රාජ්‍ය රහස් හෙළි කිරීම : ඉම්රාන් ඛාන් 28 වැනිදා අධිකරණයට

Share post:

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්හට, රාජ්‍ය රහස් හෙළි කිරීමේ නඩු විභාගය සඳහා එළැඹෙන නොවැම්බර් 28 වැනිදා පෙනී සිටින ලෙස ඉස්ලාමාබාද් අධිකරණය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔහු මේ වනවිට බන්ධනාගාරගතව සිටින අතර සිරගත කිරීමෙන් පසුව ප්‍රසිද්ධියේ පෙනී සිටින පළමු අවස්ථාව මෙයද වෙයි.

රාජ්‍ය රහස් පනත යටතේ ඉස්ලාමාබාද් නුවර පිහිටුවන ලද විශේෂ අධිකරණය මගින් ඊයේ නොවැම්බර් (23) වැනිදා එම නියෝගය නිකුත් කර ඇති අතර, ඉම්රාන් ඛන් සමඟ සිරගත වී සිටින හිටපු විදේශ ඇමති ෂා මහමූද් කුරේෂී ද එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලෙස කටයුතු කළ අවදියේදී විදේශ රාජ්‍ය නායකයන්ගෙන් සහ තානාපතිවරුන්ගෙන් ලැබුණු ත්‍යාග භාණ්ඩාගාරයට ලබා දීම වෙනුවට නීති විරෝධී අයුරින් අලෙවි කිරීම සහ හිතවතුන් අතර බෙදා දීම හේතුවෙන් පවරන ලද නඩු විභාගයකින් වරදකරු වීමෙන් පසුව පසුගිය අගෝස්තු මාසයේදී ඔහුට වසර තුනක සිර දඬුවමක් නියම විය.

ඉන්පසු ඔහුගේ නීතිඥවරුන් ගොනු කළ අභියාචනය සලකා බැලූ ඉස්ලාමාබාද් මහාධිකරණය එම සිරදඬුවම අත්හිටුවීමට පසුගිය අගෝස්තු මස 29දා කටයුතු කළේය.

එහෙත් රාජ්‍ය නිල රහස් පනත යටතේ ඉම්රාන් ඛාන්ට සහ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයාට එරෙහිව ඇති නඩුවේ විශේෂ නඩුව තවදුරටත් පැවැත්වෙන බැවින් ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ රඳවා තබාගන්නා ලෙස අධිකරණය නියෝග කළේය.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...