‘වට තිර ලූ රාජ්ජය’ “සැප්තැම්බර් එකොළහ(හෙට වැනි දිනයක්) උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” – කාමන් බින් ලාඩන්

Share post:

“සැප්තැම්බර් එකොළහ(හෙට වැනි දිනයක්) උදාවූයේ ලස්සන ඉන්දියානු ගිම්හානයේ දිනයක් ලෙසිනි” – කාමන් බින් ලාඩන්

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස හෙට එනම් සැප්තැම්බර් 11 දින සිට සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොටස් වශයෙන් https://thetime.lk වෙබ් අඩවියේ පළවේ.

වට තිර ලූ රාජ්ජය – The Veiled Kingdom – Carmen Bin Ladin

අතිශයින්ම අහඹු සිදුවීම් දාමයක් ඔස්සේ සවුදි අරාබියේ බලවත් බින් ලාඩන් පවුලට ලේලියක ලෙස එකතුවන ස්විස් තරුණියක වන කාමන් ඩියුෆෝර් එතැන් සිට කාමන් බින් ලාඩන් බවට පත්වන්නී, තම ජීවිතයේ එක් සංධිස්ථානයකදී මානව සංහතියේ සාමාජිකයින් ලෙස නිදහස් ජීවිතයක් ගතකිරීමට ඇගේ කුඩා දියණියන්ට හිමි අනුල්ලංඝනීය අයිතිය වෙනුවෙන් දිවි පරදුවට තබා කරන සටනකට අවතීර්ණ වන්නීය. කාමන් එවැනි තීරණයකට එළඹෙන්නේ, ජීවත්වන තුරාම සාම්ප්‍රදායික සවුදි බිරිඳකට සංස්කෘතියෙන්ම හිමිවන දෙවන පෙළේ සැලකීම්වලට සැලකියයුතු කාලපරිච්ඡේදයක් තුළ මුහුණ දීමෙන් හා ඊට අනුගත වන්නට හිත හදාගැනීමෙන්ද අනතුරුවය. ඇයම පවසන පරිදි, ඇමරිකානු අධ්‍යාපනයක් ලැබූ ඇගේ සැමියා බින් ලාඩන්වරයකු වුවද, ඇගේ ස්වාධීනත්වය එක්තරා දුරකට ගරුකළ පුද්ගලයෙකි. එහෙත් සවුදි අරාබියේ පැළපදියම්ව ඇති වහාබ්වාදී ආගමික සංස්කෘතිය හමුවේ ඔහුගේ ස්වාධීන චින්තනය දෙදරා ගිය හැටි කාමන් අපට කියන්නීය.

පරිවර්තනය – මොහාන් ධර්මරත්න

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...