ආදර්ශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ආරම්භය හෙට BMICH හිදී – අගමැති හරිනි සහ හිටපු ජනපතිවරුන් ආරාධිතයන් අතර !

Share post:

ආදර්ශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වන සංවාද කතිකාවක් හෙට (03) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත ය.

ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලන නායකයන්ගේ මෙන්ම විද්වත් වෘත්තිකයන්ගේ සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මේ කතිකාව පැවැත්වේ. මහාචාර්ය දීපිකා උඩගම මේ කතිකාවේ ප්‍රධාන දේශනය සිදුකරනු ලබයි. ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න, ආචාර්ය කුමාර් වඩිවේල් ගුරුපරන්, ආචාර්ය රමේෂ් රාමසාමි, පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ කතිකාවේ කථිකයන් වන අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය කලණ සේනාරත්න විසින් වැඩසටහන මෙහෙයවනු ලබයි.

One Text Initiative ආයතනය සංවිධානය කරන මේ කතිකාව සඳහා අගමැති හරිනි අමරසූරිය, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ වෙත ද ඇරයුම් කර තිබේ.

Related articles

පාස්කු ප්‍රහාරය ‘සිදු කර‘ – ‘මරා දැමූ‘ සාරාගේ කතාව !

2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කෙරිණි. තවදුරටත් එය සිදු විය කියන්නට නොහැකිය. එය සැලසුම් සහගත...

ගිනිගන්නා ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ හමුවේ මෝදිගේ අනාගතය !

අසල්වැසි ඉන්දියාවේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38-40 ඉක්මවා ඇති බව වාර්තා වේ. ඒ නිසා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ජනතාව පසුවන්නේ අධික...

සාම පාගමන සහ සංහිඳියාවේ පොරොන්දුව !

ජාත්‍යන්තර බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාවේ සාම පාගමනක් පැවැත්වූ අතර, එය රටේ බොහෝදෙනකු ස්පර්ශ කර ඇත. වියට්නාම...

ඉතාලිය පකිස්තානු පූජකයා පන්නා දැමුවේ ඇයි? ලෞකික නීතියට හරස් වන ආගමික නීති හා සම්ප්‍රදායන් ඉවසිය යුතුද?

දැන් දැන් ඉතා ප්‍රබලව දකින්නට පුළුවන් කාරණයක් තමයි ලෝකේ තියෙන සියලුම ආගම් විවේචනයට, සංවාදයට, විචාරයට ලක්වීම.ලෝකයේ පවතින සෑම...