ජාතියක් අධිනිශ්චය නොවන නිදහසක් මෙවර සැමරුවා

Share post:

මෙවර නිදහස…

මෙවර නිදහස් සැමරුම ගැන කියද්දි මේකත් කියන්න ඕනි. ඒ තමයි යහපාලනයේ යම් මොහොතකදි දැක්කට පස්සේ ජාතිවාදයෙන් නැත්නම් සිංහල බෞද්ධ කේන්ද්‍රීය නිදහස් සැමරුමක් වෙනුවට පොදුවේ හැම ජාතියක්ම නියෝජනය වෙන විදියට ජාතියක් අධිනිශ්චය නොවන නිදහසක් මෙවර සැමරුවා කියන එක.

නිදහස් උත්සවය පුරාවට නිවේදන කටයුතු කරපු කෙනා ඒක ඒ විදියටම කිව්වා. ඒ වගේම අනුර සමත්වෙලා තියනවා ලංකාවේ උතුරේ සහ නැගෙනහිර සුළු ජාතික ප්‍රජාව විශාල ප්‍රමාණයකට නියෝජනය කරන්න. ඒ අනුව ඔහු ඇත්තටම ලංකාවේ හැම ජාතියකම ජනාධිපති වෙලා තියනවා. ඔහු ඒ ගැන ඉතාම සවිඥාණිකයි. ඒක වැදගත්.

ඒක ලංකාවේ අපි යම් වෙලාවක පාර්ථනා කරපු දෙයක් යම් පමණකට හරි ඉටුවීමක්.
සහ ලංකාව තවත් අඩියක් ඉදිරියට යාමේදී ඒ ‘සර්වජන ලාංකික පිළිබිඹුව’ ඉතාම වැදගත් වේවි. ඒක වෙනුවෙන් අනුරට සහ මාලිමාවට වගේම ජවිපෙටත් අපි ස්තුති කරන්න ඕනි.

දෘෂ්ටිමය වශයෙන් ඒක මහින්ද ජනාධිපතිවරයාට කරන්න බැරි උනා. ඒ ඔහු හිටපු තැනත් එක්ක. මෛත්‍රී යම් පමණකට නියෝජනය කළා. පසුව ඒක අහෝසි උනා. රනිල්ටත් පොහොට්ටු දීගය එක්ක ඒක නියෝජනය කරන්න බැරි උණා. මේ මොහොත වෙද්දි ඒක කොහොමටත් ඒ කාටවත් නැහැ.
ජාතිවාදී නොවීම විතරක් නෙවෙයි පුළුල් ලිබරල් මනුෂ්‍ය හැසිරීම පැත්තෙන් ගත්තත් මාලිමාව යම් පමණකින් ඉස්සරහට ඇවිල්ල තියෙනවා. විශේෂයෙන් දේදුනු වර්ණ මිනිසුන් වෙනුවෙන් (rainbow humanity).
මම දකින්නේ මේක ලංකාවේ සංස්කෘතික – දේශපාලනයේ ඉදිරි ගමනක් විදියට. දේදුණු නිදහස පවා මිනිස් නිදහසේ කොටසක්. අනික් අයට කරන්න බැරිවෙච්ච දෙයක්.

ඒ අනුව ලංකාවේ සංස්කෘතික දේශපාලනයේ දිශාව යම් ඉදිරිගාමී බවක් වෙතට මාලිමාව එක්ක යමින් තියනවා. අනික් අයට දේශපාලනය කරන්න වෙන්නේ ඒ එක්ක මිසක් එයට එරෙහිව නෙවෙයි.

මහේෂ් හපුගොඩ

Related articles

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ...