Homerun මව්දිරිය : දරුවන්ගේ අනාගතය දීප්තිමත් කරන්නට සිහින දකින දිරිය මව්වරුන්ට අත්වැලක් !

Share post:

ආර්ථික දුෂ්කරතා හමුවේ, විදෙස් රටවල හෝ නිවසෙන් ඈත්ව, රැකියාවලට යෑමට අකමැත්තෙන් වුව ද මව්වරුන්ට සිදු වී ඇත. එවැනි අභියෝග හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය, ආරක්ෂාව සහ පෝෂණය වැනි දේ පිළිබඳ සොයා බැලීමට අපහසු වේ. මව්වරුන්ට නිවාස තුළ රැඳෙමින් දරුවන්ගේ අධ්‍යාපනය සහ අනෙකුත් ඕනෑ එපාකම් පිළිබඳ සොයා බලමින්,  ආර්ථික ස්වාධීනත්වය ද ළඟා කරගැනීමට, හැකිනම් එය විශාල පිටිවහලක් වනු ඇත.

එවැනි මව්වරුන්ට දිරි දීම සඳහා  HOMERUN විසින් ‘මව් දිරිය’ වැඩසටහන ආරම්භ කරන ලදි. මේ යටතේ, නිවසේ රැඳී කළ හැකි ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ මූල්‍ය පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වේ.

2022 ලෝක බැංකු වාර්තාවට අනුව, ආර්ථික අර්බුදයෙන් පසුව, 311,056 පමණ ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සඳහා ලියාපදිංචි වී ඇත. මෙය වසර අටක් තුළ ඉහළම විදේශ රැකියා සඳහා සංක්‍රමණය ලෙස හැඳින්විය හැක. මීට අමතරව, කම්කරු ප්‍රේෂණ සහ ශ්‍රම සංක්‍රමණය පිළිබඳ කාර්තුමය නිවේදනයට අනුව  සංක්‍රමණික ශ්‍රම බලකායෙන් 40% ක් නියෝජනය කරනු ලබන්නේ කාන්තාවන්ය.  මෙම වාර්තාවට අනුව තවදුරටත් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 63%ක් රැකියාවක් නොමැතිව ගෙදර දොරේ වැඩවල නිරත වන බවයි. එයින් 36%ක් ස්වයං රැකියා සඳහා උනන්දුවක් දක්වන නමුත් අවශ්‍ය ප්‍රාග්ධනය සහ මග පෙන්වීම නොමැති නිසා අධෛර්යට පත්ව ඇත.

ආර්ථික අර්බුධය හමුවේ මව්වරුන්ගේ අරගලයෙහි විශාලතම බලපෑම සිදුවන්නේ දරුවන්ටයි. සමහර දරුවන්ට පාසල් හැරයමින් ආර්ථික කටයුතුවලට සම්බන්ධ වීමට ද, ශාරීරික හා ලිංගික අපයෝජනවලට මුහුණ දීම ඇතුළු අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ. ආර්ථික ප්‍රශ්න දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවීමට වගබලා ගැනීම සඳහා HOMERUN ‘මව් දිරිය’ සූදානමින් සිටී. HOMERUN ‘මව් දිරිය’ වැඩසටහනෙහි අරමුණ වන්නේ ධෛර්යවන්ත මව්වරුන්ට දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන අතරම, නිවසේ ආර්ථික තත්වය වර්ධනය කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීමයි. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා, රට පුරා සිටින දිරිය මව්වරුන් තෝරා ගැනීම, පුහුණු කිරීම සහ ඔවුන්ට සහාය දැක්වීම සඳහා HOMERUN සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම, මෑතකදී සිදු විය. එහි ආරම්භක පියවරක් ලෙස, HOMERUN විසින් ඔවුන්ගේ ව්‍යාපාර යෝජනා මත පදනම්ව තෝරාගත් පිරිස් පුහුණු කිරීමට හා ඔවුන්ට ව්‍යාපාර ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳව පුහුණුවක් ලබා දෙනු ලබයි. එම පළමු කණ්ඩායමට මව්වරුන් 50දෙනෙකු ඇතුළත්වන අතර මූල්‍ය සැලසුම්කරණය, ව්‍යාපාර පිළිබඳ මූලික කරණු, ස්වයං සංවර්ධනය, නිෂ්පාදන ප්‍රවර්ධනය ආදී වැදගත් අංශ කෙරෙහි පුළුල් අවබෝධයක් සහ පුහුණුවක් ලබා දේ. එම මව්වරුන්ගේ ව්‍යාපාරික යෝජනා සම්බන්ධයෙන් වන ඇගයීමකින් අනතුරුව, එක් ව්‍යාපාරික යෝජනාවක් සඳහා ‘මව් දිරිය’ යටතේ රුපියල් 100,000 දක්වා මූලික ප්‍රාග්ධන මුදලක් ලබා දීම සිදුවේ.

2030 වසර වන විට මව්වරුන් 2,500ක් දිරිමත් කිරීමින් ව්‍යාපාර 2500ක් ආරම්භ කිරීමට සහයෝගය දීම සඳහා සැලසුම් කර ඇත.

ATLAS AXILLIA Co. (Pvt) Ltd හි අනු සන්නාමයක් වන HOMERUN, දරුවන් ආර්ථික අර්බුධයේ ගොදුරක් නොවීමට විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ කැප වී ක්‍රියා කරන අතර, HOMERUN ‘මව් දිරිය’ පිළිබඳ වැඩි විස්තර සියලුම HOMERUN නිෂ්පාදන ඇසුරුම්වල පිටුපස මුද්‍රණය කර ඇති තොරතුරු හරහා හෝ පහත දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

(දුරකතන අංකය – 0777989990)

Related articles

කැබිනට් මණ්ඩලයේ තීන්දුව නීතියේ ආධිපත්‍යය අභියෝගය⁣ට ලක්කිරීමක් – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස්පති ධුරය දැරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පිළිබඳව රජයේ තීරණය දැනුම්දීමට...

අතරමඟ නැවතුණු Campbell Avenue හි මහල් නිවාස ව්‍යාපෘතිය නිමකිරීමට Westbury Residencies ඉදිරිපත් වෙයි !

මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවෙකුගේ අවධානය යොමු වී නොතිබුණු Campbell Avenue හි...

“මට ඉතාම ප්‍රබල ලෙස බලපෑව නවකතාවක් තමයි වාසිලි ග්‍රොස්මන්ගේ Life and Fate”

මට ඔබේ කියැවීමේ පුරුදු ගැන ටිකක් කියන්න පුළුවන්ද? Arundhati Roy : මම කේරළයේ උස් මහත් වෙද්දි, මගේ මොළේ ඉංග්‍රීසි කොටස...

මියගියත් ජීවත්වෙන මිනිහෙක්

අපට 'බාහු" වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා මේ දේශපාලන සමාජය සදාකාලිකව අතහැර ගොසිනි. මම සමසමාජ දේශපාලනයේ උපසම්පදා වූයේ...