රුපවාහිනීයේ මුදල් අවභාවිතය: ඇමති කෙහෙළියට අධිචෝදනා, විදෙස් ගමන් තහනම්

Share post:

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය යටතේ ජනමාධ්‍ය අමාත්‍යවරයාව කටයුතු කළ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතු මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත අධිචෝදනා ගොනු කර තිබේ.

එමෙන්ම එම සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහට සහ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට අද (22) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය.

දේශපාලන කටයුතු සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් මුදල් හරහා ජී.අයි පයිප්ප මිලදී ගෙන රජයට පාඩු සිදු කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට නඩුව අවසන් වනතුරු විදේශගත වීම වළක්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් විදෙස් ගමන් තහනමක් ද ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත් කළේය.

ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙස ද නියෝග කළ අතර විත්තිකරුවන් එක් අයෙකුට රුපියල් 20,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළේය.

මේ අතර විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නිල අවශ්‍යතා මත විදේශගත වීමට අපේක්ෂා කරන්නේ නම්, විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කළ ඉල්ලීමක් කළහොත් ඒ සම්බන්ධයෙන් සලකා බලන බවයි.

නඩුව යළි පෙබරවාරි 01 වැනිදා කැඳවීමට නියමිතය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...