ඒ සිහින දකින්නාගේ නම ධර්මසේන පතිරාජ – පිලිප් චෙයාර්

Share post:

ඊයේ(23) අපි අතිදක්ෂ ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද බඹරු ඇවිත් සිනමා කෘතිය නැරඹුවා. ස්තුතියි සිංගප්පූරු සිනමා සංරක්ෂණ කණ්ඩායමට. ඒ වගේ ම ආචාර්ය මලින්ද පතිරාජ පුතණුවන්ට . මා මිතුරාට. මාලක දේවප්‍රිය , ලක්ෂ්මන් මෙන්ඩිස් , ඩබ්. ජයසිරි ඇතුළු සංවිධායක සහෝදරයන්ට .
ඒ ජවසම්පන්න සිරිල් වික්‍රමගේ තරුණයා ඊයේ ඇවිත් හිටියා දශක 9ක් පසු කළ අපේ වීරයෙකු ලෙස. පති පතිනිය ..මාලිනී පතිරාජ තමයි තිරනාටකයෙන් හවුල් වුණේ . ඒ විස්මිත මිනිස් ගොනුවෙන් බොහෝ දෙනා සමුගෙන .

මිනිස් පැය 4700 ට වඩා වැය කොට රාමුවෙන් රාමුව පිරිපහදු කළ හැටි සිංගප්පූරු විද්වතා පැහැදිලි කළා . ඒ කතාවෙ තැවරී තිබුණේ ලංකාවේ චිත්‍රපට සංරක්ෂණය ගැන අප රැවටූ සියලු දෙනාට ගෑවිලාවත් නොතිබූ මහා ආදරයක්. මේ මහා සිනමා අධ්‍යක්ෂවරයා ගැන ගෞරවයක් . අපට ඒ සිතිවිලි පවා සිහින. ස්තුතියි මිලින්ද සහෝදරයා නැවත .

ඊයේ(23) උදේ රහස් කියන කඳු. හවස බඹරු ඇවිත් . ඔන්න දවස්. 1978 පති සර් ගැන පළ වූ දුලබ ලිපිය සහිත Cinema Papers කියන මැගසින් එක සර්ගෙන් මා කද තෑගි අතර තියෙනවා . මේ ඔක්කොම එකතු කරලා අපි ධර්මසේන පතිරාජ පදනම හදන්න ඕනෙ .

හිනිදුම සුනිල් සෙනෙවි

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...