ස්වභාවධර්මයේ මාතාව – කර්නාටකයේ ගස් අම්මා

Share post:

ඔබට දු පුතුන් නැත්නම් ගහ කොලවලට ආදරය කරන්න එවිට ඔවුන් ඔබට දු පුතුන් වගේ දැනේවි
Saalumarada Thimmakka
එයාට දැන් වයස 112 ක් මුලු ඉංදියාවම ඇයට කියන්නේ කර්නාටකයේ ගස් අම්මා !
එයාට ජීවිතේ ලේසිද කොහෙත්ම නෑ. වයස 20 දි එයා කසාද බදිනකොට
ගහ කොල ගැන හිතේවත් තිබුනෙ නෑ. එකම පැතුම වුනේ එයාගෙ මහත්තය වුනු බික්කලු චික්කයියාටත් එයාටත් එකම එක දරුවෙක්!. විවාහවෙලා අවුරුදු 20ක් යනකනුත් ඔවුන්ට දරුවන් නෑ!. ගල් කඩල ජීවිතේ ගැටගහගත්ත තිම්මක්කට මුලු ගමම කිවිවෙ වද ගෑණි!.
ලැජ්ජාව ඉවසගන්න බැරිව ගෑණි පනිනව වත්තෙ තියෙන ළිදට. ඒත් දියේ ගිලිල හුස්ම හිරවෙනකොට එයාට ඇති වෙනව. ජීවත්වීමේ ආශාව දනි පනි ගගහ ගෑණි දගලද්දි අහුවෙනව ලිද විනිවිද පැතිරුනු දැවැන්ත ගහක මුලක් ඒ මුලේ එල්ලිලා ඉන්දැද්දි චික්කයිය තමයි ගොඩගන්නෙ. නමුත් මේ සිද්ධිය කිමක්කගෙ ජීවිතේ සහමුලින් වෙනස් කරනව ඇය ඊට පස්සෙ දැවැන්ත ගස්වලට ආදරය කරන්න පටන් ගන්නව ඇය ලිදෙන් ගොඩ ආවේ ඉන්දියාවේ තියෙන Ficus (banyan) කියන ගස් වර් ගය නිසා.

තිම්මක්කාගේ ගමට නුදුරින් ෆිකස් (බන්) ගස් බහුලව තිබිණි. තිමක්කා සහ ඇගේ සැමියා මේ ගස්වලින් පැළ බද්ධ කිරීමට පටන් ගත්හ. පළමු වසර තුළ පැළ දහයක් බද්ධ කරන ලද අතර ඒවා අසල්වැසි ගම්මානයක් වන කුදූර් අසල කිලෝමීටර 5 ක් දුරින් සිටුවනු ලැබීය. දෙවන වසරේ පැළ 15 ක් සහ තුන්වන වසරේ පැළ 20 ක් ඔන්න ඔහොම ඇය ගල් කොරියේ වැඩකල ඉපයු මුදල මෙම ගස් සිටුවීම භාවිතා කළාය. පැළවලට වතුර දැමීම සඳහා මෙම යුවළ කිලෝමීටර් හතරක් දුරින් වතුර බැරල් හතරක් රැගෙන ගියහ. කටු පඳුරුවලින් වැටක් බැඳ ගවයින් පැල කෑමෙන්ද ආරක්ෂා කලෝය.
පසුව පැළ සිටුවීමට ප්‍රමාණවත් වර්ෂා ජලය ලැබෙන පරිදි මෝසම් සමයේදී ඔවුහු පැල සිටවුහ. මීළඟ මෝසම් වර්ෂාව ආරම්භ වන විට කලින් , පැළ නොවරදවාම මුල් බැස ඇත. සමස්තයක් වශයෙන් මාර්ගය දෙපස අලංකාර ලෙස, ගස් 384 ක් සුලගට නැලවෙමින් තිබෙන අතර
වසර 63ක ඇසුරෙන් පසු 1991දී බික්කලුචික්කයියා මිය ගියේය. හාස්‍යයට කරුණක් නම්, ඔහු විසින් රෝපණය කරන ලද ගසක වියළි අත්තක් කැපීම හේතුවෙන් රජය ඔහුට සිරදඩුවමක් පැනවිය. එහදී ඔහුගේ සෞඛ්‍යය පිරිහීමටත්, අවසානයේ මරණයට පත්වීමත් එය හේතුවෙන් විය. තිම්මක්කාට ඉතිරි වූයේ අබලන් වූ පැල්පතකි. තම ඉඩම කොල්ලකෑමට තැත් කළ සැමියාගේ ඥාතීන්ගේ හිරිහැර දරාගත නොහැකිව ඇය අක්කර හතරක් රුපියල් 70,000කට විකුණුවාය. එම වසරේ වර්ෂාව නිසා ඇගේ නිවසද සේදී ගියේය. කෙසේ වෙතත්, හිතවතෙකුගේ සහය ඇතිව, ඇය එම හේදිගිය නිවස නැවත සාදා රුපියල් 75 ක වැන්දඹු විශ්‍රාම වැටුපක් සඳහා ඉල්ලුම් කළාය.
1994 දී එනම් ඇගේ 85 වැනි වසරේදි ඇයටද හොරා සිය ජීවිතයේ අංශක 90 ක හැරවුම් ලක්ෂයක් සමග ස්වර්ණමය මාවතක් එලිපෙහෙලින් වෙමින් පැවතිනි.

ප්‍රවීණ කොංග්‍රස් නායක ෂමනුරු ශිවශංකරප්පා සිය මෝටර් රථයෙන් හුලිකල් හරහා ගමන් කරමින් සිටියේය. ශුෂ්ක පරිසරයද දහවල් හිරුද ඔහුව වෙහෙසට පත් කළේය. එකවරම පරිසර ස්වාභාවය වෙනස්ව රථය තුලට සිහිල් හුළඟක් හමා ආවේය. විශ්මයකි ශුෂ්ක පරිසරය වෙනස් කරමින් කිලෝ මිටර් 30 ගනනක් යනතුරු පාර දෙපස සෙවන කරන දැවැන්ත ගස් පෙලකි. රථය නැවතූ ඔහු සිසිල් සෙවනේ ගස් බලමින් ඉදිරියට ඇවිද ගියේය. ඉන්පසු මේ ගස් ගැන විපරම් කල ඔහු ඒවා රෝපණය කළ “මහලු කාන්තාව” සොයා ගියේය.

දැන් කතාව තිමිමක්කාගේය

. “ඔහු අපිව අගය කරලා මට රුපියල් 5000ක් දුන්නා” තිම්මක්කා සිහිපත් කරයි. “මොහොතකට මට හිතුනා මම හීන දකිනවා කියලා. රාමනගර ප්‍රසිද්ධ දේශනයේදී ඔහු අපගේ උත්සාහය ගැන සඳහන් කලා. වැඩි කල් නොගොස් මාධ්‍යවේදීන් සහ ජනතාව මාව හමුවීමට මගේ ගමට එන්න පටන් ගත්තා. එදා ඉඳන් නූගත්කම තිබුණත් මම රසිකයන්ගේ ලියුම් ගොඩවල්, මාධ්‍ය වාර්තා එකතු කරන්න පටන් ගත්තා.“මට උප්පැන්න සහතිකයක් නැහැ. නමුත් මම මට අවුරුදු 20 ක් වන 1928 දී විවාහ වූ අතර අවුරුදු 20 ක් දරුවන් නොමැතිව සිටියෙමි. “එදා තමයි අපි ගස් හිටවන්න පටන් ගත්තේ. මගේ පැරණිතම ගස අවුරුදු 65 කි.
2016 දී, සළුමාරද තිම්මක්කා බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව විසින් ලෝකයේ වඩාත්ම බලගතු සහ ආනුභාව සම්පන්න කාන්තාවක් ලෙස ලැයිස්තුගත කරන ලදී.
ඇය ඉන්දියාවෙි විශිෂ්ට සම්මානයන් වන ඉන්දියාවේ ජාතික පුරවැසි සම්මානයෙන් ද 2019 දී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවාය.
ලොස් ඇන්ජලීස් සහ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් හි පිහිටි එක්සත් ජනපද පාරිසරික සංවිධානයක් තිම්මක්කාගේ වන සම්පත් නමින් නම් කර ඇත. කර්නාටක මධ්‍යම විශ්ව විද්‍යාලය 2020 වර්ෂයේදී තිම්මක්කා සඳහා ගෞරව ආචාර්ය උපාධියක් ප්‍රකාශයට පත් කර ඇත.

ඇගේ නමට ඇති සම්මාන ලැයිස්තුව

පද්ම ශ්‍රී සම්මානය – 2019
හම්පි විශ්වවිද්‍යාලය විසින් නඩෝජා සම්මානය – 2010
ජාතික පුරවැසි සම්මානය – 1995
Indira Priyadarshini Vrikshamitra සම්මාන – 1997
වීරචක්‍ර ප්‍රශස්ති සම්මානය – 1997
කර්නාටක රජයේ කාන්තා හා ළමා සුභසාධන දෙපාර්තමේන්තුවේ ගෞරව සහතිකය
බැංගලෝර් හි ඉන්දියානු දැව විද්‍යා හා තාක්ෂණ ආයතනයෙන් ඇගයීමේ සහතිකය.
කර්නාටක කල්පවල්ලි සම්මානය – 2000
Godfrey Phillips Bravery Award – 2006.
ජීවත්වීමේ කලාව සංවිධානය විසින් විශාලාක්ෂි සම්මානය
හූවිනහෝලේ පදනම විසින් විශ්වත්මා සම්මානය -2015
2016 දී BBC හි කාන්තාවන් 100 දෙනාගෙන් කෙනෙක්
I and You Being Together Foundation 2017 විසින් She’s Divine සම්මානය
හරිත ශූර සම්මානය
වෘක්ෂමාතා සම්මානය
මේ සියල්ල කලේ අකුරු නුගත් වයසක ගැහැණියක බව මතක තියාගන්න !

.විශේෂ ස්තුතිය
මගේ ආදර අවනඩුව mage adara awanaduwa පිටුවෙි තොරතුරක් නිසා
තිම්මක්කා සොයා ගියෙමි.

උපාලි ජයසිංහ

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...