ඒ මතකයන් තුරුලු කරගෙන අපි සමුගන්නවා. ඉතින් ආයුබෝවන්!

Share post:

ඇන්ටික් කඩයක මරණයක් නාට්‍යය දැන් ‍ නැහැ. කොහෙද ඒ නාට්‍යය තිබුණේ? ඒක මං ළඟ තිබුනද? එහි රඟපාන නළු නිළියන් ගාවා තිබුනද? සංගීත කන්ඩායම ළඟ තිබුනද? සෙට් ගහපු, ඇඳුම් අන්දපු අය ළඟ තිබුනද? නරඹපු ප්‍රේක්ෂකයෝ ළඟ තිබුනද? නැහැ. ජනක ඉනිමංකඩ ගහපු නාට්‍යය පිටපත ඇතුලේ තිබුනද? ඒත් නැහැ. එහෙනම් කා ළඟද , කොහෙද තිබ්බෙ?

අහවල් ස්ථානයේ, අහවල් දවසේ, අහවල් වෙලාවට ඒක තියෙනවා කියලා දැනුම් දුන්නට පස්සේ එදාට ඒ වෙලාවට ශාලාවට රැස්වන ප්‍රේක්ෂක සමූහයක් ඉදිරිපිට මැවෙනවා. ආයෙත් අතුරුදහන් වෙනවා. එච්චරයි. ඊට පස්සේ නාට්‍යය ‍නැහැ . වෙන කිසිම කලා මාධ්‍යයක නැති, වේදිකා නාට්‍ය රංගනයක පමණක් විඳින්න ලැබෙන ආශ්චර්යමත් අත්දැකීම ඒකයි.

මේ විදිහට ඇන්ටික් කඩේක මරණයක් ප්‍රේක්ෂක සමූහයක් ඉදිරියේ මැවිලා අතුරුදහන් වුනු වාරයක් වාරයක් ගානේ මැවුනේ එකම නාට්‍යම නෙවෙයි . වෙනස් වෙනස් නාට්‍ය. ප්‍රේක්ෂකයා හිනාවෙන , හැඟීම්බර වෙන, කම්පාවන විදිහ අනුව නාට්‍යය වෙනස් වෙනවා. මේ නාට්‍යා රඟ දක්වපු හැම දර්ශනයක්ම නරඹපු ප්‍රේක්ෂකයෝ මට හම්බ වුණා. අන්තිම දවස් දෙකේම රඟහල පිරිලා ඉතිරිලා ගියේ අඩුම තරමින් දෙපාරක්වත් බලපු අයගෙන්. ඒත් ඒ එක්කෙනෙකුටවත් තමන් කලින් බලපු නාට්‍යය බලන්න ලැබුණේ නැහැ.
එකම ගඟට දෙපාරක් බහින්න බැහැ. !

ඇන්ටික් කඩේ මරණයක් නාට්‍යය ඉවර වුණා කියලා කියන්නේ ආයෙ කවදාවත් ප්‍රේක්ෂක සමූහයක් ඉදිරිපිට මැවිලා අතුරුදහන් වන්නේ නැති නිසා. එහෙම දෙයක් තිබුණු බවට මතකයන් facebook එකේ, you tube එකේ, පත්තරවල, රේඩියෝවල, එක එක්කෙනා ගත්ත ඡායාරූප වල ඉතුරු වෙලා තියෙනවා.
ඒ මතකයන් තුරුලු කරගෙන අපි සමුගන්නවා. ඉතින් ආයුබෝවන්!

අශෝක හඳගම

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...