කෙහෙරැලි අවපාට වී ඇත
ඒත් තවමත් එබී හිනැහෙයි
රහසින් වගේ නුඹ
හිතේ දොරගුළු විවර කරමින්
මේ හැන්දෑව ගෙවෙන්නට පෙර
නුඹ කෙසේ හෝ මුණ ගැසිය යුතුමය
පපුව ගිනි තියන
සියොලඟ හීතලෙන් පුරවන
මෙහෙව් ප්‍රේමයක්
මිනිසෙකුට තිබිය යුතුමය
ප්‍රියාවිය
පපුව මැද ගැඹුරු තැන මෙතැන
පිහිතුඩෙන් හෑරුවෙ නුඹ නොදැන
දවන්නේ කොහොමැයි මතකය
දරාගමි හමු නොවීමේ රිදුම
හැඟුම් ගඟ කලඹා
මෙහෙව් රිදුමක දවටා
මොන ඉසව්වේද නුඹ
රහස් දහසක් සඟවා
ඔව් තවම මම ප්‍රේමයෙනි
නුඹේ ඇස් ඇතුලේ නවතින
එහෙව් දවසක් නාවත්
ඔව් තවම මම ප්‍රේමයෙනි
මේ හැන්දෑව ගෙවෙන්නට පෙර
නුඹ කෙසේ හෝ මුණ ගැසිය යුතුමය ..
සෝමලතා හේරත් මැණිකේ