‘වට තිර ලූ රාජ්ජය’ “සැප්තැම්බර් එකොළහ(හෙට වැනි දිනයක්) උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” – කාමන් බින් ලාඩන්

Share post:

“සැප්තැම්බර් එකොළහ(හෙට වැනි දිනයක්) උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” – කාමන් බින් ලාඩන්

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස හෙට එනම් සැප්තැම්බර් 11 දින සිට සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොටස් වශයෙන් https://thetime.lk වෙබ් අඩවියේ පළවේ.

වට තිර ලූ රාජ්ජය – The Veiled Kingdom – Carmen Bin Ladin

අතිශයින්ම අහඹු සිදුවීම් දාමයක් ඔස්සේ සවුදි අරාබියේ බලවත් බින් ලාඩන් පවුලට ලේලියක ලෙස එකතුවන ස්විස් තරුණියක වන කාමන් ඩියුෆෝර් එතැන් සිට කාමන් බින් ලාඩන් බවට පත්වන්නී, තම ජීවිතයේ එක් සංධිස්ථානයකදී මානව සංහතියේ සාමාජිකයින් ලෙස නිදහස් ජීවිතයක් ගතකිරීමට ඇගේ කුඩා දියණියන්ට හිමි අනුල්ලංඝනීය අයිතිය වෙනුවෙන් දිවි පරදුවට තබා කරන සටනකට අවතීර්ණ වන්නීය. කාමන් එවැනි තීරණයකට එළඹෙන්නේ, ජීවත්වන තුරාම සාම්ප්‍රදායික සවුදි බිරිඳකට සංස්කෘතියෙන්ම හිමිවන දෙවන පෙළේ සැලකීම්වලට සැලකියයුතු කාලපරිච්ඡේදයක් තුළ මුහුණ දීමෙන් හා ඊට අනුගත වන්නට හිත හදාගැනීමෙන්ද අනතුරුවය. ඇයම පවසන පරිදි, ඇමරිකානු අධ්‍යාපනයක් ලැබූ ඇගේ සැමියා බින් ලාඩන්වරයකු වුවද, ඇගේ ස්වාධීනත්වය එක්තරා දුරකට ගරුකළ පුද්ගලයෙකි. එහෙත් සවුදි අරාබියේ පැළපදියම්ව ඇති වහාබ්වාදී ආගමික සංස්කෘතිය හමුවේ ඔහුගේ ස්වාධීන චින්තනය දෙදරා ගිය හැටි කාමන් අපට කියන්නීය.

පරිවර්තනය – මොහාන් ධර්මරත්න

Related articles

“දැන් කවුරුහරි මට එයාගෙ දෑත් දිගු කළොත් මම පොඩි දරුවෙක් වගේ වැලපෙයි” – ඇල්බෙයා කැමූ

වයස අවුරුදු 17දී ඔහුට ක්ෂය රෝගය හැදුණා. ඒ නිසා ජීවිත කාලෙම ඔහු පසුවුණේ දුර්වල සෞඛ්‍ය තත්වයකින්. හැබැයි ඔහු...

තැන්නේ ඤානානන්ද හිමියන්ගේ ‘පන්සලේ මල්සරා’ ගැන වචනයක්

සිංහල සාහිත්‍ය ගැන කතා කරන විට අපට යතිවර දායකත්වය අමතක කළ නොහැකි දෙයකි. සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස...

ඔබ ශක්තිමත්ව ගොඩනැගීම තෝරාගත්තොත්, ඔබේ අනාගතය කඩාබිඳ දමන්න ව්‍යසනයකට කවදාවත්ම ඉඩක් නෑ..’

‘පොළව දෙදරද්දි, මහා මුහුදු රැළි නැගෙද්දි, විශාල බිල්ඩින් බිම වැටිලා සමතලා වේවි. ඒත් අපේ බලාපොරොත්තු එහෙම වෙන්නේ නෑ’...

“යමකින් ජීවිතය ගලවා ගත් පමණින් ඔබ ශක්තිමත් කෙනෙක් වෙන්නේ නැහැ”

වයස අවුරුදු 12 දී පිරිමි ළමයෙක් ඇයව කැලයට එක්කගෙන ගියා. පිරිමි ළමයි දුසිමක් විතර ඇය එනකන් කැලේ රැකගෙන...