විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරි පනත් කෙටුම්පත, පුනරුත්ථාපන කෙටුම්පත, දත්ත ආරක්ෂණ පනත, අධිකරණ අපහාස කෙටුම්පත, ත්‍රස්ත විරෝධී පනත ඇතුළු මර්දන නීති හරහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යන ගමන තවමත් කාටහරි අපැහැදිලියි නම් ඒක බරපතළ ප්‍රශ්නයක්.
එතකොට මට මේවා අදාළ නෑ, මාව මේ නීතිවලට අහුවෙන්නේ නෑ වගේ අදහසක කවුරු හරි ඉන්නවා නම්, ඒගොල්ලොන්ට උපරිම තව ටික කාලයක් ඒ වින්දනයේ ඉන්න පුළුවන් වෙයි.
ඔක්කොම එකට මේ පාර වෙනස් කරගන්න මැදිහත් වෙන්න අවශ්‍යයි. මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත හදන්න කලින් රට පුරා මහජන අදහස් විමසීමක් කළා නම්, මොකක් වෙයිද? සැලකිය යුතු පිරිසක් මේක අත්‍යවශ්‍යයි කියනවා.
ඇයි ඒ ? මාධ්‍යවල දිනපතා පළවන අපයෝජන සම්බන්ධ, සමාජ මාධ්‍ය අපරාධ සම්බන්ධ, කාන්තා හිංසනයට අදාළ කරණා ඉස්මතු කරලා, මේවා වලක්වන්න නීති ඕනෙද, නැද්ද කියලා ඇහුවොත්, ඕනෙ කියන සැලකිය යුතු පිරිසක් ඉන්නවා. ඒ මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක වන ආකාරය රහසක් නෙමෙයි.
එතැන වෙන්නෙ මොකක්ද? ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවේ ප්‍රමාණය තමන්ගේ අරමුණ වෙනුවෙන් පාවිච්චි කරන එක. පොලිස් ආඥා පනත, දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති, අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත, පරිගණක අපරාධ පිළිබඳ නීති, ජාතික මංමාවත් පනතේ වගන්ති, පොදු දේපොළ පනතේ වගන්ති ආදී වශයෙන් තියෙන නීති කොයිතරම් මර්දනය වෙනුවෙන් අවභාවිත කරනවද? එතකොට ඒ ගැන පොදුවේ ජනතාව කොයිතරම් දුරට සවිඥානික ද?
ඒ ගැන දැනුවත් ජනතාව තමයි කලින් ඇහැරෙන්නෙ. කලින් ඇහැරිලා තියෙන්නෙ. තව පිරිසක් ඉන්නවා සවිඥානික නමුත් විවිධ පෞද්ගලික අරමුණු වෙනුවෙන් හොරාට නිදාගෙන ඉන්න.
මේ පනත් කෙටුම්පත අධ්‍යයනය කරපු නීති විශාරදයො පැහැදිලිව අවධාරණය කරන්නෙ දෙන්නෙක් අතර සිදු වන සන්නිවේදනයක් පවා නවත්තන්න ආණ්ඩුවට කොයිතරම් අවශ්‍යතාවක් තියෙනවද කියලා. සමාජ මාධ්‍යයේ බරපතළ අදහස් දැක්වීමක් කෙසේ වෙතත් ලයික් එකකට පවා ආණ්ඩුව කොයිතරම් බය වෙලා ඉන්නවද කියන එක.
විදුලි බිල, වතුර බිල ගෙවලා, අමාරුවෙන් ගෑස් එක ගත්තට පස්සෙ එතැනින් එහාට ළමා මන්දපෝෂණය වගේ මාතෘකා ගැන කතා කරන්න තරම් දෙයක්වත් ඉතුරුවෙන්නෙ නෑ. මේ ප්‍රශ්නවලින් මිරිකෙන මිනිස්සුන්ගෙ කටවහන්නයි ආණ්ඩුවට අවශ්‍ය වෙන්නෙ. මිනිස්සු සංවිධානය වෙන එක වළක්වන්නයි ආණ්ඩුවට අවශ්‍ය වෙන්නෙ.
එහෙම වෙන්නෙ නෑ. මාර්ගගත ආරක්ෂණ කෙටුම්පත ලබන 23, 24 දවස්වල සම්මත කළොත්, ඒක මේ ආණ්ඩුවේ අවාසනාවන්ත ගමනක ආරම්භය බවට පත්වෙන එක ස්ථිරයි. ඒකට හේතුව ආණ්ඩුවලට වඩා වේගෙන් ජනතාව ඉදිරියට යමින් ඉන්න එක.
ඔය මොන නීති ගෙනාවත් අපිට අදාළ වෙන්නෙ නෑ කියලා හිතන දේශපාලනඥයන් සහ ඔවුන්ගේ හිතවතුන් පිරිසක් ඉන්නවා.
ඒ වගේම සමාජ මාධ්‍යයට, නැත්නම් මාර්ගගත සන්නිවේදන ක්‍රමවලට අදාළ ව ගේන නීති අපිට අදාළ නෑ කියලා ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවේදීන් සැලකිය යුතු පිරිසක් හිතනවා, කියනවා. ඒත් මේ නීති සෘජුව ම සියලු ජනමාධ්‍යයට අදාළයි. මාර්ගගත නම් කොහොමද එහෙම වෙන්නෙ?
සියලුම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවලට වෙබ්අඩවි, ෆේස්බුක් – ට්විටර් පිටු ඇතුළු සමාජ මාධ්‍ය අවකාශ තියෙනවා. ඔවුන් ඒවා නිරන්තරයෙන් යාවත්කාලීන කරමින් පවත්වාගෙන යනවා. එතකොට ඒ එකකටවත් අපිට අදාළ නෑ කියන්න බෑ.
ආණ්ඩුවට අවනත වෙලා ඒ අවකාශ සියල්ල වහලා දැම්මා කියලා හිතමු. ඒත් අද වෙනකොට සම්මුඛ සාකච්ඡා පවා කොච්චර ඔන්ලයින් කරනවද? ප්‍රශ්න යවලා, උත්තර ගෙන්න ගන්නවද? ඊමේල් පණිවුඩ ඇතුළු මාර්ගගත ක්‍රමවේදවලින් බැහැර ව අද ජනමාධ්‍ය ක්‍රියාවලියක් පවත්වාගෙන යන්න බෑ. එහෙම නම් අහෝසි වෙලා යන්න සූදානම් වෙන්න වෙනවා.
මාර්ගගත ක්‍රම ඔස්සේ ජනමාධ්‍ය හසුරුවන මාධ්‍යවේදීන් බහුතරයක් අද තීරණාත්මක කාර්යභාරයට උරදීලා ඉන්නවා. ඔවුන් තොරතුරුවලින් පෝෂිතයි. අඟහරුවල ගඩොල් හොයන්න යන්නෙ නෑ.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී පරිසර තක්සේරු වාර්තා උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා විශාල ජනතාවක් පීඩාවට පත්වුණා. පොලිසිය පක්ෂපාතීව ජනතාවට විරුද්ධව කටයුතු කළා. මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතනත් හිටියෙ ජනතාවට විරුද්ධ පැත්තෙ.
ඒත් පීඩාවට පත් කිහිපදෙනෙක් යූටියුබ් ඔස්සේ වරින්-වර වීඩියෝ පළකළා. ඒවාට සමාජ මාධ්‍ය ඔස්සේ සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් ටික – ටික ඉඩ ලැබුණා. පොලිසියට බය වෙලා හිටපු මිනිස්සු එකතු වෙලා, සතියකට කලින් වැඩේ පස්සට ඇදපු තොරතුරු කොමිසම පවා වැටලුවා.
රට පුරා ම උදාහරණ මේ විදිහයි. ඒක නිසා මාර්ගගත ආරක්ෂණ කෙටුම්පත හරහා මිනිස්සුන්ගෙ කට වහලා, තමන්ට ඕනෙ කරන අත්තනෝමතික – දුෂිත පාරක යන්න ආණ්ඩුව උත්සාහ කරනවා නම්, කනගාටුයි මහත්වරුනි, ඒක කරන්න බෑ.
ඒ වගේම මේක අපිට අදාළ නෑ කියලා පැත්තකට වෙලා ඉන්නත් කිසිම කෙනෙකුට බෑ.
ඊළඟට ;;;
මේ කෙටුම්පතට අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුව වෙත යොමුකළ තීන්දුවට එය අභියෝගයට ලක්කළ පෙත්සම්කරුවකු ලෙස මට එකඟ විය නොහැකිය.
ගරු අධිකරණයේ තීන්දුව පිළිගන්නා අතර, ඒ සම්බන්ධයෙන් වන මගේ අදහස වන්නේ මෙය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් සංශෝධන සහිතව වුවද, නීතියක් බවට පත්වුවහොත් භාවිතයේදී ගෞරවනීය ලෙස කටයුතු කරනු ඇතැයි යන්න සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්ව පිළිබඳව මගේ කිසිදු විශ්වාසයක් නැති බවයි. එය පවතින ආණ්ඩුවට මෙන්ම ඉදිරියේදී පත්වන ආණ්ඩුවලට ද අදාළ වේ.
බලය ලබාගැනීමට වඩා අසීරු කාර්යය වන්නේ බලය පවත්වාගෙන යෑමයි. එහිදී මෙවැනි අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කළ හැකි නීතියක් පැවතීම බරපතළ කරුණකි.
පොලිස් ආඥා පනත, දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති, අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත, පරිගණක අපරාධ පිළිබඳ නීති, ජාතික මංමාවත් පනතේ වගන්ති, පොදු දේපොළ පනතේ වගන්ති ආදී වශයෙන් දැනට පවතින නීති මර්දනය වෙනුවෙන් කොතරම් අවභාවිත කරන්නේද?
එවැනි සන්දර්භයක් යටතේ මිස, හුදෙකලාව මෙම කෙටුම්පත ගත නොහැකි බව මගේ අදහසයි.
ජනතාවගේ කට වහන මෙම මර්දන පනත් කෙටුම්පත පරාජය කිරීමට පාර්ලිමේන්තුවට පත්ව සිටින මහජන නියෝජිතයන්ට බලපෑම් කළ යුතුය.
ඒ වෙනුවෙන් සියල්ලන් එක්විය යුතුය.
ඔවුන් එය කළ යුතුය !