොරොත්තු එහෙම වෙන්නේ නෑ’...

“යමකින් ජීවිතය ගලවා ගත් පමණින් ඔබ ශක්තිමත් කෙනෙක් වෙන්නේ නැහැ”

වයස අවුරුදු 12 දී පිරිමි ළමයෙක් ඇයව කැලයට එක්කගෙන ගියා. පිරිමි ළමයි දුසිමක් විතර ඇය එනකන් කැලේ රැකගෙන...