කප්රුක ‘Partner Central’ ඩිජිටල් වාණිජ වේදිකාව දියත් කරයි !

Share post:

ශ්‍රී ලංකාවේ e-commerce ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන සහ දේශීයව මෙන්ම විදේශීයවද ඉහළ ජනප්‍රියත්වයක් සහිත Kapruka.com, online shopping කලාවේ සහ e-commerce ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරමින් ‘Kapruka Partner Central’ කොළඹ නෙළුම් කුළුණේදී දියත් කළේය.

හවුල්කාර පාර්ශ්ව බල ගන්වමින් ඔවුන්ට වැඩි අවස්ථා උදා කර දෙමින් ඇරඹූ මෙම නව වැඩපිළිවෙළ ඩිජිටල් වෙ‌ළෙඳ ගනුදෙනු ක්ෂේත්‍රයේ නව යුගයක ඇරඹුමකි. හවුල්කරුවන්ට සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට සහ ලොව පුරා පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වීමට වැඩි දියුණු කළ ඩිජිටල් වාණිජ වේදිකාවක් නිර්මාණය කිරීම Partner-Central හි මූලික අරමුණ වේ. සූක්ෂම සැළසුම්, නවෝත්පාදන හා කැපවීමෙන් යුතු සේවාවක් යන ගුණාංග මෙහි කැපී පෙනෙන ලක්ෂණ වේ. මෙහි ඇති භාවිතයට පහසු, සරල අතුරුමුහුණත (Interface) සහ අද්විතීය විශේෂාංග රැස නිසා හවුල්කරුවන් online වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කිරීමේ ක්‍රමවේදය වඩාත් ආකර්ෂණීය හා විප්ලවීය ස්වභාවයක් ගෙන ඇත. 

Partner-Central හි කැපී පෙනෙන අංගයක් වන්නේ විකුණුම්කරුවන්ට සිය ගමන් මගේ සෑම අදියරක්ම බල ගැන්විය හැකි සුවිශේෂ මෙවලම් කට්ටල සහ පහසුකම් සැපයීමයි. නිෂ්පාදන විධිමත් ලෙස ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලියේ සිට සංකීර්ණ විශ්ලේෂණ ඇතුළු කාර්ය සාධන ප්‍රමිති දක්වාම Partner-Central තුළ විවිධාකාර පහසුකම් සහ විශේෂාංග ඇති නිසා හවුල්කරුවන්ට e-commerce ක්ෂේත්‍රයේ තරගකාරීව කටයුතු කළ හැකිය.

“පුළුල් අලෙවිකරණ සහ ප්‍රවර්ධන අවස්ථා ඇති කරමින් හවුල්කරුවන් සවිබල ගැන්වීමේ අරමුණෙන් පරිපූර්ණ, ක්‍රියාකාරී e-commerce පරිසරයක් නිර්මාණය කිරීමට Partner-Central කැපවීමෙන් කටයුතු කරනවා. මේ තුළින් ඕනෑම ප්‍රමාණයේ විකුණුම්කරුවෙකුට තමන්ගේ පූර්ණ හැකියාව තුළින් අවස්ථා විවර කර ගනිමින් සම මට්ටමේ තරගකාරී වෙළෙඳපොළකට පිවිසීමේ අවකාශ හිමි වෙනවා. තාක්ෂණයේ බලමහිමය නිසා ඕනෑම කෙනෙකුට තමන්ගේ සිහින හඹා යාමට නිමක් නැති අවස්ථා උදා වෙනවා.

”Kapruka.com නිර්මාතෘ සහ සභාපති ව්‍යවසායක දුලිත් හේරත් මහතා පැවසීය. වාණිජ ලෝකයේ අනාගතය හැඩගස්වන ඩිජිටල් යුගයේ තමන් ඉදිරියේ ඇති අසීමිත හැකියා හඳුනා ගනිමින් ජාත්‍යන්තර මට්ටමෙන් සිය සන්නාමවල පැවැත්ම තහවුරු කර ගැනීමට සහ වර්ධනය කර ගැනීමට Partner Central හා සම්බන්ධ වන ලෙස සෑම අංශයකම සිටින හවුල්කරුවන්ට Kapruka ආරාධනා කරයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...