කප්රුක ‘Partner Central’ ඩිජිටල් වාණිජ වේදිකාව දියත් කරයි !

Share post:

ශ්‍රී ලංකාවේ e-commerce ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන සහ දේශීයව මෙන්ම විදේශීයවද ඉහළ ජනප්‍රියත්වයක් සහිත Kapruka.com, online shopping කලාවේ සහ e-commerce ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරමින් ‘Kapruka Partner Central’ කොළඹ නෙළුම් කුළුණේදී දියත් කළේය.

හවුල්කාර පාර්ශ්ව බල ගන්වමින් ඔවුන්ට වැඩි අවස්ථා උදා කර දෙමින් ඇරඹූ මෙම නව වැඩපිළිවෙළ ඩිජිටල් වෙ‌ළෙඳ ගනුදෙනු ක්ෂේත්‍රයේ නව යුගයක ඇරඹුමකි. හවුල්කරුවන්ට සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට සහ ලොව පුරා පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වීමට වැඩි දියුණු කළ ඩිජිටල් වාණිජ වේදිකාවක් නිර්මාණය කිරීම Partner-Central හි මූලික අරමුණ වේ. සූක්ෂම සැළසුම්, නවෝත්පාදන හා කැපවීමෙන් යුතු සේවාවක් යන ගුණාංග මෙහි කැපී පෙනෙන ලක්ෂණ වේ. මෙහි ඇති භාවිතයට පහසු, සරල අතුරුමුහුණත (Interface) සහ අද්විතීය විශේෂාංග රැස නිසා හවුල්කරුවන් online වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කිරීමේ ක්‍රමවේදය වඩාත් ආකර්ෂණීය හා විප්ලවීය ස්වභාවයක් ගෙන ඇත. 

Partner-Central හි කැපී පෙනෙන අංගයක් වන්නේ විකුණුම්කරුවන්ට සිය ගමන් මගේ සෑම අදියරක්ම බල ගැන්විය හැකි සුවිශේෂ මෙවලම් කට්ටල සහ පහසුකම් සැපයීමයි. නිෂ්පාදන විධිමත් ලෙස ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලියේ සිට සංකීර්ණ විශ්ලේෂණ ඇතුළු කාර්ය සාධන ප්‍රමිති දක්වාම Partner-Central තුළ විවිධාකාර පහසුකම් සහ විශේෂාංග ඇති නිසා හවුල්කරුවන්ට e-commerce ක්ෂේත්‍රයේ තරගකාරීව කටයුතු කළ හැකිය.

“පුළුල් අලෙවිකරණ සහ ප්‍රවර්ධන අවස්ථා ඇති කරමින් හවුල්කරුවන් සවිබල ගැන්වීමේ අරමුණෙන් පරිපූර්ණ, ක්‍රියාකාරී e-commerce පරිසරයක් නිර්මාණය කිරීමට Partner-Central කැපවීමෙන් කටයුතු කරනවා. මේ තුළින් ඕනෑම ප්‍රමාණයේ විකුණුම්කරුවෙකුට තමන්ගේ පූර්ණ හැකියාව තුළින් අවස්ථා විවර කර ගනිමින් සම මට්ටමේ තරගකාරී වෙළෙඳපොළකට පිවිසීමේ අවකාශ හිමි වෙනවා. තාක්ෂණයේ බලමහිමය නිසා ඕනෑම කෙනෙකුට තමන්ගේ සිහින හඹා යාමට නිමක් නැති අවස්ථා උදා වෙනවා.

”Kapruka.com නිර්මාතෘ සහ සභාපති ව්‍යවසායක දුලිත් හේරත් මහතා පැවසීය. වාණිජ ලෝකයේ අනාගතය හැඩගස්වන ඩිජිටල් යුගයේ තමන් ඉදිරියේ ඇති අසීමිත හැකියා හඳුනා ගනිමින් ජාත්‍යන්තර මට්ටමෙන් සිය සන්නාමවල පැවැත්ම තහවුරු කර ගැනීමට සහ වර්ධනය කර ගැනීමට Partner Central හා සම්බන්ධ වන ලෙස සෑම අංශයකම සිටින හවුල්කරුවන්ට Kapruka ආරාධනා කරයි.

Related articles

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ !

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී...