චීන පර්යේෂණ නෞකා 4ක් ඉන්දියන් මුහුදේ : ඉන්දියාවේ බැලැස්ටික් මිසයිල් අත්හදා බැලීමට ප්‍රශ්නයක් ?

Share post:

චීනයේ පර්යේෂණ නැව් 4ක් ශ්‍රී ලංකා මුහුද සමීපයේ ඉන්දීය සාගර කලාපයට ඇතුළු වී තිබේ.
ඉන්දීය මාධ්‍ය පවසන්නේ ඉන්දියාව ඉදිරි සති දෙක තුළ බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට සූදානම් වන පසුබිමක මෙම නැව් ඉන්දීය සාගර කලාපයට පැමිණ ඇති බවයි. මේ වන විට චීන නැව් 4 ශ්‍රී ලංකා මුහුද සමීපයේ ඉන්දීය සාගර කලාපය තුළ ස්ථානගත වී ඇත.
මෙසේ ඉන්දියන් සාගරයට ඇතුළු වී ඇත්තේ ශියෑන් යෑන්ග් හොන්ග් 03, ෂියැන්ග් යෑන්ග් හොන්ග් 01 , යුආන් වැන්ග් 03, ඩා යෑන්ග් හා ඕ නමැති පර්යේෂණ නෞකා 4කි. මේ අතරින්, ශියෑන් යෑන්ග් නෞකා සහ ඩා යෑන්ග් හෝ නෞකාව සමුද්‍ර පර්යේෂණය සඳහා පහසුකම් ඇති නෞකා දෙකක් වන අතර යුවෑන්ග් වෑන් 3 නෞකාවට චන්ද්‍රිකා සහ මිසයිල ගමන් පථ හඳුනාගැනීමට හැකිය.
ඉන්දීය මාධ්‍ය පවසන්නේ ඉන්දියාව බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමට සමගාමීව මෙම චීන නැව් ඉන්දීය සාගර කලාපයේ සැරිසරන බවයි. පසුගිය මාර්තු 11 වනදා ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේදී අග්නි 5 නමැති ඉලක්ක කිහිපයකට එක වර ප්‍රහාර එල්ල කළ හැකි මිසයිලයක් පරීක්ෂා කර තිබිණි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අග්නි 5 අත්හදා බලන අවස්ථාවේ ෂියෑන්ග් යෑන්ග් හොන් 01 නමැති චීන පර්යේෂණ නෞකාව විශාඛාපට්නම් මුහුදට නාවික සැලතපුම් 480ක් දුරින් ඉන්දියාවට සමීපයෙන් රඳවා තිබූ බවයි. මේ අතර, ඉදිරි සති දෙක තුළ නැවතත් මිසයිල අත් හදා බැලීමක් සිදු කරන බව ඉන්දියාව ප්‍රකාශ කරයි. ඉන්දීය මාධ්‍ය පවසන්නේ, බෙංගාල බොක්ක කලාපයට ඉහළින් ඉන්දියාව ගුවන් ගමන් තහනම් කලාපයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙම චීන නෞකා ඉන්දියන් සාගර කලාපයට ඇතුලු වී ඇති බවයි.
අප්‍රේල් 03 වනදා පැය 48ක කාලයක් පුරාවට මෙම ගුවන් ගමන් තහනම පනවා තිබේ. මෙවැනි පසුබිමක චීන නැව් අතර සමුද්‍ර රත්නාකර නම් ඉන්දීය නෞකාවක්ද තවත් සබ්මැරීන 11ක් ද ඉන්දියන් සාගර කලාපයේ ස්ථාන ගත කර තිබේ. ඉන්දීය මාධ්‍ය පවසන්නේ දශක තුනකට පසු ඉන්දියාවේ සබ්මැරීන බල ඇණිය විසින් එවැනි බලයක් ප්‍රදර්ශනය කළ පළමු අවස්ථාව මෙය බවයි.
ශ්‍රී ලංකාව පර්යේෂණ නෞකාවලට තම මුහුදු කලාපයට ඇතුළු වීම සීමා කරමින් පැනවූ තහනම පසුව වෙනස් කරමින් සැපයුම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මුහුදු කලාපයට පර්යේෂණ නෞකාවලට පැමිණිය හැකි බවට කළ සංශෝධනයෙන් පසු මෙම තත්වය උද්ගතව ඇත. ශියෑන් යෑන්ග් හොන්ග් 03 නමැති චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුලු වීමට අවසර ඉල්ලීමත් සමඟ පසුගිය වසරේදී ශ්‍රී ලංකාව මෙම තහනම පනවා තිබිණි.

Related articles

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...

දූෂණ නඩු විභාග කිරීමේදී ඉහළ අවදානමක් !

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුවේ ප්‍රධාන සැකකරුගේ මරණය මහජන සාකච්ඡාවට හා සැකයට හේතු වී තිබේ. මූල්‍යමය...