ඒ සිහින දකින්නාගේ නම ධර්මසේන පතිරාජ – පිලිප් චෙයාර්

Share post:

ඊයේ(23) අපි අතිදක්ෂ ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද බඹරු ඇවිත් සිනමා කෘතිය නැරඹුවා. ස්තුතියි සිංගප්පූරු සිනමා සංරක්ෂණ කණ්ඩායමට. ඒ වගේ ම ආචාර්ය මලින්ද පතිරාජ පුතණුවන්ට . මා මිතුරාට. මාලක දේවප්‍රිය , ලක්ෂ්මන් මෙන්ඩිස් , ඩබ්. ජයසිරි ඇතුළු සංවිධායක සහෝදරයන්ට .
ඒ ජවසම්පන්න සිරිල් වික්‍රමගේ තරුණයා ඊයේ ඇවිත් හිටියා දශක 9ක් පසු කළ අපේ වීරයෙකු ලෙස. පති පතිනිය ..මාලිනී පතිරාජ තමයි තිරනාටකයෙන් හවුල් වුණේ . ඒ විස්මිත මිනිස් ගොනුවෙන් බොහෝ දෙනා සමුගෙන .

මිනිස් පැය 4700 ට වඩා වැය කොට රාමුවෙන් රාමුව පිරිපහදු කළ හැටි සිංගප්පූරු විද්වතා පැහැදිලි කළා . ඒ කතාවෙ තැවරී තිබුණේ ලංකාවේ චිත්‍රපට සංරක්ෂණය ගැන අප රැවටූ සියලු දෙනාට ගෑවිලාවත් නොතිබූ මහා ආදරයක්. මේ මහා සිනමා අධ්‍යක්ෂවරයා ගැන ගෞරවයක් . අපට ඒ සිතිවිලි පවා සිහින. ස්තුතියි මිලින්ද සහෝදරයා නැවත .

ඊයේ(23) උදේ රහස් කියන කඳු. හවස බඹරු ඇවිත් . ඔන්න දවස්. 1978 පති සර් ගැන පළ වූ දුලබ ලිපිය සහිත Cinema Papers කියන මැගසින් එක සර්ගෙන් මා කද තෑගි අතර තියෙනවා . මේ ඔක්කොම එකතු කරලා අපි ධර්මසේන පතිරාජ පදනම හදන්න ඕනෙ .

හිනිදුම සුනිල් සෙනෙවි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...