ලෝක කුසලාන සංචිතය – අවසන් කණ්ඩායම් හතරේ සිහිනය ශ්‍රී ලංකාවට දුර නැහැ

Share post:

ලෝක කුසලාන සංචිතය නිකුත් කළා.
සංචිතයට ක්‍රීඩකයන් පහළොවක් සහ අතිරේක ක්‍රීඩකයන් සිව්දෙනෙක් ඇතුලත්.
වාර්තා වන අන්දමට නිකුත් වුණේ තේරීම් කමිටුව විසින් නම් කළ සංචිතයට සුලු වෙනසක් සහිත කණ්ඩායමක්.
තේරීම් කමිටුව විසින් අතිරේක ක්‍රීඩකයෙක් ලෙස නම් කළ ක්‍රීඩකයෙකුට නායක වනිඳුගෙන් දැඩි විරෝධයක් ඇවිත්.
එම නිසා අවසන් මොහොතේ එම ක්‍රීඩකයා සංචිතයෙන් ඉවත් කරලා.
ඒ හැරුණුකොට තරමක සමබර කණ්ඩායමක් මෙවර නම් කරලා තියෙනවා.
සංචිතයේ පන්දු බල ඇණිය විශිෂ්ඨයි. එය ලෝක කුසලානයට සහභාගී වන හොඳම පන්දු බල ඇණියක්.
එමෙන්ම අනිවාර්යෙන්ම වෙනස් කළ යුතු යැයි කීමට තරම් ක්‍රීඩකයෙක් සංචිතයේ නැහැ.
පුද්ගලිකව මම සදීර සමරවික්‍රම අවසන් ක්‍රීඩකයන් 15 අතරට බලාපොරොත්තු වුණේ නැහැ.
අවසන් තරග කිහිපයේ ඔහු අසාර්ථක වුණා.
කෙසේ වෙතත් තේරීම් කමිටුව තවමත් ඔහු කෙරෙහි බලාපොරොත්තු තබා තිබෙනවා.
එහි වරදක් දකින්නේ නැහැ.
මා ජනිත් ලියනගේ අවසන් ක්‍රීඩකයන් 15 අතර සිටිය යුතු යැයි විශ්වාස කළා.
සදීර වෙනුවෙන් වෙන් වී ඇත්තේ එම ස්ථානයයි.
ඇන්ජලො මැතිවුස්ට ප්‍රධාන සංචිතයේ මෙන්ම අවසන් 11 දෙනා අතරත් ස්ථානයක් වෙන් වේවි.
එය හුදෙක්ම නායක වනිදු හසරංගගේ තීරණයක්.
නායක වනිදු පුද්ගලිකවම ඇන්ජලො මැතිවුස් ඉල්ලා සිටිනවා.
නායකයෙකු ඉල්ලා සිටින ක්‍රීඩකයෙකුට අනිවාර්යෙන්ම කණ්ඩායමේ ඉඩක් වෙන් වෙනවා.
ශ්‍රී ලංකා සංචිතයේ අත්දැකීම් සහ කුසලතා නිරීක්ෂණය කරද්දී, මේ අවසන් කණ්ඩායම් හතරට තේරී පත් විය හැකි කණ්ඩායමක්.
සෙසු සෑම කණ්ඩායමකටම දක්ෂ පිතිකරුවන් සිටියත්, ශ්‍රී ලංකාවේ තරම් විශේෂඥ T20 පන්දු යවන්නන්ගෙන් සපිරි කණ්ඩායමක් තවත් නැහැ.
වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුශංක සහ නුවන් තුෂාර ඕනෑම කණ්ඩායමකට තේරී පත් විය හැකි පන්දු යවන්නන් පිරිසක්.
ඔවුන් සියලූම දෙනා ඉන්දීය ප්‍රීමියර් ලීගය ක්‍රීඩා කිරීමෙන් ම එය තවත් පැහැදිලියි.
මින් බහුතරය විශේෂඥ T20 පන්දු යවන්නන්.
පිතිකරුවන්ට තරග දිනවිය හැකියි.
එනමුත් තරගාවලි ජයග්‍රහණය කරවිය හැක්කේ පන්දු යවන්නන්ට.
ශ්‍රී ලංකාව ජයගත් එකම T20 ලෝක කුසලානය වූ 2014 ලෝක කුසලාන ජයග්‍රහණයටත් එකම හේතුව වූයේ ශ්‍රී ලංකාවේ අසමඅස පන්දු බල ඇණිය.
2015 වසරෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් සෑම ICC තරගාවලියකම ශ්‍රී ලංකාව අසාර්ථක වුණා.
එමෙන්ම තරගාවලියට පෙර සිටම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම අප දැන සිටියා.
එනමුත් මෙවර ලෝක කුසලානය වෙනස්.
මෙවර ශ්‍රී ලංකාවට යමක් කළ හැකි තරගාවලියක්.
කලකට පසුව ප්‍රබල සංචිතයක් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා කරන තරගාවලියක්.
ඒ අනුව T20 ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතරේ සිහිනය ශ්‍රී ලංකාවට දුර නැහැ.
ඒ වෙනුවෙන් අප ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතනවා.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

       2024. 05. 10 

Related articles

පාඨක, විචාරක විචාරාක්ෂියෙන් ගිලිහී ගියේ දෝ, හැඟෙන ‘නිදි නැති නිම්නය ‘

තමන්ට අනන්‍ය මගක, අනන්‍යතා ගුණයක රැඳෙමින් , සෙමෙන් එහෙත් ගැඹුරින් , බරට අඩි තබමින් ලේඛනයෙහි , ලිවීමෙහි නිරත...

මහීෂ්, ලෝක කුසලානය සහ ඉන්දියාව

ඊයේ දිනයේ තෝරාගත් ඉන්දියානු වෙබ් අඩවි කිහිපයකම ප්‍රධාන මාතෘකාව වූයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්.ඔහු මහීෂ් තීක්ෂණ.මහීෂ් චෙන්නායි කණ්ඩායම නියෝජනය...

උසස් පෙළට නියමිත මහගම සේකරයන්ගේ ‘මාර යුද්ධය’ පද්‍ය පිළිබඳ සරල කියැවීමක්

සිංහල කවියේ ‘සේකර’ සලකුණ කවරෙකුට වුව ද පහසුවෙන් තැකිය හැක්කක් නොවේ. මහගම සේකරයන් කවියෙක්, ගී පද රචකයෙක්, චිත්‍ර...

‘සීනුව නාද කරපල්ලා’ – අනුරාධා නිල්මිණි

වරෙක තමන් හට එල්ල වුන අභියෝගයකින් ජය ගනු පිණිස අර්නස්ට් හෙමිංවේ කෙටිම කෙටි කතාව ලියන්නට පෙළඹුන බවත් ඒ...