රාජ්‍ය රහස් හෙළි කිරීම : ඉම්රාන් ඛාන් 28 වැනිදා අධිකරණයට

Share post:

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්හට, රාජ්‍ය රහස් හෙළි කිරීමේ නඩු විභාගය සඳහා එළැඹෙන නොවැම්බර් 28 වැනිදා පෙනී සිටින ලෙස ඉස්ලාමාබාද් අධිකරණය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔහු මේ වනවිට බන්ධනාගාරගතව සිටින අතර සිරගත කිරීමෙන් පසුව ප්‍රසිද්ධියේ පෙනී සිටින පළමු අවස්ථාව මෙයද වෙයි.

රාජ්‍ය රහස් පනත යටතේ ඉස්ලාමාබාද් නුවර පිහිටුවන ලද විශේෂ අධිකරණය මගින් ඊයේ නොවැම්බර් (23) වැනිදා එම නියෝගය නිකුත් කර ඇති අතර, ඉම්රාන් ඛන් සමඟ සිරගත වී සිටින හිටපු විදේශ ඇමති ෂා මහමූද් කුරේෂී ද එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලෙස කටයුතු කළ අවදියේදී විදේශ රාජ්‍ය නායකයන්ගෙන් සහ තානාපතිවරුන්ගෙන් ලැබුණු ත්‍යාග භාණ්ඩාගාරයට ලබා දීම වෙනුවට නීති විරෝධී අයුරින් අලෙවි කිරීම සහ හිතවතුන් අතර බෙදා දීම හේතුවෙන් පවරන ලද නඩු විභාගයකින් වරදකරු වීමෙන් පසුව පසුගිය අගෝස්තු මාසයේදී ඔහුට වසර තුනක සිර දඬුවමක් නියම විය.

ඉන්පසු ඔහුගේ නීතිඥවරුන් ගොනු කළ අභියාචනය සලකා බැලූ ඉස්ලාමාබාද් මහාධිකරණය එම සිරදඬුවම අත්හිටුවීමට පසුගිය අගෝස්තු මස 29දා කටයුතු කළේය.

එහෙත් රාජ්‍ය නිල රහස් පනත යටතේ ඉම්රාන් ඛාන්ට සහ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයාට එරෙහිව ඇති නඩුවේ විශේෂ නඩුව තවදුරටත් පැවැත්වෙන බැවින් ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ රඳවා තබාගන්නා ලෙස අධිකරණය නියෝග කළේය.

සබැඳි පුවත්

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...