චීන පර්යේෂණ නෞකා 4ක් ඉන්දියන් මුහුදේ : ඉන්දියාවේ බැලැස්ටික් මිසයිල් අත්හදා බැලීමට ප්‍රශ්නයක් ?

Share post:

චීනයේ පර්යේෂණ නැව් 4ක් ශ්‍රී ලංකා මුහුද සමීපයේ ඉන්දීය සාගර කලාපයට ඇතුළු වී තිබේ.
ඉන්දීය මාධ්‍ය පවසන්නේ ඉන්දියාව ඉදිරි සති දෙක තුළ බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට සූදානම් වන පසුබිමක මෙම නැව් ඉන්දීය සාගර කලාපයට පැමිණ ඇති බවයි. මේ වන විට චීන නැව් 4 ශ්‍රී ලංකා මුහුද සමීපයේ ඉන්දීය සාගර කලාපය තුළ ස්ථානගත වී ඇත.
මෙසේ ඉන්දියන් සාගරයට ඇතුළු වී ඇත්තේ ශියෑන් යෑන්ග් හොන්ග් 03, ෂියැන්ග් යෑන්ග් හොන්ග් 01 , යුආන් වැන්ග් 03, ඩා යෑන්ග් හා ඕ නමැති පර්යේෂණ නෞකා 4කි. මේ අතරින්, ශියෑන් යෑන්ග් නෞකා සහ ඩා යෑන්ග් හෝ නෞකාව සමුද්‍ර පර්යේෂණය සඳහා පහසුකම් ඇති නෞකා දෙකක් වන අතර යුවෑන්ග් වෑන් 3 නෞකාවට චන්ද්‍රිකා සහ මිසයිල ගමන් පථ හඳුනාගැනීමට හැකිය.
ඉන්දීය මාධ්‍ය පවසන්නේ ඉන්දියාව බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමට සමගාමීව මෙම චීන නැව් ඉන්දීය සාගර කලාපයේ සැරිසරන බවයි. පසුගිය මාර්තු 11 වනදා ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේදී අග්නි 5 නමැති ඉලක්ක කිහිපයකට එක වර ප්‍රහාර එල්ල කළ හැකි මිසයිලයක් පරීක්ෂා කර තිබිණි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අග්නි 5 අත්හදා බලන අවස්ථාවේ ෂියෑන්ග් යෑන්ග් හොන් 01 නමැති චීන පර්යේෂණ නෞකාව විශාඛාපට්නම් මුහුදට නාවික සැලතපුම් 480ක් දුරින් ඉන්දියාවට සමීපයෙන් රඳවා තිබූ බවයි. මේ අතර, ඉදිරි සති දෙක තුළ නැවතත් මිසයිල අත් හදා බැලීමක් සිදු කරන බව ඉන්දියාව ප්‍රකාශ කරයි. ඉන්දීය මාධ්‍ය පවසන්නේ, බෙංගාල බොක්ක කලාපයට ඉහළින් ඉන්දියාව ගුවන් ගමන් තහනම් කලාපයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙම චීන නෞකා ඉන්දියන් සාගර කලාපයට ඇතුලු වී ඇති බවයි.
අප්‍රේල් 03 වනදා පැය 48ක කාලයක් පුරාවට මෙම ගුවන් ගමන් තහනම පනවා තිබේ. මෙවැනි පසුබිමක චීන නැව් අතර සමුද්‍ර රත්නාකර නම් ඉන්දීය නෞකාවක්ද තවත් සබ්මැරීන 11ක් ද ඉන්දියන් සාගර කලාපයේ ස්ථාන ගත කර තිබේ. ඉන්දීය මාධ්‍ය පවසන්නේ දශක තුනකට පසු ඉන්දියාවේ සබ්මැරීන බල ඇණිය විසින් එවැනි බලයක් ප්‍රදර්ශනය කළ පළමු අවස්ථාව මෙය බවයි.
ශ්‍රී ලංකාව පර්යේෂණ නෞකාවලට තම මුහුදු කලාපයට ඇතුළු වීම සීමා කරමින් පැනවූ තහනම පසුව වෙනස් කරමින් සැපයුම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මුහුදු කලාපයට පර්යේෂණ නෞකාවලට පැමිණිය හැකි බවට කළ සංශෝධනයෙන් පසු මෙම තත්වය උද්ගතව ඇත. ශියෑන් යෑන්ග් හොන්ග් 03 නමැති චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුලු වීමට අවසර ඉල්ලීමත් සමඟ පසුගිය වසරේදී ශ්‍රී ලංකාව මෙම තහනම පනවා තිබිණි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...