බීඩි මත බදු වැඩිකිරීමෙන් ලක්‍ෂ 5 කගේ රැකියා අනතුරේ

Share post:

මෙවර අයවැය මගින් බීඩි මත බද්ද රුපියල් දෙකක් සහ බීඩි එතුම් කොළ මිල වැඩිකිරීම නිසා ලක්ෂ 5 කගේ පමණ සෘජු සහ වක්‍ර රැකියා අර්බුදයට යන තත්ත්වයක් උදාවී තිබේ.

2022 වර්ෂයේ අයවැය මගින් රුපියල් විසිපහකට තිබුණු කැප්ටන් සිගරට්ටුවක මිල රු.10 දක්වා අඩු කැරිණි.මේ වන විට කැප්ටන් සිගරැට්ටුවක නව මිල රු. 15 කි. 2023 අයවැය යෝජනා මගින් බීඩි මත බද්ද රුපියල් 2 කින් වැඩිකිරීමත් සමගම බීඩි එතුම් කොළ කිලෝවක මිලද රුපියල් 7500 සිට 10000 දක්වා වැඩි කෙරිණි. ආනයනකරුවන් විසින් එතුම් කඩදාසි වල මිල අයවැයට පසුදාම වැඩි කළ අතර නොබෝ දිනකින් බීඩියක මිල තවත් රුපියල් දෙකකින් වැඩි වීමට නියමිතය. එවිට දැනට රුපියල් දහයකට විකිණෙන බීඩියක මිල නව වැඩි වීමත් සමඟ රුපියල් පහළොවකට ආසන්න මිලකට එසවෙයි.

මෙම මිල වැඩිවීම මත දුම්පානය කරන්නන්ට රුපියල් පහළොවකට කැප්ටන් සිගරට්ටුවක් මිලදී ගත හැකිව තිබියදී බීඩියක් රුපියල් පහළොවකට මිලදී ගැනීම සිදු නොවෙයි. දෛනිකව බීඩි ලක්ෂ 60-70 අතර ප්‍රමාණයක් වෙළඳපලෙහි විකිණෙන අතර බීඩි වෙළෙඳපල අර්බුදයට ගියහොත් දිවයින පුරා ඇති බීඩි කර්මාන්තශාලා 900 ක් පමණ වසා දැමීමට සිදුවන බව පැහැදිලිය.
ලංකාවේ ලොකුම ගෘහ කර්මාන්තය බීඩී නිෂ්පාදනය වන අතර බීඩී නිෂ්පාදනය කරන කලාප වල සෑම නිවසකම එය දෙවැනි ආදායම බවට පත්ව තිබේ.. එමගින් ඔවුහු මසකට රු.10000-20000 අතර මුදලක් උපයති. බීඩී එතුම් කරුවන් පමණක් ලක්ෂ දෙකක් පමණ සිටිති.

කැප්ටන් සිගරට්ටුව නිපදවන්නේ ගෝල්ඩ්ලීෆ් හා බ්‍රිස්ටල් සිගරැට් නිපදවා ඉතිරිවන දුම්කොළ කුඩු වලින් වන අතර දුම්කොළ කිලෝවක වර්තමාන මිල රු.75000 කි.ගෝල්ඩ්ලීෆ් සහ බ්‍රිස්ටල් වලින් උපරිම ලාභ ඉපැයූ පසු ඉතිරි දුම්කොළ කුඩෙන් නිපදවන කැප්ටන් සිගරට්ටුවක නිෂ්පාදන මිල ශත පනහක් පමණ වෙයි. එනම් කැප්ටන් සිගරට්ටුවකින් 99.5% ක ශුද්ධ ලාභයක් නිෂ්පාදකයාට හිමි වෙයි.

කැප්ටන් සිගරට්ටුව රුපියල් විසිපහකට තිබුණු කාලයේ අධික ලාභයක් සිගරට් සමාගම් ලැබූ අතර මිල අඩු කිරීම යටතේ පවා දෛනිකව කැප්ටන් සිගරට් කෝටි දෙකක් පමණ විකිණීමෙන් දවසකට කෝටි විස්සකට අධික ශුද්ධ ලාභයක් සමාගමට හිමි වෙයි. 2022 අයවැය මගින් එකී මිල අඩු කිරීම බලවත් සැකයකට තුඩු දෙන්නක් වන අතර එමගින් රටෙහි ප්‍රධානියකුට විශාල වාසියක් හිමිවූ බවද ප්‍රකට කතාවකි. කෙසේ වෙතත් වර්තමාන තත්ත්වය වන සිගරට්ටුවක හා බීඩීයක මිල සමාන වීම නිසා බීඩි කර්මාන්ත කරුවන් හා යැපෙන්නන් මුහුණ දෙන තත්ත්වය සමනය කිරීම පහසු නොවනු ඇත.

Related articles

‘ණයානන්දය’ – සුරත් ද මෙල්

ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. ⁣මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව...

උසස් අධ්‍යාපන ආයතනවල හැංගිමුත්තන් සෙල්ලං බෑ – තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක් !

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා...

ත්‍රිකුණාමලය මහ රෝහලේ බිලිඳු මරණය : වැඩවර්ජන නිසා සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කළ ත්‍රිකුණාමලය GMOA සභාපතිගේ වැඩ තහනම් !

රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම සහ රාජකාරියට වාර්තා කළ...

කපිල චන්ද්‍රසේන : මරණයේ හෙවනැලි සහ දූෂණයේ අවතාර !

කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද යන්න ඉදිරි විමර්ශනවලින් පසු තීරණය වනු ඇත. එතෙක් මරණ...