ෆීල්ඩින් කරාට බැට් කරන්න අමතක වුණා ..

Share post:

මෙවර 20යි 20 ලෝක කුසලානයටවත් සුදුසුකම් ලබා ගන්න බැරි වුණ සිම්බාබ්වේ ඉදිරියේ අපිට අද ඇඹරෙන්න සිද්ධ වුණේ හරියට ඔස්ට්‍රේලියාව, ඉන්දියාව ඉස්සරහ ක්‍රීඩා කරනවා වගේ.

කතාව මැච් එක අන්තිම බොලෙන් දිනපු එක නෙමෙයි. Slow Wicket එකක සිම්බාබ්වේ 143කට තියලත් සත 5ක වගකීමක් නැතුව මුල් විකට් 5 අපි විසි කරලා දැම්මා. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වෙච්චි, වසර 3කට වැඩි කාලයකට පසු යළි ජාත්‍යන්තර 20යි 20 පිටියට පිවිසි මැතිව්ස්ගේ සටන්කාමී ලකුණු 46ත් කලකට පසු යළිත් ලකුණු අතරට අාපු හදවතේ නායකයා නොහාත් දසුන් ශානක⁣ගේ ලකුණු 26ට පින්සිදුවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියේ යළිත්වරක් ලියවීමට ගිය විලිලැජ්ජාවක් යාන්තමින් බේරුණා.

පීඩනය මැද අවසන් පන්දු 2න් ලකුණු 6ක් ලබා ගැනීමට පිටියට පිවිසි දුෂ්මන්ත චමීරගේ දරා ගැනීමනම් අගය කළ යුතුමයි.
වෙනදාට වඩා පන්දු රැකීමේ අංශය දියුණු වී තිබුණු බවක් පෙනුණත් පැතුම් නිස්සංක විසින් පහසු හා තවත් උත්සාහ කරානම් රැක ගැනීමට තිබූ උඩපන්දු දෙකක් අත්හැරීම සිම්බාබ්වේ ඉනිම ශක්තිමත් වීමට හේතුවක් වුණා.

ඊයේ පැවති මාධ්‍ය හමුව තුළ වනිඳුගේ මාධ්‍ය භාවිතය ඉතා ගුණාත්මක මට්ටමක තිබූ අතර ඔහුගේ සිහින සැලසුම් යථාර්ථයක් කර ගැනීමටනම් තුන් ඉරියව්වෙන්ම ක්‍රීඩකයින්ගේ දක්ෂතා සමබර විය යුතුයි. ඒ, වනිඳුගේ වැඩි අවධානයක් මේ වනවිට යොමු වී තිබෙන්නේ පන්දු රැකීමේ අංශයට වීම හේතුවෙන්. සිම්බාබ්වේ ඉදිරියේ මෙහෙම අමාරුවෙන් ක්‍රීඩා කරන අපට නම් දරපු කණ්ඩායම් ඉදිරියේ කුමක් වේවිදැයි සිතා ගැනීමටත් නොහැකි වීමයි.
20යි 20 තරග රටාවත් සමග යම්තාක් ඉහළ ප්‍රෙක්ෂක ප්‍රතිචාරයක් අද දවස තුළ ⁣මෙම තරග සංචාරයේදී ප්‍රේමදාස පිටිය තුළ දැක ගැනීමට ලැබීම සතුටට කරුණක් වුවත් ප්‍රෙක්ෂක ආකර්ෂණය දිනාගත හැකි ක්‍රිකට් ක්‍රීඩාවක් ලොවට පෙන්වීම ක්‍රීඩයින් සතු වගකීමක් වනවා නොඅනුමානයි.

චතුරංග රාජපක්ෂ (fb)

(ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට..)

Related articles

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ...