රග්බිවලට මොකද වෙන්නෙ ? : පෙත්සම් 2ක අභියාචනාධිකරණ තීන්දුවලට දින නියම කරයි !

Share post:

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් නිකුත් කළ නිවේදනය අභියෝගයට ලක් කරමින් සහ එම ගැසට් නිවේදනය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් වන තීන්දුව ජූලි මස 14 වැනිදා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (08) තීරණය කළේය.

ඒ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ අභියාචනාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් හමුවේ අදාල පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීම අවසන් කරමින් අභියාචනාධිකරණය මේ බව ප්‍රකාශ කළේය.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා සඳහන් කළේ ශ්‍රී ලංකා රග්බි සංගමයට ක්‍රීඩා ඇමතිවරයා විසින් දේශපාලන මැදිහත්වීම් කර ඇති බවය.

මෙම දේශපාලන අතපෙවීම් නිසා ලෝක රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රග්බි තහනමට ලක් කර ඇති බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

2022 වසරේ අප්‍රේල් මස 1 වැනිදා ශ්‍රී ලංකා රග්බි සංගමය තහනම් කරමින් එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ නිකුත් කළ ගැසට් පත්‍රය සැලකිල්ලට ගනිමින් ආසියානු රග්බි සම්මේලනය, ශ්‍රී ලංකාවට එරෙහිව අප්‍රේල් මස 12 වැනි තාවකාලික තනමක් පැනවූයේය.

අදාල තහනමත් සමග ශ්‍රී ලංකාවට ආසියානු රග්බි සම්මේලනයේ සාමාජිකයකු ලෙස ඡන්දය භාවිතා කිරීමට මෙන්ම ශ්‍රී ලංකා ධජය යටතේ එම සම්මේලනය සංවිධානය කරන තරග වලට සහභාගි වීමේ අවස්ථාව අහිමිවිය.

කෙසේවෙතත් නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනය නීතියට පටහැනි ලෙස නිකුත් කර ඇති බවත් එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා රග්බි ආයතනය සහ එහි සභාපති රිස්ලි ඉලියාස් විසින් රිට් පෙත්සමක් ගොනු කර තිබිණි.

පසුව එම පෙත්සම කැඳවූ අවස්ථාවේ අදාල ගැසට් පත්‍රය ඉවත් කරගැනීමට වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තීරණය කර ඇති බවට නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබිණි.

වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා එම තීරණයත් සමග ආසියානු රග්බි සම්මේලනයද ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර තහනම ඉවත් කරගනිමින් යළිත් වරක් ශ්‍රී ලංකාවට පූර්ණ සාමාජිකත්වය ලබාදීමට කටයුතු කර තිබිණි.

ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය අප්‍රේල් 11 වැනිදා රග්බි සංගමය විසුරවාහැර අතුරු කමිටුවක් පත් කළේය.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ පාලන තන්ත්‍රය ලෙස ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව පිළිගන්නේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරනු ලැබූ රග්බි ස්ථාවරකරණ කමිටුව නොව, නියම ආකාරයට තේරී පත්වූ ශ්‍රී ලංකා රග්බි සංගමය බව එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ලෝක රග්බි (සම්මේලනය) වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබිණි.

මෙම අර්බුධකාරී තත්වයත් සමග පසුගිය මැයි 17 වැනිදා විශේෂ නිවේදනයක් කරමින් ලෝකයේ රග්බි පාලන ව්‍යූහය වෙන World Rugby Union ප්‍රකාශ කර තිබුණේ වහාම ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවනු බවයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන බලඅධිකාරිය විසින් රග්බි ක්‍රීඩාවට අනිසි බලපෑම් සිදු කරන බවත් ඒ හේතුවෙන් මෙලෙස ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය අහිමි කරන බවට ඔවුන් නිවේදනය කර ඇත.

මෙම බලපෑම් හේතුවෙන් ලෝක රග්බි නීතීරීති උල්ලංඝනය වන බවද ඔවුන් පෙන්වාදී තිබිණි.

සබැඳි පුවත්

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...