සිහින සිතුවමක් ..

Share post:

තුන්මං හන්දියට උමතුවෙන් දිව යමි
හොල්මන් අඳුර තුල නෙත් පහන් දල්වමි
සිත්තම් එකින් එක ගොම්මනෙහි එල්ලමි
‘ලොකු මාමේ’ කියා මොහොතකට අමතමි

අල්ගම ගියපු දවසක අපව අත්හැර
ආයුධ මල්ල මගෙ භාරයට පත් කර
ඉඳහිටක වත් නොලැබුණු නමුදු විස්තර
කඩපිළ ලඟදි දිග හැරුණි කැලෑ පත්තර

කාලය උරණ වී ඔරලෝසු කටුවල
ආවෙමි මමත් ගම් දොර අතැර පසු කළ
ගගනත දිලෙන තනිවුණු ශෝක හැඩතල
දුටුවෙමි කොළඹ මධු පිරි පාළු රැයවල

ආයුධ මල්ල ‘කෝ කොයිබකද’ විමසයි
හද බිත පැලුම් රේඛා හි පාට තවරයි
පහනක් වැනි සෙනේ ආලෝකයක් දල්වයි
ලොකු මාමා සිහින සිතුවමක් එල්ලයි

චින්තක සමන්

Related articles

අපි ජීවත්වෙලා තියෙන්නේ හරක්කටාටත් වඩා ලොකු අපරාධකරුවන් එක්ක…

අපි මෙතෙක් ජීවත්වෙලා තියෙන්නේ කොයි විදියේ රටකට කියන එකට හොඳ උදාහරණයක් ඊයේ පෙරේදා අතර අපිට දැනගන්න ලැබුණා.ඒ තමයි...

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...