රටකට ඕනි පරමාදර්ශ…ෂමා දිහා බලාගෙන හැදෙන්න තව පොඩි පරම්පරාවක් දැනටම ඇති

Share post:

ඕනෑම රටක, ඕනෑම කේෂේත්‍රයක පරමාදර්ශී චරිත නැත්නම් උදාහරණ නැත්නම් වීරයින් බිහිවෙන්න ඕනි කියන එකට හොඳ උදාහරණයක් සපයනවා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නව වේගපන්දු යවන්නා වන ෂමා ජෝසප් (Shamar Joseph).

බටහිර ඉන්දීය කොදෙව් වල බරකාරා කියන පළාතේ අවම පහසුකම් යටතේ ළමාකාලය ගතකරපු ෂමා ක්‍රිකට් බලල තිබ්බේ කළු සුදු රූපවාහිනියකින්. එහෙම බලද්දී තමයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් දැවැන්තයින් දෙන්නෙක් වෙච්ච කර්ට්නි ඇම්බ්‍රෝස් සහ කර්ට්නි වොල්ෂ් දකින්න ලැබෙන්නේ.
එහෙම දැකල ඒ වීරයින්ට ආස වෙලා එදා ඉඳල ඕනෑම රවුම් හැඩයෙන් යුතු දෙයක් දැක්කොත් එයා ඒකෙන් පන්දු යවන්න උත්සාහ කරල තියනවා. පේර ගෙඩියක්, දෙහි ගෙඩියක්, ලෙමන් ගෙඩියක් වගේ ඕනෑම දෙයක් මේ වෙනුවෙන් එයා පාවිච්චි කරලා තියනවා.
එහෙම පන්දු යවල තමයි ඒ පළාතේ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ෂමා ගහන්න අරන් තියෙන්නේ.

ඒ විදියට ටිකෙන් ටික ෂමා එයාගේ ක්‍රිකට් ක්ෂ්තිජය පුළුල් කරගන්නවා. එහෙම පුළුල් කරගෙන ලෝකේ ප්‍රථම වතාවට බරකාරා වලින් ටෙස්ට් වරම් ලබපු පළමුවැන්නා බවට පත්වෙනවා. ඒ ඓතිහාසික ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේදී. අතිශයින් ප්‍රභල ඔස්ට්‍රේලියාවට එරෙහිව.
ටෙස්ට් වරම් ලැබිල පළමු පන්දුවෙන්ම දවාගන්නේ දෙවැනි ඩොන් බ්‍රැඩ්මන් විදියට විරුදාවලි ලබපු ස්ටීව් ස්මිත්.
ඒ තරඟයේ ෂමා නමට විකට් පහයි. ඊයේ මැච් එකේ විකට් හයයි. මැච් එකත් දිනුම්. 1997න්පස්සේ කොදෙව් කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේ දිනපු එකම තරඟය.

කණ්ඩායමේ ගොඩක් අය අලුත්. අලුත්ම කොල්ලෝ ටිකක් ගේම ගහනවා. ඒ තරඟයේ බර ගොඩක් කරට ගත්තේ ෂමා.
තරඟය දින්නට පස්සේ ලාරා අඬනවා. ඒ මක්නිසාවත් නෙවෙයි එයාලගේ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ඉතිහාසයට යම් හෝ සාධාරණයක් මේ පොඩි කොල්ලෝ ටික කරපු නිසා.
ගාෆීල්ඩ් සෝබර්ස්, විව් රිචඩ්, ක්ලිව් ලොයිඩ්ලගේ ඉඳල ඇම්බ්‍රෝස්ල හරහා ලාරා සහ චන්ද්‍රපොල් දක්වා ඒ ලැයිස්තුව ඉතාම දිගයි. ජයග්‍රහණ ලැයිස්තුවත් එහෙමයි. නමුත් මෑත කාලයේ බටහිර ඉන්දීය ක්‍රිකට් නන්නපෝල් වෙලා තිබ්බේ.

මෑතක පසුබැහැල තිබ්බට බලාගෙන හැදෙන්න ශ්‍රේෂ්ඨයින් ගොඩක් බටහිර ඉන්දීය කොදෙව්වන් එයාලගේ ක්‍රිකට් ඇතුලේ හදල තියනවා. ඉතින් ෂමාට ”මමත් මේ වගේ වෙන්න ඕනි” කියල හිතෙන එක මට නම් අතිශයින් ලස්සන ශිෂ්ටාචාර හැඟීමක්….
ෂමා දිහා බලාගෙන හැදෙන්න තව පොඩි පරම්පරාවක් දැනටම ඇති.
ෂමා, දුර ගමනක් වෙනුවෙන් සුබපැතුම්!

මහේෂ් හපුගොඩ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...