“හැම ආගමකම සාමය ගැන පණිවිඩයක් මතුකරගන්න විභවයක් තියනවා”

Share post:

හිතට කනස්සල්ලක් දැනුනම, ඒ බර තනිව දරාගන්න බැරි වෙද්දි, මිනිස්සු හැමෝම කුමක් හරි දෙයකට ඇබ්බැහි වෙනවා. කෙනෙක් සංගීතයට, කෙනෙක් පොතකට, තවත් කෙනෙක් සිනමා පට නරඹන්න ..
මම මේ දවස්වල ඇබ්බැහිවෙලා ඉන්නෙ මේ නිහඬ පා ගමනට. මට මේ “Peace Walk” ඒක බලද්දි , ඒක ගැන හිතද්දි, හිත ඇතුළට සන්සුන් බවක් කාන්දුවෙනවා.
මේක ඇතුලෙ යම් මිරකල්මය ප්‍රොජෙක්ෂන් එකක් මායාකාරී අලෝක කදම්බයක් තියනවා කියලා විශ්වාස කරන බොළඳ මිනිස් කුළකයට මාත් ඇතුලත්.
මේ කැම්පේන් එක ඇතුළේ ලොකු ශක්තියක්, ගැඹුරු රහසක්, විශාල සංහිඳියාවක් හැංගිලා තියෙනවා කියලා අපි හිතෙනවා.
මේ පාගමන සිදුවෙන්නේ ඇමරිකාවේ ඇතුළත වුණත්, මේක ඇමරිකානුවන්ගේ ගමනක් නෙවෙයි. ඔවුන් මානව සංහතියම නියෝජනය කරන විශ්ව පුරවැසියන්. මේ අය රටක කොඩියක්, ජාතියක්, දේශපාලන ව්‍යාපෘතියක් නියෝජනය කරන මිනිස්සු නෙවෙයි. මේක මිනිසා නියෝජනය කරන ගමනක්. ඒ නිසාම මේ පාගමනට සීමා නැහැ. දේශසීමාත් නැහැ. “අපි” සහ “ඔවුන්” කියන වෙන්කිරීම්ත් නැහැ.
පෙනුමෙන් බලද්දි, ඔවුන් ආගමක් නියෝජනය කරනවා වගේ හැඟෙනවා. නමුත් ඇත්තටම ඔවුන් එක් ආගමක් නියෝජනය කරන පිරිසක් නෙවෙයි. හැම ආගමකම සාමය ගැන පණිවිඩයක් මතුකරගන්න විභවයක් තියනවා.
මේක පා ගමණකට එහා ගිය අපි හැමෝටම අත්‍යාවශ්‍යම පණිවිඩයක් අරගෙන යන ගමනක් බවට පත්කරගන්නෙ කොහොමද?
ඔලිම්පික් ගිනි සිළුව වගේ, මේක නිමෙන්නෙ නැතුව ලෝකය පුරාම ගෙන යන්න පුළුවන් නම් , මිලියන ගණනින් මේකට එකතුවෙන්න පුළුවන් නම්…
ගාන්ධිගෙ 1930 ඉන්දියාවෙ පාගමන .. ඒකට කියන්නෙ salt march . කිසිම අවික් නැතුව, කිලෝමීටර් සිය ගණනක් ඇවිදිමින්, බ්‍රිතාන්‍ය යටත් විජිත බලයට එරෙහිව අහිංසාවාදීව පටන්ගත් අන්තිමේ ආපහු හරවන්න බැරිවුණ පාගමනක් වුණා.
ජාතිය, වර්ණය, ආගම මුල්කොටගෙන මිනිස්සුන්ට වෙනස් විදිහට සළකන්න එපා කිවුව මාටින් ලූතර් කිං ගෙ Civil rights march එක ආපහු හරවන්න පුළුවන් වුණේ නෑ.
වියට්නාම් යුද්ධය අතර තුරත් මේ වාගෙම පා ගමනක් සිදුවුණා .
ඉස්රායල්, පලස්තීන, යුරෝපය, අප්‍රිකාව වැනි කලාපවල
මව්වරු, ගැහැණුන්, සාමාන්‍ය පුරවැසියන් එකතු වෙලා කළ සාම පා ගමන් තියෙනවා.
සමහර ඒවට නායකයෝ හිටියේ නෑ.
පුද්ගලික දේශපාලන ලැදියාවන් අමතක ⁣කළොත් ගෝල් ෆේස් අරගලයත් නායකයෙක් නොසිටි සාමූහික අරගලයක් විදිහට පිළිගන්න වෙනවා.
මේවා එක එක රටවල එක එක අරමුණු මුල් කරගත් පා ගමන්. අරගල.
අද අවශ්‍ය වෙලා තියෙන්නෙ ලෝකයම සාමය වෙනුවෙන් කරන සාමූහික දැවැන්ත පාගමනක්.
සමහර විට අද ඒ අවස්ථාව මග ඇරුනොත් නැවත එවැනි අවස්ථාවක් නොඑන්න පුළුවන් .
මේ වෙද්දි, මේ peace walk එකේ ඔවුන් සමග හදවතින් ගමන් කරන, ඔවුන්ට ආදරය කරන මිලියන ගණනක් ලෝකය පුරා ඉන්නවා. කිසිම ප්‍රචාරකවාදී ප්‍රවර්ධනයක් නැතුව, බලය ලබාගැනීමේ අදහසක් නැතුව, හුදෙක් වොලන්ටියර්ස්ලා විදිහට මුළු ලෝකයම නියෝජනය කරන ව්‍යාපාරයකට ඉඩක් තියන බවට ඉඟියක් මේ තුල සොයාගැනීම උත්සුක විය යුතුයි .

ජයන්ත කහටපිටිය

Related articles

‘ණයානන්දය’ – සුරත් ද මෙල්

ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. ⁣මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව...

උසස් අධ්‍යාපන ආයතනවල හැංගිමුත්තන් සෙල්ලං බෑ – තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක් !

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා...

ත්‍රිකුණාමලය මහ රෝහලේ බිලිඳු මරණය : වැඩවර්ජන නිසා සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කළ ත්‍රිකුණාමලය GMOA සභාපතිගේ වැඩ තහනම් !

රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම සහ රාජකාරියට වාර්තා කළ...

කපිල චන්ද්‍රසේන : මරණයේ හෙවනැලි සහ දූෂණයේ අවතාර !

කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද යන්න ඉදිරි විමර්ශනවලින් පසු තීරණය වනු ඇත. එතෙක් මරණ...