රනිල්ව ඉවත් කිරීම ගැන කරුණු දක්වන්න මෛත්‍රී – මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි !

Share post:

2018 වසරේ එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් යහපාලන රජයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට අධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.

පෙත්සම සම්බන්ධයෙන් මූලික වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඉන් අනතුරුව පෙත්සම සැප්තැම්බර් 23දා විභාගයට ගැනීමට ද අධිකරණය තීන්දු කළ අතර, පෙත්සම සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් විසින් ගොනුකර ඇත.

පෙත්සම්කරු පවසන්නේ 2018 වසරේ ඔක්තෝබර් 26දා එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එවකට්ස් අගමැතිවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කළ බවයි.

ඉන් අනතුරුව එම තනතුර සඳහා මහින්ද රාජපක්ෂ පත්කෙරුණු බවත් පෙත්සම මඟින් පෙන්වා දී තිබේ.

පෙත්සම්කරු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවේ බහුතර බලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සතුව තිබියදී ඔහු ඉවත් කොට එම තනතුර සඳහා මහින්ද රාජපක්ෂ පත්කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...