රටකට ඕනි පරමාදර්ශ…ෂමා දිහා බලාගෙන හැදෙන්න තව පොඩි පරම්පරාවක් දැනටම ඇති

Share post:

ඕනෑම රටක, ඕනෑම කේෂේත්‍රයක පරමාදර්ශී චරිත නැත්නම් උදාහරණ නැත්නම් වීරයින් බිහිවෙන්න ඕනි කියන එකට හොඳ උදාහරණයක් සපයනවා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නව වේගපන්දු යවන්නා වන ෂමා ජෝසප් (Shamar Joseph).

බටහිර ඉන්දීය කොදෙව් වල බරකාරා කියන පළාතේ අවම පහසුකම් යටතේ ළමාකාලය ගතකරපු ෂමා ක්‍රිකට් බලල තිබ්බේ කළු සුදු රූපවාහිනියකින්. එහෙම බලද්දී තමයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් දැවැන්තයින් දෙන්නෙක් වෙච්ච කර්ට්නි ඇම්බ්‍රෝස් සහ කර්ට්නි වොල්ෂ් දකින්න ලැබෙන්නේ.
එහෙම දැකල ඒ වීරයින්ට ආස වෙලා එදා ඉඳල ඕනෑම රවුම් හැඩයෙන් යුතු දෙයක් දැක්කොත් එයා ඒකෙන් පන්දු යවන්න උත්සාහ කරල තියනවා. පේර ගෙඩියක්, දෙහි ගෙඩියක්, ලෙමන් ගෙඩියක් වගේ ඕනෑම දෙයක් මේ වෙනුවෙන් එයා පාවිච්චි කරලා තියනවා.
එහෙම පන්දු යවල තමයි ඒ පළාතේ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ෂමා ගහන්න අරන් තියෙන්නේ.

ඒ විදියට ටිකෙන් ටික ෂමා එයාගේ ක්‍රිකට් ක්ෂ්තිජය පුළුල් කරගන්නවා. එහෙම පුළුල් කරගෙන ලෝකේ ප්‍රථම වතාවට බරකාරා වලින් ටෙස්ට් වරම් ලබපු පළමුවැන්නා බවට පත්වෙනවා. ඒ ඓතිහාසික ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේදී. අතිශයින් ප්‍රභල ඔස්ට්‍රේලියාවට එරෙහිව.
ටෙස්ට් වරම් ලැබිල පළමු පන්දුවෙන්ම දවාගන්නේ දෙවැනි ඩොන් බ්‍රැඩ්මන් විදියට විරුදාවලි ලබපු ස්ටීව් ස්මිත්.
ඒ තරඟයේ ෂමා නමට විකට් පහයි. ඊයේ මැච් එකේ විකට් හයයි. මැච් එකත් දිනුම්. 1997න්පස්සේ කොදෙව් කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේ දිනපු එකම තරඟය.

කණ්ඩායමේ ගොඩක් අය අලුත්. අලුත්ම කොල්ලෝ ටිකක් ගේම ගහනවා. ඒ තරඟයේ බර ගොඩක් කරට ගත්තේ ෂමා.
තරඟය දින්නට පස්සේ ලාරා අඬනවා. ඒ මක්නිසාවත් නෙවෙයි එයාලගේ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ඉතිහාසයට යම් හෝ සාධාරණයක් මේ පොඩි කොල්ලෝ ටික කරපු නිසා.
ගාෆීල්ඩ් සෝබර්ස්, විව් රිචඩ්, ක්ලිව් ලොයිඩ්ලගේ ඉඳල ඇම්බ්‍රෝස්ල හරහා ලාරා සහ චන්ද්‍රපොල් දක්වා ඒ ලැයිස්තුව ඉතාම දිගයි. ජයග්‍රහණ ලැයිස්තුවත් එහෙමයි. නමුත් මෑත කාලයේ බටහිර ඉන්දීය ක්‍රිකට් නන්නපෝල් වෙලා තිබ්බේ.

මෑතක පසුබැහැල තිබ්බට බලාගෙන හැදෙන්න ශ්‍රේෂ්ඨයින් ගොඩක් බටහිර ඉන්දීය කොදෙව්වන් එයාලගේ ක්‍රිකට් ඇතුලේ හදල තියනවා. ඉතින් ෂමාට ”මමත් මේ වගේ වෙන්න ඕනි” කියල හිතෙන එක මට නම් අතිශයින් ලස්සන ශිෂ්ටාචාර හැඟීමක්….
ෂමා දිහා බලාගෙන හැදෙන්න තව පොඩි පරම්පරාවක් දැනටම ඇති.
ෂමා, දුර ගමනක් වෙනුවෙන් සුබපැතුම්!

මහේෂ් හපුගොඩ

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...