එක් නඩුවකින් නිදහසක් ලැබෙන විට තවත් නඩුවකින් ඉම්රාන් ඛාන් හිර කරයි !

Share post:

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ලබන 13දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරට අධිකරණයක් ඊයේ (30) නියෝග කළේය.
ඒ අනුව රාජ්‍ය රහස් ප්‍රසිද්ධියට පත්කිරීමේ චෝදනා මත ඔහුට තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත ව සිටීමට සිදුවනු ඇත.

ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේදී රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු ත්‍යාග විකුණා මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් ඔහුට වසර තුනක සිර දඬුවමක් නියම විය.

ඉන්පසු ඔහුගේ නීතිඥවරුන් ගොනු කළ අභියාචනය සලකා බැලූ ඉස්ලාමාබාද් මහාධිකරණය එම සිරදඬුවම අත්හිටුවීමට පසුගිය 29දා කටයුතු කළේය.

එහෙත් රාජ්‍ය නිල රහස් පනත යටතේ ඉම්රාන් ඛාන්ට සහ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයාට එරෙහිව ඇති නඩුවේ විශේෂ නඩු වාරයක් ඊයේ (30) පැවැත්වෙන බැවින් ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ රඳවා තබාගන්නා ලෙස පෙර දැනුම්දීමක් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව ඊයේ (30) හිටපු අගමැතිවරයා ව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැප්තැම්බර් 13 වැනිදා දක්වා රඳවා තබාගැනීමට යළි නියෝග කර තිබිණි.

සබැඳි පුවත්

සබැඳි පුවත්

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...