අජිත් තිලකසේනගේ කෙටිකතා කලාව මුල් කරගෙන මේ ඇදී යන සංවාදය මරු. සමහරු දැන් මේකට තිලකසේන සතිය කියලත් කියනව. කොහොමවුණත් මේ සංවාදයෙන් තිලකසේන නම් අග්‍රගණ්‍ය නිර්මාණකරුවාට මෙන්ම සමස්ත සිංහල කෙටිකතා කලාව වෙත ආලෝක දහරක් එල්ල වෙන බවයි මගේ නම් නිරීක්ෂණය.
හැබැයි ඒත් මම මේ ලියන්න යන්නෙ තිලකසේනගෙ කෙටිකතා කලාව පිළිබඳ ගැඹුරු කියවීමක් හෝ එවැන්නකට ආරාධනයක් නෙමෙයි. මේ සංවාද භාෂකයන් දැනටමත් ලියා තියෙන දේවල්වලින් අපට අවිවාදිතව පිළිගන්න පුළුවන් දෙයක් තමයි තිලකසේන යනු සිංහල කෙටිකතාවෙදි මගහැර යා නොහැකි දැවැන්ත සාහිත්යික පෞරුෂයක් බව.
ඒත් මේ සංවාදයේ මුලටම ගියොත් ඒ්කෙදි අපි දැක්කා තිලකසේනට ලියන්නට උගන්වන්න එකපාරම බුරුතු පිටින් සාහිත්‍ය කෙරුමො ඉදිරියට ආ බව. ෂේක්ස්පියර්, ජේම්ස් ජොයිස්, කෆ්කා, මාකේස්, මුරකමි, රුෂ්ඩි හෝ වෙනත් ඔ්නෑම නිර්මාණකරුවෙක් නොදන්න පාඨකයෙක් ඉඳීම ඉන්ද්‍රජාලිකයක් නෙමෙයි තමයි. ඒ වගේම තිලකසේනගේ කතා කලාව මෙන්ම විශිෂ්ට සාහිත්‍ය නොකියවීමේ ගැඹුරු සංස්කෘතික දේශපාලන අර්බුදයක් තියෙන බවත් ඇත්ත. අර තිලකසේනට බණින්න ගත් අයගෙ ප්‍රකාශන ඒ අයගෙම වරද නෙමෙයි. මේවා පැත්තකින් තියල අර තිලකසේනට උගන්වන අයගේ කියුම් කියවද්දි පේනවනෙ ඒ අය ප්‍රබන්ධකරණයේ හපන්නු බව. පේනවා නෙමෙයි ඒ් අයම කියාපානවනෙ. ලේඛනකරණය, සාහිත්‍යය ගැන ඒ අය මහදැනමුත්තන්, ඇදුරන්, ශාස්තෲවරුන් වගේ තමයි පෙනී ඉන්නෙ. හැබැයි තරමක් සිංහල සාහිත්‍ය පිළිබඳ ප්‍රාමාණික පුහුණුවක් ඇති කවුරුත් දන්නව තිලකසේන මේ කරන වැඩේ. ඒකට එකඟ වුණත් නැතත් ඒ අය තිලකසේනට අර කෙරුමො වගේ උගන්වන්න යන්නෙ නෑ. ඒ කෙරුමො කරන්නෙ අඳුරේ අතපතගාමින් බොරු පාරම්බෑමක් බැලුම් පිම්බිල්ලක් බව අනේ පව් ස්වරයෙන් ගොඩක් අය දැන් කියමින් ඉන්නව.
ප්‍රබන්ධ කතාව වෙත නූතනවාදයේ බලපෑම, කෙටිකතා කලාවේ සහ භාෂාව පිළිබඳ ලෝක මට්ටමේ ප්‍රවණතා කිසිවක් ගැන නිනව්වක් නැතිව තමයි අර අය පුරාජේරු නැගුවෙ. මම මේ ඒ අයට හිනාවෙනව නෙමෙයි. මට හිතෙන්නෙ ඒ අය හරියටම “නියම ලාංකිකයා” ගැන රූපයක් වගෙයි කියල. තමන්ගෙ නොදැනුවත්කම, අපරණිත බව, පසුගාමීත්වය ආදියම පණ්ඩිතමානී පුරාජේරුවේ, ආඩම්බරකාර වීරත්වයේ, ලෝකෙටම ලොක්කෝ අපි තමයි කියන නිල් හිවල් හැව පොරවාගැනීමේ අමුතු පෞරුෂයක් ප්‍රගුණ කළ අය. මට මේ සංවාදය කියවද්දි හිතෙන්න ගත්ත දේ තමයි, දෙයියනේ! තිලකසේනට උගන්නන මුන් තමයි නියම ලාංකික පෞරුෂත්ව ඇත්තෝ කියන එක. ඉතිං පොදු ලාංකිකයා තිලකසේන ගැන දන්නෙවත් නැති වුණාට මාර ප්‍රබන්ධකාර ලොක්කො තමයි. හා නැද්ද?
සුදර්ශන සමරවීර
සංස්කෘතික කාන්තාරයක පිටුවහල් කර සිටිද්දී
බාගෙට ඇරුණු දොරක් කියන්නේ බාගෙට වැහුණු දොරකට . ඒ හින්දා එහෙම පිටින්ම ඇරුණු දොරක් කියන්නේ එහෙම පිටින්ම වැහුණු දොරකට.
පිටුවහල් කර සිටිද්දී
අද භාෂා – සාහිත්‍ය – කලා ප්‍රශ්න සාකච්ඡාවට ගැනීම වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්න හමුවේ කොතෙක් අර්ථවද්ද? මිනිස්කම් අගුපිලට තල්ලු වූ ජරපත් වූ සමාජයක් තුළ වෙසෙමින් ‘සංස්කෘතිය’ ‘සාරධර්ම’ ‘පුරුෂාර්ථ ‘ ආදිය ගැන කතා කිරීමේ
තේරුම මොකක්ද ?
අපේ සමාජ මුහුණුවර අද අපේ සංස්කෘතිය දෙදරා යාම පෙන්නුම් කරන තල දර්පනයක් සේයි. අසත්‍යය සත්‍යය ලෙසත් අද අපේ සිත්වලට කාවද්දා ඉවරයි. අපේ පුරුෂාර්ථ සමුදායේ ගබ්සා වීමත් බලාපොරොත්තු සම්භාරයේ අකල් මරණයත් එක්ක අනාගතය ගැන මැවෙන්නේ බොඳ වූ සිහිනයක් පමණයි.
සංස්කෘතික කාන්තාරයක් කරා…
අජිත් තිලකසේන නම් වූ කෙටිකතා කරුවා, සංයුක්ත කවියා හා සිංහල භාෂාවේ නව අරුත්, නව මංපෙත් සොයා ගිය විශිෂ්ට නූතන සාහිත්‍ය කරුවා ගැන මේ දිනවල මුහුණු පොතේ කතාබහට ලක්වී ඇත. එයට නිමිත්ත වී ඇත්තේ යම්කිසි තරුණයෙක් අජිත්ගේ පොතක් මහරගම සරසවි බුක් ෂොප් එකෙන් මිලදී ගෙන, එම පොතේ අක්ෂරවල මුද්‍රණ දෝෂයක් තියෙනවා යැයි කියා එම පොත මාරුකර දෙන ලෙස ඉල්ලා ඇතිමුත්, බුක් ෂොප් එකෙන් කියා ඇත්තේ එය මුද්‍රණ දෝෂයක් නොව, අජිත් තිලකසේන මහත්තයා ඒ ලියන විදියයි කියායි. මේ ගැන වැටහීමක් නැති තරුණයා අජිත් තිලකසේනට යම් විවේචනයක් එල්ල කරමින් මුහුණු පොතට සටහනක් ලියා ඇත. මේ හේතුවෙන් අර තරුණයාට විරුද්ධව විවේචනයක්‌ද එල්ල කරමින්, අජිත් තිලකසේනගේ සාහිත්‍ය මැදිහත් වීම් ගැන ලිපි කීපයක්ම මුහුණු පොතේ සංසරණය වෙන්නට පටන්ගෙන ඇත.
එක අතකින් අර තරුණයා අජිත්ගේ සාහිත්‍ය භාෂාව ගැන නොදන්නා කමින් එවැනි සටහනක් ලියපු එක ගැන එම තරුණයාට ස්තුතිවන්ත වෙන්න ඕන, මොකද අජිත් ගැන ගොඩාක් දෙනෙක් දන්නේ නැති නිසා මේ සිද්දියෙන් පස්සේ අජිත් කියන සුවිශේෂී නිර්මාණ කරුවෙක් සිටිනවා කියන එක දැනගත් නිසා.
මේ වගේ තරුණයින් අජිත් තිලකසේන හා ඔහුගේ නිර්මාණ නොදන්නා එක මහා අරුමයක් නෙවෙයි. ඔය කැම්පස්වල උගන්වන ආචාර්යවරු, මහාචාර්යවරු බහුතරයක් අජිත් තිලකසේන ගැන තියා සාමාන්‍ය සාහිත්‍ය කරුවන්ගේ පොතක් පතක්වත් කියවලා නැති නිසා. නව පරපුරේ තරුණ තරුණියන්ට දොස් කියල වැඩක් නැහැ යාවත්කාලීන නොවූ මුළු අධ්‍යාපන පද්ධතියම කුණුවෙලා ඕජස් ගලද්දී.
අජිත් තිලකසේන මේ නරුමත්වය ගැන ‘ සංස්කෘතික කාන්තාරයක් කරා ‘ කියන පොත මුද්‍රණය කරන්නේ 1987 දී, ඒ ඔහු විසින් 1984 – 05 – 10 වෙනි දින තරුණ රසික පිරිසක් ඉදිරියේදී කරන දේශනයක් හරහායි.
ඔහු එදා කිව්ව දේ අදවන විට යතාර්ථයකටත් වඩා යතාර්ථයක් වී ඇති බව මේ නව පරපුරේ තාරුණ්‍යයේ මානසිකත්වය එයට සාක්ෂි දරයි. මේ මජර දේශපාලනය විසින් සහ එක තැන පල් වෙන මඩ ගොහොරුවක් බවට පත්කර ඇති යල් පැනගිය අධ්‍යාපන සිස්ටම් එක විසින් අපට උරුමකරදී ඇත්තේ කිසිම නිර්මාණශීලිත්වයක් නැති, සිතීමට අගුළු දමා ඇති මන්දමානසික පරපුරක්ය. අවස්ථාවාදී, මජර, තක්කඩි දේශපාලකයින්ට අවශ්‍යව ඇත්තේද බුද්ධිහීන මෙවැනි පරපුරක්ය.
ඉතිං අපි අඬන්නටවත්, අරගල කරන්නට අවශ්‍ය නැහැ, රැවටීම අපගේ ජීවන විලාසිතාවක් නිසා.
අජිත් තිලකසේන විසින් තිර රචනය කරන ලද, ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කල “පාරදිගේ ” චිත්‍රපටයේ දෙබස් ඛණ්ඩයක් තියෙනවා මෙහෙම,
අපි හරියට වීසි කරපු එරඬු දඬු වගේ, දළු එනවා. මුල් නැහැ.
මේ දෙබස් එදා වගේම අදටත් එහෙමම වලංගු වන්නේ අපේ පෙර කළ පව් නිසාද අපේ හාමුදුරුවවනේ…?
සාලිය ඉඳුරුවිතාන
( අජිත් තිලකසේනගේ ඡායාරුපය අරුණ ප්‍රේමරත්න)