නුඹ කෙසේ හෝ මුණ ගැසිය යුතුමය ..

Share post:

කෙහෙරැලි අවපාට වී ඇත
ඒත් තවමත් එබී හිනැහෙයි
රහසින් වගේ නුඹ
හිතේ දොරගුළු විවර කරමින්

මේ හැන්දෑව ගෙවෙන්නට පෙර
නුඹ කෙසේ හෝ මුණ ගැසිය යුතුමය

පපුව ගිනි තියන
සියොලඟ හීතලෙන් පුරවන
මෙහෙව් ප්‍රේමයක්
මිනිසෙකුට තිබිය යුතුමය

ප්‍රියාවිය
පපුව මැද ගැඹුරු තැන මෙතැන
පිහිතුඩෙන් හෑරුවෙ නුඹ නොදැන
දවන්නේ කොහොමැයි මතකය
දරාගමි හමු නොවීමේ රිදුම

හැඟුම් ගඟ කලඹා
මෙහෙව් රිදුමක දවටා
මොන ඉසව්වේද නුඹ
රහස් දහසක් සඟවා

ඔව් තවම මම ප්‍රේමයෙනි
නුඹේ ඇස් ඇතුලේ නවතින
එහෙව් දවසක් නාවත්
ඔව් තවම මම ප්‍රේමයෙනි

මේ හැන්දෑව ගෙවෙන්නට පෙර
නුඹ කෙසේ හෝ මුණ ගැසිය යුතුමය ..

සෝමලතා හේරත් මැණිකේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...