එක් නඩුවකින් නිදහසක් ලැබෙන විට තවත් නඩුවකින් ඉම්රාන් ඛාන් හිර කරයි !

Share post:

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ලබන 13දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරට අධිකරණයක් ඊයේ (30) නියෝග කළේය.
ඒ අනුව රාජ්‍ය රහස් ප්‍රසිද්ධියට පත්කිරීමේ චෝදනා මත ඔහුට තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත ව සිටීමට සිදුවනු ඇත.

ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේදී රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු ත්‍යාග විකුණා මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් ඔහුට වසර තුනක සිර දඬුවමක් නියම විය.

ඉන්පසු ඔහුගේ නීතිඥවරුන් ගොනු කළ අභියාචනය සලකා බැලූ ඉස්ලාමාබාද් මහාධිකරණය එම සිරදඬුවම අත්හිටුවීමට පසුගිය 29දා කටයුතු කළේය.

එහෙත් රාජ්‍ය නිල රහස් පනත යටතේ ඉම්රාන් ඛාන්ට සහ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයාට එරෙහිව ඇති නඩුවේ විශේෂ නඩු වාරයක් ඊයේ (30) පැවැත්වෙන බැවින් ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ රඳවා තබාගන්නා ලෙස පෙර දැනුම්දීමක් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව ඊයේ (30) හිටපු අගමැතිවරයා ව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැප්තැම්බර් 13 වැනිදා දක්වා රඳවා තබාගැනීමට යළි නියෝග කර තිබිණි.

සබැඳි පුවත්

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...