සොයාගෙන තටු සලමි රෑ පුරා සිහින’තර,

Share post:

සෙමෙන් අව සඳ මියෙන වැහි වළාකුළු අතර
දුරින් අතැඟිලි ගණින තරු කිණිති ගගන’ඹර
සිහින් ස්වරයෙන් ගැයෙන රෑහි හඬ එයි නිතර
හිඳින් සොඳුරියෙ නිබඳ හද දැවෙයි මේ කතර,

කළු පාට බොර අහස විළිලමින් හඬන විට
අළු පැහැති වළා පෙළ තවත් දුර ඇදෙන විට
සිළු වගේ දුර දිලෙන තරු පොකුරු මියෙන විට
දලු දමයි ආදරය නුඹෙ මුහුණ නොදුටු කොට,

පුරවලා දෝතින්ම සෙනේ බිඳු දොවාගෙන
හරවලා නෙත් අගින් හිනැහිලා බැලුම්ලන
ගොරවලා අහස් කුස විදුලි එළි මවාලන
ඔරවලා හිඳිනු කිම පොද වැටෙයි සිහිලසින,

සොයාගෙන තටු සලා පියාඹා එනු සිතෙන
දරාගෙන හදවතින් සෙනෙහසේ හිරු නැඟෙන
මවාගෙන සිත පුරා රෑ දවල් සිහිනයෙන
සිතාගෙන මම හිඳිමි නුඹ එතැයි ඉක්මනින,

හිනැහිලා සඳවතිය ලෙස ඇවිත් සෙනෙහසින
සනසලා ළෙහි හොවා වැළඳ ගෙන අත් දෙකින
තනිවෙලා දුක් සුසුම් හෙලන මොහොතක සෙමෙන
මඟබලා හිඳිමි මම කඳුළු එයි නෙත් අගින,

වසාගෙන යුග දෙනෙත් කඳුළු පිනි දිය පිසැ’ර
මවාගෙන සිනා රැල් මුව විදා තොල් අතර
දරාගෙන හදවතට කටු ඇනෙන විට නිතර
සොයාගෙන තටු සලමි රෑ පුරා සිහින’තර…..

කුමාර අලගියවන්න

2023.06.20
කෝට්ටේ නිවසේදීය.
Photos from Google

Related articles

අපි ජීවත්වෙලා තියෙන්නේ හරක්කටාටත් වඩා ලොකු අපරාධකරුවන් එක්ක…

අපි මෙතෙක් ජීවත්වෙලා තියෙන්නේ කොයි විදියේ රටකට කියන එකට හොඳ උදාහරණයක් ඊයේ පෙරේදා අතර අපිට දැනගන්න ලැබුණා.ඒ තමයි...

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...